ඇඟිල්ලෙන් ඇඳිල්ල…

කැමතිම එකක්...

කැමතිම එකක්…

ඒ දවස්වල කාලයක් තිවුනා හැම වෙලාවෙම මොකක් හරි දෙයක් අඳින්න දඟලන. අඳින්න කියන්නේ ඇඳුමක් නෙමෙයි… මොකක් හරි චිත්‍රයක් වගේ මෙව්වා එකක්. මොකද, ඒ එහෙම කියලා ඇඳිච්ච එකකටවත් හරිහමන් චිත්‍රයක් කියන්න බෑ… ඒකයි චිත්‍රයක් වගේ එකක් කියන්නේ.

ඉතිං ඔය හැමදේම කලේ ඔෆිස් එකේ වැඩ කරන අස්සේ, ඉඩ තියෙන වෙලාවට. ගොඩක්ම ඒකාකාරීව වැඩ කරලා නිදිමත හැදී ගෙන එන වෙලාවට. එතකොට ඉතිං හැම වෙලාවෙම ෆොටෝ ෂොප්. ඉතිං එහෙම ඉන්ටනෙට් එක නැතිවෙලා තවත් පොඩි එක්ස්ට්‍රා නිදහසක් ලැබුන වෙලාවක ඇන්ද එකක්… ඇන්ද එකක් කිව්වට හදපු එකක්… කලින් වතාවක පොස්ට් එකක් විදියට දැම්මා. පස්සේ ඒ එහෙම හරි නිදහසක් තිබුන ඔෆිස් එකෙන් අයින් වෙලා වෙන තැනකට ගියාට පස්සේ නිදහස කියන එක නැතුවම ගියා. ඇත්තටම ඉතිං ඔෆිස් යන්නේ නිදහසේ ඉන්න නෙමෙයිනේ. පස්සේ ඔය වගේ අඳිල්ලකට ඉඩක් නැත්තටම නැතුව ගියා.

කොහොම හරි ටික කාලකට කලින් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක ගත්තට පස්සේ ඔය චිත්‍ර ඇඳිල්ල ටිකක් එක්ස්ප්‍රස් වුනා. කලින් මවුස් එකෙන් ලොකු ස්ක්‍රීන් එකක කරපු වැඩ ඇඟිල්ලෙන් පුංචි ස්ක්‍රීන් එකක කරනවා කියන්නේ නැවුම් අත්දැකීමක්. ඉතිං ඉඩ තියෙන හැම වෙලාවකම මොකක් හරි එකක් කුරුටු ගාන්න පුළුවන් වුනේ ඊට පස්සේ. ඒ හැම එකක්ම අවසන් වුනේ හෝ බාගෙට ඉවර කරලා දැම්මේ අන්න එහෙම හම්බුන පුංචි පුංචි විරාම ගණනාවක එකතුවකින් පස්සේ.

ඉතිං මං ඒ චිත්‍ර වගේ ඒවා බුකියේ දාන කොට කීපදෙනෙක් අගය කලා. ඒ වගේම කීප දෙනෙක් ඒ සඳහා යොදාගත්ත සොෆ්ට්වෙයා එක ගැනත් ඇහුවා. මාත් පුළුවන් විදියට උදවු කලා. සමහර අයට ඒ සොෆ්ට්වෙයා එකේ ෆ්‍රී කොපියක් හොයාගන්න බැරිවුනා. මටත් ඒක ගත්ත තැනක් හොයාගන්න බැරිවුනා. කොහොමහරි මං ඒ පාවිච්චි කරන ටූල් එක ඩවුන් ලෝඩ් කරගන්න පහලින් ලින්ක් එකක් දාලා ඇති. එතනින් ගන්න. අප්ඩේට් එකක් හරි දෙකක් හරි රිලිස් වුනාට මං අප්ඩේට් කරේ නම් නෑ. මොකද වින්ඩෝස් හොර කොපි අප්ඩේට් කලාම වෙන සෙතේම මේකට වුනොත් ඉඳලා වැඩක් නෑ… ඒකයි.

ඒකේ නම Autodesk SketchBook. නිර්මාණාත්මක හිතන අයට සහ හිතෙන අයට ගොඩක් ලස්සනට යමක් කරන්න පුළුවන් ටූල් එකක්. ලොකු ලොකු ඔප්ෂන්ස් නැති වුනාට සරලව ගොඩක් දේවල් කරන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක්. මේකේ අළුත් වර්ෂන් වල ෆ්‍රී apk ඇති. මම ඒ ගැන නම් සොයා බැලුවේ නෑ. මොකද මට කරන්න ඕනේ දේවල් මේකෙන් කරගන්න පුළුවන් නිසා.

මෙන්න ඩවුන් ලෝඩ් ලින්ක් එක.

මේ තියෙන්නේ මං යන එන ගමන් ඇන්ද ඒවායින් කීපයක්. ඇත්තටම සරලයි. යන එන ගමන් හරි විවේක වෙලාවකට හරි ට්‍රයි කරලා බලන්න….!

මුහුදු රැල්ලක් වගේ එකක්

මුහුදු රැල්ලක් වගේ එකක්

ෆ්‍රී ඩ්‍රෝවින් වගේ එකක්

ෆ්‍රී ඩ්‍රෝවින් වගේ එකක්

ඇබ්ස්ට්‍රෑක්ට් වගේ එකක්

ඇබ්ස්ට්‍රෑක්ට් වගේ එකක්

මොකද්දෝ එකක් වගේ එකක්

මොකද්දෝ එකක් වගේ එකක්

ඔන්චිලි පදිනව වගේ එකක්

ඔන්චිලි පදිනව වගේ එකක්

ඩේටින් එකක් වගේ එකක්

ඩේටින් එකක් වගේ එකක්

 

චිත්‍රයක් වගේ එකක්

චිත්‍රයක් වගේ එකක්

Advertisements

එක අහසක් යට, ජාලය නැතිව…

පහුගිය සඳුදා… හරි වාසනාවන්ත දවසක්. දවසෙන් වැඩි හරියක් නෙට් එකට කනෙක්ට් වෙන කෙනෙකුට ඒක නැති වුනාම  කොච්චර අවුල්ද කියලා කියන්න ඕනේ නැහැනේ. ඉතිං ඉරිදා සෑ වෙනකං ගෑල්ලමයෙක් එක්ක චැටක් දාගෙන ඉඳලා සඳුදා උදේම ඔෆිස් ඇවිත් තියෙන්නේ අන්තර්ජාලය ගෙදර තියලා.

ඉතිං කරන්නම දෙයක් නැති පාර ඇර ගත්තා මොඩි ෆයි කර කරහිටිය ෆොටෝ ෂොප් ෆයිල් එක. ඒකෙ මං මුලින්ම හැදුවේ අකුණු වලින් පිරිච්ච මහ කැත අහසක්. ඊට පස්සේ චූටි වැස්සක් දාලා, එක එක විකාර කරලා ගත්තම ඒ අහසෙන් තව වැඩ ගොඩක් ගන්න පුළුවන් වුනා.

ඉතිං දවසේ වැඩ ටික ඉවර කරලා හිතාගත්තා මොකක් හරි මෙව්වා එකක් හදනවා කියලා අර අහසෙන්ම. මේං දවස ඉවර වෙද්දී, විවේක තිබුන වෙලාවලදී ෆොටෝ ෂොප් වලින් හැදිලා ඉවර වෙච්චි එකේ ලස්සනම ක්‍රොප් එක….! බලන්න ලස්සනද කියලා….

ම්… මහන්සියි….

මේ ඉමේජ් එකේ ඔරිජිනල් සයිස් එක 1366 x 768 pix.  ඉමේජ් එක ඇතුලේ බ්‍රෂ් පාරවල්, ඉෆෙක්ට්ස් ඇරෙන්න වෙන කිසිම පිටින් ගත්ත ඉමේජ් එකක කෑල්ලක්වත් නෑ…. ඔරිජිනල් එක මෙතනින් ඩවුන් කරගන්න ඕනෙනම්… ඒක වයිඩ් ස්ක්‍රීන් මොනිටර් වල ස්ටෑන්ඩර්ඩ් බැක් ග්‍රවුන්ඩ් සයිස් එකට හදලා තියෙන්නේ.

ම්ම්… මට හිතෙනවා එක අහසක් යට තව ගොඩක් දේවල් කරන්න පුළුවන් වෙයි කියලා….

%d bloggers like this: