පින්වන්ත පොලිසිය… පොඩී සහ තුන….

දවසක් ඔෆිස් ගිහිං ගෙදර යද්දි… රෑ හතට විතර… මම ඇවිදගෙන යද්දි මට ඇහෙනවා ට්‍රයිෂෝ එකක් මගේ පිටිපස්සෙන් ලා වට වගේ පුටු පුටු ගගා හිමීට එනවා. පස්ස හැරිලා බලන්නත් බයයි. අර හොල්මන් දිහා බලනවා වගේ අත උස්සලා අත යටින් බලන්න කියලයැ වාහනයක් දිහා. දැන් ඉතිං පපුව ඩිග් ඩිග් ගගා මාත් ටිකක් ඉක්මනට ඇවිදගෙන යනවා. පාරේ අනිත් පැත්තට පනින්නත් බෑ අනිත් පැත්තෙන් වාහන යනවා ලඟ ලඟම.

ඔය යන අතරේ හිතෙනවා… මං කාටවත් කරදරයක් කලෙත් නෑ ලඟකදී. වලියක් සෙට් වුනෙත් නෑ. අහක යන කෙල්ලෙක් දිහා බලලා කෑමක් සෙට් කරගත්තෙත් නෑ… එහෙව් එකේ කව්ද මට ගේම දෙන්න වගේ පස්සෙන් එන්නේ කියලා. කියන්න බෑනේ වෙන එකෙක් කියලා මට රැවටිලා එලෝගෙන එනවද දන්නෙත් නෑනේ…! චන්ඩිකම් කියෙව්වට පන බයයි ඉතිං.

කමක් නෑ වෙඩි තියනවනම් තියපුදෙන්… ඒත් පිහි පාරක් ඇන්නොත් තමා කේස් එක. විඳවලා එපැයි මැරෙන්න. වෙඩි පාරක් කෑවා වගේ ආතල් එකේ මැරෙන්න බෑනේ. ඕනේ දෙයක් වෙද්දෙන් කියලා බැලුවා පිටිපස්සේ. හරියටම කෙලින් ට්‍රයිෂෝ එකේ වීදුරුව මැද්දෙන් මගේ පස්සෙන් එන අද්භූත ඩ්‍රැයිවර් දිහා.

ටිකක් ඉඳපන්

ටිකක් ඉඳපන්

මම පස්ස බලනවා දැකපු බුවා මට අතින් කියනවා, ඇඟිලි පහම විදිහවලා අල්ල පෙන්නලා… පොඩ්ඩක් ඉන්නලු. අර “ස්ටොප්“ සයින් එකේ විදියට. මට බැහැලා ඇවිල්ලා නෙලයිද දන්නෙත් නෑ කියලා බයෙන් පාරේ අයිනට වෙලා මම නැවතුනා. මෙන්න බුවා ට්‍රයිෂෝ එක අයිනට කරලා නැවැත්තුවා. ඔලුවේ තිබ්බ කැප් එකත් ගලෝලා සීට් එක උඩින් තියලා පොර එනවා මගේ ගාවට. ඒ අතරෙදි මං බැලුවා තව කව්ද පිටිපස්සේ සීට් එකේ ඉන්නේ කියලා. හ්ම්… පොඩි එවුන් දෙන්නෙකුයි ගැහැණු කෙනෙකුයි… පොර දැන් මගේ ඉස්සරහා… කවදාවත් දැකලා තිබුන කෙනෙක් නෙමේ… මම, ඇයි මගේ පස්සෙන් එන්නේ කියලා අහන්න හදද්දිම…

අනේ මාතියා… කියන්ඩ පින්… පින්වන්ත පොලිසිය කොහෙද කියලා…

මොකක් පින්වන්ත පොලිසිය… පොලිසිය කරොත් කරන්නේ පින්වන්ත වැඩක් වුනාට එහෙම නමක් තියෙන පොලිසියක් මේ ලංකාවේ තියෙනවද මන්දා…. අනික බුවා දෙමළ වෙන්න ඕනේ. මුස්ලිම් වුනානම් ඇතුලේ ඉන්න ගෑණු කෙනා ඔලුව වහගෙන ඉන්න එපැයි. එයා නිකං සිංහල කෙනෙක් වගේ හිටියේ.

පින්වන්ත පොලිසිය කියලා එකක් නෑනේ මේ ලඟ පාත…

අනේ නෑ මාතියා… මේ… මේ… දඩ කොලයක් දුන්නා… ලයිසන් එක පින්වන්ත පොලිසියේ… ඒක ගන්ට ඕනේ අප්පා ඒකයි හොයන්නේ… කියලා මොකද්ද මන්ද කොලයක් මට දික් කලා. ඒ රෑ ලයිට් එලියක්වත් නැතුව ඒක පේනවැයි මට. මූ එන්නේ නම් හොඳකට වෙන්න බෑ. දෙමළ මනුස්සයෝ ගැන තාම ඉතිං සූටි මෙව්වා එකක් හිත් වල තියෙනවනේ…

කොහෙදිද දඩ කොලේ දුන්නේ…?

වාත්තුවට කලින් හරියෙදි….

කොහෙද…?

වාද්තුව… වාද්තුව…. දැන් පවු වුනා අපි එද්දි.

ආහ්… වාද්දුව…..

අම්මට සිරි බුවා මේ කියන පින්වන්ත පොලිසිය තියෙන්නේ වාද්දුවයි පානදුරයි අතර. පින්වන්ත නෙමේ පින්වත්ත.

ඉතිං ඇයි මේ අතුරු පාරක යන්නේ.

නෑ… මාතියා අර මාත්තයෙක්ගෙන් ඇහුවම තමා කිව්වේ මේ පාර තව ටිකක් ගිහිං කාගෙන් හරි ආන්න කියලා.

කව්රු හරි එකෙක් බුවාට ලනුවක් දීලා. රෑ වෙලත් එක්ක. පවු වැඩේ.

ඔයා ආපු පාරෙම හැරිලා ආපස්සට යන්න. ගිහිං වාද්දුව පහුකරලා කිලෝමීටර් දෙකක් විතර ගිහිං කාගෙන් හරි අහන්න. පාර දිගට පොලිසියේ අය ඉන්නවනේ… එයාලාගෙන් අහන්න. එයාලා කියයි… කියලා අර මනුස්සයාව යැව්වා.

මොකා වුනත් කරලා තියෙන්නේ කැත වැඩේ…! හැබැයි පොරත් කරේ කැත වැඩේ. හුම්… පොලිසියකට නිකමටවත් පින්වන්ත කියනවද මං අහන්නේ…! 😉

 

*පොඩි කතාව *

ඔන්න එකමත් එක ගෙදරක හිටියලු අක්කයි මල්ලියි. දෙන්නම පොඩියි. ඒ ගොල්ලන්ගේ ඩැඩාට තිබුනා පොත් කඩයක්. ඉතිං පොත් කඩේ වැඩ කරන්න කියලා පොඩි කොල්ලෙක්ව ගෙනාවලු. නම සිරිපාල හරි මොකක් හරි කියමුකෝ…

ඔන්න ඉතිං කොලුවා පොත් කඩේ වැඩ කරද්දි අර අක්කයි මල්ලියි මූට නමක් දැම්මා, “පොඩී“ කියලා… දැන් අර ළමයට අක්කයි මල්ලියි කතාකරන්නේ පොඩී කියලා. පොඩී කෑවද..? පොඩී ගෙදර යනවද? අරකයි මේකයි හැම එකම ඉස්සරහට “පොඩී“ කියන නම දැම්මා. ඉතිං ඔහොම යද්දි මොකක් හරි හේතුවක් නිසා පොඩීට ගමේ යන්න වුනා. ඒ කියන්නේ පොත් කඩෙන් අයින් වෙලාම යන්න වුනා.

ඔන්න ඒ පාර අර අක්කගෙයි මල්ලිගෙයි ඩැඩා ගෙනාවා පොඩීට වැඩිය තව ටිකක් පුංචි ළමයෙක්ව. දැන් තමා ප්‍රශ්නේ…. ඒ ළමයට අර අක්කයි මල්ලියි දාපු නම මොකක්ද…? 😀 😀

 

* තුන කතාව*

3

3

හෙට ටිකක් විශේෂ දවසක්… හෙට තමයි මේ මෙව්වා එකට අවුරුදු තුනක් වෙන්නේ. දැන් තියෙනවා පෝසට් පන්සිය විසිනමයක්…! ඒවෑයින් කීයක් වැදගත්ද නැද්ද කියන්න දන්නේ නෑ… එක එක්කෙනාට එක එක විදියයිනේ. ඒක නිසා ඔක්කොම හැම කෙනාටම වැදගත් වෙන්නේ නෑ අනිවාර්යෙන්. ඒ වගේම කමෙන්ට් ගැන නම් ඉතිං වද වෙන්නේ නෑ. ඒක නිසා ගනන් ඕනෙත් නෑ…! මොනවා වුනත් කමෙන්ට් කරන කියවන හැම කෙනෙකුටම ස්තූතියි. හිතට එන සිතුවිලි ගොඩක් එලියට දාන්න මේ බ්ලොග් එක උදව් වුනා සෑහෙන්න. ඉස්සරහටත් ඒක එහෙම්ම වේවි කියලා මං හිතනවා…! 

සුභ අළුත් අවුරුද්දක්….!

සුභ නත්තලක්…

දෙසැම්බර් හීතලට මං ගොඩක් කැමතියි. සැරෙන් සැරේ වෙලාවක් කලාවක් නැතුව… චුරු චුරු ගගා වහින වැහි පොදට වගේම ඔක්තෝබර් අග, නොවැම්බර් මුල තිබුන ලා නිල් පාට අහස අඳුරු කරගෙන තද නිල් පාටට හැරුන අහසටත් මොකද්දෝ මංදා අමුතු ඇල්මක් හිතේ තියෙනවා.

ඒ හීතලත් එක්ක එන නත්තලටත් මං කැමතියි. අනිත් රට වලට නම් නත්තල් කාලෙට හිමත් වැටෙනවලු. මෙහෙට එහෙම නෑනේ… ඒක ගැන නම් දුකයි. ඉතිං මං බුද්ධාගමේ  වුනාට පුංචි කාලේදී අපේ ගෙදර  නත්තල් ගහක් හැදුවා. තාත්තා තමා නත්තල් ගස් හොයාගෙන ඇවිත් වැඩිපුර මහන්සි වෙන්නේ. අපි කලේ ලයිට් වැල් එල්ලන එක. ඊට පස්සේ ඉතිං අම්මා හදලා දෙන පුළුන් බෝල එල්ලලා නත්තල් සතිය ඉවර වෙලා ගහ වේලෙන කම්ම ඒක වටේ දුවන එක තමා සෙල්ලම.

හ්ම්… ඒ අපි පුංචි කාලේ. ඒ දවස් වල අපිට නත්තල් තිබුනේ අපි ක්‍රිස්තියානි හින්දා නෙමේ… අපි ඒ දවස් වල පුංචි ළමයි හින්දා. සමහර විට ඔය ටෙලිනාට්‍යය වල එහෙම “නත්තල පුංචි ළමයින්ගේ“ කියන්නේ ඒක නිසා වෙන්න ඇති. මට නත්තල සමරන යාළුවෝ ගොඩක් නැති වුනත් ඉන්න ටික දෙනාට හරි සුභ පතන්න එපැයි…!

මං දන්නවා එයාලා අද රෑට පල්ලියට යනවා කියලා… ඒ වගේම යාඥා කරනවා කියලත්… ඒ හිතන්නේ පතන්නේ හොඳ දේවල්ම කියලත් දන්නවා…!!! ඉතිං හැම කෙනෙකුටම සු ත්ක් වේවා...!!!

2K7LIN4101_Z

අවුරුදු දෙකක්ම වුනා….

අවුරුදු දෙකක් පුරාවට බ්ලොග් එක බලන්න ආව හැම කෙනෙකුටම, කමෙන්ට් කරපු හැම කෙනෙකුටම… ගොඩක් ස්තූතියි…!!!

වර්ණවත් වෙන්න…!!!

නිදන කාමරයක්

පාට අපේ ජීවිත වලට කොයිතරම් සමීපද කියලා දන්නවද…? ම්… පුංචි කාලේ පෙර පාසල් යන්න කලින් ඉඳන්ම පාට පෙට්ටි වට කරගෙන බලි කුරුටු අඳින අපි ලොකු වෙද්දි පාට ගලපලා එක එක නිර්මාණ කරනවා. අපි ගොඩාඩාඩාඩාක් ලොකූකූකූ වුනාම පාට වර්ග ගැන සෑහෙන්න සැලකිලිමත් වෙනවා. ඒ අතරෙදි අපි කැමතිම පාට කියලා එකක්, දෙකක්, හරි තුනක් වෙනම වෙන් කරගන්නවා.

අන්න එහෙම ගිහිං ගෙයක් දොරක් හදන්න පටන් ගත්ත දාට කාමර වලට ගාන පාට, සාලෙට ගාන පාට, සිවිලිම… වගේ එකී මෙකී නොකී පාට සම්බන්ධ කාරනා ගැන සෑහෙන්න වෙහෙසවෙන්න වෙනවා. ඇත්තටම වර්ණ කියන්නේ අපේ සිතුවිලි එක්ක බද්ධ වෙච්ච ඇසින් ලබාගෙන මොලෙන් සකසන අපූරු සංඥාවක්…! ඇසින් දකින පාට අනුව අපේ හිතේ ඇතිවෙන සිතුවිලි වල ස්වභාවය වෙනස්…ඉතිං මේ කියන්න හදන්නේ, මේ මොහොතේ වැදගත් නොවුනත් කවද හරි දවසක වැදගත් වෙන වර්ණ ගැන. ගොඩක්ම අදාල වෙන්නේ නිවෙස් වල ආලේප කරන්න හිතන් ඉන්න වර්ණයන් සඳහා.

නිල් පාවාස්තු විද්‍යාත්මක හැඳින්වීම් වලට අනුව නිල් පාට කියන්නේ, නව ආරම්භයක හා වසන්තයේ වර්ණය කියලයි. නිල් පැහැති කාන්ඩයේ වර්ණ වඩාත්ම සුදුසු වෙන්නේ නිදන කාමර වලට හා චිත්ත ඒකාග්‍රතාව ඇතිකිරීමට හා විවිධ ප්‍රතිකාරයන් සඳහා යොදාගන්න කාමර වලට.

කො පාබලාපොරොත්තුව සංකේතවත් කරනවලු. ඒ වගේම නිරෝගී භාවය, එකමුතුකම හා මානසික සුවය ලබාගන්නත් පුළුවන් කියනවා කොල පාට ආලේපනයෙන්. වැඩියෙන්ම සුදුසුයි කියන්නේ අධ්‍යාපන කටයුතු සඳහා  යොදාගන්න කාමර වලට. ඒ වගේම රෝහල් වලටත්….!

පාට –  බුද්ධිමත් භාවය හා ඉවසීම පිළිබිඹු කරනවා වගේම වඩාත්ම සුදුසු වෙන්නේ දීප්තිමත් සූර්යයා ලෝකය නොවැටෙන කාමර සඳහා. නිවෙස් වල තමන් අදහන ආගම වෙනුවෙන් වන්දනා මාන කරන්න යම් කාමරයක් වෙන් වෙනව නම් කහ පාටේ විචල්‍යයන් වඩාත්ම සුදුසුයිලු.

මේ වගේ පුංචි කාමරයක් ගැන තමා අදහස….


තැඹිලි පානිවසක ඕනෑම තැනකට සුදුසුයි. මේ පාට ගැන කියවෙන්නේ ශක්තිමත් භාවය හා අධ්‍යාත්මික පැහැදිලි බව නිරූපනය කරන… සතුට, නිරෝගී භාවය හා එකමුතුකම වර්ධනය කරන වර්ණයක් කියලා.

තු පාශක්තිය හා නිර්භිතකම ඉස්මතු කරන වර්ණයක් නිසාම නිදන කාමර වල භාවිතයෙන් වලකින්න කියලයි කියන්නේ. රතු පැහැය ආලේපනයට සුදුසු මොන වගේ තැන් වලද කියල නම් කිසිම සඳහනක් නෑ.

ම් පාදම් පැහැයෙන් සොඳුරු බවත්, විශ්වාසයත් පෙන්නවලු. ආලේපනයට සුදුසුයි කියන්නේ නිතර ගැවසෙන ස්ථාන වල. ඒ කියන්නේ විසිත්ත කාමරයේ වගේ තැන වල. නිදන කාමර වලටත් ගොඩක්ම සුදුසුයි.

රෝ පාරෝස පාට කියන්නේ සතුට හඟවන වර්ණයලු. ඇත්ත වෙන්න ඇති. ඒකනේ අපි සෝස පාටට ඔච්චර ආස. ප්‍රධාන නිදන කාමරයට වගේම අනෙකුත් කාමර වලටත් සුදුසුයිලු.

සුදු පාට – පාරිශුද්ධත්ව පෙන්වන උතුම් වර්ණයක් කියලා තමා කියන්නේ. නිවසේ ඕනෙම තැනකට සුදුසුයිලු. විශේෂයෙන් හැම විටම සිවිලිම සඳහා සුදු පාට භාවිතා කරන්න කියලා තමා කියන්නේ.

ළු පාකළු පාට කියන්නේ අවාසනාව ගැන හැඟීම් දනවන සෘණාත්මක සිතුවිලි වර්ධනය කරන වර්ණයක්ලු. හැකි සෑම මොහොතකම නිවසේ බිත්ති වල කළු පැහැය ආලේපනය කිරීමෙන් වලකින්න කියලා තමා කියන්නේ…

 

මං කැමති පාට

දැන් කියන්නද මං ආසම පාට….!!! වර්ණ කේත අංකය වෙන්නේ 40RR 11/430 කියන එක. ඒ කෝඩ් එකේ… වර්ණය අයිති වර්ණ පරාසය, ආලෝක තත්වය වගේ විස්තර කිහිපයක් අඩංගු වෙනවා.ඒකට ඩියුලක්ස් තීන්ත වල කියන්නේ Russian Velvet 3 වර්ණය කියලා. මේක පාට කීපයක සංකලනයක්. ග්ලිඩන් වල කියන්නේ Fuchsia Berry වර්ණය කියලා. RBG අගයයන් වෙන්නේ R 132, G 54, B 90. ඒ වගේම ඒ වර්ණයේ තවත් ප්‍රභේද තියෙනවා. ඒ කියන්නේ අඳුරු බව හා ආලෝකවත් බව අනුව වෙනස් වෙන….

ඔයාලටත් වර්ණ තෝරා ගැනීමක් කරන්න අවශ්‍ය නම් මෙන්න ඩියුලක්ස් ඔන් ලයින් කලර් කාඩ් එකේ ලින්ක් එක. තමන්ට කැමති වර්ණයක් මේ පැලට් එකෙන් පහසුවෙන් තෝරගන්න පුළුවන්. ඒ නැත්තං කලර් බෑන්ක් වලින් හදවා ගන්නත් පුළුවන්. මෙතනිනුත් පුළුවන් තීන්ත ගන්න තැනට ගිහිං තීන්ත තෝරන්න කලින් අවශ්‍ය කරන වර්ණය තෝරගන්න…
බලන්න ඔයාල කැමති පාටත් එතෙන තියෙනවද කියලා.

පින් කුසුම් පිපේවා…!

සෞභාග්‍යමත් අවුරුද්දක්…!!!!

%d bloggers like this: