සෙවිල්ල…!

ඉපදියන් මිනිසුන් ලෙසේ….

ජීවිතය මෙය යැයි කියන්නට,

කිසිදු සමතෙක් නැති ලොවේ….

පන අදින නුඹේ දෑස දැකුමට,

වේදනාවක් නැති හිතේ…

ගැහී ගැහී උඩ පනින, විසිවෙන
පුංචි දඟලන යාළුවේ…


 

ගැහී ගැහී උඩ පනින, විසිවෙන

පුංචි දඟලන යාළුවේ…

නුඹේ මසින්, කුණු වෙන ගතින්…

සියක් දහසක බඩ පිරේ…

 

හොරට කරුණා පාන නර-සිත

විශ්වාසයක් නැති භවේ…

තවත් නුපදින්… වී මසුන් ලෙස

ඉපදියන් මිනිසුන් ලෙසේ….

නිහඬබව…!

විටෙක,

හිත නිවා සනහන…

කුණු අවුස්සා මතක් කරදෙන…

අළුත් සිතුවිලි පහල කරදෙන…

ගෙවුන සිතුවිලි විඳින්නට දෙන…

ප්‍රශ්න ගොඩකට මගක් පාදන…

ඇති ප්‍රශ්න ගැන වටහලා දෙන…

උතුම් බව දෙන,  නිවට බව දෙන…

තැනින් තැන, වෙන වෙන අරුත් දෙන…

අරුමයකි මේ නි...!

ඉතිං ඒක නිසා….

ඉතිං මොන ලස්සනක්ද…?

ම්…. ම්…. ම්…. ඇට්ටේරියා මල්….!

එදා පිපිලා තිබුනා වගේම, හැඩට…

ආං…. මං දැක්ක, ඊයේ හවසත් පිපිලා තිබුනා….!

ගහ යට එකම සුදු ඇතිරිල්ලක් කරලා, ලස්සනට සරසලා.

ඒත් අඩුවක්….! එදාට වැඩියෙන් අද…

ඇට්ටේරියා ගහ යට,

බිත්ති කන්ඩිය උඩ,

දඟකරපු කෙල්ල…. අද නෑ එතෙන…!!!

ඉතිං මොන ලස්සනක්ද…???

ජීවිතය ≡ ආදරය

පුංචි මුහුණට එබී ගෙන…

කට කො‍නේ නලියන හිනාව විඳගෙන…

ඔළුව පලාගෙන, නහර වේදනා දී ගෙන,

ඇස් වලට එන කඳුළු හිර කරගෙන…

සුසුම් පිට වෙන්න නොදී,

දහසකුත් සිතුවිලි මැද,

ඔය පුංචි ඇස් දෙක දිහා බැළුවේ…

ඉල්ලන්න හිතා‍ගෙන නෙමෙයි…

ජීවි ලැබෙයි කියලා හිතාගෙන…!

එකම එක දිය බිඳක්….!



 

වේලිලා, කරවෙලා..,
 
ගින්දරට පිච්චිලා…
 
ඉරිතලා, පලුදු වී තියෙන…
 
මේ පුංචි හදවතට,
 
එකම එක දිය බිඳක්…!
 
සීතලම සීතලට,
 
වට්ටපන් හනි හනික…
 
දූලි වෙන්නට කලින්,
 
මේ හැඟුම් සමුදාය….!

හද බිත්තියේ ගල් අකුරු…

පෙමින් වෙලී සිටි කාලෙක අපි සොඳුරු

මතකද නුඹට මැවු හැටි

අපි සිරි මැදුරු…

 

හෙමින් හෙමින් බැඳ හදවත ගල් පවුරු

ටික කලෙකින් ඇරඹුන හැටි

සෙල් සිදුරු…

 

 

හද බිත්තියේ නුඹ කෙටු ඒ ගල් අකුරු

අකුණු සැරට සුදිලෙන හැටි

මිණි අහුරු…

 

වැසි සමගින් මාරුත මැද මහ රුදුරු

නොසැලී ඉන්න හැටි

විඳගෙන දුක් සොඳුරු…

%d bloggers like this: