සිතියම් හොයන අළුත් විනෝදාංශය

විනෝදාශයක් කියන්නේ කෙනෙක්ට විවේක වෙලාවකට හෝ ඉඩ ලැබෙන වෙලාවකට අකමැත්තකින් තොරව කරන්න පුළුවන් කියලා තමන් විසින්ම තීරණය කරගන්න දෙයක්. සමහර වෙලාවට ඒක අනිත් අයට හිරිහැරකාරී වෙන්න පුළුවන්, සමහර වෙලාවට එහෙම නොවෙන්න පුළුවන්.

තව සූම් කල හැකි

තව සූම් කල හැක

ඉතිං මේ කියන්නේ කාටවත් හිරිහැරයක් නැති ලැබෙන පොඩි විවේකයකින් ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් විනෝදාංශයක්. සිංහලෙන් කියන්නේ සිතියම් පිරික්සීම කියලා. ඇත්තටම අපිට (මට) විනෝදාංශයක් වුනාට මෙම සිතියම් පිරික්සීම රස්සාවක් හැටියට කරන අයත් ලෝකේ ඕනේ තරම් ඉන්නවා. ඒ අය හොයන්නේ ලේසියෙන් ලඟාවෙන්න පුළුවන් හිස් ඉඩම් එහෙමත් නැතිනම් අතහැරදාපු කර්මාන්තශාලා භුමි වගේ ආර්ථික වැදගත් කමක් තියෙන ස්ථාන වෙන්න පුළුළුන් එහෙමම්ත් නැතනම් හොරවැඩකට සුදුස් ස්ථානයක් වෙන්නත් පුළුවන්. ඒ අතර ආරක්ෂාව සඳහා මෙම සිතියම් දෙස ඇස ගසාගෙන ඉන්න අයත් ඉන්නවා. ගූගල් මැප්, බීන්ග් මැප් හා යාහූ මැප් ආශ්‍රිතව කෙරෙන මෙම පිරික්සීම් වලින් සාමාන්‍ය ජනාතාවට වැඩිය වැදගත් තොරතුරු ලබාගන්නේ ඒ ඒ රටවල ආරක්ෂක සේවා සපයන්නන් විසිනුයි.

හ්ම්… මම නම් බලන්නේ ගූගල් මැප් විතරයි. අනිත් ඒවා ටිකක් විතර ස්ලෝ නිසා වගේම භුමිය මත ඇති දේවල් ලං කර දැකගැනීමට ඇති නොහැකියාව නිසාත් අනිත් මැප් සේවාවන් වලට පෞද්ගලිකව අකමැතියි. ලංකාවේ බොහෝ ස්ථාන යම් තරමකට උඩින් එබී බලන්න පුළුවන් වුනත්, ඔබ මේ වන තෙක් ඇමරිකාව ආශ්‍රිත රටවලට උඩින් එබෙන්න උත්සාහ කර නැත්තං අදම එය කර බලන්න. ඇමරිකාව ආශ්‍රිත රටවල භූමියට ලංවීමේ හැකියාව වඩාත් වැඩි බව දැකගන්න පුළුවන් වෙයි. ඒ වගේම වඩාත් ලංවන විට එය ත්‍රිමාන ආකාරයට දිස්වෙන හැටිත් බලන්න.

මගේ විනෝදාංශය වෙන්නේ අපිට ලං වෙන්න වත් නොලැබෙන ස්ථාන වලට උඩින් හෝ එබී බලන එකයි. මිනිසෙකුට කුතුහලය කියන දෙය උපතින්ම එන්නේ, මිනිසා තුල ඇති දැනුම වර්ධනය කිරීමේ ක්‍රමෝපායක් විදියට. කුතුහලය නිසා යම් යම් දේ සොයන්න පෙළඹෙන එක 8,9,10 වසර වලදී වැරදි විදියට දැක්කට දැන් කුතුහලයට ඉඩ දෙන්න පුළුවන්. තවත් දේ සොයන්න පුළුවන්. එහෙම සොයන්න අවශ්‍ය වෙන්නේ අන්තර්ජාල සම්බන්ධතාවයක් හා පරිගණකයක් කිව්වොත් මම වැරදි නැතිවේවි. ප්‍රායෝගිකව ලබාගන්න දැනුමට අමතරව පොත පත කියවන්න හා දැනුම ලබාගන්න තියෙන හොඳම ක්‍රමය එයයි. ඒත් එකක්ම එක දෙයක් දිගේ දිගටම සොයාගෙන යන්න තරම් නිරෝගි මනසකුත් අවශ්‍ය වේවි.

...

ෆ්‍රී වෙලාවක් ලැබුනොත් මම දැන් ගූගල් මැප් එකේ. කවදාවත් නොදකින්න ලැබෙන දේවල් මහා ගොඩක් ඇස් ඉදිරිපිටම දැක ගන්න පුළුවන් වේවි. ඒ වගේම ලංකාවේ ඔබ දන්න අනෙක් අය‍ නොදන්න හා සලකුණු නොකල ස්ථාන වේ නම් ගූගල් සිතියමේ එම ස්ථානවල නිවැරදි දත්තයන් සමග සටහනක් තැබීම අනාගතයේ අපි කාටත් වැදගත් වේවි. එහෙම ගූගල් සිතියමේ තමන් දන්න තැනක් සටහන් කරන්නට නම් මේ ලින්ක් එක හරහා තමන්ගේ ගූගල් ගිණුමට ලොග්වීම පමණක් ප්‍රමාණවත්. පසුව අවශ්‍ය පරිදි තොරතුරු ඇතුලත් කර තමන් දන්න තැන අනිත් අයටත් දන්වන්න පුළුවන්.

පුළුවන් තරම් ඇමරිකාවම බලන්නලා, විදුලි බලාගාර, ගුවන් තොටුපලවල්, වරායවල් ඔක්කොම හොඳ පැහැදිලිවට බලාගන්න පුළුවන් වෙයි. ත්‍රස්තවාදී වැඩ වලට නෙමෙයි දැනුම ලබා ගැනීමට වගේම නොදැක්ක දේ දැක ගැනීමටත් හොඳම මාර්ගයක් වෙයි. ඒ අතරෙදි නම් නොකරන ලද ස්ථාන වල විවිධ අමුතු දේවල් දැක ගන්නත් පුළුවන් වේවි. ගූගල් මැප්හි සෙවීම් කවුලුවේ මෙය සොයා බලන්න… 37.647403,-115.823364 සුප්‍රසිද්ධ 51 කලාපයට (Area 51) ඉහලින් දකින්නට ලැබේවි.

අළුත් විනෝදාංශයට මම ටිකක් විතර වැඩිපුර කැමතියි අනෙක් ඒවාට වැඩිය. හිතෙන හිතෙන දේ හොයා ගෙන බලන්න පුළුවන් කියන්නේ කොයිතරම් දෙයක්ද…! –at වැඩ වෙලාවට කන පැලෙන්න වැඩ තියෙන, නැති වෙලාවට වැඩක් ඇත්තේම නැති අපි වගේ කම්මැලියන්ට විශේෂයි.

කොම්පූටර් දත්ත කෙළිය….

ඩේටා… සිංහලෙන් කියන්නේ දත්ත කියල. අපි ඉගෙන ගත්තෙත් එහෙම. අළුත් ඉක්කෝල වල නම් කියන්නේ “ඩාටා“ කියලා. ඉතිං කොහොම හරි කමක් නෑ ඔය දත්ත මත තමා මුළු මහත් පරිගණක සමාජයම ගොඩනැගිලා තියෙන්නේ. ඩේටා එකම ආකාරයක 101101111000101 වගේ  වුනත් ඒවයේ භාවිතය වෙනස්. ඒ කියන්න සමහර දත්ත එකතුවක අවසාන ඵලය ඉමේජ් එකක්. තවත් දත්ත රොත්තක් එකතු වුනාම තියෙන්නේ මූවි එකක් එහෙමත් නැත්තං සිංදුවක්… ඒත් නැත්තං සොෆ්ට් වෙයා එකක්… ඔය වගේ දහස් සංඛ්‍යාත යෙදුම් භාවිතා වෙනවා හැසිරවෙනවා අපි නොදැනුවත්වම අපේ ඇඟිලි වලට අහුවෙන මවුස් එක, කී බෝඩ් එක එක්ක එකතුවෙලා.

ගල් යුගයේ මිනිස්සුන්ට තිබුන වටිනාම සම්පත් වුනේ, තම තමන් සතු ගල් ආයුධ, ගින්දර වගේ දේවල්… ඊට  පස්සේ ශිෂ්ට සම්පන්න වෙලා මධ්‍ය කාලීන හා මේ මෑතක් වෙන කම්ම වටිනාම වස්තු වුනේ ආභරන, මුතු මැණික්… මුදල් හදල් වගේ දේවල් වුනාට මේ යුගයේ ජීවත් වෙන මිනිස්සුන්ට තියෙන වටිනාම සම්පත තමා, තම තමන්ගේ දත්ත…! ඒක තමුන්ගෙම ඒවාද අනුන්ගෙන් ගත්ත ඒවද කියලා වෙනසක් නෑ. තමන්ගේ පී.සී එකට ආවම ඔක්කොම දත්ත තමන්ගේ වගේ තමා.

ඉතිං කාලෙකට ඉස්සර මාසික සඟරාවක තිබුනා තමන් සතු දත්ත සුරැකිව තබා ගන්න විදි ගැන ලොකු ලිපියක්. ලොකු කියන්නේ පිටු දෙකක් හෝ තුනක් පිරෙන්න විස්තර සහිතව. අන්න ඒ ලිපිය ගැන මතක් වෙච්චි නිසා තමා මේක ලියන්න හිතුනේ.

ඇත්තටම ඒ දවස් වෙද්දි නම් කම්පියුටර් භාවිතය මේ තරම් ජනප්‍රිය වෙලා තිබුනේ නෑ. කම්පියුටර්ම නෙමේ පොදුවේ බැලුවොත් ඩිජිටල් දත්ත භාවිතය කියලා තමා හඳුන්වන්න වෙන්නේ. මොකද මොබයිල් ෆෝන්වත්, පරිගණක නොවන, ඒත් දත්ත ආශ්‍රිතව ක්‍රියාකරන අනෙකුත් උපකරණවත් වැඩිය භාවිතා වුනේ නෑ. මං මේ කියන්නේ අද දවසත් එක්ක සසඳලා බලද්දි විතරයි. ඉතිං අර සඟරාවේ තිබුන විදියට “තමන් සතු දත්ත නැතිවෙන්න පුළුවන් ක්‍රම“ කියලා තිබුනේ, මට මතක විදියට ප්‍රධාන ක්‍රම දෙකයි. ඔය දෙක එක එක පැත්තට හරවලා තමා අනිත් කරුණු ටික ලියලා තිබුනේ…

හාඩ් ඩිස්ක් එක අකර්මණ්‍ය වීම

පරිගණක වෛරස නිසා දත්ත ගොනු විනාශ වීම

(ඒ දවස් වල දත්ත සොරකම් කිරීමක් ගැන අහලවත් නෑ මයෙ හිතේ…)

ඉතිං පිළියම් විදියට තිබුනේ… තමන් සතු වටිනා දත්තවල තවත් පිටපතක් ලබාගෙන තබාගැනීම. ඒ කියන්නේ බැකප් එකක් තියාගන්න එක. තව දුරටත්, බැකප් එක ලබාගත්ත සී.ඩී එක හොඳින් සුරැකෙන පරිදි ආවරණය කර “ගමේ ගෙදර හෝ වෙනත් යාළුවෙකුගේ ගෙදර තැබීම“.

අනේ මන්දා ඒ දවස් වල නොතේරුම් කමට මේක තමා හොඳම විසඳුම කියලා හිතුවට දැන් තමා තේරෙන්නේ… ඒ දවස් වල ගමේ ගෙදර ගිහිං තිබ්බනම් එහෙම මේ වෙද්දි බඩු බනිස් වෙලා. අනිත් එක හැමෝටම ගමේ ගෙවල් නෑනේ. ඊළඟ එක තමා සුපිරිම. ඒ දවස් වල පොඩි කොල්ලෝ වෙච්චි අපිගාව තිබුනේ ඔය වගේ තාක්ෂණික සඟරා විතරයි. කම්පූටරයක් ආවේ ඊට සෑහෙන කාලෙකට පස්සේ. ඒක නිසා හොඳට ගියා. නැත්තං අපේ ගමේ ගෙදර දුර වැඩි නිසා අපිත් අපේ පින්තූරයි, සිංදුයි.. අරකයි මේකයි හැම මළ ඉලව්වම තියන්නේ යාළුවන්ගේ ගෙවල් වල. එහෙම වුනානම් අපිට කොච්චර විශ්වාස වුනත් යාළුවා ගේම දුන්නොත් අපි ඉවරයි…!

හරි බයිලා පැත්තක් තියලා ඇත්තම කතාව බලමුකෝ දැන් වෙන විදියට…

අපේ බැකප් අපි තියාගන්නවා ඩී.වී.ඩී එකක. ඩී.වී.ඩී එක නැති වෙනවා… නැත්තං කැඩෙනවා… නැත්තං ආරක්ෂිත ලේයර් එක ගැලවිලා යනවා… ඒත් නැත්තං පොඩි එකෙක් හූරනවා…. එහෙම්මත් නැත්තං බර්න් කරපු එක පස්සේ කාලෙකදී රීඩ් කරන්නේ නෑ…. එතකොට ඒ දත්ත ආරක්ෂිතද…?

 ඊට පස්සේ අපි අපේ ඩේටා වල බැකප් එකක් තියාගන්නවා හාඩ් ඩිස්ක් එකේ… ඔන්න ටික දවසකින් මොකක් හරි දෝෂයක් නිසා හාඩ් එක හුචස් වෙනවා… ඒත් නැත්තං වෛරස් එකක් හාඩ් එකට ගේම දෙනවා… ඒත් නැත්තං පී.සී බිම වැටිලා හාඩ් එක වැඩ නොකර යනවා… ඒ දත්තත් ආරක්ෂිතද…?

වැඩි දෙනා කරනවා වගේ ඩේටා ටික ෆ්ලෑෂ් එකට දාගන්නවා. ඔන්න ටික දවසකින් ෆ්ලෑෂ් එක නැති වෙනවා. ඒක සාමාන්‍ය දෙයක් දැන්… එහෙමත් නැත්තං හාඩ් එක අතෑරුනා වගේ බිම වැටෙනවා. ඒත් නැත්තං ෆ්ලෑෂ් එක ෆ්ලෑෂ් වෙලාම යනවා… එතකොට…????

ඒ අතරෙදි ටික දෙනෙක් කරනවා වගේ, දත්ත ටික බැකප් කරනවා රිමෝට් ලෝකේෂන් එකක තියෙන සර්වර් එකක හෝ සල්ලි වලට හෝ නොමිලේ ගත්ත ඔන් ලයින් ඉඩක. කොහොමෙන් හරි රිමෝට් සර්වර් එකටත් මක්ක හරි වෙනවා… නැත්තං අපේ දත්ත ටික රැස්කරගෙන සේවාව නවත්තනවා… මොකුත්ම නැත්තං අපිට ඩේටා ගන්න බැරි විදියට පාස් වර්ඩ් මාරු වෙලා හෝ ඒ වගේ වෙන මොකක් හරි හෝ වෙනවා… එතකොට ඒ දත්ත ආරක්ෂිතද….?

ඒත් නැත්තං පී.සී එකේ තියෙද්දිම රිමෝට් ලොග් වෙලා හැකර් කෙනෙක් සුද්ද කරනවා දත්ත ටික… එතකොට මොකද කියන්නේ…?

සර්ව අසුභවාදිව හිතනවා නෙවෙයි. ඒත් මේ හැම දෙයක්ම ඕනෙම වෙලාවක වෙන්න පුළුවන් දේවල්…! මට කිසිම වෙලාවක කොයි තරම් ආරක්ෂිත ක්‍රම තිබුනත් දත්ත වල ආරක්ෂාව ගැන නම් කිසිම විශ්වාසයක් නෑ. අපි දත්ත ගොනුවකට දාන පාස් වර්ඩ් එකක් කඩන්න  කාටවත් බෑ කියලා හරියටම කියන්න පුළුවන්ද…? මගේ උත්තරේ නම් “එහෙම හිතන්න බෑ“ කියන එකයි. මොකද දත්ත ගොනුවකට යොදන එන්ක්‍රිප්ෂන් මෙතඩ් එකට අනිත් පැත්තට ඩික්‍රිප්ෂන් මෙතඩ් එක අදාල ආයතනය සතුව තියෙනවා. ඒ නැතත් ඕනෙම කෙනෙකුට ඕනෙම පාස්වර්ඩ් එකක් කඩන්න හරි, බයිපාස් කරන්න හරි පුළුවන් සොෆ්ට් වෙයාර්ස් ඕනේ තරම් නෙට් එකෙන්ම සොයාගන්න පුළුවන්.

අවුරුදු දහස් ගානකට කලින් මිනිස්සු කතාකරපුවා වායුගෝලයෙන් උකහා ගෙන ආයෙම කන්දෙකට ඇහෙන්න සලස්වන්න පුළුවන් තරමට තාක්ෂණය දියුණු නම් තව මොන කතාද අපි ගාව තියෙන දත්ත ගැන. මොබයිල් ෆෝන් හා අනෙකුත් වයර්ලස් උපාංග වලට භෞතික අතපෙවීමකින් තොරව රේඩියෝ තරංග වලින්ම වෙනස්කම් සිදුකොට ඒ උපාංග වල සන්නිවේදන මාධ්‍යයන් ක්‍රියාත්මක කර තොරතුරු බාහිර ලෝකයට විවෘත කිරීමට තාක්ෂණය පොහොසත් නම් තවදුරටත් අපි සතු දත්තයන් තවමත් අපිම පමණක් දනිමුයි සිතිය හැකිද…?

බ්ලොග් එකේ කමෙන්ට් මොබයිල් එකට…

තම තමන්ගේ බ්ලොග් එකට කමෙන්ට් එකක් වැටුනම ඒක ඒ වෙලාවෙම තමන්ගේ මොබයිල් එකටත් ගෙන්න ගන්න කැමති අයට තමා මේ පෝස්ට් එක. මට ඕනේ වෙලා තිබුනේ වර්ඩ් ප්‍රෙස් වල නොටිෆිකේෂන් ටික මගේ මොබයිල් එකට ගෙන්න ගන්න විදියක්. ඒකට වර්ඩ් ප්‍රෙස් වල දීලා තියෙනවා ඔප්ෂන් එකක්, හැබැයි ඒක වැඩ කරන්නේ ඇමරිකාවට විතරයිලු. අපි ඉතිං පොඩි එවුන්නේ… ඇමරිකාව අලි සයිස්… ඒකනේ ඒ… ඒත් ඉතිං එහෙමයි කියලා වැඩේ අතාරින්න පුළුවනෑ… ඒක නිසා ක්‍රමයක් හොයද්දි තමා මේක සෙට් වුනේ. දෙයියනේ කියලා වැඩ. වර්ඩ් ප්‍රෙස් විතරක් නෙමේ බ්ලොගර් වලටත් වැඩ. මේක හරියටම  ෆේස් බුක් නොටිෆිකේෂන්ස් ෆෝන් එකට එනවා වගේ වැඩක්…!!!

කරන්නේ මෙහෙමයි…

මුලින්ම ඔයාලගේ බ්ලොගර් හෝ වර්ඩ් ප්‍රෙස් අකවුන්ට් වල, කමෙන්ට් එකක් ආවාම, ෆලොවර් කෙනෙක් ඇඩ් වුනාම, එතකොට කමෙන්ට් මොඩරේෂන් දාලා තියෙන වෙලාවක ඒක පබ්ලිෂ් කරන්න වුනාම එහෙම ඔයාලගේ බ්ලොග් එකට අදාල ඊමේල් එකට මැසේජ් එකක් එනවනේ. ඉතිං අන්න ඒ මැසේජ් එක ඔයාලගේ මොබිටෙල් හරි ඩයලොග් හරි නම්බර් එකකට ෆෝවර්ඩ් කරගන්න. එච්චරයි.

බ්ලොග් එකටත් දාලා තියෙන්නේ ඔයාලා අනිත් වැඩ වලටම යූස් කරන ඊමේල් එකනම්, වෙන එකක් හදාගෙන ඒක බ්ලොග් එකේ ප්‍රයිමරි ඊමේල් එක විදියට සෙට් කරගන්න එක වැඩිය හොඳයි. නැත්තං වෙන්නේ ඔයාලගේ ඊමේල් එකට එන හැම මැසේජ් එකම ෆෝන් එකට එන එක. එහෙම නැතුව බ්ලොග් එකෙන් එන මැසේජ් විතරක් ෆිල්ටර් කරලා ගන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. ඒත් ඒක කරදර වැඩක්.

මේ වැඩේ කරන්න, මූලිකවම mms පහසුකම තියෙන මොබයිල් එකක් අවශ්‍යයි. මොකද ඊමේල් එකට එන මැසේජ් එක ෆෝන් එකට එන්නේ mms එකක් විදියට. අපි සිංහලෙන් බ්ලොග් ලියන නිසා මොබයිල් එකේ සිංහල තියෙනවා නම් තවත් හොඳයි. නැත්තං ඔයාලට දකින්න වෙන්නේ කමෙන්ට් එක දාපු කෙනාගේ ඊමේල් එක විතරක් වෙන්න පුළුවන්. කමෙන්ට් එක පේන්නේ  කොටු කොටු.

ජීමේල් සෙටිංග්ස් වලට ගියාම තියෙනවා Forwarding and POP/IMAP කියලා අන්න ඒකෙන් ගිහිං ඔයාලගේ මොබිටෙල් හරි ඩයලොග් හරි නම්බර් එක දෙන්න 940711234567@mms.mobitel.lk හෝ 940771234567@mms.dialog.lk කියන විදියට අන්තිමට @mms.dialog or mobitel .lk එක්ක. ඊට පස්සේ බ්ලොග් එකෙන් ඔයාලගේ ඊමේල් එකට එන හැම ඊමේල් එකම mms එකක් විදියට මොබයිල් එකට ලැබේවි…! ඊමේල් එකේ හා බ්ලොග් එකේ පොඩි පොඩි සෙටිංග්ස් හදාගන්න වේවි, ඒත් ඒවා ඒ තරම් සංකීර්ණ නැති නිසා වැඩි අවුලක් වෙන එකක් නෑ…

කමෙන්ට් ගොඩක් වැටෙන බ්ලොග් වලටනම් මේ ක්‍රමය ටිකක් අහිතකර තත්ත්ව ඇති කරන්න පුළුවන්. මොකද හැම වෙලාවෙම ෆෝන් එක ඇලර්ට් වෙන්න ගත්තම මළ වදයක් වෙන නිසා. කැමති අය ට්‍රයි කරලා බලන්න.

මීයගේ තුන හා කරන්න පුළුවන් “අමතර” වැඩ…

මේ ගැන නම් ඉතිං පිරිමි ළමයි හොඳටම දන්නවානේ.  ගැහැණු ළමයිනුත් දන්නේ නෑ වගේ හිටියට, අපි දන්නවා එයාල දන්න බව. ඒ විතරක් නෙවෙයි එයලාත් මීයාගේ තුන මරාගෙන කන බව. ඉතිං ඔය මීයා ඉන්නවනේ. ඌ හෙන හුරතලා. අපේ සමහරු ඔෆිස් වල ඇතිවෙන ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න වගේ දේවල් කල්පනා කරන්නෙත් මීයාව අතගගා. දෙක මාරුවෙන් මාරුවට අතගානවා, අනිත් එක හිමීට එහාට මෙහොට කරනවා. ගෑණු ළමයින්ට නම් මියාගේ පාටේ විශේෂයක් නැති වුනාට, සමීක්ෂකයෝ කියන්නේ සුදු පාට ,රෝස පාට හා ලා කොල පාට මීයන්ට තමාලු වැඩියෙන් ගෑණු ළමයි ආසා. කරන්නම දෙයක් නැත්තං කළු මීයත් අවුලක් නැතිලු. හැබැයි රතු පාටට නම් ටිකක් විතර අකමැතිලු. කොල්ලෝ වෙච්චි අපිට ඉතිං කොහොමත් එකයිනේ.

ඉතිං දැන් ඔය සද්ගුණවත් හිත් වලින් වල් දේවල් හිතලා හිත් කිලිටි කරගෙන ඉන්නේ බබාලට කියන්නේ, මේක ‍වැල මෙව්වා එකක් නෙවෙයි කියලා මං කිව්ව ගමන් මට බැනගෙන බැනගෙන යනවා එහෙම නෙවයි… “අපේ බලාපොරොත්තු සුනුවිසුනු කලා” කලා කියලා… මං මේ කියන්න ගියේ ඇත්තටම මීයා ගැනම තමා. මීයා කිව්වට වයර් එකෙන් හරි වයර් නැතුව රේඩි‍යෝ සිග්නල් වලින් කොම්පූටරේ එල්ලිලා ඉන්න එකා ගැන. ඉතිං මූට මුලින්ම තිබිලා තියෙන්නේ එකයි. ඊට පස්සේ තමා බට්න් දෙකක් වෙලා, දැන් වෙනකොට ස්ටෑන්ඩර්ඩ් මවුස් එකක් නම් ලෙෆ්ට්, රයිට් හා මිඩ්ල් කියන බට්න් තුනයි ස්ක්‍රොල් එකයි තියෙන්න ඕනේ වෙලා තියෙන්නේ.

ඉතිං මවුස් එකේ ලෙෆ්ට් එකෙන් සාමාන‍්‍යයෙන් කරන්නේ යම් විධානයක් හෝ අයිකන් එකක් හෝ තේරීම. එතකොට රයිට් බට්න් එකෙන් කරන්නේ මෙනු එකක් මතු කරගැනීම තමා හැමතැනකදීම වගේ. මිඩ්ල් බට්න් එක නම් ක්‍රියාත්මක වෙන්නේ විශේෂිත මෘදුකාංග වල තමා. ‍ගොඩක් වෙලාවට ස්ක්‍රොල් ලොක් එකක් විදියට තමා පාවිච්චි කරන්නේ. මිඩ්ල් බට්න් එක තියෙන්නෙත් ස්ක්‍රොලර් එකටම සම්බන්ධවමයි. ස්ක්‍රොල් එක කියන්නේ පිටුවක් ඉහල පහල ගෙනියන්න තියෙන තවත් ලේසි උපක්‍රමයක්. මෙව්වා ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑ කොහොමත්.

එතකොට මොනාද මීයගේ තුනෙන් කරන්න පුළුවන් අමතර වැඩ…?

හිතන්න ගෙදරදී ඔයාලා මොකක් හරි ලස්සන ඉමේජ් හරි වීඩියෝ එකක් බල බල ඉන්නවා. එත‍කොටම මල්ලි, නංගි, අයිය, අක්කා, අම්මා, තාත්තා වගේ, වගේ කෙනෙක් එනවා. ඉතිං අර ඉමේජ් එක හරි වීඩියෝ එක හරි පවුලේ සැමට එකට සිට නරඹන්න බැරිනම් මොකද වෙන්නේ..? වහාම ක්‍රියාත්මත වෙන පරිදි ස්ථාන මාරුවක් ‍හෝ කනේ පාරක් ෂුවර්නේ. ඉතිං ඒ වගේ වෙලාවට කව්ද අකමැති එක මවුස් ක්ලික් එකකින් තමන් කොර කොර හිටිය වැඩේ ගැන චූටි හෝඩුවාවක්වත් නැති වෙන්න අපරාධය යට ගහන්න. එහෙමත් නැත්තං තමන්ගේ හරි අනුන්ගේ හරි කොලුවෙක් එවපු ඊමේල් බල බල ඉන්න ගෑණු ළමයෙක්ගේ කාමරේට අම්ම එනවා… එතකොට පුංචි කාලේ වගේම “අම්මගේ හොඳ දුව” වෙන්න මේකෙන් පුළුවන්…

වැඩිය ඕනේ නෑ, බ්ලොග් එකක් බලනවා කියමුකෝ. ඔයාලා අකමැතියි ඒක වෙන කෙනෙක් දකිනවට. ඉතිං එහෙම වෙලාවට මිඩිල් බට්න් එක ක්ලික් කරලා බ්ලොග් එකේ අන්තර්ගතය ට්‍රාන්ස්පේරන්ට් කරලා ඊට යටින් තියෙන වැදගත් ඩොකියුමන්ට් එකක් ඉස්සරට දාලා පෙන්වන්න තියේනම් කොයිතරම් දෙයක්ද. ඒත් මදිනම් බ්‍රවුසර් එක ටාස්ක් බාර් එකෙනුත් අයින් කරලා සිස්ටම් ට්‍රේ එකේ හංගන්න පුළුවන්නම්… !

හ්ම්… එහෙම කරන්න ඕනේ නම් කරන්න තියෙන්නේ පුංචි දෙයයි. “වින් රෝල්” කියන මේ පුංචි සොෆ්ට් වෙයාඑක ක්ෂණිකව වෙන්න පුළුවන් මාරන්තික ඒ වගේ අතුරු ආන්තරා වලින් අපිව ආරක්ෂා කරනවා. මට මේක හම්බුනේ අවුරුදු කීපයකට කලින් ඇක්ස්.පී තියෙද්දී දාපු ඇපල් ට්‍රාන්ස්ෆෝමේෂන් පැක් එකක තිබිලා. එදා ඉඳන් මොනා නැතත් මේක නම් මගේ ලැපීගේ වගේම ඔ‍ෆිස් පී.සී එකෙත් ලැගගෙන ඉන්නවා. ඇපල් වල නම් ඩිෆෝල්ට් එනවා. අර කව්ද කියනවා වගේ… වින්රෝල් තමා මාව රජෙක් කලේ. නැත්තං කොහොමද ඔ‍ෆිස් එකේ ඉඳන් බ්ලොග් ලියන්නේ, කියවන්නේ, ඩවුන් ලෝඩින් දාන්නේ.

බලන්න, ඔයාලත් මේක ඩවුන් කරගනෙ පාවිච්චි කරලා. ෆයිල් සයිස් එක කිලෝබයිට් බරගානක් ඇති නේද කියල හිතෙනවා ඇති නේද…. මුළු සොෆ්ට් වෙයා එකම කිලෝබයිට් 89 යි. ඒ වගේම මේක රන් වුනා කියලා රැම් එකට දැනෙන්නෙවත් නෑ….! ඔයාලට හොඳ හොරෙක් වෙන්න තියෙන හොඳම සොෆ්ට් වෙයා එකක් තමා මේ. මෘදුකාංග සීමිත ප්‍රමාණයකට විතරක් සහයෝගය නොදක්වන බවත් කරුණාවෙන් සලකන්න. ඒ වගේම මේක විවෘත හා නිදහස් මෘදුකාංගයක්. ඒක නිසා ක්‍රැක්, පැච් ගැන වදවෙන්න ඕනේ නෑ…

ඇත්තටම හොරෙක් වෙන්නම නෙමේ තමන්ගේ පෞද්ගලිත්වය ආරක්ෂා කරගන්න හොඳ උපක්‍රමයක්…! කොහොමද මීයගේ අමතර වැඩ…!

ඩෙස්ක්ටොප් එක කියන්නේ, යූසර්ගේ ඔලුවේ එක්ස්-රේ එකක්….

ඩෙස්ක්ටොප් එක කියන්නේ මොකද්ද කියලා දන්නවනේ. මයික්‍රොසොෆ්ට් හෙල්ප් එකේ තියෙන විදියට නම්…

“ඩෙස්ක්ටොප් එක යනු, ඔබ පරිගණකය පනගන්වා වින්ඩෝස් වලට පිවිසි විගසම දකින්නට ලැබෙන ප්‍රධාන තිරසැකසුමයි. ඇත්තම මේසයක මතුපිටක් ලෙස හැසිරෙමින් අපට අවශ්‍ය දේවල් ඒ මත තබා කර ගැනීමට අවශ්‍ය පසුබිම සකසා දෙයි. ඔබ යම් මෘදුකාංගයක් හෝ ගොනුවක් විවෘත කරන විට එය ඩෙස්ක්ටොප් එක මත විවෘත වන අතර අවශ්‍ය කරන ෆයිල්, ෆෝල්ඩර්ස් ආදිය අවශ්‍ය ආකාරයට පෙළ ගස්වා කෙටි මං ලෙසද භාවිතා කල හැක.” කියලයි.

පුංචි කාලේ කොම්පූටර් ක්ලාස් එකේදි නම් කියලා දුන්නේ මොකද්ද කියලා දැන් මතක නෑ.

ඉතිං  කොහොම හරි අපි හැමතිස්සෙම දකින, මේ ඩෙස්ක්ටොප් එක අපේ මානසික තත්වයත් එක්ක සම්බන්ධතාවක් ගොඩනගා ගන්න බව කවුරුවත් නිකමටවත් හිතුවද…? නැතුව ඇති නේද… ඒත් තමන් වැඩ කරන පරිගණකයේ නිතර දකින ඩෙස්ක්ටොප් එක නිසා එය භාවිතා කරන්නා මානසික වශයෙන් ඉහල යන්නට වගේම පහල යන්නටත් තියෙන්නේ සැලකිය යුතු සම්භාවිතාවක්. හිතන්න, එක නිරෝගි පුද්ගලයෙකුට අවස්ථා දෙකකදී පරිගණක දෙකක් දෙනවා, දෙකේම තියෙන්නේ එකම කන්ෆිගරේෂන්. ඒ වගේම වෝල් පේපර් එකක් නෑ… නිකං තනි පාටක බැක් ග්‍රවුන්ඩ් එකක් විතරයි තියෙන්නේ.

ඒත් පොඩි වෙනස් කමක් තියෙනවා. පළවෙනි පරිගණකයේ ඩෙස්ක්ටොප් එකේ තියෙන්නේ සාමාන්‍යයෙන් තියෙන මයි කම්පියුටර්, මයි ඩොකියුමන්ට්, නෙට් වර්ක් ප්ලේස් , රිසයිකල් බින් වගේ තිබිය යුතුම අයිකන් විතරයි. අනිත් පරිගණකයේ එහෙම නෙවෙයි. ඒකෙ ඩෙස්ක්ටොප් එක පුරාම එක එක ජාතියේ‍, විවිධ වර්ණයේ අයිකන්. ඉතිං වෙන වෙනම අවස්ථා දෙකේදී, එකම වැඩක් කරන්න කියනවා යූසර්ට. දෙවෙනි වතා‍වෙදී එහෙම කරන්නේ, කලින් වතාවේ එහෙම වැඩක් කලේ නෑ කියලා උපකල්පනය කරලා. මේක ඇත්තටම කරන්න බෑ තමා. ඒත් උපකල්පනයන් ආශ්‍රයෙන් තමා තර්කය ගොඩනගන්නේ.

ඉතිං මුලින්ම අර ඩෙස්ක්ටොප් එක හැඩි වෙච්ච පීසී එක ඉස්සරහා ඉඳගන්න කොට භාවිතා කරන්නගේ ඇතිවෙන මානසික තත්වය, එහෙමත් නැත්තං යම් උපකරන ආශ්‍රයෙන් මැන ගන්න පුළුවන් වෙන මොලේ ක්‍රියාකාරීත්වය අනුව බලන කොට දෙවෙනි වතාවට පැහැදිලි ඩෙක්ස්ටොප් එකක් සහිත පීසී එකේ ඉඳගන්න අවස්ථාවෙදී මොළයේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් වෙනස්. පළවෙනි අවස්ථාවෙදී, කලබලකාරී ස්වභාවයක් පෙන්වන මොළයේ ක්‍රියාකාරීත්වය දෙවෙනි අවස්ථාවෙදී විශේෂිත සංකූලතාවයකින් තොරව හැසිරෙන බව තමා මොළය පිළිබඳ පර්යේෂන කරන කණ්ඩායම් සොයාගෙන තියෙන්නේ.

ඒ වගේමයි මෙහි අනිත් පැත්තත්. හිතන්න යම් පුද්ගලයෙක් ඉන්නවා “A01” කියල”මොකක් හරි මානසික ප්‍රශ්නයක් නිසා හෝ අධික කාර්යයබහුලත්වයත් එක්ක තමන්ගේ වැඩ කරගෙන යන. එයාගේ පරිගණකයේ ඩෙස්ක්ටොප් එක කියන්නේ එහෙම් පිටින්ම අවුල් ජාලයක්. පිළිවෙලකින් තොරවූ ෆයිල්ද, ෆෝල්ඩර්ද, තවත් ෂෝට් කට්ද මුළු ඩෙස්ක්ටොප් එක පුරාම. අඩුම ගානේ එයාටවත්, හදිස්සියකට ෆයිල් එකක් හොයාගන්න බැරි තරමට සංකීර්ණ ඩෙස්ක්ටොප් එකක්…!

ඒ වගේම තවත් කෙනෙක් ගත්තොත්. ඔහුත් ඉතාම කාර්යය බහුල පුද්ගලයෙක්. මුලින් කිව්ව කෙනාටත් වැඩියෙන්. ඔහු “B01”.   ඒත් ඔහු තමන්ගේ ඩෙස්ක්ටොප් එක පිලිවෙලට තියාගෙන ඉන්නවා. එකම වර්ගයේ ෆයිල්ස් එක ෆෝල්ඩර් එකකට දාලා, ලස්සන වෝල් පේප‍ර් එකකුත් දාලා. දැන් හිතන්න යම් වැඩක් කරද්දී වැඩියෙන්ම කාර්යශූර වෙන්නේ කොයි කෙනාද…?

කිසිම ගැටළුවක් නැතුව, කොයිතරම් වැඩ අධික වුනත්, ෆයිල් එකක් ‍සොයා ගැනීම අතින් වගේම යම් අවශ්‍ය කාර්යයක් කරගැනීම අතින් වුනත් හැමවෙලේම B01 ඉදිරියෙන් ඉඳීවී. එයට හේතුව තමා ආරම්භයේදීම ඇතිවෙන මානසික නිදහස් බව හෙවත් මනස ඕනවට වැඩියෙන් මහන්සි නොවීම. ඇස් දෙකින් දකින ඩෙස්ක්ටොප් එකේ පැටලිලි සහගත බව නිසාම, ඩෙස්ක්ටොප් එකේ තියෙන හැම දේ කෙ‍රෙහිම අවධානය යොමු වෙද්දී, අපිට නොදැනුවත්වම ඉතා සුළු මොහොමතකට හරි අපේ මොළය අනවශ්‍ය විදියට වෙහෙසට පත්වෙනවා. “මේක දැක්කම ඔළුව කැක්කුම හැදෙනවනේ…” කියලා කියවෙන්නේ අන්න එහෙම වෙලාවලට තමා. ඉතිං ඒ ආරම්භයේදී ඇතිවෙන වෙහෙස මුළු කාර්යය පුරාවටම ගොඩක් වෙලාවට අනර්ථකාරී හා කලබලකාරී විදියට හැසිරෙමින් අපගේ කාර්යය වැරදි සමගින් නිම කරගන්නට දක්වන දායකත්වය සෑහෙන වැඩියි.

ඒක නිසා තමා “ඩෙස්ක්ටොප් එක කියන්නේ, යූසර්ගේ ඔලුවේ එක්ස්-රේ එකක්….” කියලා කියන්නේ.

ඉතිං පොඩි කාලයක් වැය කරලා ඩෙස්ක්ටොප් එක සුද්ද කරගෙන පිළිවෙලක් කරගන්න පුළුවන්නම්, ආරම්භය වෙහෙසකර නොවී අනිකුත් කාර්යයන්‍ට අවශ්‍ය කරන ජවය උපරිමයෙන්ම මොළයෙන් ලබාගන්න හැකිවේවි…!

දැන් තමා තේරෙන්නේ අපේ අම්මත්, ඉස්සර මගේ පාඩම් කරන ‍මේසේ දිහා බලලා… “බලනවා ළමයෝ ඔය මේසේ හැටි… ඔයා‍ගේ ඔළුව වගේමනේ….” කියල කිව්වේ ඇයි කියලා.කොහොම හරි මං නම් දැනට කාලෙකට කලින් ඉඳන් මොකක් හරි ලස්සන වෝල් පේපර් එකකුයි, පීසී එකේ උපකරණ වල තත්වය පෙන්නන දර්ශක කීපයක්  ඇරෙන්න එකම එක අයිකන් එකක් වත් තියන්නේ නෑ. අවශ්‍ය කරන ෂෝට් කට් ඔක්කොම ටාස්ක් බාර් එකට පින් කරලා තියෙනවා. අනිත් ෆයිල් හාඩ් ඩ්‍රයිව් එකේ ගානට පැලපදියම් කරලා තියෙනවා. ඉතිං මට කොම්පූටරේ ඔන් කරද්දිම පේන්නේ වෝල් පේපර් එක විතරයි…!

කොහොමටත් ඩෙස්ක්ටොප් එකේ ෆයිල් නොතියන එක ෆයිල් වල ආරක්ෂාවටත් හොඳයි. අන්සතු වෙන්න තියෙන ඉඩකඩ අඩුයි වගේම, සිස්ටම් ඩ්‍රයිව් එකේ වෙන්න පුළුවන් දත්ත මැකී යාම් වලිනුත් ආරක්ෂා වෙනවා. ඉතිං මොකටද අමතර පීඩනයක් එක්ක, අනාරක්ෂිත බවක් ලංකරගන්න ඩෙස්ක්ටොප් එක අයිකන් වලින් පුරවගන්නේ.

ඒ වගේම… වින්ඩෝස් 8 එක්ක එන මෙට්‍රෝ ඩෙක්ස්ටොප් එකත් එක්ක මම මුලින් හිතුවේ කම්පියුටරේ දාපු ගමන් ඇතිවෙන සිහිමඳ ගතිය නැතිවෙයි කියලා. ඒත් ඒකත් දාලම බැලුවම තමා දැනෙන්නේ, ඒකත් ටිකක් විතර අනවශ්‍ය පීඩනයක් කියලා.

හා…. දැන් කියන්න බලන්න ඔය බබාලගේ ඩෙස්ක්ටොප් වල තත්වය. ආයේ අහන්න දෙයක් නෑ මිස්ට A01 ගේ ඩෙස්ක්ටොප් එක වගේ ඇති නේද….!!!

මේ තොරතුරු කොහෙන්වත් අරගෙන පරිවර්තනය කරපුවා එහෙම නෙවෙයි හරිය. පැහැදිලි මනසිකින් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න ගියාම හිතුන දේවල් වලට සාක්ෂි නෙට් එකෙන්ම හොයාගෙන ලියපු ලිපියක්.

ප.ලි
මතක තියාගන්න… ඩෙස්ක්ටොප් එක හිස් කියන්නේ, ඔළුව හිස් කියන එක එහෙම නෙවෙයි හරිද. ඒත් පරිගණකය ආරම්භයේදී ඇතිවන පීඩනයෙන් නම් ඔළුවයි, පරිගණකයයි දෙකම හිස් තමා.

මගේ ඇපල් ආදරේ….

ඇපල් කියන්නේ මාර රස පලතුරක් කියලා දන්නවා ඇතිනේ. ඉතිං ඇපල් කනවා කියන්නේ ඒ රස පලතුර කන එකටම විතරක් නෙවේ. ඔය ක්ලාස් යන වයසේ කෙල්ලෝ කොල්ලෝ එහෙම පඳුරු අස්සේ හැංගිලා කට කන එකට ශිෂ්ඨ සම්පන්න විදියට කියන්නෙත් ඇපල් කනවා කියලා. ඉතිං මට ඒ ඇපල් කන්න තාම අවස්ථාවක් නොලැබුනාට මාත් හෙන ඇපල් ලෝලියෙක්…

ඒ ඇපල් ආදරේ පටන් ගත්තේ 2006 ග්‍රැෆික් ඩිසයිනින් කරන්න පටන් ගත්තා දවසේ ඉඳන්. එදා තමා මට අමතක නොවෙනම දවස මේ අවුරුදු කීපය තුල කොම්පියුටර් ආශ්‍රිතව ලැබුන. මුලින්ම අපිට ගිහිං ඉඳගන්න කිව්වා කම්පියුටර් ඉස්සරහින්… ඒ අපේ පළවෙනි ප්‍රැක්ටිකල් එක සඳහා. මුලින්ම ඉගැන්නුවේ පේජ් මේකර් නිසා මුල්ම ප්‍රැක්ටිකල් එකත් පේජ් මේකර් වලින්.

අපේ බැච් එකේ හිටිය දොලහක් විතර දෙනා ලඟ ලඟ තිබ්බ වීව් සොනික් මොනිටර දාලා තිබුන, ස්ක්‍රොල් මවුස් තිබුන පී.සී ලඟින් වාඩිවුනා, අන්තිමේ මට ඉතුරු වුනේ එකම එක මවුස් බටන් එක්ක තියෙන, හද්ද පරන මොනිටර් එකක් තියෙන මහ අමුතු හැඩේක පී.සී එකක්. පස්සේ ඉතිං අපේ සර් කිව්වා දැන් ඉතිං පී.සී ඔන් කරගෙන වැඩ පටන් ගන්න කියලා.

අනිත් හැම එකාම, කොම්පියුටරයක් ගෙවල් වල නැති අය හිටන් සී.පී.යූ එකේ පවර් බටන් එක ඔබලා මැෂින් ඔන් කරගෙන ලොගින් ස්ක්‍රීන් එකට එනකනුත්… මම මගේ අමුතු පී.සී එකේ පවර් බටන් එක හොයනවා…! පස්සේ සර් ඇවිල්ලා…. මේකට සී.පී.යූ බටන් එකක් නෑ, කීබෝඩ් එකේ තමා පවර් බටන් එකත් තියෙන්නේ කියලා එබුවේ නැතෑ හතරැස් කීස් වලට උඩින් තියෙන ඕවල් හැඩේ බටන් එකක්.

දැං ඉතිං මං බලන් ඉන්නවා එක්ස්.පී බූට් ස්ක්‍රීන් එනකං. අනිත් අය පේජ් මේකර් ලෝඩ් කරගන වැඩ පටන් අරගෙන මං තමා අන්තිමයා. පස්සේ ඉතිං වට පිට බලලා මගේ මොනිටරේ දිහා බලද්දී, මොකද්දෝ මන්දා අමුතු එකෙක් නිකං කින්ඩියට වගේ හිනාවේගෙන ඉන්නවා මට. බැලින්නම් ඒ ඇපල් මැක් ලෝඩර් එක. හප්පේ මට දාඩිය දාන්න ගත්තා. කවද දැකපුවද දෙයියනේ….!

පස්සේ ඉතිං තව ටිකකින් ‍මෙන්න එනවා නෝමල් ස්ක්‍රීන් එකට. ඉස්සර ඉඳන්ම ඉතිං කම්පියුටරේ ගත්ත ගමන් කරන්නේ මවුස් එක රයිට් ක්ලික් කරලා  රී-ෆ්‍රෙෂ් එකක් දෙන එකනේ… මල මගුලයි මේකේ රයිට් බටන් එකක් නෑ… ඔක්කොටම තියෙන්නේ එක බටන් එකයි. පස්සෙ ඉතිං යාන්තං පේජ් මේකර් ෂෝට් කට් එක ඩබල් ක්ලික් කරලා වැඩේ පටන් ගත්තා. ටිකක් කරගෙන යන කොට රයිට් ක්ලික් මෙනු එක ගන්න ඕනේම තැනකදී මං ආයෙම හිරවුනා. ඊට පස්සේ තමා අපේ සර් ඇවිත් මාව කැරකෙන පුටුව පිටින්ම ටිකක් එහාට තල්ලු කරලා මගේ මැසිමේ මොනිටරේ අනිත් ළමයින්ටත් පේන්න ඒ පැත්තට හරවලා මගේ අමුතු කම්පියුටර් එක ගැන කියලා දෙන්න ගත්තේ.

ඒකේ මවුස් එකට තියෙන්නේ එක බටන් එකයි….! රයිට් ක්ලික් මෙනු එක ඕනේ නම් තව කී එකක් ප්‍රෙස් කරන්න ඕනේ. ඊට පස්සේ ඩෙස්ක් ටොප් එකේ අයිකන්ස් ඩිෆෝලට් තියෙන්නෙත් වෙනස්ම ඕඩර් එකකට. ඒ වගේම ග්‍රැෆික්ස් වලට හොඳටම හොඳ යන්තරේත් ඇපල් මැක් මැසිමක් කියලා කිවුව හැටි එදා වගේ තාමත් මතකයි.

පස්සේ ඉතිං අනිත් අය හැමදාමත් අයි.බී.එම් පීසි වල වාඩි වෙද්දී මං හැමදාමත් වාඩි වුනේ මගේ අමුතු මැසිමේ. වින්ඩෝස් වල එක එක විකාර කරපු මට ඇපල් කියන්නේ මහා ලොකු තෑග්ගක් වගේ වුනා. ඇපල් මොනිටරෙන් මං දැක්ක මිදි ගෙඩි වල දම් පාට, දේදුන්නේ පාට හත, වැඩිය ඕනේ නෑ සිංහ කොඩියේ කහ පාට පවා මං අනිත් මොනිටර් වල, අනිත් පී.සී වල දැක්කේ මහාම මහ අලුගුත්තේරු පාටවල් විදියට. ඇත්තටම මං කෙල්ලෙකුට වඩා ඇපල් මැක් වලට ආදරය කරන්න ඇති…!

ඒත් ඉතිං කොයි තරම් හිතින් ලව් කරත් ඇපල් මැක් මැසිමක් නම් ගන්න බැරිවුනා තවම. එක පාරක් හල් කම්පියුටර්ස් එකට කෝල් එකක් දීලා ගාන ඇහුවම, මට හාට් ඇටෑක් හැදෙන්නත් ගියාද කොහෙද… සී.පී.යු එක රුපියල් ලක්ෂ එකාමාරයි මොනිටරේ ලක්ෂයයි. ඒ දැනට අවුරුදු ගානකට කලින් තත්තවය. දැන් නම් ගාන අඩු ඇති. ඉතිං කොහොම කොහොම හරි කට්ට කාගෙන තද කරගෙන හිටිය මේ ආසව ආයේ වැඩිවුනා රස්සාවක් කරන්න ගත්තම. ඊට පස්සේ කොහොම හරි ඇපල් එකක් ගන්නවා කියලා හිත හිත උන්නට වෙන වෙන එව්වාට හිත ගිය නිසා ඒ අදහසත් නිකංම නැතිවෙලා ගියා.

පස්සේ ඉතිං මගේ අළුත් ලැපී කුමාරිව ගත්තට පස්සෙ තමා පරණ ආසාවල් ආයෙමත් මෝදු වෙන්න ගත්තේ. මං දැනගෙන හිටියා ඇපල් මැක් පරන වර්ෂන් එකක ලයිව් සී.ඩී එකක් තිබ්බ වග. මං ඒක මගේ පරන ලැපීත් එක්ක ට්‍රයි කලත් ඒ වැඩේ හබක් වුනා රැම් එක මදි නිසා. ඊට පස්සේ ඉතිං අළුත් එක එක්ක ට්‍රයි කරන්න බලද්දී ඒ ලයිව් ඉමේජ් එක නෑ. ඊට පස්සේ අමාරුවෙන් නෙට් එකෙන් හොයාගෙන බා ගත්තා ලෙපර්ඩ් එක. ඒක රන් වෙන්නේ වර්චුවල් මැෂින් එක්ක විදියට. ඒක නම් ගොඩක් වටින දෙයක්. මොකද මට කවදාවත් එච්.පී ලැප් එක මැක් ඇන්ඩ් වින් දෙකම රන් කරන්න පුළුවන් වෙන්න ඩුවල් බූට් කරන්න බැරි වුනත් මේ වී.එම් වෙයාර් නිසා ඒ වැඩේ ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන් වුනා…!

දැන් ඉතිං වින් වල ඉඳන්ම මැක් වලින් තමා වැඩ. වෙලාවට මගේ ඩොන්ගල් එකත් ඇපල් එකට ගහපු ගමන් ස්ටාට්..! දැන් ඉතිං සිංහල එහෙම දාගෙන ආයෙමත් පරන ආදරේ හොයාගෙන යන්න ඕනේ….! ඒත් ඇපල් මොනිටර් එකක් නැති කම නම් ලොකු අඩුවක් වෙනවා. බලමුකෝ ඒකටත් මොකක් හරි කොරගන්න….!

මේ පෝස්ට් එක නම් ඇපල් මැසිමක් ජීවිතේට ඇහැකටවත් දැකලා නැති කෙනෙකුට කිසිම හරයක් නැති වෙයි. ඒත් ඇපල් එක්ක එක පාරක් හැප්පිලා තියෙන කෙනෙකුට නම් ඇපල් මොනිටරේ මැවුන ලස්සන පාට එක්කම මතකය අළුත් වෙයි….!

දැන් හොයන්න ඕනේ අළුත්ම ලයන් වර්ෂන් එකේ වර්චුවල් මැෂින් ඉමේජ් එකක්….!

ඊළඟ උපන් දිනේට තව දවස් කීයද…? (18+)

ඔය පහල තියෙන්නේ මං තුමා විසින් බ්ලොග් එක පටන් ගන්න කලින් හදපු පොඩි ෆ්ලෑෂ් ෆයිල් එකක්. පස්සේ ටිකක් මොඩිෆයි කරලා ඕං දැම්මා. ඔයාලගේ උපන් දිනේ කවද්ද…? ඔයාලා​ගේ ඊළඟ උපන් දිනේට තව කොච්චර දවසක් තියනවද කියලා මේකෙන් බලාගන්න පුළුවන්. බලන්නකෝ කට්ටිය එක්ක පොඩි ට්‍රයි එකක් දාලා. මැද තියෙන කොටුවේ ක්ලික් කරලා “V” අකුර නැතුව අංක නමය විතරක් ටයිප් කරන්න.

මේකේ පොඩි අවුල් සහගත තැන් වගයක් තියෙනවා… ඒත් ඔයාලා හරියටම අයිඩෙන්ටි නම්බරේ දුන්නොත් වැඩේ හරි… වැරදුනොත් නම් සොරි. මං පුළුවන් තරම් බැලූවා මේකේ තියෙන කෝඩ් එක්ක හැප්පිලා එව්වා හදන්න. විවේකයක් නැති කම නිසා අද වෙනකං නම් පුළුවන් වුනේ නෑ. මට බැරි පාර වයඹ යුනියේ යාලුවෙක්ගේ උදව්වත් ගත්තා… ඒත් වැඩේ හරිගියේ නෑ. ඒ පාර ෆ්ලෑෂ් ගැන දන්න කෙනෙක්ගෙන් ඇහුවම දැනගත්තා මේක ෆ්ලෑෂ් සමග එන ඇක්ෂන් ස්ක්‍රිප්ටින් වල තියෙන දෝෂයක් කියලා… එව්වට ඉතිං මයේ ගාව බෙහෙත් නෑනේ… ඒක නිසා ඕං පුළුවන් විදියට දැම්මා. කාට හරි බාගන්න ඕනෙ නං… මෙතෙනින් ගන්න. ඒ වගේම මොබයිල් වර්ෂන් එකකුත් තියේ ඒක… මෙතනින්(ලින්ක් උඩ රයිට් ක්ලික් කරලා save link as )

දැන් ඇයි මේක 18+ කියලා දැම්මේ අහන අයට මොනාද කියන්නේ…? මෙන්න මේකයි සීන් එක, 18 අඩු අයට මේකෙන් වැඩ කරන්න බෑනේ… අයිඩෙන්ටිය තියෙන්න එපැයි ඒකයි. කවද හරි ඔය පොඩි එව්වෝ ලොකු වෙච්ච දවසක අයිඩෙන්ටියක් හම්බුවෙයිනේ, එතකන් ඔය ගෙදර ඉන්න කෙනෙක්ගේ නම්බරේකින් වැඩ කරලා බලන්න.

%d bloggers like this: