වීදුරු දොර ඩිස්ටි ඩිඩිං

ගයාන් කියන්නේ මේ ලඟදී මාත් එක්ක සෙට් වෙච්ච යාළුවෙක්. හැබැයි අපරාදේ පොර මට සෙට් වෙන්න තිබුනේ ටික කාලෙකට කලින්. මොකද ඔය ගයාන් කියන්නේ අපේ මලයාගේ සෙට් එකේ ඉන්න මටත් වැඩිය ඩිංගක් වැඩිමල්, දනට පිට ලැදි, ඉරිදට දහම් පාසලේ උගන්නන තමන්ගේ පාඩුවේ තමන්ගෙම රැකියාවක් කරගෙන ඉන්න පොරක්. මිනිහාට තේ අරහං… ඇල් වතුර එහෙමත් තව ටිකක් නිවලා බොන ජාතියේ.

පොරට තියෙනවා මාර ලව් ස්ටෝරියක්. ඒක ඉතිං මෙහෙම කියන්න බෑ, අවසර අරගෙන ලුණු ඇඹුල් දාලා රහ කරලා ලියන්න ඕනේ එකක්. කොටින්ම කියනවනම් කෙල්ල ආදරේ වැඩි කමට ගල්කිස්ස හෝටලේ ඇතුලෙදි දහසක් මිනිස්සු මැද කම්මුල් පාරකින් පුදන ලද එකක්.

හරි දැන් බලමුකෝ දොර කොහොමද ඩිස්ටි ඩිඩිං වුනේ කියලා.

දැනට මාසයකට දෙකකට විතර කලිං දවසක ප්ලෑන් කරලා තිබුන විදියටම මායි, මලයයි, ගයානුයි තවත් යාළුවෙකුයි පිටත් වුනේ සිරිපාදේ වඳින්න යන්න. ගෙවල් ගාව ස්ටේෂන් එකෙන් කොටුවට ගිහිං එතනින් තිබ්බ හැටන් විශේෂ දුම්රියේ තමා ගියේ. ඉතිං යන ගමනෙදි වෙච්ච දේවලුත් පස්සේ ලියාදානවා. කොහොම හරි අපි පාන්දර ජාමේ හැටන් වලට ගිහිං එතනින් නල්ලතන්නියට බස් එකේ ගිහිං කන්ද නැගීම ආරම්භ කරද්දි පාන්දර හතරාමාරට විතර ඇති. යන ගමන් ඡායාරූපකරන පාඨමාලාවකුත් හදාරගෙනම ගිය නිසා මලුවට යද්දි දවල් එකොලහට විතර ඇති. මං හිතන්නේ ඒක වාර්තාවක්. වැඩිම කාලයකින් හැටන් පැත්තෙන් සිරිපාදේ නැගීම ගැන.

ඉතිං ඔහොම ගිහිං වැඳලා ආපහු පහලට බැස්සේ හවස හයට විතර. ඒ බැහැලා බලද්දි හැටන් වලට යන්න බස් එකක් නෑ. ඒ පාර ඉතිං බස් එකක් එනකං ඉඳලා හැටන් ස්ටේෂන් එකට ගියා. එතෙනින් කෝච්චිය තියෙන්නේ එකොලහයි ගානකට.

එතකං ඉතිං බඩගින්නේ ඉන්න බෑනේ. ඒක නිසා මලයවයි, අනිත් යාළුවවයි ස්ටේෂන් එකේ අපේ බෑග් තියාගෙන ඉන්න කියලා මායි ගයානුයි පිටත් වුනා පාරේ තියෙන සුපිරි වෙළඳ සැලට. ඒ වෙලාවේ ලාවට මීදුම වගේ. ලඟ දේවල් පැහැදිලිව පෙනුනට දුර ඒවා නිකං සුදුපාර තිරයකින් වහලා වගේ. දැන් ඉතිං ඔන්න පාර පැන ගෙන අර වෙළඳ සැලට යද්දි ඇතුලේ සෙනග ඉන්නවා පේනවා. ඉතිං දැං දොරන් ඇතුලු වෙන්න එපැයි. ඒකෙ දොරවල් දෙක දෙපැත්තට අරින්න තියෙන්නේ. එක දොරක් උඩින් ලයිට් එකක් දාලා තියෙනවා. මට පේන්නේ ඒ දොර ඇරලා කියලා.

මෙතන තමා තැන

ඒ පාර ඉතිං මාත් ගිහිං ඇතුල් වෙන්න කියලා අඩිය තියලා මූන ඉස්සරහට දාපු ගමන් දාං… සද්දේ නිකං දෝංකාර දෙනවා වගේ. මූනයි කටයි – බොම්බයි මොටයි. ගයානුත් මගේ පිටිපස්සේ ඉඳන් මොකද මොකද කියලා පිටිපස්සට වැටෙන්න ගිය මාව අල්ල ගත්තා.  දාං ගාලා සද්දයක් ආවට එලියේ සිංදු දාලා තිබුන ස්වීප් කාරයාගේ සද්දෙට මං හිතුවේ ඒක කාටවත් ඇහෙන්න නැතුවව ඇති කියලා. ඇත්ත තමා කාටවත් ඇහිලා නෑ. නැත්තං මිනිස්සු බලනවනේ…

ඒත් අවාසානවට ඇතුලේ හිටිය සිකුරිටි මාමා සීන් එක දැකලා. ගයාන් මට බැන බැන,

කොහෙ යනවද මංදා මූ බීලද කොහෙද…. යකෝ මේ ඇරලා තියෙන්නේ දොරක් මිනිස්සුන්ට යන්න තමයි. උඹ මොකටද වහලා තියෙන එක අරින්න ගියේ…

කිය කිය… තව තව ආඩපාලි කිය කිය මාව මෙහා පැත්තේ දොරට ඇදලා ගත්තා. ඒ අස්සේ නහය දොරේ වැදිලා මට හචිං යනවා.

දැන් යන්න ඕනේ අර සිකුරිටි මාමාව පහුකරගෙන ඇතුලට. මටත් දැන් නෝනඩිය වගේ. ඌත් ඉන්නවා නිකං කවදාවත් එහෙව් ලැජ්ජාවක පත්වුනේ නැති එකෙක් ගානට, මට කිංඩියට හිනාවෙවී. මං ඉතිං කේන්තියටත් එක්ක රවාගෙන ගියා ඇතුලට. ඔන්න දැන් බීම වගයක් තෝරන ගමන්,

මේහ්… මං බලාගෙන උඹ මොකද අර අහිසංක සිකුරිටි පොරට රවාගෙන ආවේ. මොකද ඌද උඹට කිව්වේ ගිහිං දොරේ හැප්පියං කියලා…

නෑ බං ඌ නිකං කින්ඩියට හිනාවුනානේ…

හා… හරි හරි දැන් ඒක ඉවරයිනේ… කියලා ගයාන් වැඩේ ඉවර කලාට සික්කා වැඩේ ඉවර නෑ… මං බලාගෙන පොර රාක්ක අස්සෙන් මෑන්ස්ට මාව පේන කොට මෑන් හිනාවෙනවා. හිනා වෙනවා නෙමේ මං හිතන්නෙ හිනා යනවා. මොනවා කරන්නද ඉතිං මගේ වැරැද්දනේ කියලා දැක්කේ නෑ වගේ හිටියා.

දැන් බිල ගෙවලා ඔක්කොම කරලා එලියට යද්දි… ආයි ඉතිං සිකුරිටි මාමාව පහු කරගෙන එපැයි යන්න. ඒ පාර නං මං හිතාගත්තා මූ හිනාවුනොත් දෙනවා එකක් බීම බෝතලෙන්ම කියලා. ඒ සුභ මොහොත ආසන්න වී ගෙනම එද්දී… මිනිහා හිනා වුනේ නෑ… මහත්තයා අර එහා පැත්තේ දොර ඇරලා තියෙන්නේ… ඒකෙන් යන්න… කියලා කිව්වා.  ඒ පාර ගයාන් හඃ හඃ හිඃ හිඃ ගානවා…

මොකද තෝ හිනා වෙන්නේ…

නෑ… නෑ… මුකුත් නෑ… කිංඩියට… වරෙන් යන්න… දොරවල් කඩන් නැතුව. කියලා ඒකකරං ගියාට පන බයේ හිටියේ මූ ගිහිං අරුං දෙන්නට කිව්වොත් කියලා. මගේම සහෝදරයා අතිං නව නිංගිරාවට පත්වෙනවා කියන්නේ… ඊට වැඩිය හොඳයි ආපහු රත්නපුරෙන් නැගලා ලිහිනි හෙලෙන් පයිනවා. ඒත් වෙලාවට ගයාන් කිව්වේ නෑ. තාමත් කියලා නෑ මං හිතන්නේ. ඒක නිසා මංම කතාව ඇති සැටියෙන් පාපොච්චාරනය කරනවා කියලා තමා ලියලම තිබ්බේ.

Advertisements

9 Responses to “වීදුරු දොර ඩිස්ටි ඩිඩිං”

  1. Dodan Says:

    මදි මදි හොඳටම මදි… මොකද මාළුවෝ ඕනවට එපාවට

    • Gold fish Says:

      ඉට්ටැයිල් එක බැහැලා

  2. Praසන්ன Says:

    මේක තව ටිකක් ලුණු ඇඹුල් ගොරක එහෙම දාල ලියන්න තිබ්බනෙ.
    ඔය වගේ සීන් එකක් අපේ කඩේ ඉස්සරහ රෙදි කඩේකත් උනා. ඌටත් දොරේ වැදිච්ච පාරට උතුර දකුණ මාරු උනා.

    • Gold fish Says:

      තුවාල උනත් කමක් නෑ, දකින එවුන් හිනා වෙන එක ඉවසන්න බැහැනෙ

  3. DDT Says:

    හෙහ් හෙහ් හෙහ් … ඉතිං ඉතිං බං, නාස් පොල්ල එහෙම තාම තිබ්බ විදියටම තියෙනවයැ..

    මාළුවො, උඹව දැක්කෙ ගොඩා……………………..ක් කාලෙකින්.

    • Gold fish Says:

      එක කාලයක් තිබුනා DDT මගේ කමෙන්ට් ලිස්ට් එකේ මුලින්ම හිටිය. කාලේ වෙනස් වෙලානේ.

  4. Nayane Says:

    its a very small insident but written in a very attractive way
    I was laughing alone while reading


    https://polldaddy.com/js/rating/rating.js

  5. Dumidu Gamage Says:

    වෙලාවට අඟලේ වීදුරුවක් දාලා තිබ්බේ ….


    https://polldaddy.com/js/rating/rating.js


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: