1. බයිබලය…
මේක ඇත්තටම ටිකක් විතර විකාර කතාවක්. කා විසින් කාහට කියන ලද්දක්ද කියලා නම් කියන්න විදියක් ඇත්තේම නෑ. මොකද එහෙම වුනොත් මට හෙට ඉඳන් පොඩි පොඩි අප්සට් සීන් ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඒක නිසා කතාව විතරක් දැන ගන්න. අනිත් එක මේක කියෙව්වම අදාල මුළු කතාවම තේරෙන්නේ කිහිප දෙනෙකුට විතරක් වෙන්නත් පුළුවන්…! නොතේරුනා නම්, අන්න ඒවගේ කෙනෙක්ම තමයි මේක කියන්න ඇත්තේ කියලා සන්තෝස වෙන්න…
ඔන්න පහුගිය බුක් ෆෙයා එකට කොල්ලෙක් තමන්ට වෙන්ඩ භාර්යාවත් එක්ක යන්න ලෑස්ති වුනාලු. දෙන්නම තොරතුරු තාක්ෂණ වැඩ නිසා කරන්නේ දෙන්නටම පොත් ටික ටික ගන්න ඕනෙ. බුක් ෆෙයා එකේදි, එහෙම පරිගණක සම්බන්ධ පොතක් ගන්නවනම් ගොඩ දෙනෙක් ගොඩවදින්නේ එක්ස්ෆෝ ග්රැෆික් පොත් හලට. ඉතිං දැන් අර කොල්ලගේ වෙන්ඩ භාර්යාවට ඩේටා බේස් ගැන පොතක් ඕනේ වෙලා තිබුන නිසා… කොල්ලා කිව්වා, එහෙනම් අපි එක්ස්ෆෝ ග්රැෆික් එකෙන් sql bible එකක් ගමු කියලා.
ඔන්න ඊට පස්සේ කෙල්ල කිසිම ප්රතිචාරයක් නොදක්වා තත්පර ගනනකට පසු….
“ඒක හරි යන්නේ නැති වෙයි නේද? බයිබල් එකේ තියෙන්නේ වාක්ය වාක්ය නේ… මට ඕනේ විස්තර තියෙන එකක්…!”
2. ඉතිං මට කිව්වේ නැත්තේ මොකද…?
පසුගිය දිනවල බුකියේ ස්ප්රෙඩ් වුනා ඉමේජ් එකක්, සිංගප්පූරුවෙන් රෑ දොලහට එන අහිතකර කිරණ වර්ගයක් ගැන. ඇත්තම කතාව වුනේ ඒ වෙලාවට තමා ගොඩක් ඉන්ටනෙට් කනෙක්ෂන් වල රාත්රි ඩේටා බන්ඩල ක්රියාත්මක වෙන්නේ. ඉතිං රෑ දොලහට ෆෝන් ඔක්කොගෙන්ම ඩවුන් ලෝඩ් දැම්මම කනෙක්ෂන් ස්පීඩ් එක තරමක ස්ලෝ වෙන නිසා, කවුරු හරි බුද්ධිමතෙක් අර කිව්ව විදියට ඉමේජ් එකක් දාලා ඒක හැමෝමට ෂෙයාර් කලා. එතකොට ඉතිං රෑ දොලහට ෆෝන් ඕෆ් කරපු එවුන් නැති වෙන්න විදියක් නම් කොහෙත්ම නෑ. අනිවාර්යෙන් ඇති.
ඉතිං ඔය කතාව අර කොල්ලා එයාගේ වෙන්ඩ භාර්යාවට කියාලා, ෆෝන් ඕෆ් කරපු එවුන්ට හිනා වෙන්න හිතාගෙන, මෙන්න මෙහෙම කියනවා….
මේ… දැක්කද ඊයේ අර බුකියේ ගිය ඉමේජ් එක…
මොකද්ද…?
අර රෑ දොලහට ෆෝන් ඕෆ් කරන්න කියලා… ස්ප්රෙඩ් වුනේ…
ඇයි ඒ ඕෆ් කරන්නේ….?
සිංගප්පූරුවේ ඉඳන් අහිතකර කිරණ වගයක් ෆෝන් එකට එන නිසා කියලා…
“ඒක දැනගත්ත නම්, ඉතිං මට කිව්වේ නැත්තේ මොකද…?”
හ්ම්… දීපන්කෝ ඉතිං උත්තර… කමක් නෑ එකෙක්වත් බනිනවා එහෙම නෙවෙයි…. ඒ අහිංසක වෙන්ඩ භාර්යාවට… ගෑණු ළමයින්ගේ කොමන් සෙන්ස් ගැන දන්නවනේ ඉතිං…!
2015 ඔක්තෝබර් 5 දින පෙ.ව. 10:42 ට
අඩෙයි… අපිට කොකන් කොරන්ට එපා හරිද?
( හෙහ් හෙහ්)
2015 ඔක්තෝබර් 5 දින ප.ව. 3:44 ට
හරි හරි
2015 ඔක්තෝබර් 5 දින ප.ව. 2:24 ට
හැබැයි ඔය කතාව ඇත්ත කියලා විශ්වාස කරන සෑහෙන පිරිසක් හොයාගන්න එකත් එච්චරම අමාරු නැහැ.
අපි පුංචි කාලේ ගෑණු ලස්සන වෙන්ඩ වදකහ සුදිය ගැහුවා වගේ තමා.
2015 ඔක්තෝබර් 5 දින ප.ව. 3:44 ට
අන්න හරි
2015 ඔක්තෝබර් 6 දින පෙ.ව. 8:53 ට
ඔය වෙන්ඩ භාර්යාව ඔයාගේ එක්කෙනා නේ? 😛
2015 ඔක්තෝබර් 6 දින පෙ.ව. 10:59 ට
අනේ අම්මෝ ඒකට උත්තර දුන්නොත් අද ඉඳන්ම බකට් වෙටෙනවා. මං පොරොන්දු වෙලා අක්කේ ඉන්නේ නෝන්ඩි කරන්නේ නෑ කියලා.
2015 ඔක්තෝබර් 13 දින ප.ව. 11:33 ට
උඹට බ්ලොග් ලියලා ඇතිවෙලා වගේ මේ වගේ ගුටිකෑමට නියමිත පෝස්ට් දාන්නේ.
2015 ඔක්තෝබර් 14 දින ප.ව. 5:06 ට
ඒක නම් ඉතිං එහෙම තමයි…