මයිනා විනෝදේ…

කෝච්චියේ සෙනග අතරින් එක පාරට ඇහුන කුරුලු සද්දෙට මාත් ඔලුව එහාට මෙහාට කරලා බැලුවේ… කාගේ ෆෝන් එකද මෙච්චර හයියෙන් රිං වෙන්නේ කියලා. නෑ ඒක ෆෝන් එකක් නෙවෙයි. මනුස්සයෙක්. කුරුලු හඬක් එන විසිල් විකුණන මනුස්සයෙක්. මුලින් සද්දේ විතරයි… පස්සෙනෙ මාකටින් පාර දැම්මේ…

මයිනා විනෝදේ… මයිනා විනෝදේ….

චයිනා මයිනා… චයිනා මයිනා…

චංචුකු… චුංචුකු… කංකුං

මයිනා විනෝදේ…. මයිනා විනෝදේ….

මයිනා විනෝදේ

මයිනා විනෝදේ

ඔය ටික දෙපාරක් විතර කියලා ආයෙම අර කලින් විසිල් එකම වාදනය කලා. ඉතිං දෙවෙනි පාර මාකට් කරාම තමා එකක් විකුණුනේ. එකක් රුපියල් 20ද කොහෙද. මට ඉතිං වැඩක් තියෙනවැයි ඕවා. මං ගත්තේ නෑ. අනික සෙනග පිරිලා නිසා මනුස්සයාවවත්, කුරුලු නලාව වත් දැක්කේ නෑ. පොර මාකටින් පාර දාගෙන යද්දි “චංචුකු… චුංචුකු… කංකුං” කියන කොට ඔන්න කෝච්චියේ හිටපු කෙල්ලෝ ටික මයිනා ස්ටයිල් එකටම “හිචි හිචි” ගාන්න ගත්තා. ඊට පස්සේ මයිනා විසිල් විකුණන පොර ටිකක් මැදට ගිහිං සෙනග අස්සේ හිරවුනා. දැන් පොර විසිල් ටිකත් කැඩන්න බිඳෙන්න නොදී බේරගෙන ඉස්සරහට යන්න ට්‍රයි එක දෙන ගමන්…

නෝනා…

මයිනා හිරවුනා…

පොඩ්ඩක් ඉඩ….!

එතකොට මෙන්න අර කලිං හිනාවුන කෙල්ලෝ ටික අතින් කටවල් වහගෙන. ඒ වෙනුවට කසාද බැඳපු ගෑණූ ළමයි ටික කටෙන් පනින්න එන හිනාව හිරකරගන්න මාර ගේමක් දෙනවා මං දැක්කා. මං ඉතිං ඔව්වා බලන්න ගියේ නෑ. මං අහක බලාගත්තා… මොකටද නිකං අනුන්ගේ මයිනෝ… නෙහ්…! කොහොමහරි මයිනා රිංගලා, මයිනා විනෝදේ…. මයිනා විනෝදේ… කියාගෙන එහාට මෙහොට ඇඹරී ඇඹරී ඉස්සර හට ගියා… මං ඒකත් දැක්කේ නෑ වගේ හිටියා… ආයෙ නිකං මොකටද නෙහ්…!!!

 

Advertisements

12 Responses to “මයිනා විනෝදේ…”

  1. wicharaka Says:

    මයිනෝ පූසන්ට බයයි මාළුවෝ. ඒ නිසා වැඩිය මොකුත් වෙන්ඩ නැතුව ඇති.

    අර සවුන්ඩ් ට්‍රැක් ඒක බ්ලොග් එකට දාන විදිග කියලා දෙන්න පුලුවන්ද? මම උත්සාහ කළා හරිගියේ නෑ.

    • Gold fish Says:

      හික්ස්… ඇත්තට…. :O

      ඕඩියෝ ක්ලිප් එකක් දාන්නේ මෙහෙම. මුලින්ම තමන්ට අවශ්‍ය සිංදුවේ direct link එක්ක විදියට සිංදුව ගන්න පුළුවන් තැනක් හොයාගන්න ඕනේ. මොකද අපි පාචිච්චි කරන්නේ වර්ඩ්ප්‍රෙස් නොමිලේ එක නිසා mp3, m4a, wav වගේ ඕඩියෝ ෆයිල් අපිට අප්ලෝඩ් කරන්න දෙන්නේ නෑ. ඒක නිසා තමා ඒක ඩිරෙක්ට් ලින්ක් විදියට හොස්ට් කරන තැනකින් ලින්ක් එක ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදියට ඕඩියෝ ටැග් එක ඇතුලේ අපිට අවශ්‍ය ලින්ක් එක දාන්න ඕනේ එච්චරයි. අනිවාර්යෙන් කොටු වරහන යොදන්න ඕනේ.

      [audio = your link.mp3]

      ex – [ audio = http://topbadu.net/sinhala_mp3/6th_Lane_Sansara_Aranyaye.mp3 ]

      • wicharaka Says:

        බොහොම ස්තුතියි. කොරලා බලඤ්ඤං

      • Gold fish Says:

        අවුලක් වුනොත් අහන්න…

  2. mppgunasinghe Says:

    ඔය විදිහට සවුන්ඩ් ට්‍රැක් එකක් දාන විදිහ අපටත් කියා දෙන්න.

    • Gold fish Says:

      විචාරක අයියට කියලා දුන්න දාන විදිය. දැන් එයා දන්නවා. වැඩි විස්තර එයාගෙන් අහගන්න. (මොනා කියල දෙයිද දන්නේ නෑ… ඒක නිසා තේරුනේ නැත්තං හොරෙන් අහන්න මගෙන්)

      • wicharaka Says:

        ගුණසිංහ මහත්තයෝ, බලන්ඩකෝ වැඩේ හරිද කියලා.

        අඩා මාළුවා. අහුවෙයකෝ මට. (අනේ උඹට පිං ඈ මේක කියලා දුන්නට)

      • mppgunasinghe Says:

        හැබෑවට මොනවා කියල දේවිද දන්නෑ. ගුරුමුෂ්ටිය හින්ද වරද්දල තිබුණොත් හොරෙන් කියන්නම්

  3. Praසන්ன Says:

    ඇති යන්තං උගේ මයින ගලෝගන්නෙ නැතුව ‍බේරිලා ගියා.

  4. විභීෂණ II Says:

    මොකටද නිකං අනුන්ගේ මයිනෝ… නෙහ්…!


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: