සැඟව යන පුරාවත…

Legend

Legend

මෙතුවක් කාලෙකට මගේම නොවෙන කෙනෙක් නිසා දුකක් ඇති වුනානම් මේ පළමු අවස්ථාව වෙයි. මගේ යාළුවෙක්වක්, නෑයෙක් වත් නොවෙන කිසිම දිනක අතේ දුරින් සජීවීව දැක නැති කෙනෙක් ගැන ඉකියක් හිර වුයේ නම් ඒද පළමු අවස්ථාවයි. සාමාන්‍යයෙන් අනිකුත් ගැහැණුන් පිරිමින් චිත්‍රපටිවල ඇති බොළඳ සීන් වලට සට පට ගා අඬන විට මම සිනාසුනෙමි. ඒ වැඩි හරියක්ම බොරු කතාවක් වෙනුවෙන් ඇත්තටම අඬන ජොලි බුවාලා දැකීමෙනි. මට කිසි දිනෙක ඒ කිසිම කතාවක් සඳහා කඳුලක් නැඟආවේ නැත. ඒ හැටිය. බොරුව … බොරුව ලෙස දැකීමට මා කැමතිය. එහිද යම් ෆන් ගතියක් ඇත.

කෙසේ හෝ මා කියන්නට ගියේ මා ක්‍රිකට් වලට ඇත්තටම අකමැත්තෙන් හිටි කාලෙක යම් යම් හේතු නිසා යම් තරමක කැමැත්තක් ඇති වුයේ යම් යම් ක්‍රීඩකයන් නිසාය. මුලින්ම මහානාම, අරවින්ද, කලූ ආදී ඒ සමකාලීනයන් නිසා ඇතිවූ කැමැත්ත වඩාත් තීව්‍ර වූයේ මුරලි හා මහේල – සංගා යන අරුම පුදුම සංයෝජන නිසාය. ඒ අතරිනුත් මහේල විශේෂය. කිසි දිනෙක සජීවීව දැක නොමැති වුවත්, මැච් එකක් අවසානයේ කරන සුළු කතා බහෙන් පවා දිස්වෙන ඔහුගේ පෞරුෂයට, තරඟයක පරාජය ගැන අනෙකෙකුට ප්‍රසිද්ධියේ ඇඟිල්ල දැක් නොකිරීම ගැන මහත් සේ ඇළුම් කලෙමි. ක්‍රීඩාකරන විලාශය මෙසේයැයි හුවා දැක්වීමට තරම් ක්‍රිකට් ගැන දැනුමක් නැති වුනත් මහේල අනිත් අයගෙන් වෙනස් බව පමණක් තේරුම් ගැනීමට තරම් නම් ක්‍රිකට් ගැන දැනුමක් ඇත.

කෙසේ හෝ ඔහු අදින් පසු 20-20 මැච් වලදී වත් ටෙසට් මැච් වලදීවත් දකින්නට නොලැබීම ගැන පට්ට දුකය. එනමුත් ප්‍රතිවාදී පිළෙන් ඔහුට අවසන් තරඟයේදී ලැබුන උණුසූම් පිලිගැනීම ගැනනම් මාර සන්තෝසය. වෙනත් කෙනෙකුට පිටස්තර කන්ඩායමකින් එහෙම සැලකීමක් ලැබුනාද නැද්ද නම් දන්නේ නැති නමුත් මහේල ඒ පිලිගැනීමට වඩාත් සුදුස්සෙක් බව විශ්වාස කරමි.

කිසිම අප්සැට් චවනයක් අසානොගත්, ක්‍රිකට් දිවිය අනානොගත් මගේ ප්‍රියතම පිතිකරු ලෑයිස්තුවේ පළමු ස්ථානය තවත් නොදැකීමට හැකිවීම දුකකි. ඇත්තෙන්ම මහේල පුරාවෘත්තයකි. ක්‍රිකට් තියෙන තුරාවට මහේල යන නමද පවතිනු ඇත. ඒ තරම් හිත්ගත් ක්‍රීඩකයෙක් තවත් කාලෙකට බිහි නොවෙනු ඇත. බිහිවුනත් ගතිගුන නම් ඒ වගේ නොවෙනු ඇත.

එක්දින තරඟ වලදී දැක ගන්නට හැකි වුනත් දැන් නම් ඒ ගැනත් බයය. ඊළඟට සංගක්කාර… ලෑයිස්තුවේ දෙවෙනියාත් ටෙස්ට් මැච් වලින් සමුගනීදෝ යන්න නිල නොවන ලෙස ආරංචි වී ඇති බැවින්, ලෑයිස්තුව අළුත් කරගත යුතුව ඇත. වැඩි විස්තර අනවශ්‍යය. පිටු ගනන් පුරා, පත්තර පුරා ඔහු ගැන ඕනෑ තරම් ලියවී ඇත. තවත් ලියන්නටද ඇත. මහේලගේ අවසන් ටෙස්ට් දිනයේ මැච් එක නොබැලුවත්, ගෙදර ඇවිත් පත්තර වල, නෙට් එක පුරා තියෙන පින්තූර දැක්කාම දැනුන, කිසිදාක නොදැනුන දුක මෙසේ විය.

Advertisements

7 Responses to “සැඟව යන පුරාවත…”

  1. පොඩ්ඩි Says:

    මගෙත් ප්‍රියතම ක්‍රීඩකයෙක්. අද හෙඩිම හරිම අපූරුයි මාලු… 🙂

  2. mppgunasinghe Says:

    අපටත් එහෙමයි. මේ සම්බන්ධ ඔබේ ලිපිය හරිම වටිනවා.

  3. DDT Says:

    ඔය බෝල සෙල්ලම් ගැන නම් මගෙත් වැඩි උනන්දුවක් නෑ බං. අත දිගෑරල නෙලන කොට බලන්න හිතුනට ලෑල්ල අල්ලගෙන ඉන්න කොට කම්මැලියි බලන්න.
    ඒත් ක්‍රීඩකයො ගැන හිතත්දි නම් මහේල සංගා වගේ වචනයෙ පරිසමාප්තියෙන්ම මහත්වරු ගැන මගෙත් යම් ගෞරවයක් තියෙනව. රටේ ගෞරවය රැකගෙන ජාත්‍යන්තරයට ගියපු තමන්ගෙ කාර්යය නිවැරදිව විශිෂ්ටව කරපු / කරන ඒ වගේ අය ගැන ශ්‍රී ලාංකිකයො විදියට අපි ආඩම්බර වෙන්න ඕන. රටේ අවාසනාවද මන්ද මේ ක්‍රමයෙ වැරැද්දෙන් ඒ වගේ අය ඉදිරියෙදි බිහිවීම තව තවත් අඩුවේවි.

    • DDT Says:

      කියන්න අමතක උනා. ඇත්තටම පොඩ්ඩි කියන්නැහෙ හෙඩිම නම් ලස්සනයි.

    • Gold fish Says:

      දැනටත් ඉතිං මහලොකුවට ඔලුව උඩ තියාගෙන කතා කරන්න කෙනෙක් නෑනේ…


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: