නියමිතය….

separation

separation

මැවුන දහසක් සිතුවිලි අතර,
ගණනය නොකල හැකි… ඉපදෙන මැරීම් මැද..
කෙසේ නම් වෙන් වුනිද මේ ලෙස…
තවත් එකම එක පෙම් සිතුවිල්ලක්ව…?

රැයට නෙත් නොපියවන…
දාවලට නෙතට නිවනක් නොදෙන…
සුළඟ හමන අත දැන දැනම,
කුමට ළං වුනිද හදපත්ලටම…?

විසුමක් නොමැති සංවාද මැද,
එකම සිතුවිල්ලක එල්බ ගෙන…
කෙසේ නම් දරා ඉන්නද…
අනාගතයේ වෙන්වීම…?

-Just Random-

4 Responses to “නියමිතය….”

  1. magenama Says:

    වෙන් වෙන්නේ නෑ කියලා හිතාගෙන ආදරේ කරන්න,එච්චරයි

  2. නෙතින් එහා Says:

    මේ ලියලා තියෙන්නේ ලස්සන කවි සිතුවිලක්

  3. naleendilruksha Says:

    අහිමිවීම දිවිය ජීවත් කරවයි…

  4. ගැහැණු ළමයෙක් Says:

    ඇත්තටම මං මේ සයිට් එකට එන්නෙම යශෝදරා කතාව බලන්න.අවුරුදු ගානක ඉඳන් ඒ කතා කියෝන මට දැන් ඒවා කටපාඩම්.එත් අද තමයි මන් කමෙන්ට් එකක් දාන පලවෙනි දවස. මට ඒ කතා කියෝනකොට යශෝ කොච්චර වාසනාවන්තද කියල හිතෙනවා. එත් අද වෙද්දී එයා වාසනාවන්තියක්ද අවසනාවන්තියක්ද දන්නේ නෑ. යශෝයි මමයි එක වයසේ. එත් මගේ ජිවිතේ….මගේ ආදරේ තේරුම් ගන්න කෙනෙක් ලබන්නවත්, නපුරුකම් නැතුව ආදරේ ලබන්න තරම්වත් මම වාසනාවන්ත නෑ,..

    අද ජිවිතේ සංදිස්ථානයක ඉන්න මට යශෝගේ කතාව කියෝනකොට එන්නේ අප්‍රමාණ ආත්මානුකම්පාවක්.. කතා කරලා වැඩක් නෑ ඒ ගැන.
    එක නෙමේ යශෝගෙයි ඔයාගෙයි ආදර කතාවට මොකෝ උනේ…?


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: