හිටි ගමන් රහත් වෙන, බුදු වෙන ඇත්තන්ට…

ටිකක් විතර යල් පැනපු, ඒත් ආයමත් කොයි මොහොතක හරි පත්තර වල හෙඩ් ලයින් පුරවන, සමාජ ජාල වල ෂෙයාර් වෙන සෑහෙන්න හිට් වෙන මාතෘකාවක්.

මේක මහ අමුතු රටක්. ඒ අමුතුකමත් සුද්දන්ගෙන් අපිට උරුම වුන දෙයක් කියලා අද වගේ නිදහස් දවසකත් බනීද දන්නේ නෑ. කොහොමහරි දැන් අවුරුදු කීපයකට කලින් ඉඳලා අපේ රටේ තැන් තැන් වලින් බුදුවරු, රහත් හිමි නමවල්, සෝවාන් වෙච්චි ගිහියෝ පහල වෙනවා. ඒකේ ආරම්භය කවදා කොහොම වුනාද කියලා හොයාගන්න බැරි වුනාට පත්තර වලින් දැකලා, ටීවී එකෙන් බලලා, එහෙම දෙයක් වුනා කියන එක මතකයි.

පුංචි කාලේ අපිට දහම් පාසලේ කියලා දුන්නේ සෝවාන් වෙන්න සෑහෙන කාලයක් පෙරම් දම් පුරන්න ඕනේ කියලායි. ඒ වගේම සෝවාන් වුනාට පස්සේ ආත්ම හතකට වැඩිය උපදින්නෙත් නෑ, ඒ ආත්ම හත ඇතුලත වෙන කිසිම ආගමක දරුවෙක් වෙලා උපදින්නෙත් නෑ කියලයි. ඒවායේ ඇත්ත නැත්ත අපි නොදන්නවා වුනාට ඒවා විශ්වාස කරනවා. ඒ වගේම එහෙම සෝවාන් වෙන්න නම් මනා හික්මීමක් ඇති කරගන්න ඕනෙලු. හවසට කන පැලෙන්න බීලා තව කාලකුත් බෝතලයක අරගෙන ගිහිං  නිදාගන්න මිහිහෙක්ට තව ආත්ම ගානක් යන කං යහපත් උපාසකයෙක්වත් වෙන්න බැරි බව පොඩි එකෙක් උනත් දන්නවා. එහෙම මිනිහෙක් කොහොමද එක පාරට සෝවාන් වෙන්නේ? එක විදියක් තියෙනවා…. ඊයේ රෑ බීපුවෑ ආනුභාවෙන් ඌට හොඳටම ඩෝප් උනොත් සෝවාන් නෙවෙයි බුදු වෙන්න උනත් පුළුවන්..!

ඒ වගේම තමා බුද්ධ භාවයත්. බුදු වෙනවා කියන්නේ ලේසි පාසු දෙයක් නෙමෙයිලු. පන්සල් යන හැම පාරකම අපිට අහන්න ලැබෙන්නේ “සියළු සත්ත්වයෝ නිදුක් වෙත්වා“ කියලා උනාට එහෙම සියළු දෙනාම නිදුක් වෙන්න නම් මේ ලෝකේ ඉන්න ජනගහනය වැඩි කරන්න ඕනේ කල්ප ලක්ෂ ගානකින්. ඒ ගාන හදලා ඉවර කරන්න බ්ලූ ජීන් එකටවත් බැරිවෙයි.

ඉතිං එහෙම සාමාන්‍ය දැනීමක් තියාගෙන ඉන්න අපි වගේ එවුන්ව කිසි දෙයක් නොදන්න ගොන්නු කියලා අන්දන්න හදන හොර උපාසකයෝ කීදෙනෙක් නම් ඉන්නවද…? කී දෙනෙක් නම් පහල වුනාද…? කී දෙනෙක් නම් අනාගතේ පහල වෙන්න ප්ලෑන් කරගෙන ඉන්නවද…? ඒ හැමෝටම අහුවෙන, කොටින්ම ඒ මිනිස්සුන්ගේ අනුශාසනා වලට – වචන පෙරළියට අහුවෙලා රැවටිලා තම තමන්ගේ හිත් බුද්ධ ගෞරවයෙන් පුරෝගෙන *ක දීගෙන යන මිනිස්සු කොයිතරම් ඉන්නවද…? ඒ අතර උගත් මහාචාර්යවරු, හාමුදුරුවරු වගේම තනිකරම බුද්ධ ශාසනේ ගැන ශ්‍රද්ධාව විතරක් තියෙන, ගාථාවක තේරුමක් නොදන්න, මල් සුවඳට, හඳුන්කූරු දුමට ආසා කරන, පැන් කලයක් අරගෙන අනිත් අය එක්ක පෝලිමේ ගිහිං බෝධිය නාවන අධි-ශ්‍රද්ධාසම්පන්න උපාසක උපාසිකාවොත් ඉන්නවා.

පිරිණිවන් පාලා ඇති දැන්...

පිරිණිවන් පාලා ඇති දැන්…

ගිහිගෙයි ඉඳගෙන කම්සැප විඳ විඳ ඉන්න එවුන් සෝවාන් වෙන්නේ, රහත් වෙන්නේ, බුදු වෙන්නේ අපේ සහ උංගේ යන දෙගොල්ලොගෙම පවට. අනික එහෙම සෝවාන් වෙන, රහත් වෙන, බුදු වෙන අපේ කාලයේ කිසිම එකෙකුට අපේ සැකය නැතිකරන්න කිසිම පෙළරහක් පාන්න බෑ. බුදුරජාණන් වහන්සේ නෑදෑයින්ගේ කුකුස නැති කරන්න යමා මහ පෙළහර පෑවා. යමාමහ පෙළහර කියන්නේ ශරීරයේ එක පැත්තකින් ගින්දරත් අනිත් පැත්තෙන් ජලයත් නිකුත් කරමින් කරන, බුදු කෙනෙකුට පමණක් කලහැකි පෙළහරක්. ඒත් ඒක කරන්න බැරිවුනා ගාල්ල පැත්තේ බුදු වෙච්ච, ගෑණිත් එක්ක පන්සල් යන බුදු හාමුදුරුවන්ට. ඌට අඩුම ගානේ එක ගිනීකූරකින් ඉටිපන්දම් දහයක් වත් පත්තු කරන්න පුළුවන්ද දන්නේ නෑ වටේ ඉන්න එවුන්ගේ සහයක් නැතුව. කොහොම හරි අන්තිමේ පොර දැන් පේන්න නැත්තේ කොහේ හරි ගහක් යට පිරිණිවන් පාලද දන්නේ නෑ…

ඔය ලබන හැම තත්වයක්ම, ඒ කියන්නේ සෝවාන්, සකෘදාගාමී, අර්හත්, බුදුබව යන හැම එකකින්ම ලබන්නේ, වෙනස් වෙන්නේ, දියුණු වෙන්නේ හිත සහ හිතන විදිය විතරයි. එහෙම නැතුව සිවුරේ පාටවත්, භාවිත කරන නමවත්, ගමන් බිමන් යන මෝටර් රථයවත්, ආවාස ගෙයි බිමට අල්ලන ටයිල් එකවත් නෙවෙයි. ඒ වගේම ඒ ලබන හිතේ දියුණුවත් සමග විවිධ මානසික් හැකියාවන්, භෞතික වස්තූන් පාලනට කිරීමට හැකියාවන් ඇති වෙනවා. මේ ලඟකදී සෝවාන් වුන, රහත් වුන හැම කෙනෙක්ටම තිබුනේ ටීවී එකේ තමන්ගේ නම වෙනස් කරලා සිවුර වෙනස් කරලා මූන චුට්ටක් පෙන්නන කාලය වැඩි කිරීමේ හැකියාව පමණයි. නැත්තං වටේ ඉන්න ගෑණුන්ට කියලා කකුල් දෙක අල්ලලා වන්ද ගන්න හැකියාව විතරයි.

එකෙකුට පුළුවන් වුනාද එක තත්පරක් අහසට නැගලා, කියන්න “බලන්න උපාසික උපාසිකාවනි, ඔබලා මා ලැබූ තත්ත්වය ගැන සැකකරන්නේ ඔබලාගේ නොදැනුවත් කම නිසාමය“ කියලා. බැහැ උං ලබලා තියෙන්නේ රෑට බීලා එලිවෙන කොට තැපෑලේ එන බුද්ධත්වයක් හා රහත් භාවයක්. ඒක වැඩි කල් අල්ලලා හිටන්නේ නෑ, කවුරු හරි ගෑණියෙක් කකුල් දෙකේ හරි ඊට උඩින් හරි දෙහි ගෙඩියක් ඇතිල්ලුවම ඔය ගතිය ඇරිලා යයි අපේ හාමුදුරුවරුනේ, ගිහි බුදුනේ….! එතකන් ලැබෙන දෙයක් කාගෙන, තර්ක වලට නොයා, අපේ සැකයන් දුරු නොකර ඔහොමම සිටිනු මැනවි. නැතිනම් ඉතිරි අවුරුදු දෙදාස් ගානම තව අවුරුදු දහයක් විස්සක්  ඇතුලත අපේ ඇස් ඉදිරි පිටිම තොලොන්චි වී යනු ඇත.

-

ධ්‍යානයක් ලැබූ අයකුගේ භෞතික වශයෙන් වෙනස් වනවා නම් වෙනම් වන්නේ හැසීරීම් රටාව පමණි. එයද තව දුරටත් වෙනස් වන්නට දෙයක් නැත. ධ්‍යානය ලබන්නේ හැසිරීම් රටාවේ පවතින උසස් බව නිසාය. හිත යම් ඉහල අධ්‍යාත්මිකතාවයකට පැමිණීම ධ්‍යානයක් නම්, මුන් අපිට භෞතිකව පෙන්නන්න හදන රහත් බව, බුදු බව කුමක්ද…?

අහිංසක මිනිස්සු හැමදාම පන්සල් යන්නේ හිතේ දුක නිවාගන්න. ඔවුන් බලාපොරොත්තු වෙනවා හද පත්ලෙන්ම කවදාම හරි දවසක, ආත්ම කල්ප ගානකින් පස්සේ හරි බුදුකෙනෙකුන්ගෙන් බන පදයක් අහලා මේ විඳින දුකින් සදහටම අත් මිදෙන්න. ඒ මිනිස්සුන්ගේ ඒ හිතේ තියෙන ශ්‍රද්ධාව, ලස්සන වචන වලින් හොරකම් කරගෙන… බොරු මවාපෑම් කරලා, ශ්‍රද්ධාවට ලස්සනට විදින ගිහි-පැවිදි ඇත්තන්ට බුදුන්ගේම සරණයි. –at කේන්තියෙන්…

15 Responses to “හිටි ගමන් රහත් වෙන, බුදු වෙන ඇත්තන්ට…”

  1. wicharaka විචාරක Says:

    මිත්‍යාව පතුරවන්න බොහොම පහසුයි. සත්‍යය කියාදෙන්න වගේම අවබෝධ කරගන්නත් බොහොම අපහසුයි. සෑහෙන තරම් විශාල මිනිසුන් ප්‍රමාණයක් ඉතා හොඳින් සංවිධානාත්මකව කරන බොරු වලට අහුවෙනවා. සංඝ කතිකාවතක අවශ්‍යතාව තදින් දැනෙන යුගයක් මේ. මහානායක හාමුදුරුවරු දූෂිත ජනනායකයන්ට සංඝාඥා පනවන්න උත්සාහ කලත්, සංඝයා වහන්සේලාම පැමිණ බෝම්බ ගහන බවට තර්ජනය කළා.

  2. mppgunasinghe Says:

    ඔබේ ලිපිය කියවද්දී මට සිිහිවුනේ 1993 දී විතර අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක සමිඳුන් වෙතින් ඇසුන වදන් කීපයක්. මගේ මතකයේ හැටියට මෙහෙමයි ඒ වචන ” මට කෝට්ටේ චිත්තවිවේකාශ්‍රමයේ ඉන්න අපහසු තමන් සෝවාන් සකෘදාගාමී වගේ මාර්ග ඵල ලැබූ බව කියාගෙන එන ඇත්තන්ගෙ කරදරේ නිසයි. මේව සෙල්ලමට කියන්න පහසුවෙන් ලබන්න පුළුවන් තත්ත්ව නෙවෙයි. කල්පගානක් පෙරුම් පුරාගෙන ලබන්න ඕන ලෝකෝත්තර පදවි……….. මානසික රෝග නිසා ඔහොම වෙන්න පුළුවන්. ඔය මානසික රෝහල්වල ඉන්නෙ තමන් එංගල්නතයේ රැජිනය. නැත්නම් තමන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ නෑයෙක්ය කියල හිතාගෙන ඉන්න උදවිය. ඒවාගෙ තමා ඔය කියන ඇතැම් උදවිය අසනීප කාරයො වෙන්නත් පුළුවන් ” උන්වහන්සේ පැවසූ වදන් සියල්ල එලෙසින්ම මා අතින් ලියවුනාද දන්නෙනම් නෑ. නමුත් ඒ කිවව දේවල තිබුණෙ ඉහත කියන අදහසමයි. හිතට වෙර අරගෙන මෙවැනි ලිපියක් ලිව්වාට රත්තරන් මාළුවෝ ඔබට පින් දෙමි.

    • Gold fish Says:

      මේවා ලියවෙන්නේ මල පැන්නම. නැත්තං ඔය මොකක් හරි කොමඩියක්නේ ඇද බාන්නේ…

      • mppgunasinghe Says:

        මොනව කරන්නද සිද්ධ වෙන දේ දිහා දත්මිටිකමින් බලා ඉන්න එක බොහොම දෙනෙක් කරන්නෙ. හැබැයි ඔබ හොඳ පාඩමක් නිහඬව ඉන්න අයට කියල දෙනවා. කියමනක් තියනව නේද “ලෝකය මේතරම් නරක්වෙලා තියෙන්නෙ නොදන්න මෝඩයන් කියන කරන දේ නිසා නෙවෙයි. දන්න බුද්ධිමත්න් නිහඬව ඉන්න නිසා” කියල.

  3. aruge adaviya Says:

    පහුගිය අවුරුදු දහය පහලොව ගත්තොත් කීදෙනෙක් රහත් වුනාද, කී දෙනෙක් බුදුවෙන්න ට්‍රයි කරාද? මෙවුන් පස්සේ යන්නේත් ප්‍රවර්ධනය කරන්නෙත් සමහරක් මාධ්‍ය ආයතනනේ. විශේෂයෙන් ස්වර්නවාහිනිය. මුන් දෙගොල්ලන්ටම පිස්සු. අහින්සක ජනතාව රවට්ටන එකට කවදා හරි ලොකු වන්දියක් ගෙවන්න වෙනවා අනිවාර්යෙන්ම.

  4. magenama Says:

    මිනිස්සුන්ට ඕන මොකක් හරි දෙයක් අදහගෙන ඒක පස්සෙන් යන්න.මොකද මිනිස්සු භෞතිකව ඉදිරියට යනවා වගේ පෙනුනට ඔලු තියෙන්නේ ගල් යුගයේ නම් කරන්න දෙයක් නෑනේ.

  5. මධුරංග Says:

    ඔය වගේ මිනිස්සු හන්දයි කල්ප කාලාන්තරයක් තිබ්බ ආගමක් කෙරෙහි මිනිස්සු සැක තියා ගන්නේ. ඔච්චර ඉක්මනින් සෝවාන් වෙලා මාර්ග ඵල ලබා ගන්න පුලුවන් නම් මොනා කරන්න බැරිද..

    අර අන්කල් මෛත්‍රී නම් මෙලහට්ට පිරිණිවන් පාලා හරි පිරිණිවන් පාවන්න හරි ඇති 🙂

  6. රූ සිරිනි Says:

    දැන් ඇත්තටම කවුරු හරි බුද්ධත්වයට පත් වුනොත් අපි කොහොමද අඳුර ගන්නේ?
    මේක මට හැමදාම තිබුනු ප්‍රශ්නයක්..අපිටත් අර කොටියා එනවා කියලා කෑ ගහපු බැටළු කොළුවට වෙච්ච දේ වේවිද?

  7. Thambaru Navodya Wijesekara Says:

    මේවට තරහ ගන්න එපා සහෝදරයා. එතකොට පැරදෙන්නෙ අපිමයි.
    අනාගතයේදී මීට වඩා දේවල් වෙන බව බුද්ධ දේශනාවේත් , කොසොල් රජ සිහින වලත් තියෙනවානෙ. නොවුනොත් තමයි ඉතින් පුදුමෙ. හැබැයි හරි දේ කුමක්ද කියන එක තෝරාගැනීමට උචිතානුචිත විවේක විචාර බුද්ධියක් තිබීමයි වැදගත්. 🙂


aruge adaviya වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: