කලින් කතාවේ ඇම්ඩන් මල්ලි ඉන්නවනේ…. ඉතිං පොර එක්ක මේ ලඟදීත් කතා කර කර ඉන්දැද්දි එයාගේ යාළුවන්ගේ වැඩ කිඩ ගැනත් පොඩි පහේ පුරසාරමක් කියන්න මිනිහා අමතක කලේ නෑ. ඇම්ඩගේ හැටි එහෙමනම් යාළුවන්ගේ හැටි ගැන අහන්න දෙයක් නෑනේ.

…
ඔන්න මුං සෙට් එක නවය වසරෙදි විතර, දවසක් දා එක යාළුවෙක් ස්කෝලෙට ගෙනාවලු වැඩිහිටියන්ට පමණයි සීඩී එකක්. ඒ දවස් වල දැන් වගේ නෙට් එක හැම තැනම පැතිරිලා තිබුනේ නැති නිසා සීඩී එකකින් තමා වේල පිරිමහා ගන්නේ. සීඩී ප්ලේයරුත් තිබුනේ ගමකට ගෙයක දෙකක විතරයි. ඉතිං කොහොමහරි දැන් වගේම ඉස්සරත් ෆයිල් ෂෙයාරිං පහසුකම තිබුන නිසා වෙන යාළුවෙකුට දෙන්න තමා අර සීඩී එක ගෙනත් තියෙන්නේ. ඒ කියන්නේ ගෙනාපු එකා බලල ඉවර වෙලා.
ඉතිං හැම පන්තියකම ඉන්නවනේ ගොට්ටෝ සෙට් එකකුත්. අඩුම ගානේ තනි තනියෙන් ක්‍රියාත්මක වෙන එකෙක් දෙන්නෙක් හරි. ඒ ගොට්ටෙක් ගිහිං ඇම්ඩලාගේ අංශ භාර සර්ට කියලා ඇම්ඩාගේ යාළුවෙක් ගාව “බඩුම තමා සීඩී“ එකක් තියෙනවා කියලා. දැන් සර් එනවලු පිඹගෙන. කොහොමහරි වෙනදට නම් සර්ට මෙහෙම ආරංචියක් ගියා කියලා හරි නිවුස් එකක් ආවාට පස්සේ තමාලු සර් එන්නේ. ඒත් මේ කියන දවසේ ආරංචිය ගිය ගමන් අනිත් පැත්තට සර් එනවලු. දැන් සීඩී හංගන්නවත් වෙලාවක් නැතිලු. සර් පන්තියට ආපු ගමන් ඇම්ඩගේ යාළුවා ගාවටම කෙලින්ම ගියාලු. දැන් කොල්ලෝ ඔක්කොම බය වෙලාලු ඉන්නේ. මොකද ඔය හැම එකාගෙන නම් ටික ටික හරි ගෑවෙනවා එකක් පාව දුන්න ගමන්ම. දැන් සර් නඩුව විභාග කරනවලු…
මොනාද සීඩී එකේ…?
සර්… සුං…. සුං….
සුං සුං ගාන්නේ මොනාද කියපිය… සර්ට මළ පැනලා. කොල්ලට භය හිතිලා.
සුං… සුං… සුංගාරාත්මක දර්ශන… සර්…
අනිත් පැත්තට කොල්ලගේ කම්මුලට වැදුනලු එකක් “චැස්“ ගාලා… කන් දෙක “කීං කීං“ ගාන්න…
ඇම්ඩලා මිසින්ලු. සීඩී එක සර් ගෙනිච්චලු…!!!
තව කතාවක් තියෙනවා. ඒක ඇම්ඩන්ලා සිරීපාදේ ගිහිං වෙච්ච සීන් එකක්.

…
නඩයේ ඔක්කොම දහ දෙනයිලු. ඔක්කොම සම වයසේ කොල්ලෝ. දැන් ඔන්න මුං සිරිපාදේ නගිනවලු නල්ලතන්නි පාරෙන්. ඒ පාරනේ ලඟම. ඒක නිසා තමා ඒ පාර තෝරගෙන තියෙන්නේ. වන්දනාවේ ගියත් කම්මැලි කම යවන්න බෑනේ. ඒ දවස් වල තිබුනා “මලුවටම එකයි“ කියලා සුරුට්ටු ජාතියක්. අඩියක් විතර දිගයි. දැන් මුං දහදෙනාගෙන් තුන්දෙනෙක් අමධ්‍යප නිසා සුරුට්ටුවක් වත් බොන්නේ නෑ. ඒක නිසා සුරුට්ටු හතරක් අරගෙන එක්කෙනෙක් භාගේ ගානේ බීබී යනවලු. අර භාගයක් ෂෙයාර් වෙන්නේ නැති සුරුට්ටුව බොන බුවාගේ සුරුට්ටුව අනිත් එවුං බීලා ඉවර වෙද්දිත් ඉවර නැති නිසා පොර චන්ඩියා වගේ තනියම සුරුට්ටුව ඇද ඇද උඩට යනවලු. වෙන එකෙකුට දෙන්නෙත් නැතිලු තනියම ටික ටික උර උර ඉස්සරහින්ම නගිනවලු.
ඔන්න දැන් පොර ඉස්සර වෙලා යද්දි පොලිස් කාරයෙක් මූව අල්ල ගත්තලු. පොඩි එකෙක් සුරුට්ටු බොන කොට ඉතිං කන පැලෙන්න දෙකක් දෙන්න හිතෙනවනේ. අනික මූ තනියමනේ. පස්සේ දැන් ඔන්න කොල්ලො ඔක්කොම වට වෙලා සීන් එකට කන දාගෙන වෙන දේ බලගෙන ඉන්නවලු.
මොනාද ඔය…?
සු… සු… සුරුට්ටු …. හීතේලේටයි බයටයි කොල්ලව ගැහෙනවලු.
වයස…?
සර්… අවුරුදු… පහ… පහලොවයි.
මොකටද සුරුට්ටු බොන්නේ….?
සී…සී…සී….සීතලට සර්…
රාලහාමි සුරුට්ටු අරගෙන විසික් කරාලු. පොරට පොල් ටොක්කක් ඇනලා… හා දැන් කරුණා කරන්ඩ, දැන් සීතල දැනෙන එකක් නෑ කිවුවලු.
කොහොම හරි ටොක්ක කාපු එකාට අනිත් එවුන් හිනාවෙනවලු. පස්සේ පොර අනිත් නව දෙනාවම, වෙච්චි සීන් එක කාටවත් කියන්නේ නෑ කියලා පොරොන්දු කරගෙන. ඇයි ඉතිං සිරීපාදේ ගිහිං ටොක්කක් කෑවයි කිව්වම නෝන්ඩියිනේ. ඒකයි. හැබැයි ඔය සෙට් එකේ වල් කොල්ලෙක් උංව එක්කන් යන්න ආපු වෑන් එකේ අයියගෙන් ෆෝන් එක ඉල්ලගෙන යන ගමන් කෝල් එකක් දීලා කාට හරි එකෙකුට කියලා වෙන කාටවත්ම කියන්න එපා කියලා. පණිවුඩේ අහගත්ත බුවා ටොක්ක කාපු පොරව පිළිගන්න ලස්සනට පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කරලා තිබුනලු. 😉
2013 නොවැම්බර් 18 දින පෙ.ව. 8:59 ට
ලොල් තමයි! කොල්ලෝ සෙට් වෙන තැනක ඉතින් ඔය වගේ කතාවක් දෙකක් නැති වෙන්නේ නැහැනේ 🙂
2013 නොවැම්බර් 20 දින පෙ.ව. 10:44 ට
ස්කෝලේ වයසෙදි වෙන කතා වලට ටිකක් ලොකු වුනාම තමා හිනා යන්නේ… 😀
2013 නොවැම්බර් 18 දින පෙ.ව. 9:12 ට
අර සීඩී එකට ඊට පස්සේ මොකද වුනේ?සර් ඒක බලලද?
2013 නොවැම්බර් 20 දින පෙ.ව. 10:45 ට
එක සර් කෙනෙක් විතරක් නෙමේනේ… සර්ලා අතරෙත් ෆයිල් ෂෙයාරින් තියෙනවනේ… 😉
2013 නොවැම්බර් 18 දින පෙ.ව. 10:21 ට
සෙට් එකක් එකට ගිහින් ඔය වගේ චාටරයක් කන්න වුණොත් ඉතින් වසල හමාරයි තමා
2013 නොවැම්බර් 20 දින පෙ.ව. 10:45 ට
හප්පා කියලා වැඩක් නෑ….
2013 නොවැම්බර් 18 දින පෙ.ව. 10:26 ට
කෝ ඒ සීඩී එක ? සීඩි එකට මොකද උනේ ඊට පස්සේ ?
ඇයි ලියන්නේ නැත්තේ ?
2013 නොවැම්බර් 20 දින පෙ.ව. 10:46 ට
සීඩී එකට වෙන්න ඕනේ ඔක්කොම වෙලා ඇති දැං.
ලියන්න මයින්ඩ් එකක් නෑ වගේම වෙලාවත් ටිකක් අඩුයි.
2013 නොවැම්බර් 18 දින ප.ව. 12:46 ට
හනී අර ටොක්ක කාපු එකාට හේල්මට් එකක් දාන්න තිබුනෙ ආපහු ආවම..
2013 නොවැම්බර් 20 දින පෙ.ව. 10:46 ට
ෆුල් ෆේස් එකක්ද 😀 😀
2013 නොවැම්බර් 19 දින ප.ව. 6:26 ට
ඇම්ඩා ඇම්ඩා කිව්වට මේ දෙකම උනේ ගෝල්ඩ් ෆිෂ්ටමයි නේ…ද?
2013 නොවැම්බර් 20 දින පෙ.ව. 10:48 ට
අඩෝව්…
නෑ… නෑ… ඇත්තටම ගෙවල් ලඟ පොඩි එකෙක්ට තමා ඇම්ඩා කියන්නේ. ඌ හැම ඉරිදම හවස් වෙද්දි ගෙදරට දුවගෙන එනවා මං ඩවුන් කරගන්න ෆිල්ම් බලන්න. මල වදයක් වෙනවා වෙලාවකට.
2013 නොවැම්බර් 19 දින ප.ව. 10:20 ට
මේ සු..සු…කේස් දෙකම වෙලා තියෙන්නේ එකාටද?
2013 නොවැම්බර් 20 දින පෙ.ව. 10:49 ට
එහෙම කතාවක් නං කිව්වේ නෑ… මං හිතන්නේ දෙන්නෙකුට. කතා දෙකම මූ මට එකට කිව්වේ…
2013 දෙසැම්බර් 4 දින ප.ව. 10:53 ට
මම හිතුවේ ඒක ඌ පත්තු නොකර ඇද ඇද ගියා කියලා සදහටම පවතින්න. ඔය කොල්ලා කවුද කියලා උඹ අමුතුවෙන් කියන්න ඕනේ නෑ.
2013 දෙසැම්බර් 17 දින ප.ව. 3:20 ට
මටත් මතකයි අපෙත් හිටියා ඔයවගේ ඇම්ඩලා…