ඇම්ඩාගේ අමාරුම ප්‍රශ්නය…

මේක ඔය හැම වලත්ත වැඩේටම වගකිවයුතු ඇම්ඩාගේ කතාවක් නෙවෙයි. එකමත් එක ගමක හිටිය හත වසරේ ඇම්ඩෙක්ගේ කතාවක්. පොරගේ නම කියන එක හොඳ මදි නිසා තමා ඌට ඇම්ඩා කියන්නේ. ඇත්තටම අපි ඔය අවලම් ඇම්ඩා කරා කරා කියන දේවලින් භාගයක්වත් ඌ කරපුවා නෙමෙයි. ඒ ඔක්කොම වෙන කවුරු හරි නමක් ගමක් කියන්න බැරි කෙනෙක් කරපුවා. ඒ වුනාට ඔක්කොම යන්නේ අසරණ ඇම්ඩාගේ අකවුන්ට් එකට. ඉති අනුන්ගේ කුණු සෑහෙන ප්‍රමාණයක් ඇම්ඩාගේ අකවුන්ට් එකේ තියෙන එකේ මාත් ඇම්ඩාගේ ගිණුමට මොනා හරි එකතු කරාම මක්ක වෙනවද…!

දැන් මෙහෙමයි කතාව. මං මේ කියන ඇම්ඩා ඒ දවස් වල හත වසරේ. මිනිහාට හෙන උනන්දුවක් තිබුනා ආරම්භක විද්‍යාවට. ඒ කියන්නේ හතර වසරෙන් පටන් ගෙන ක්‍රම ක්‍රමයෙන් විෂය කරුණු වැඩිවෙන විද්‍යා විෂයට. මූ ඒ දවස් වල ඉඳන්ම ඔය විෂයට පට්ට දක්ෂයි. ඒත් ඉතිං මොනා හරි වෙලා හැම විභගෙදිම පොරට ලකුණු ලැබෙන්නේ අඩුවෙන්. ඒක නිසා පොර හැම විද්‍යාව ගුරුවරයෙක් එක්කම හිටියේ යටිහිතේ තරහක් තියාගෙන. හැබැයි ඔය ස්කෝලෙන් දෙන පරීක්ෂන එහෙම කලට වේලාවට බුවා කරනවා ගෙදරම. ඒ දවස්වල පොර ගාව තිබුනා ටෙස්ට් ටියුබ් රඳවනයක්. ඒක නම් මං හිතන්නේ ස්කෝලෙන් උස්සපු එකක් වෙන්න ඕනේ.

:)

🙂

තව තිබුනා වත්තේ පිටියේ ගස් වැල් එකට පූට්ටු කරලා බැමි දාපු ගස් කොලන්. පොර එකකට එකක් නොගැලපෙන ගස් ඉඳන් බද්ධ කරලා එක ගහකින් මල් වර්ග ගානක් ගන්න සෑහෙන උත්සාහයක් දැරුවා. එක දවසක් දැක්කා රෝස අත්තකුයි, රුක්අත්තන අත්තකුයි පූට්ටු කරලා මොනාදෝ මන්දා කරලා තියෙනවා. ඒකට උදේ හවා වතුර දානවා… දම් කැට පොහොර දානවා… ඒ දවස්වල බුවාගේ වත්ත කෘෂි පර්යේෂණායතනය වගේ. මට මතක විදියට ඒ ගස් වල මල් පිපෙනවා වෙනුවට මුගේ වැඩි සාත්තුව නිසා ගස් සේරම මැරුණා.

දැන් තමයි කතාව. අම්ඩා හත වසරේ ඉන්දැද්දි ස්කෝලේ ටීචර් කියලා තියෙනවා ඒ දවස් වල කරන පාඩමට අදාලව හැම ළමයෙක්ම ප්‍රශ්නයක් හදාගෙන එන්න ඕනේ කියලා අනිත් ළමයින් ගෙන් අහන්න. ඒ ළමයින්ට බැරිවුනොත් ටීචර් ප්‍රශ්නෙට උත්තරේ දෙනවා කිව්වලු. ඒ දවස් වල පන්තියේ කර කර ඉඳලා තියෙන්නේ “බල පරිවර්තන“ පාඩමක්. මටත් හරියට පාඩමේ නම මතක නෑ. අර… චුම්බක ශක්තිය, විද්‍යුත් ශක්තියට…. විද්‍යුත් ශක්තිය, ආලෝක ශක්තියට කියලා එහෙම තියෙන්නේ…. අන්න ඒ පාඩම.

ඉතිං දැන් මේක පොරට මාර චාන්ස් එකක් උගේ පණ්ඩිත කම පෙන්නන්න. කොහොමහරි කාටවත් උත්තර දීගන්න බැරි ප්‍රශ්නයක් හදා ගන්න මෑන්ස්ට බැරි වෙලා මූ මගේ ගාවට දුවගෙන ආවා ප්‍රශ්නයක් හදා ගන්න. එතකොට මං මොකක් හරි ෆෝන් කට්ටක් අත ගගා මොකක් හරි කර කර හිටියේ. ඇම්ඩා ඇවිත් කෙලින්ම උගේ කාරනේ මට කිව්වා. ඒත් ඇම්ඩාගේ ප්‍රශ්නෙට වැඩිය මට මගේ වැඩේ ලොකු නිසා මම ඒ වැඩේ කරගෙන හිටියා…

අයියේ…. මේ… ලොකු අයියේ….

ඇයි බං… මට මල පැනලා ඇහුවා….

අනේ ප්‍රශ්නයක් කියන්නකෝ….

මොන ප්‍රශ්නද… පොත බලලා මොකක් හරි බොරුවක් ගිහිං කියපං….

එහෙම බෑනේ….

එහෙමනම් ඔහොම හිටපං මේ වැඩේ ඉවර වෙනකං….

හ්ම්….

මං එහෙම කිව්වේ ඇම්ඩා යයි කියලා හිතාගෙන. මොන…. මූ නෙවේ යන්නේ. මං කරන වැඩේ දිහා පොර බලාගෙන ඉන්නවා.

මේ…. අයියේ…. ඕකේ මෙමරි කාඩ් එකක් තියෙනවද…?

හ්ම්….

සයිස් එක කීයද….?

සයිස් එක මෙච්චරයි…. කියලා මං මගේ අතක චූටි ඇඟිල්ලේ නියපොත්ත පෙන්නුවා.

නෑ… නෑ… බයිට් ගාන…

බයිට් එකක් රුපියල් විස්සයිනේ…

මං දැන් මූව එලෝගන්න ෆුල් ට්‍රයි… ඇම්ඩෙක්ම තමා. ඌ සැලෙන්නේ නෑ.

නෑ අයියෝ…. ඕකේ ඉඩ ප්‍රමාණය…

ආහ්… ඉඩ ටූ ජීබී….

සිංදු ගොඩක් දැම්මැකි නෙහ්…

හ්ම්….

පොර ටිකක් වෙලා කට පියාගෙන ඉඳියා. විනාඩි දෙක තුනක්… ඊට පස්සේ මං බැළුවා මොකද ඇම්ඩා කට පියාගෙන ඉන්නේ කියලා.

මොකෝ…

අයියේ ඕකේ සිංදු කොහොමද රෙකෝඩ් වෙන්නේ…

කරන්ට් එකෙන්…

මේ… මං ගෙදර ගිහිං එන්නම් ඈ… කියාගෙන් මූ එක පාරටම නැගිටලා යන්න ගියා. මාත් ඉතිං කරදරේ ඉවරයිනේ කියලා හිත හදාගෙන වැඩේ ඉවරයක් කලා.

මෙන්න පහු වෙනිදා මූ එනවා තඩි චොකලට් එකකුත් උස්සං… මග ඉඳලම කෑගහගෙන.

අයියේ… ලොකු අයියේ….

මාත් පැන්න එලියට…

ඇයි බං…

ආ… මේක… කියලා මූ මට දුන්නා චොකලට් එක…

මේ මොකටද…

අද මං තමා අමාරුම ප්‍රශ්නේ ඇහුවේ… ඔය ඒකට හම්බුන තෑග්ග.

නෑහ්….

නැත්තේ මොකෝ… මං අහපු ප්‍රශ්නෙට ටීචර්ටවත් උත්තර දීගන්න බැරිවුනා…

පලයං බං යන්න බොරු නොකියා… මොකද්ද උඹ අහපු ප්‍රශ්නේ…?

මං ඇහුවා “ මෙමරි කාඩ් එකක ඇති සිංදුවක් වාදනය කිරීමේදී ඇති වන ශක්ති පරිවර්තනය“ කියන්න කියලා. කවුරුත් උත්තර දුන්නේ නෑ… මිස්ටත් බැරි වුනා… හූ… හූ…

දැන් මූ හෙන සතුටෙන් මරලතෝනි දෙනවා… මටත් කටපියාගෙන ඉන්න බැරි කමට මාත් ඇහුව ඇම්ඩගෙන්… “දැන් උඹ දන්නවද උත්තරේ“ කියලා… මොකද මම දන්නෙත් නෑනේ ඒකට උත්තරයක්. හෙන සංකීර්ණ ප්‍රශ්නයක්නේ මූ අහලා තියෙන්නේ. වැරදිලා හරි ඇම්ඩා “හා… ලොකු අයියා කියන්න බලන්න උත්තරේ“ කියලා මගෙන් අහන්න කලින් තමා මං ඒක උගෙන් ඇහුවේ…

නැතුව… ඊයේ අයියනේ කිව්වේ… කරන්ට් එකෙන් කියලා… ඉතිං මං උත්තරේ හදාගෙන ගියා… විද්‍යුත් ශක්තිය, ශබ්ද ශක්තියට කියලා.

අම්මට සිරි එහෙමද… එතකොට මිස් ඇහුවේ නැද්ද උත්තරේ…?

නෑ… මිස් කිව්වා “ඇම්ඩන්… පුතා…. මං ඒකට උත්තරේ හෙට කොහෙන් හරි හොයලා කියන්නම් කියලා“…

හ්ම්…. ඒක් මිසක්…  කියලා මං ශේප් වුනා. නැත්තං මේකා මගෙනුත් තව මොනා මොනා අහයිද දන්නේ නෑනේ…!

හැබැයි මිස් දීපු උත්තරේ මට මූ කිව්වේ නෑ… එක්කෝ මිස් උත්තරේ දීලා නෑ… එහෙම නැත්තං පොරට මිස් කියපු උත්තරේ තේරිලා නෑ… මමත් ඉතිං අහන්න ගියේ නෑ. වැරදිලා හරි මගෙන් හරි උත්තරේ ගැන ආයෙම ඇහුවොත් කියලා.

ඊට මාසයකට විතර පස්සේ මූ ආයෙ එනවා…

ටීච ප්‍රශ්නයක් දුන්නා අයියේ… උත්තරේ දන්නේ නෑනේ… කියාගෙන මූන එල්ලගෙන…

ආහ් කියපං බලන්න…

“සුදු පාට දෙයක්… ඒවා ගොඩක් එකතු වෙලා එකතු වෙලා කළුපාට වෙනව“…

මාව නිකං කරකෝල අතෑරියා වගේ… ටිකක් කල්පනා කරද්දි ඔළුවට එන්නේ කුනුහබ්බ… ඒ උත්තර නම් කීයටවත් වෙන්න බෑනේ… ඒක නිසා ඌටම හොයාගනින් කියලා මං ප්‍රශ්නේ ඌටම දුන්නා… “පස්සේ බලමු… අද වැඩ ගොඩක් තියෙනවා බං“ කියලා.

පස්සේ උත්තරේ පොර මට කිව්වා… දැන් ඉතිං ඇම්ඩාගේ ප්‍රශ්නෙට උත්තරේ දන්නවනම් කියන්න බලන්න… ඒ ගමන් අර මෙමරි කාඩ් එකේ ප්‍රශ්නෙත් ටිකක් හිතන්න. –at මට දැන් ඒක ආයෙ මතක් වෙලා නිකං පිස්සු වගේ වෙලා තියෙන්නේ ඔලුව…!

Advertisements

23 Responses to “ඇම්ඩාගේ අමාරුම ප්‍රශ්නය…”

  1. මධුරංග Says:

    මූ නං ඇම්ඩෙක්ම තමා. ඔහොම කොල්ලෝ අනිවාර්යෙන්ම පංතියට එකෙක් දෙන්නෙක් සෙට් වෙනවා !
    අද හිස් බඩම පෝස්ට් එක කියෙව්ව නිසා මම එක…. 🙂

    • Gold fish Says:

      අපෙත් හිටියා එකෙක් ඌ දැන් ප්‍රොෆෙසර් කෙනෙක්…

  2. magenama Says:

    මං හිතන විදිහට නම් ග්‍රැනයිට් ස්ඵටික,ඒත් ඒක ටිකක් සම්භාව්‍ය උත්තරයක් වගේ වේවිද දන්නේ නෑ.

    • Gold fish Says:

      හික්ස්… සුදු පාට ග්‍රැනයිට් මම දැකලා නෑනේ… 😛

      • magenama Says:

        මම කියන්නේ ස්ඵටික.කලු ගල් කඩන තැනකට ගිහින් ඒ කුඩා කෑලිවල පාට බලන්නකො.එතකොට ඊටත් වඩා කුඩා ස්පටිකවල පාට වෙනස් කියලා හිතන්න පුලුවන්.අනික අර ඇම්ඩා ටීචර්ගෙන් අහපු ප්‍රශ්නෙදි වඩාම නිවැරදි චුම්බක ශක්තිය විද්‍යුත් ශක්තියටත් එතනින් ශබ්ද ශක්තියටත් පරිවර්තනය වීම නේද?

      • Gold fish Says:

        එහෙමත් හරි… ඒත් වලාකුලු කේස් තමා මං හිතන්නේ හරිම. මම දන්නෙත් නෑ මෙමරි කාඩ් එකේ ශක්ති පරිවර්තනය කොහොම වෙනවද කියලා… චුම්භක ශක්තිය නම් වෙන්න බෑ මං හිතන්නේ.

      • magenama Says:

        මෙමරි කාඩ් එකේ දත්ත තැන්පත් වෙලා තියෙන විදිහ චුම්බකිත අංශු විදිහට හිතන්න වෙනවා.

  3. රාජ් Says:

    (උත්තරේ වලාකුළු! හරිද?)
    මම මේ පෝස්ටුව ලිවුව නං ලියන්නෙ ඔය විදියට නෙවේ උගේ හැකියාව ගැන අගය කිරීමකුත් එක්ක. මට පේන විදියට පොඩිඑකා ඉතාම බුද්ධිමත්. එහෙම නූනනං උඹේ වල්පල් වලින් සාර්තක යයි කිවහැකි ප්‍රශ්නයක් හදාගන්න ඌට බෑ. මේවගේ එවුන් තමයි නිර්මානාත්මක බුවාල වෙන්නෙ කවදහරි!

    • Gold fish Says:

      ඌ ඒ හිටිය විදියටම හිටියනම් නිර්මාණාත්මක පොරක් වෙන්න තිබුනා. ඒත් ගැන්සි බැසීමේ පව නිසා දැන් ඉන්නවා බකං නිලං.
      (අර මෙව්වා එක හරි)

  4. ජීවිතය සුන්දරයි.... Says:

    ඌ ඇම්ඩෙක්ම තමා….. අපේ පන්තියෙත් හිටිය ඔය වගේ බුවෙක්… ඌ හෙන මොලකාරය…

  5. Mayya Says:

    ඇම්ඩෙක් නෙවෙයි අයින්ස්ටයින් කෙනෙක්………මගේත් හිටියා ඔය වගේ යාළුවෙක්..ඌ ලෙචාලගෙන් අහන්නේ හෙන දාර ප්‍රශ්ණ….ඒත් වැඩේ තියෙන්නේ ඔය වගේ එවුන් විභාග වලදී ස්කොර් කරන්නේ නැති වීම…..අපේ ක්‍රමේ වැ‍රැද්දද මන්දා මේ වගේ පොරවල් අතරමගදි හැලෙනවා……

    • Gold fish Says:

      ඒක ඇත්ත… පොරට කොයිතරම් සිරාවට ප්‍රැක්ටිකල් කරන්න පුළුවන් වුනත් ප්‍රශ්න වලට පිළිතුරු දීමේදි හෙනම අසාර්ථකයි.

  6. පොඩ්ඩි Says:

    මම නම් හිතන්නේ මේ ඇම්ඩා මාලුවාමද කොහෙද… 😀

    • Gold fish Says:

      නෑ… ඇම්ඩාගේ අයියා මාළුවා… 😀

  7. Dinesh Umagiliya Says:

    මොනාද මාළුවෝ සුදට එකතු වෙලා කළු පාට වෙන්නේ.. මටත් එකපරම හිතෙන්නේ නැහැනේ..

    • Gold fish Says:

      මගෙත් ඔළුවට ආවේ කුණුහරුප බං… ඒ වුනාට පට්ට සිරා උත්තරයක් තියෙනවා.

  8. wicharaka විචාරක Says:

    රාජ් දීලා තියන උත්තේ නේද හරි? සුදු වලාකුළු ගොඩක් එකතු වුනාම කළු වලාකුළු වෙනවා.

    • Gold fish Says:

      ම්… වාලකුලක් නැති හම්බන්තොට අහසේ වලාකුලු වලට හීන දකින් රාජ් දීපු උත්තරේ තමා හරි… (ඌ මාත් එක්ක ඇරගන්න එයිද දන්නේ නෑ කිංඩි දානවා කියලා 😉 )

  9. aruge adaviya Says:

    උඹද…..ඇම්ඩාද වඩා දක්ශයා….ඇත්තටම ඒ මල්ලියාමද…

  10. henryblogwalker Says:

    මම උත්තරේ කමෙන්ට් වලින්ම ඉගෙනගත්තා.

    • Gold fish Says:

      මමත් දැනගත්තේ සතියක් ගිහිං උගෙන්ම අහගෙන.


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: