අලෙවි ප්‍රවර්ධක දමනය…

අලෙවි ප්‍රවර්ධක කියන්නේ මොකක් හරි භාන්ඩයක් අලෙවි වෙනවට වැඩියෙන් අලෙවි කරන්න මහන්සි වෙන කෙනාට. ටයි එකක් දාගෙන බඩු ටික අතින් කටින් එල්ලගෙන ගෙවල් ගානෙ යන අලෙවි ප්‍රවර්ධක වරුන්ව ඔයාල දැකලා ඇතිනේ. ගොඩ වෙලාවට අලෙවි ප්‍රවර්ධක ලෙස වැඩ භාරගන්නේ උසස් පෙල එහෙම ලියලා ඉවර වෙච්චි අය. ප්‍රතිපල එනකං ගෙදර ඉන්න කාලයක් තියෙනවනේ. අන්න ඒ කාලේ තමා මේ වගේ රස්සාවක් කරන්න තෝරගන්නේ.

ඉතිං මේ අලෙවි ප්‍රවර්ධක වරුන්ට ලේසියට කියන්න් ප්‍රමෝෂන් බෝයි හරි ප්‍රමෝෂන් ලේඩි කියලා හරි. වෙලාවකට මේ අය ගැන දුකක් ඇති වුනාට වැඩි හරියක්ම අති වෙන්නේ මළ උපරිම අනුකම්පාවක්. ආයේ ආවොත් කනට ගහන්න හිතෙන ආදරයක්..!

Sales rep

Sales rep

දැනට මාස කීපයකයට කලින් අපේ ඔෆිස් එකට හැම සතියෙම එනවා පොරක් සැටලයිට් ටීවී රිසිවර් වගයක් විකුණන්න. බුවා ඇවිත් පැය භාගයක් විතර අයි.ටී එකේ කා එක්ක හරි අළුත් පැකේජ් ගැන කතා කරන්න ඉල්ලනවා. මිනිහට එයා සේවය කරන ආයතනයෙන් දෙනවා ටාගට් එකක්. දවසකට මෙච්චරක් විකුණන්න ඕනේ කියලා. ඉතිං පොර බලන්නේ කොහොමහරි එකක් ඇඟේ ගහලා යන්න. ඒ වගේම කම්පැනි කීපයක්ම කවර් කරන්නත්. ඒත් කම්පැනියට ආපු මිනිහෙක්ව බැනලා එලෝගන්න බැරි නිසා කවාදාවත් “පල යන්න“ කියලා නම් කියන්නේ නෑ. ඒක නිසාම අපි මේ සතියේ පැකේජ් එකක් ගත්තේ නැත්තං ඊළඟ සතියෙත් එනවා. ඒ සතියේ ගත්තේ නැත්තං ඊට පස්සේ සතියේ එනවා. ඔහොම එක දිගට මාස හතරක් මූ ආවා. ඒ එක සතියකවත් අපි එකම රිසිවරයක්වත් ගත්තේ නෑ. ගත්තේ නැත්තේ ලොකු කමකට නෙමේ අවශ්‍යතාවයක් නැති නිසා.

ඉතිං දැන් මේ මනුස්සයාගේ සතිපතා ඒම ඇනයක් වෙන තරමටම දරුණු වුනා. මිනිහා ඇවිත් පැය භාගයක් ගන්නවා කියන්නේ අපිට ගෙදර යන්න තියෙන වෙලාව පැය භාගයක් පහු වෙන එක. ඒක නිසාම මූට ආයේ කම්පැනිය අහලකින්වත් යන්න හිතෙන්නේ නැති වෙන්න වැඩක් කරන්න ඕනේ කියලා හිතාගෙන ගැහුවා ප්ලෑනක්.

ඔන්න අදාල සතියෙත් පොර ආවා. අයි.ටී අය කලින්ම අනිත් අයටත් දැනුම් දීලා තිබුනේ මෙහෙම පොරක් එනවා,  හැමෝම එයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ කියලා එහෙම. ඔන්න දැන් පොර ආවා උදේ නමයට විතර. අපිත් ලෑස්ති වෙලා හිටියේ අපේ දවසක් පාඩු කරගෙන හරි මේ යකා ආයේ නොඑන තැනට වැඩේ සෙට් කරන්න ඕනේ කියලා.

පස්සේ මුලින්ම මම ගියා. ඉතිං වෙනදා වගේම තමා මට දෙනවා ලිස්ට් එකක් ඒ සතියේ තියෙන විශේෂ දීමනා ගැන. මට වැඩක් තියෙනවැයි ඔව්වා. ඒක නිසා මම කතා කලා පෝස්ටල් එකේ අයිය කෙනෙක්ට. ඔන්න බුවා ආවා… ඇවිල්ලා අමුත්තන්ට තියෙන සැටියේ පැත්තකින් වාඩි වෙලා ප්‍ර මෝෂන් බෝයි එක්ක කතාව. එතෙන්ට පැය භාගයක් ගියා. ඊට පස්සේ තිබුනා මැනේජ්මන්ට් ට්‍රේනින් එකක පොඩි පැය තුනක විතර ලෙක්චර් එකක්. පස්සේ කොහොමහරි බොස්ලටත් සීන් එක කියලා, හැම සතියෙම එන ලඟම යාළුවවත් අවසර අරගෙන එක්කං ගිහිං වාඩ් කෙරෙව්වා බෝර්ඩ් රූම් එකේ ඉස්සරහින්ම. හික්ස්… දැන් ඉතිං පොරට චූ බර හැදුනත් නැගිටලා යන්න බෑ පැය තුන ඉවර වෙනකං. ඒ මදිවට මූට එදා දවසේ කවර් කරන්න තියෙන කම්පැන වලට යන්නත් නෑ. කරන්න දෙයක් නෑ. අපිට සලකන විදියට තමා අපිත් සලකන්නේ. මාස හතරක්, හැම සතියෙම පැය භාගේ ගානේ බැලුවොත්… හරියටම පැය අටක් ඌව අපේ ඔෆිස් එකේ රඳවගෙන පොරගේ වැඩ පාඩු කරන්න ඕනේ…!

පස්සේ ඔන්න ට්‍රේනින් එක ඉවර වුනාම මූ එනවා මාර හදිස්සියෙන් වගේ එලියට යන්න. ඒ එන කොටම තව  කට්ටියක් සෙට් කරා පැකේජ් ගැන අහන්න. ගෑණු ළමයිම පස්දෙනෙක්. දන්නවනේ ඉතිං ගෑණු ළමයි පස් දෙනෙක් බඩු ගන්න ගියාම තියෙන සැප. පස් දෙනාටම එකපාර උත්තර දෙන්න ඕනේ… හැම දෙයක්ම විස්තර කරන්න ඕනේ… හැම පැකේජ් එකක්ම අනිත්වා එක්ක සසඳන්න ඕනේ… වැඩ කීයක්ද… කොහොමහරි එතෙන පැය දෙකයි… පොරට දවල්ට කන්නවත් විවේකයක් නෑ…!

අපෙන් නැති වුන පැය අටට තව පැය දෙකක් අඩුයි. කමක් නෑ බුවා කාලත් නෑනේ කියලා හිඟ පැය දෙක කපා හැරලා යන්න දුන්නා. පවු… පොර ගියා නෙමේ දිවුවා…!

ඊට පස්සේ සතියෙත් ඉතිං මං බලන් හිටියා පුරුද්දට වගේ බුවා එයි කියලා… ම්හු…. දැන් බුවාව අන්තිමට දැකලා මේ යන්නේ තුන්වෙනි මාසේ මැද හරිය…! මං හිතන්නේ පොරට අපේ කම්පැනියට වඩා හොඳ කම්පැනියක් හම්බුවෙන්න ඇති ඒකයි…! – at පස්සේ හිතුනා ට්‍රේනින් එකට නොදා තව ගෑණු ළමයි පස් දෙනෙක් සෙට් කලානම් පැය අටම කවර් කරගන්න තිබුනා කියලා. දහයකට එකපාර උත්තර දෙන්න වෙනවා කියන්නේ….!!!

මොනව ප්‍රවර්ධනය කරත් මිනිස්සුන්ට අවශ්‍යතාවයක් නැත්තං ඒවා බලෙන් ඇඟේ ගහන්න හොද නෑ… ඒ වගේම එක පාරක් දෙපාරක් එපා කිව්වම ඒක තේරුම් අරගන්න ඕන “මුංට මේක ඇත්තටම එපා තමා“ කියලා හා මගේ කාලය නිකං වැයවෙනවා කියලා…

තව පොරක් එනවා යූ.පී.එස් විකුණන්න… ඌ ගැනත් හිතලා බලන්න ඕනේ…!

 

 

Advertisements

22 Responses to “අලෙවි ප්‍රවර්ධක දමනය…”

  1. Praසන්ன Says:

    ඌ එදාම ඒ කොම්පැනියෙන් අස්වෙලා ගියාද දන්නෑ.

  2. roshanrh Says:

    මටත් මතකයි දවසක් cdma phone විකුනන්න කෙනෙක් ආවා සති අන්තෙ දවසක. මම ඉතින් අපේ ගෙදර phone එක පෙන්නලා කීවා අපිට phone එකක් තියෙනවානෙ කියලා. ඊට පස්සෙ broadband විකුනන්න කතාව. මම කීවා අපි broadband අරන් තියෙන්නෙ phone ලයින් එකත් එක්කම ඒ වගේම ඩොංගල් එකකුත් තියෙනවා පාවිච්චි නොකර අයින් කරපු කියලා. එදා කිසිම වදයක් නොවී ගියපු මනුස්සයා සඳුදා දවාලෙත් ඇවිත් cdma විකුනන්න. හොඳ වෙලාවට අපේ ගෙදර අයට මම සිද්දිය කියලා තිබුන නිසා එදාත් ඉක්මනින්ම පිටත් කරලා යවලා.

  3. පොඩ්ඩි Says:

    පව් අනේ ඔයාලා මාර නරකයි. මේ ඒක නෙමේ ඔය පැත්තේ අයට එපා කීවාම ඒක තේරෙන්නේ නැද්ද? නෑ අපිට එපා, එපාමයි කියලා කියන්ටලාකෝ… 🙂

  4. roshanrh Says:

    මේ අයගේ අපි නොහිතනපැත්තකුත් තියෙනවා. බොහෝ දෙනෙක් මොකක් හරි පාඨමාලාවක් කරන අය. ඒ අයට රැකියා පුහුනුව කියලා ප්‍රවර්ධන වැඩ පවරනවා. ටාගට් දෙනවා. ඒ ටාගට් මත තමයි සහතිකය ලැබෙන්නෙත්. බොහෝවිට මේ අය විකුනන දේවල් වලින් පොඩි කමිෂන් එකක් ලැබෙනවා. නමුත් බොහෝ අය රැකියාවක් විදියට මේ අංශයේ රැඳිලා ඉන්නෙ නෑ. මොකද පාඨමාලාවට යන වියදම හොයන්න කියලා මේ විදියට සුලු දීමනාවක් ලබාගෙන තමන් කරන්නෙ අනික් කෙනෙකුට කඩේ යාමක් කියලා තේරුම් ගත්තම ඒ අය පාඨමාලාවත් අතැරලා යනවා.

  5. රූ Says:

    මේ මාකටින් කාරයා වැඩේ හරියට කරලා නෑ කියලා තමයි කියන්න වෙන්නේ..සාමාන්‍යයෙන් එක එක වෙළඳ බඩු වලට පාරිභෝගිකයා වෙත යන වාර ගණනක් හා වාර අතර පරතරයක් තියනවා. මමත් සෑහෙන කාලෙක ඉඳන් මාකටින් කරන නිසා මේ වාරගනන හා කාල පරතරය ගැන අවබෝධයක් තියනවා.
    මොනවා හරි වෙලාවක කස්ටමර්ට අපිව කරදරයක් කියලා දැනුනොත් එතන තව ඉන්නේ නැතිව පිටවෙන්න ඕන. එයාලට අපිව කරදයක් නම් අපි කොච්චර කතාකලත් ඒ බඩුව ගන්නෙ නෑ නෑ නෑමයි. ඉතින් දෙගොල්ලගෙම කාලය අපතේ..අනික එයාලා එක සැරයක් එපා කීවොත් ආපහු ඊළඟ සතියේ ඇවිත් වැඩක් නෑ. ඒකට වෙන මොනවා හරි විකල්පයක් හොයාගන්න ඕන..

    ස්තුතියි මාළුවා.. මේ ගැන ලොකු සාකච්ජාවක් වුනොත් හොඳයි කියලා හිතෙනවා..

  6. Hareendra Perera Says:

    මම නම් ගෙවල් ගානෙ එන අයට ‘එපා’ කියලා තනි වචනෙන් කියනවා.. ආයෙ පැත්තවත් නොබලා යන්නෙ.. 🙂

  7. aruge adaviya Says:

    පවු බන්

    • Gold fish Says:

      අපි වැඩ පාඩ් කරගෙන කාල කන එක පවු නෑ එතකොට… :O

  8. සිතුවම් Says:

    පව් යකෝ

    • Gold fish Says:

      ඇත්ත කියපන් උඹටත් ඒ වගේ අවධියක් තිබුනද… 😀

  9. මධුරංග Says:

    ඕ වගේ තමා අමුරු හතරේ බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් විකුණන එවුනුත්…. විඩින් විඩේ කෝල් කරනවා. මම ඊට පස්සේ නම්බර් එක සේව් කරගෙන ඉදලා කෝල් එක ආන්සර් කලේ නෑ… (හිනා)

    මේ සිද්ධිය උනේ එදා මම දැකපු ඔපිසියේ වෙන්ඩ ඕන… (හිනා)

    • Gold fish Says:

      මල්ලි මල්ලි කට… දෙවෙනි එකට හිනා නෙමෙයි… අඬා…

  10. රාජ් Says:

    කෙලින්ම බෑ කියපං.

    • Gold fish Says:

      ඒත් එනව බං… මෙහෙ හරි අමුතු මාකටින් එකක් තියෙන්නේ…

  11. magenama Says:

    ඔය අලෙවි කරුවා අර කෙල්ලන්ට මොනවහරි විකිනුවා නම් ඌ හැමදාම ආයි එන්න ගන්නවා.


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: