තේරුම් ඇති මල්…

Camellia

Camellia

පොත් වලට නම් දාද්දි නම් දාන්නේ ටපලලානේ. අන්න ඒ වගේ තමා මේ ටයිටල් එකත්. මේ දවස් වල තියෙන නිදිමත ගතිය යන්න කියලා හිතාගෙන තමා මේ මෙව්වා එක ලියන්නේ. අනේ මන්දා… පිරිමි ළමයින්ටනම් ඉතිං කියෙවුවා කියලා වැඩක් වෙයිද කියලා… කමක් නෑ ඔන්න ඔහේ කම්මැලි නොවී කියවන්නලා. කොයි වෙලේක හරි වැදගත් වෙයිනේ. අඩුම ගානේ පොර ටෝක් එකක් දෙන්නවත් මේ දේවල් ඕනේ වේවි…!

පොඩි කාලේ ඉඳන් අපි දකින්න ආසා දේවල් වලින් එකක්නේ මල් කියන්නේ. ඉතිං ඔය මල් වර්ග වලින් විවිධ දේවල් නිරූපනය වෙනවලු. මාත් දන්නේ මේ ලඟදී. හැම මලකින්ම නෙමේ… වැඩිපුරම එක එක සැරසිලි සඳහා යොදා ගන්න මල් වලින්. මොකද ඒ ඒ අවස්ථාවට උචිත විදියට යොදාගන්න මල් වෙනස් වෙන නිසා. ලංකාවේ නම් එහෙම කරනවද නැද්ද කියන්න මං දන්නේ නෑ, ඒත් අනිත් රටවල් වල නම් සැරටම ඒ මල් වලින් හැඟවෙන දේ අදාල ස්ථානයට ගැලපෙනවද නැද්ද කියන එක හොයාබලනවලු.

මලක් තියෙනවා කැමිලියා කියලා…

ඒ මලේ සුදු පාට වර්ගයෙන් පූජනීය බව පෙන්නුම් කරනවා. රෝස පාට වර්ගයෙන් ආශාව පෙන්නුම් කරනවා. ආශාව කියන්නේ මල යොදාගන්න අවස්ථාව අනුව වෙනස් වෙන ආශාවක්. රතු පාට වර්ගයෙන් ලෙංගතු කම කියන එක ප්‍රකාශ වෙනවලු.

කානේෂන්…

Carnation

Carnation


කානේෂන් මලේ විවිධ වර්ග රැසක් තියෙනවා. ලංකාවේ නම් හැම ප්‍රදේශයකම බහුලයි. ඒ වගේම ඒ හැම එකකින්ම විවිධ තේරුම් දෙනවා වුනත් දෙමුහුන් වර්ග වලින් නම් මොන මොන තේරුම් දෙනවද කියන්න දන්නේ නෑ. රෝස පැහැති කානේෂන් වලින් සදා මතකයේ රැ‍‍ඳෙන බව වගේම, දම්පාටින් ඉක්මනින් අමතක කරලීමට සුදානම් බවත් හැ‍ඟවෙනවලු. ඔය දෙකම මික්ස් වෙලා හැදුන දම්-රෝස වර්ගයෙන් මොනා කියෙවෙනවද දන්නේ නෑ… ඊට පස්සේ සුදු පාටින්… අහිංසක බව, පිරිසිදු ආදරය වගේම… කහපාටින් ඇරයුමක් ප්‍රතික්ෂේප කිරීමත් හැඟවෙනවලු. ඉරි ඉරි තියෙන වර්ග තියෙනවනේ… ඒවායින් කියවෙන්නේ “මට තෝත් එක්ක තවත් ඉන්න බෑ යකෝ” වගේ දරුණු පාඨයක්ලු. මොනා වුනන් ඉතිං ඒවායින් නියම ප්‍රයෝජනේ ගන්න පුළුවන් වෙන්නේ දෙපාර්ශවයම ඒ ගැන දැනුවත් නම් විතරයි…! 😉

Lily

Lily

ලිලී…

ලිලී මල් නම් ගොඩ දෙනක් දැකලා ඇති. ලංකාවේ වුනත් සීතල පරිසර වල හැදෙනවා. ලිලී මල් වල සුදු පාටින් පෙන්නුම් කරන්නේ පිරිසිදු බවලු. එතකොට කහපාටින් සැහැල්ලු බව. හරියට නිකං මල් පෙත්තක් වගේ කියන එක. තව තව වර්ණ රැසකට විවිධ වූ තේරුම් තියෙනවා. නමුත් බහුලතාවය අනුව ගත්තම කහ පාට හා සුදු තමයි වැඩියෙන්ම භාවිතා වෙන්නේ.

Poppy

Poppy

පොපි…

පොපි මල් ගොඩක්ම තියෙන්නේ තද රතු පාටින්. ඒ වර්ණයෙන් තේරුම් ගන්වන්නේ සදාකාලික නින්ද, අභාවය,  මතක් කිරීම වගේ වෙන්ව ගිය යම් මතකයක් වෙනුවෙන් හිතේ ඇතිවන හැඟීම්. ඒ වගේම සාමාන්‍ය රතු පාටින් ස්තූතිය… උපහාරය වගේ වෙනත් කෙනෙකුට සැලකිල්ලක් දැක්වීමක් හැඟවෙනවා. කහ පාටන්… යහපත් සෞඛ්‍ය තත්වය හා දියුණුව වගේ දේවල්. බැරිවෙලා හරි ලෙඩ ඇ‍‍ඳේ ඉන්න කෙනෙකුට තද රතු පාට පොපි මල් මිටක් ගිහිං දෙනවා නම් ඒ කියන්නේ “ඉක්මනට චුත වෙයන්” වගේ දෙයක්.

ඊට පස්සේ ටියුලිප්…

Tulip

Tulip

ටියුලිප් මල් නම් මං දැනට ලංකාවේ දැකලා නැහැ. සමහරවිට හැංගිලා තියෙනවද දන්නේ නෑ… ඉතිං ටියුලිප් මල් වල රතු පාටින් කියන්නේ විශ්වාසය උපරිමයි කියලා. කහ පාටින් කියන්නේ “විශ්වාස කල නොහැකි ආදරයක්” කියන එකලු. අනේ මන්දා ඒවානම්. වෙලාවට ලංකාවේ කහ ටියුලිප් නොතිබුනේ…! දම් පාටන් “ලස්සන ඇස්” යන්න කියවෙනවලු…

මේක තමා වැදගත්ම මල…. රෝස…

Roses

Roses

රෝස වල නම් පාට‍ මහ ගොඩක් තියෙනවා වගේම ඒ හැම එකකින්ම ප්‍රේමය ගැන විතරයි කියවෙන්නේ. රෝස වලට ආලය ඇරෙන්න වෙන ලෝකයක් නෑ… තියෙන්නෙත් මහ කුණුහරුප පාටවල්… පොඩි ‍එවුන් මේක බලන නිසා මටත් කියෝගන්න පුළුවන් පාට ටිකට විතරක් විස්තර කියන්නම්. රතු – ආදරය, ගෞරවය. සුදු පාට – අවිහිංසක බව… කහ පාටින් – ආරක්ෂාව, රැකගැනීම. රෝස පාටින් – එකමුතු කම… ඒ කියන්නේ පවුලේ සමගිය වගේ එව්වා…!

හැම මලම ලංකාවේ නැති වුනාට තේරුම් දැන ගන්න එක කෝකටත් හොඳයි. සමහර විට මම දන්න තේරුම් වලට වැඩිය තේරුම් ඇති. වෙනස් තේරුමුත් ඇති. මොනා වුනත් කමක් නෑ… මල් කිනිත්තක් කෙනෙකුට දෙන්න කලින් ඒකෙන් අදහස් වෙන්නේ අහවල් දෙයක්ද කියලා දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයි… – at හරි දැන් කියමු බලන්න මම කම්මැලිද..?

19 Responses to “තේරුම් ඇති මල්…”

  1. පොඩ්ඩි Says:

    ඔන්න මම ඔයාට උදේම ඉරි, ඉරි, කානේෂන් මලක් ගෙනාවා… 😀 😀

  2. මධුරංග Says:

    කැමිලියා මලක් ගන්ඩ තියෙන තැනක් දන්නවද ?

    ආහ්… සිංදුවකුත් මතක් උනා..

    කැමේලියා මල් සුවඳට
    සඳ කෙමි මත පා තිය තියා//
    මගේ කුටියේ කව්ලු දොරින්
    ඉඟි බින්ද දෑස ඒ ඔබමද

    සින්ඩරෙල්…ලා..

  3. සිතුවම් Says:

    ඔය ලියලා තියෙන්නෙ පෝස්ට් එකක්.ඒක නෙවී උඹට මොකෝ වුනේ බන් හදිසියේම කෝල් එකේ ඉද්දි..?

  4. henryblogwalker Says:

    මල පනිනවා උඹ කියන කතාවලට. අපේ ගෙදර මල් වවන්න වැඩියෙන්ම උනන්දු මම. දැන් නම් මෙහෙ ඉඩක් නෑ ඒ වැඩේට.

  5. magenama Says:

    ඔයා කාට හරි ආදරෙයි කියලා එයාව විශ්මයට පත් කරවන්න යනවා නම් Forget me not මල් මිටක් එයාට දෙන්න.මේ මල් හරි දුර්ලභයි.

  6. Dinesh Umagiliya Says:

    රෑ වෙලා ආව හන්දා මම සේපාලිකා මලක් වත් තියලා යන්නම්..

  7. Cat fish Says:

    තනමල්විල මල් ටිකක් මාළු ටැංකියේ වවමුකෝ Gold fish අයියේ. මට මේක කියන්න බැරිව හිටියේ


Gold fish වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: