රජාගේ රඟහලේ හැමදාම අවුරුදු…

බස් වල යනකොට වයසක අය කියන කතා අහගෙන යනවා කියන්නේ මාර ජොලි වැඩක්. ඒගොල්ලෝ තමන් ඒ කාලේ අත්විඳපු දේවල් මේ කාලයත් එක්ක සසඳලා බලලා කියන්නේ හරි අපූරු දේවල්. සමහර දේවල් අපිට නිකමටවත් මීටර් වෙන්නේ නෑ…

මේං එක…

Nelum Pokuna (Lotus Pond) Mahinda Rajapaksa Theatre

Nelum Pokuna (Lotus Pond) Mahinda Rajapaksa Theatre

නෙළුම් පොකුණ රඟහල තියෙනවනේ. ඉතිං ලඟින් යන බස් එකක යන සීයා කෙනෙක් ඒක දිහා හොඳට බලාගෙන හිටියා. නෙළුම් මල් පිපිලා තියෙන පොකුණු දිහා. එතකොට වටේට තියෙන මල් ගස් දිහා එහෙම. ඔහොම ටිකක් වෙලා බලාගෙන ඉඳලා ලඟ ඉන්න මනුස්සයාට සීයා කියනවා…

හිහ්…. බලන්නකෝ පුතා රජාගේ රඟහලේ හැඩ. මම දැන් මාස කීපයක් මෙතනින් එහාට මෙහාට යනවා. ඒ හැමදාකම මේකේ තියෙන එරබදු ගස් වල මල් පිපිලා. අපේ ගමේ ගස් වල මල් පිපෙන්නේ අපිට අවුරුදු නම් විතරයි. බලාගෙන යද්දි පුතා, මහින්ද මහත්තයාගේ රඟහලත් හරියට එතුමලට වගේමනේ. හැමදාම අවුරුදුනේ…!

ඔය කතාව මට ඇහෙන කොට නෙළුම් පොකුණ පාස් කරලා බස් එක ගොඩක් දුර ගිහිං. ඉතිං එදාම ඕකේ ඇත්ත නැත්ත බලන්න බැරිවුනා. පහු වෙනිදා උදේ බස් එකේ යද්දි වැඩේ ඇත්ත. ගමේ ගොඩේ තියෙන එරබදු ගස් වල මල් පිපෙන්නේ අවුරුද්දට විතරයි. සමහරදාට ඒ ටිකත් නෑ. ඒකට මේං නෙළුම් පොකුණේ හැමදාම අවුරුදු…! සොරි වැරදුනා…. හැමදාම එරබදු…!

දෙක…

රාජගිරියේ ආයුර්වේදෙ තාප්පේ එක එක හොඳ වැකි ලියලා තියෙනවා. එක තැනක තියෙනවා… “මත්පැනින් තොර දරුවා රටට ආඩම්බරයකි“ කියලා හෝ ඒ අදහසම දෙන සමාන වාක්‍යයක්. ඔය වැකිය දිහා හොඳට බලාගෙන හිටිය ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් ලඟ හිටිය එකාට කියනවා. ඒ පාරනම් සීයාට අම්බානෙට මළ පැනලා…

මුන්ගේ බයිලා විතරයි පුතා. බලන්නකෝ අරුං ලියලා තියෙන ඒවා. බිව්වේ නැත්තං රටට ආඩම්බරයක්ලු. පුතා… ඉස්සර යෝධයෝ හැමදාම රා බිව්වා. උංට යෝධ ශක්තිය ලැබුනේ ඒවැයින්. අපිත් බිව්වා. තාමත් බොනවා. අපේ කාලේ උදේ හවස දෙකේම රා මැද්දා. අපි දෙවරුවටම බිව්වා. දැන් මට වයස අවුරුදු හැත්තෑ අටයි. තාම කටේ දත් තියෙනවා. යන්න හයිය තියෙනවා. දියවැඩියාව අරක මේක මුකුත් නෑ අපිට.

දැන් ඉන්න එවුන්ට බිව්වේ නැත්තං ගෑණියෙකුට අහවල් එක කරගන්න පන නෑ. එහෙව් එකේ මුං ලියන තව බිත්ති වල ලියනවා නොබොන එකා රටට ආඩම්බරයක් කියලා. පිස්සු යක්කු….

කියලා කතාව ඉවර වෙන කොටම අහල පහල හිටිය ගෑණූ පරාන ටික වාෂ්ප වෙලා ගියා. තව මොනවා අහගන්න වෙයිද දන්නේ නෑනේ. පිරිමි ටිකනම් හිනාවෙවී ගියා. –at සීයලා කියන ඒවා ඇත්තද කියලත් හිතෙනවා… 😉

22 Responses to “රජාගේ රඟහලේ හැමදාම අවුරුදු…”

  1. Mayya Says:

    ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ කියන්නේ ඒකනේ……ඇත්දෑකීම් වැඩියි…:)) පරණ වයින් රහ වැඩියි කියනවනේ…

  2. මුහුදු කොල්ලකාරයා Says:

    හහ් හහ්!!! මමත් ඔය වගේ කතා අහල තියෙනව බස් එකේ යද්දි. වයසක අය ගාව හොඳ කතා තියෙනව.

  3. DDT Says:

    මොනව නැතත් අවුරුදු කතාව නම් මරු. මටත් හොඳට හිතට ඇල්ලුව. 😉

    ඇත්ත කියපන්, උඹ බස්වල යද්දි රබර් ඇහැ කෙල්ලොන්ට දීල රබර් කන ආච්චිලට සීයලට දෙනවනේ. අනිත්වා කොහාට දෙනවද මන්ද. 😀

  4. මැලේ රාළ Says:

    මටත් මතක් උන අපි ඉස්කෝලේ යන කලේ සිය කෙනෙක් කියපු කතාවක් පොර අපේ යාලුවෙක්ගෙ සියා අපි ස්කොලේ ගිහින් පන්ති ගිහින් එන වෙලාවටම සීයත් ගොඩක් දවස් වලට අපි යන බස් එකෙමයි යන්නේ

    ඔය අතරේ අපේ යාලුවෙක් කෙල්ලෙක් එක්ක යාලුවෙන්න පුල් ට්‍රයි එක… අපි බස් එකේ ඉදන් එක කරගන්න යාලුවට ලොවෙත් නැති ප්ලෑන් ගහනවා…. මේ ඔක්කොම බලන් ඉදපු සීයා කියනවා “අනේ මුන් බැටරි කැලි ලග තියාන, ටෝච් එක දිහා බලන විදින දුකක් “

  5. arugeadaviya Says:

    වැඩිහිටියන්ට ඇහුම්කන් දීපල්ලා.අත්දැකීමෙන් කියන්නේ.අඩියක් ගහන එකනම් බොරු කියන එක තරම් පීචං නැහැ.

  6. vpokura Says:

    මරු බං..හිනාමනා…හැමෝම බොන කතා මේ දවස්වල


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: