ගෑණු ළමයින්ට අර අහවල් එක වෙන්නේ මාසෙකින්… නැත්තං ආසන්න වශයෙන් මාසෙකින්. අපි ඒක ගැන හරි සැලකිලිමත්. ගැහැණු ළමයෙක් නම් ඒ ගැන සැලකිලිමත් වෙන්නේ තමන්ගේ සුවපහසුව, සෞඛ්‍ය ආරක්ෂාව ගැන හිතලා. පිරිමි ළමයි නම ඒ ගැන වැඩිපුර හිතන්නේ කෙල්ලෙක්ව චුට්ටක් කේන්ති ගස්සන්න පුළුවන් හොඳ කාලසීමාවක් වෙන නිසා. නමුත් බැඳපු අයට නම් අප්සට් කාලසීමාවක්. තමන් කරන්නේ මොනාද කියලවත් වැඩි සැලකිල්ලක් නැතුව තමන්ගේ අපහසුතාවය ගැන ගැනම හිත හිත ඉන්න නිසා ගොඩක් දේවල් මිස් වෙනවා.
අන්න ඒ වගේ තමා දැන් අපිට ජීවත් වෙන්න වෙලා තියෙන වටපිටාවත්. සති දෙකෙන් දෙකට, අපිට තියෙන ප්‍රශ්න, වෙන අසාධාරණ ඔක්කොම ටික අමතක වෙලා යන්න එක එක මැජික් පෙන්නනවා. අඩුම ගානේ පෙන්නන්න දෙයක් නැත්තං මොකක් හරි අහක යන දෙයක් හරි මවා පාලා පෙන්නනවා. එහෙම නැත්තං බොරුවට කාට හරි ගස්සනවා. නැත්තං කාව හරි දික්කසාද කරවලා ඒක පත්තරවල දාලා, ටී.වී එකේ කියෝලා සතියක් දෙකක් අදිනව. බලාගෙන යද්දි සමහර වෙලාවට අදාල උං දික්කසාද වෙලත් නෑ…!
මේ රටේ මිනිස්සුන්ට සති දෙකකින් වෙන දෙයක් අමතක වෙලා යන නිසා සමහරවිට වෙනම කමිටුවක් පත් කරලා ඇති සති දෙකින් දෙකට මොකක් හරි, මිනිස්සුන්ගේ හිත් වශීකෘත කරවන, ආශ්චර්මත්… ඉවෙන්ට් එකක් නිර්මාණය කරන්න. එහෙම කරාම මිනිස්සු පොර කන්නේ ඒ ආතල් එක ගන්න නිසා, මිනිස්සුන්ගේ පිටිපස්සෙන් සිද්ධ වෙන දේ ගැන හිතන්න මොහොතක්වත් නෑ. ඊට පස්සේ ඒ ෆන් එක ඉවර වේගෙන ගිහිං ආයෙම බඩුමිල, විදුලි බිල මතක් වෙද්දි ආයෙමත් මොකක් හරි පට්ට ඉවෙන්ට් එකක් දර්සනය කරනවා. එතකොට ඉහල යන මිල දර්ශකය පැත්තක දාලා කීය ගියත් කමක් නෑ කියලා ආයෙමත් පොඩි එවුන්වත් උස්සගෙන දුවනවා ඒ දර්සනේ බලන්න.
ඒක අමතක වී ගෙන එද්දි පෙර පරිදිම මොකක් හරි මෙව්වා එකක් අටෝනවා මහජන ප්‍රදර්ශනේට. හ්ම්… ලංකාව තරම්, රටක මිනිස්සුන්ගේ චිත්ත ප්‍රීතිය ගැන හිතන වෙන කිසිම රටක් නැතුව ඇති මේ ලෝකේ. “සෙක්ස්” හොයලා පළවෙනියා වෙච්චි රටක්, මත්පැන් භාවිතය අතින් තුන් වෙනි තැනට ආපු රටක් කියන්නේ සෙල්ලම් දෙයක්ද…? ලෝක සිතියමේ චූටි ප්‍රමාණයක් ආවරණය කරන රටක් මෙච්චර දේවල් කරන්නේ කොහොමද…? ඒක තමා ආශ්චර්යය. මේ රටේ හැම මිනිහගෙන්ම සාර්ථක දායකත්වයක් ඒ අදාල ස්ථාන දිනාගන්න ලැබෙන්න ඇති. මතට තිත තියෙන්නේ කලින් වාර්තා නොවුන තරම් මත්පැන් ප්‍රමාණයක් විකිනෙද්දී, අර සේනා මේ සේනා පඳුරක් පඳුරක් ගානේ බිහිවෙද්දිත් හාමුදුරුවරු ගෑණු එක්ක හෙලුවෙන් සෙල්ලන් කරද්දි, එක පැත්තකින් මේ රටට පල්ලි එපා කියනවා. තව පැත්තකින් තවත් බාර් එපා කියනවා. හික්ස්… එහෙම කෑගහන මිනිස්සුන්ට බැහැ, තමන්ගේ පන්සලේ හාමුදුරුවෝ එක්ක කතා කරලා හොර වැඩ බේරුමක් කරගෙන සිල්වත් කරන්න…. නිතරම බාර් එකට දුවන තමන්ගේ පුතාට කනට දෙකක් ගහලා බීම නවත්ත ගන්න. ඔක්කොම සීන් එලි වුනාම එක්කෝ පන්සලේ හාමුදුරුවන්ව ගහලා පන්නයි… නැත්තං බාර් කාරයට අල්ලං ගහයි. වැරැද්ද සහ නිවැරදි කිරීමේ ක්‍රමත් තමන් ලඟ තියාගෙනම අනිත් එවුන්ට ඇඟිල්ල දික් කරන මේ ආශ්චර්යය… පොඩි කාලේ ඉගෙන ගත් පරිදි… අහා…ය.
අහා යනු පොෂ් බාසාවෙන් ඕහ් මයි ගෝඩ්ය.
දැන් වරාය පෙන්නාගෙන යයි… ඊට පස්සේ පහලොස් වෙනිදා ඒක ඉවර වුනාම මයිකල් ජැක්සන්ගේ අයියගේ ආතල් එකය. ඔන්න ඔහොම ගිහිං ගිහිං තව ටික දවසකින් ෂුවර් ඇන්ඩ් ෂොට් කටුනායක – කොළඹ මාර්ගයේ අධිවේගයේ වටයක් යෑමට දෙනු නියතය. ඒකෙ නම් ඒ තරම් සිරා ෆන් එකක් එකක් නැති වෙන්න පුළුවන. ගාල්ල – කොළඹ එකේ හයිවේ එකේ කට්ටිය ආව ගිය නිසා මේ හයිවේ එකේ ෆ්‍රී ජර්නියට වැඩිය කව්රුත් සෙට් වෙන එකක් නැත. ඊටත් පස්සේ මොකද්ද තියෙන ඉවෙන්ට් එක…? මතක් වෙන්නේ නෑ. බය වෙන්න දෙයක් නෑ… ජාතික ආතල් සැපයීමේ කමිටුව ඒක දැනටමත් සංවිධානය කර ඇත. එක්කෝ ගුටි කෙලියක්, නැත්තං ආගමික ඉවෙන්ට් එකක්, නැත්තං රේප් සීන් එකක් හෝ අඩුම ගානේ පාතාල කේස් එකක් වත් වෙන්නට පුළුවන. නැත්තං ඉතිං කිසිදා නොඇසූ වීරු මෙව්වා එකක් වෙන්නටත් පුළුවන. හරියට නිකං ඌරු වරිගේ අහවල් ඈත්තන්ට අළුත්ම අළුත් වාහනයක් දෙනවා වගේ…! 😀 දඩයමේ යන්ට වෙන්න ඇති. කලින් ගෙන්නපු සිරා හමර් එකක් වගේ දුන්නොත් නම් මරුය. අම්මට උඩු කෝමද මුවාට කලින් ගිහිං මුවා එනකං ඉඳලා නලලටම ෂූට් කරනකොට.
ගැහැණු අයට අමාරු වෙන්නේ මාසයකට පාරක්ය. ඒත් ලාංකික ජනතාවටනම් සුමාන දෙකෙන් දෙකට එක එක අමාරු සෑදෙන්නේය. මමත් සාඩම්බර ශ්‍රී ලාංකිකයෙක් නිසා මමද එයට ගොදුරු වන්නෙමි. ඒකත් හරි ෂෝක්ය…!
ෆන් එක ගත්ත ගමන් තමන්ගේ අවට වට පිටාව ගැනත් සැලකිලිමත් විය යුතුය. නැත්තං ලංකාවට තව තව තොප්පි වැටීමට හෙවත් තව තවත් කප් ලැබීමට ඇති ඉඩ කඩ බොහෝය. අපි මැජික් වලට හිනාවෙන විට සංවිධායකයන් අපිට හිනාවෙනවා ඇත… “ආං බලපන් උංගේ ෆන් එක… උංට එහෙම ඉන්න දීලා මේ වාහන ටික බෙදා ගමු / ඔය ෆන් එක ඉවර වෙද්දි ගාන පොඩ්ඩක් වැඩි කරමු… වැඩිය දැනෙන එකක් නැහැ / හිනාව අස්සෙම තව දෙතුන් දෙනෙක්ව ඉවර කරමු… ඒව ගැන හිතන්න වෙලාවක් උංට දැන් නැහැ…” කවුරු කොහොම කිව්වත් පොඩි දරුවන්ට අමතරව දේශපාලකයින්ද හදවතින්ම උනුන් සමග සිනාසේ. ඊට අමතරව මේවා බලාගෙන පිටරටවල්ද හදවතින්ම අපිට සිනාසේ…
පිටපත මගේය. සල්ලි වලට පිටපත් නොලියන නිසා අදහස්ද තනිකර මගේය. –at ජීවත් වෙන්න සිදු වෙච්ච රට ගැන පට්ට දුකින්. (මේක හංගන්න ඕනේ… නැත්තං ඔයා හතර හිනා අස්සේ මටත් කෙලවයි)
2013 අගෝස්තු 14 දින ප.ව. 3:03 ට
ගෝල්පිස්සා දැක්කේ කාලෙකින්.. පිටපත උඹේ උනාට පෙන්නන්නේ අපේනයිටියේ නෙව..ඒත් අවුලක් නෑ සති දෙකයි බං…
2013 අගෝස්තු 16 දින ප.ව. 7:39 ට
මේවා නයිටියේ දාන එකක් නෑ…
2013 අගෝස්තු 14 දින ප.ව. 3:59 ට
ලංකාවට මෙනොපෝස් (menopause) නැත්නම් රජඃස්තම්භය උදාවෙලා වගේ මේ කියන විදියට … ඒ කාලේට උඩින්ම කියපු එක කිසි චාරයක් නැතිව සිද්ධ වෙනවාලු .. 😀 😀
2013 අගෝස්තු 16 දින ප.ව. 7:41 ට
හික්ස්… අරලිය නම ප්‍රමෝට් වෙනවා නිකංම
2013 අගෝස්තු 14 දින ප.ව. 4:39 ට
නෑ බං බ්ලොග් ලියන අපට පෝස්ට් දාන්න ටොපික් එකක් නැති නිසා තමයි ආන්ඩුව ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් පටන් අරන් තියෙන්නේ..
2013 අගෝස්තු 16 දින ප.ව. 7:41 ට
පවු අප්පා හැතිකරේ
2013 අගෝස්තු 14 දින ප.ව. 5:09 ට
අපේ අයට මතක හිටින්නේ සති දෙකය්ලුනේ බන්, අවුරුදු 30ක් කොටින්ගෙන් බේරගත්ත අයට දැන් පලු යන්න බනින හැටිත් පේනවනේ?
2013 අගෝස්තු 16 දින ප.ව. 7:41 ට
මොන යුද්ධෙද? කව්ද අපිව බේරගත්තේ? මොකකින්ද? 😛
2013 අගෝස්තු 14 දින ප.ව. 5:25 ට
කියල වැඩක් නෑ මල්ලී . . පට්ට දුකයි. කේන්තියි.
හරි වැරැද්ද තේරෙන එකෙක් දෙන්නෙක්ට මේ ක්‍රමේ වෙනස් කරන්න බෑ. .
ඉතිං ඒ දුක කේන්තිය පිට කර ගන්න මෙහෙම වත් දෙයක් ලියන එක තමයි හොඳම වැඩේ . . . .
2013 අගෝස්තු 16 දින ප.ව. 7:42 ට
හ්ම්… ඒකනම් එහෙම තමා.
2013 අගෝස්තු 14 දින ප.ව. 7:50 ට
බලාපන් ඒකෙත් හැටි, බොලා අපි ඔය සිල්ලර මෝඩ චූන්වලින් චූන් උනාට ලොක්කට එව්වයින් චූන් නෑ බං. රට උකස්තියල ණයට සල්ලි අරන් ලෝක සිතියමේ කොහේ හරි ඩොටේ තියෙන රටකට ඩොලර් බිලියනයක් විතර අම්මගෙ අප්පගෙ බූදලේ වගේ දෙන්න තිබුන නම් අන්න පොරට ඊට වඩා ආතල් එකක් නෑ, මම පොරනේ. ආඩම්බරකාර තාත්තා දැන් නම් ලෝකෙටම විහිළුවක් වීගෙන එන්නෙ.
2013 අගෝස්තු 16 දින ප.ව. 7:54 ට
වෙලා ඉවරයි…
2013 අගෝස්තු 14 දින ප.ව. 7:50 ට
කේන්තියට පොෂ් වචනයක් තියේනං කියාපිය දෙසාබාන්න..!අපිත් පොෂ් වෙන්ට.
2013 අගෝස්තු 16 දින ප.ව. 7:55 ට
වට් අ ෆ්……….
2013 අගෝස්තු 14 දින ප.ව. 9:47 ට
ඕං සෑර් අපිනං ඔව්වට නෑ. අපි මේ දවස්වල වාලධිය කෙළිං කොරාන, අංතට්ටුව පොලිස් කොරාන, යනවා අර විවුර්ත කොරපු දවසේ අපේ ජාතික ගීය කියන්නවත්, අපේ ජාතික කොඩිය දාන්නවත් නොදුන්න, චීනාට අයිති නමුත් අපේ වගේ පෙන්නන, වරාය බලලා, අපේ උත්තමයාගේ කිරිජ්ජපල්ලට පිංසිද්දවෙවා කියලා එන්ට.
2013 අගෝස්තු 16 දින ප.ව. 7:56 ට
හික්ස්…. අපේ රටේ ඒවා විවෘත කරන්නේ වෙන එවුන්ට ඕනෙ හැටියට…
2013 අගෝස්තු 15 දින පෙ.ව. 5:06 ට
//ගැහැණු අයට අමාරු වෙන්නේ මාසයකට පාරක්ය//
ඇති යන්තම්…මම හිතුවේ උඩ ටික කියවගෙන යනකොට සති දෙකෙන් දෙකට කියලා හිතාගෙන ඉන්නවා කියලා.
//පිරිමි ළමයි නම ඒ ගැන වැඩිපුර හිතන්නේ කෙල්ලෙක්ව චුට්ටක් කේන්ති ගස්සන්න පුළුවන් හොඳ කාලසීමාවක් වෙන නිසා. //
අනේ අපොයි මේ පිරිමි… 😀
2013 අගෝස්තු 16 දින ප.ව. 7:56 ට
ඉතිං ඇත්තනේ… ඇඟිල්ලෙන් ඇන්නත් “මොකද” කියාගෙන කඩාගෙන පනිනවා…
2013 අගෝස්තු 17 දින පෙ.ව. 7:11 ට
අනේ ඒ කාලේ, යුද්දේ අස්සේ, කොහොම හරි මාස දෙක තුනකට විතර සැරයක්, අමාරුවෙන්, දවස් තුනක විතර නිවාඩුවක් දාලා ගෙදර ආවැයි කියමුකෝ. කොහෙද එනකොට මෙහෙ තේ කඩේ වහලා……………….ඔන්න ඔය වෙලාවට තමයි අප්පා හිතෙන්නේ අල්ලපු ගෙදරින්……………..(තේ එකක් බොන්ඩ) 😀 😀 😀
2013 අගෝස්තු 17 දින පෙ.ව. 8:24 ට
තේ කඩ මොකටද ලියුම අතේම තැපැල් කෙරුවනම් ඉවරයිනේ… 😀 😀
2013 අගෝස්තු 15 දින පෙ.ව. 8:41 ට
//ජීවත් වෙන්න සිදු වෙච්ච රට ගැන පට්ට දුකින්. (මේක හංගන්න ඕනේ… නැත්තං ඔයා හතර හිනා අස්සේ මටත් කෙලවයි)//
මේකට නම් පට්ට ලයික් මාළුවෝ..ලොකුවෙලා ඉගෙන ගෙන රටට වැඩදායක පුරවැසියෙක් වෙන්න කිව්වෙ මේ රටට නේද කියලා කල්පනා වෙන කොට හොඳටම දුකයි..
2013 අගෝස්තු 16 දින ප.ව. 7:57 ට
ඔව් අප්පා… වෙන කොහේ හරි රටක ඉපදුනානම් කියලා හිතෙනවා…
2013 අගෝස්තු 16 දින පෙ.ව. 8:02 ට
ඇයි නුවර පෙරහැර මතක් වුණේ නැද්ද ?
2013 අගෝස්තු 16 දින ප.ව. 7:58 ට
ලයිට් එක හරියට පත්තු වුනේ නෑ ඒ පාර නම්…
2013 අගෝස්තු 16 දින ප.ව. 1:04 ට
මචං මං ඊයෙ තමයි මේක කියවන්න ගත්තතේ……………….. යශෝධරාට මොකද වුනේ………
2013 අගෝස්තු 16 දින ප.ව. 7:58 ට
ඒක තමයි මේ බ්ලොග් එකේ තහනම් ප්රශ්නය… ඒකම ඇහුවනේ… 😀
2013 අගෝස්තු 16 දින ප.ව. 2:16 ට
සති දෙකෙන් දෙකට නෙමේ බන් දැන් දිනපතා පෑඩ් එක මාරුකරන සයිස් එකක් තියෙන්නේ
2013 අගෝස්තු 16 දින ප.ව. 7:59 ට
හික්ස්… දැන් දුම්රිය අනතුරු ඉවරයි, වරාය ඉවරයි, තව තියෙන්නේ මයිකල් ජැක්සන්ගේ අයියගේ ඉවෙන්ට් එකයි… අළුත් හයිවේ ඉවෙන්ට් එකයි…