වන් බේබි කරේ… වන් බේබි අතේ…

හ්ම්… මදෑ ඔය හිටියා. පහුගිය දවස් වල මේ ඇස් පනාපිට සිද්ධ වුන රසවත් සිදුවීම් කීපයක් දෙසන්ට තමා මේ හදන්නේ. අපි ඉතිං මඩ ගැහීම් වලට එහෙම වැඩිය පුරුදු කාරයෝ නෙමෙයිනේ. තාම පුරුදු වෙනවා…!

පළවෙනි කතාව…

C'mon

C’mon

මේක වුනේ පහුගිය දවස් වල තිබුන ක්‍රිකට් වසන්තයට සමගාමීව. සාමාන්‍යයෙන් නිවාඩු දවසක ක්‍රිකට් මැච් එකක් තිබුනොත් යාළුවෝ කට්ටිය සෙට් වෙලානේ මැච් එක බලන්නේ. අන්න එහෙම දවසක තමා මේ. එක යාළුවෙක් ඉන්නවා, බුවාට දැන් සැලකිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාවක් එහෙම ඉන්න ක්‍රිකට් පුහුණු කරුවෙක්. ඉතිං මූ දන්න නොදන්න හැම දේම බීපු වෙලාවට දන්නවා වගේ කියවනවා. ඔහොම මැච් එක බලාගෙන ක්‍රිකට් ගැන කතා කරද්දී පහුගිය සීරීස් එකක කතාවක් කොහෙන් හරි ඇදිලා ආවා. මටත් හරියට මතක නෑ මොනා කියෙව්වද කියලා. ඒත් අපි හිනා වුනා නම් මතකයි බුවාගේ කතාවකට.

පොර පහු ගිය සීරීස් එකේ විස්තර කථනය දෙන ගමන් කියනවා… ඒ සීරීස් එකේ අපි එක මැච් එකක් පරාදයි බං… අපරාදේ අනිත් මැච් සේරොම ටික උං දිනුං…!

දෙවෙනි කතාව….

මේ දවස්වල මුස්ලිම් අයගේ උපවාස කාලෙනේ. ඉතිං ඔය රාමසාන් හඳ දැක්කට පස්සේ තමා උපවාස කාලය නිමා වෙන්නේ. දැන් අපේ ඔෆිස් එකේ තේ හදන්නේ මුස්ලිම් කෙනෙක්. මේ ටිකේ ඒ මනුස්සයා නිවාඩු. එයාලගේ අළුත් අවුරුද්දට ලෑස්ති වෙනවා. ඒක නිසා දැන් තේ හදන්නේ ආගමක් ජාතියක් හරියකට හොයාගන්න බැරි පන්සල් යන, පල්ලිත් යන, කෝවිලුත් යන බුවෙක්.

මොනා වුනත් පොරත් දන්නවා හැම ආගමක් ගැනම යම්තාක් දුරකට. ඉතිං ඔය රාමසාන් උපවාස කාලය නිමාකරන එක ගැන පොර අපිට පොඩි දේසනයක් දෙන ගමන් කියනවා, පුර අටවක පහුවෙන කොට හඳ පේන්න ගන්නවනේ අන්න එදාට තමා උපවාසේ අතාරින්නේ කියලා. එතකොටම වටවෙලා හිටිය එකෙක් ඔළුව හංගගෙන කියනවා…

අපි බ්‍රහස්පති වල එහෙම හිටියනම් උපවාසේ කරන්න වෙන්නේ නෑනේ… ඇයි බං හඳවල් කීයක් කියලද…

තුන්වෙනි කතාව…

වන් බේබි කරේ... වන් බේබි අතේ...

වන් බේබි කරේ… වන් බේබි අතේ…

මේක තමයි උණූ උණු කතාව… ඊයේ පෙරේදා දවසක ඔෆිස් එකේ පියන් කෙනෙකුගේ වයිෆ්ට බබෙක් හම්බුනා. ඒ එයාලගේ තුන්වෙනි බබා. පළවෙනියා ස්කෝලේ යනවා. දෙවෙනියාට තාම අවුරුදු එකාමාරයි. තුන් වෙනියා හමුබුවෙද්දි  ඒ මනුස්සයා කලින් නිවාඩු දාලා තිබුනේ නැති නිසා නිවාඩු දාලා යන්න කියලා ඔෆිස් එකට ආවා. ඇවිල්ලා ලීව් ෆෝම් එහෙම පුරෝගෙන ඔන්න යනවලු ඩිරෙක්ටර් කෙනෙක් ගාවට නිවාඩුව අනුමත කරගන්න. එක පොඩි එකෙක්ව අතින් අල්ලගෙන අනිත් කෙනාව වඩා ගෙන… එක පාරටම යන්න බෑනේ ඩිරෙක්ටර් කෙනෙක් හම්බුවෙන්න. අදාල සෙකට්‍රිට හරි වෙන පියන් කෙනෙක් මාර්ගෙන් හරි ඩිරෙක්ටර්ට කියන්න ඕනේ මෙන්න මෙහෙම දේකට මෙහෙම කෙනෙක් ඇවිත් ඉන්නවා කියලා. ඉතිං එදා සෙකට්‍රි නිවාඩු. ඉන්නේ පියන් කෙනෙක්. බුවා දුවගෙන දුවගෙන ගිහිං ඩිරෙක්ටර්ට කියනවලු…

සර්… සර්… මිස්ට ප්‍රියන්ත පියන් කමින් සර්. විත් වන් බේබි අතේ… වන් බේබි කරේ…

%d bloggers like this: