රත්තරං වල බලේ…

නිමක් නැති ​තේරිල්ල

නිමක් නැති ​තේරිල්ල

මේ ටිකේ රත්තරං වල මිල බැහැගෙන බැහැගෙන යනවනේ… මිල අඩුවුනාම ගොඩ දෙනෙක් රත්තරං අරගෙන තියාගන්නවා, මිල වැඩිවුනාම විකුණන‍්න හරි උකස් කරන්න හරි කියලා හිතාගෙන. රත්තරං වලට වැඩියෙන්ම ආසා කරනවා කියන්නේ මකරු. ඒ වගේම හොඳ විදුලි සන්නායකයක්. බොහොම මෘදු ලෝහයක්.  ඔය රත්තරං වල ගාන අඩු වුවත් නැතත් ගෑණු ළමයින්ටත්, මකරුන්ට වගේ රත්තරං හොඳටම වටිනවා. සමහරවිට තමන් සන්තක වටිනාම දේවලටත් වැඩියෙන්… ගෑණු ළමයින්ට රත්තරං වලට තියෙන්නේ නොසංසි‍ඳෙන ආශාවක්… ඒකෙන් පිරිමි පක්ෂයට හැම වෙලේම නැතත් හිටපු ගමන් හරි ලොකු ලොකු වාසි වෙනවා. අන්න ඒ වගේ කතාවක් තමා මේ… ගෑණූ ළමයින්ගේ හා මකරුන්ගේ කටවල් වල හැසිරීම සමාන බව ඇත්ත. නමුත් මං මේ කතාවෙන් ගෑණු ළමයින්ව මකරුන්ට සමාන කරන්න කිසිම විදියකින් උත්සාහයක් දරන්නේ නෑ.

ඔන්න එකමත් එක රටක බොහොම හොඳ ප්‍රේමවන්තයෙක් වගේ රඟපාපු කොල්ලෙක්ව කෙල්ලට මාට්ටු වුනාලු වෙන කෙල්ලෙක් එක්ක ඉද්දි. හ්ම්… කමක් නෑ පළවෙනි අවස්ථාවනේ කියලා කෙල්ල ඒක අමතක කරාලු. අම්මට සිරි මෙන්න ඒ සීන් එකේ රස්නේ මැකී ගෙන යද්දිම ආයෙම මූව මාට්ටුලු වෙන කෙල්ලෙක් එක්ක ඉද්දි…! දැන් ඉතිං කෙල්ලට මේක නවත්තලා දාන්න හිතිලා, කොල්ලාගෙන් ගේම ඉල්ලනවලු.

ඇයි ඔයාට මං ඉද්දි ඔයා වෙන කෙල්ලෝ එක්ක ඉන්නෙ?

මම එහෙම ඉන්නේ ඔයාව රැජිනක් කරන්නනේ…

ඔයා වෙන එවුන් එක්ක ඉද්දං මං කොහොමද රැජිනක් වෙන්නේ… මං ඔයාට රැවටුනා…

Queen

Queen

පිස්සුද ළමයෝ… මං වෙන එවුන් එක්ක හිටියට ඔයත් එක්කනේ වැඩි හරියක් ඉන්නේ.. නේද..?

වැඩි හරියක් හිටියට ඔයා වෙන එවුන් එක්කත් ඉන්නවනේ.

ඔව් ඉතිං ඉන්නව තමා. එහෙම නැතුව බෑනේ රජෙක් වුනාම…

රජෙක්…? කවුද… ඔයා..?

ඔව්… මං අන්තඃපුරයක් තියාගෙන රජෙක් වුනාමනේ ඔයාව මට අග රැජින කරගන්න පුළුවන්… ඊ… මෙයාට ඒකවත් තේරෙ‍න්නේ නෑනේ… ඔයා ආසා නැද්ද මං රජෙක් වගේ ඉන්නවට…? එතකොට මට පුළුවන්නේ ඔයාව රත්තරං වලින් නාවලා, ලස්සනන මැණික් ගලක් අල්ලපු ඔටුන්නක් පළන්දලා හැඩ බල බල ඉන්න… කියන්න ඔයා ආසා නැද්ද එහෙම සුර සැප විඳගෙන ඉන්න රැජිනක් වෙන්න…?

දැන් ඔන්න වෙන්ඩ රැජින සෑහෙන හිතනවලු තමාට මේ ඇදෙන්න යන ස්වීප් එක ගැන. එහෙම හිතන අතරේ තමන්ව රැජිනක් කරන්න හදන කුමාරයාට තව තවත් ඒ වැඩ පිළිවෙලට උදවු වෙන්න ඕනේ කියලා හිතාගෙන…

ම්… ඔව්… නේද… මේඃ ඒක නෙමේ… මගේ යාළුවෙකුත් ඇහුවා ඔයා ගැන. ඔයා ඕනෙනම් එයා එක්කත් යාළු වෙන්න. ඇත්තටම මං දන්නේ නෑනේ රජෙකුගේ අන්තඃපුරේට බිසෝවරු කීයක් ඕනෙද කියලා? තව මදිනම් මට කියන්න මගේ යාළුවෝ ඉන්නව තාම කොල්ලෝ නැතුව…!

ඔයා එයාලටත් රත්තරං මාල, මුදු පළඳවනවද..?

පිස්සුද… ඒ දේවල් හිමි වෙන්නේ අග රැජිනට විතරයිනේ. අනිත් අය පරිවාර අයනේ. එයාලට එහෙම ලොකු සම්පත් ලැබෙන්නේ නෑ….! මට පේන්නේ ඔය දැන් කැමතියි වගේ රැජිනක් වෙන්න…?

ම්…. මං කැමතියි මගේ කුමාරයා ඉක්මනට රජ වෙනවා දකින්න…! එතකොට මමනේ අග බිසව…! –at රත්තරං එල්ලුවට කෙල්ලෝ රාජ කුමාරියෝ වෙන්නේ නැති බව ගෑණු ළමයි දන්නේ නෑනේ…

 

Advertisements

22 Responses to “රත්තරං වල බලේ…”

  1. Naleen Dilruksha Says:

    කටුස්සන්ගේ කරෙත් ඕව එල්ලලා මොනවද වුණා කියනවනේ නේද ගෝල්ඩ් ෆිෂ්

  2. maathalan Says:

    ඒ රත්තරන් ලාබ උනාට. අපේ රත්තරන් නම් හැමදාම ගනන්..

  3. arunishapiro Says:

    ඉන්දියාවේ දත්තා පූගේ ඩොලර් ලක්ෂ දෙකහමාරක රත්තරන් ෂර්ට් එකක් හදාගත්ත එක ගැන දන්නවා ද?

    http://newsfeed.time.com/2013/04/17/is-this-250000-gold-shirt-the-most-expensive-top-ever/

  4. DDT Says:

    මාතෘකාව දැකපු ගමන් මම බැලුවා යකෝ මේ මොන හරුපයක් ද කියල.

    රත්තරං + වල බලේ
    ——————————————-
    උඹට කියන්න බං මටත් හිතුනා අර බිස්කට් ඇඩ් එක වගේ එකක් කරන්න.

    “රත්තරන් කිව්වොත්, කෙල්ලො ඕ..නම දෙයක් කරාවි“ 😛

  5. හිරු Says:

    රත්තරං හොඳයි සල්ලි හදිස්සියට බැංකුවේ තියන්න.. ඒ ඇරෙන්න නං මෙලෝ වැඩක් නැති දෙයක්… ආ ඔව්.. ඉඳලා හිටලා බෙල්ලා කපා ගන්නත් පුළුවන් හොරුන්ට කියලා… ඔය කෙල්ලො රත්තරං වලට ආසයි කියන කතාව කවුරුහරි හදපු බොරුවක්.. මං දන්න කෙල්ලො ගොඩක් ඉන්නවා රත්තරං පෙන්නන්න බැරි.. මාත් ඒ ජාතියේ තමයි…

  6. buddie-බුඩී Says:

    maru kathawa, kalekin maluwage adawiyata awee 🙂
    math ahala balanna one rejinak wenna oneda kiyala hamine gen 😀

  7. henryblogwalker Says:

    ඇයි රත්තරං ඔච්චර ගනං කියලා ගුටි කාපු සීන් එක මතකද?

  8. උපේක්ෂා Says:

    රත්තරං සහ සමහර ගෑනුළමයි අතරේ නම් එහෙම සම්බන්ධයක් නැතෝ..

  9. රූ Says:

    මේ මේ මාළු හිතං ඉන්නේ ගෑනු ළමයි කොන්ඩෙ බැඳපු චීන්නු කියලද? හහ්..?!!!!@$%%$#@

  10. රෙහානි Says:

    kawda ane kiyanne kello raththaran walata kamathiyi kiyalaa ewa hondayi hadissiyakata ugasata thiyanna nam 😀

  11. Dilan Thivanka Says:

    mannan owa gana danne na


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: