සහෝදරයින් මළතැන්න

ඔන්න එක ළමයෙක් සිරීපාදේ ගිහිං ආවලු, අම්මලා තාත්තලා එක්ක පුංචි දවස් වල. බුවා පයින් ගියාට වැඩිය ගියේ එක එක්කෙනාගේ කරපිටින්. මෑන් ඒ දවස් වල පුංචියිනේ. පුංචියි කියන්නේ ඉක්කෝලේ හතර වසරේ විතර වුනාට ඇඟෙන් පුංචියි. ඉතිං කකුල් දෙක රිදෙයි කියලා හිතලා හැමෝම මූව වඩාගෙන යනවලු. ඒ දවස් වල එච්චර සෙනගක් නැති වුනත් කිලෝ මීටර් දහයක් විතර කඳු නැගගෙන යනකොට කට්ටියටම හොඳටම හති.

දැන් ඔය සිරීපාදේ යද්දි, මගදී හමුවෙනවනේ එක එක ප්‍රබන්ධ එක්ක සම්බන්ධකම් තියෙන අමුතු නම් තියෙන තැන්. ලිහිණි අක්කා පොඩි පහලට පැනලා දිවි නසාගත්ත තැන “ලිහිණි හෙල“ , එතකොට ඊට එහායින් තියෙන ගජමන් නෝන හදවපු “නෝනගේ අම්බලම“…   ධර්මරාජ ගල, හැරමිටි ආධාරයෙන් ඉහළට නගින්න පහසු “හැරමිටි පාන“, ආඬි මනුස්සයෙක් මැරිච්චි තැනිතලා පෙදෙස “ආඬියා මළ තැන්න“, ඇහැළ කණුව වගේ ස්ථාන. ඉතිං මූත් එක එක්කෙනාගේ පිටේ යන ගමන් හිතට ගත්තලු “මාත් ගෙදර ගිහිං අපේ ගෙදර අමරණීය ස්ථාන සිහිවෙන්න මේ වගේ නම් දානවා“ කියලා.

.

.

පස්සේ ඔන්න සිරීපාදේ කරුණා කරලා ඉවරවෙලා කට්ටිය ගෙදර ගිහිං දවසක් දෙකක් කකුල් තව තව ඉන්න අතරේ මූ කාමරේට වැදී ගෙන පොතක් පෙරළගෙන ගෙයි ප්ලෑන් එකක් අඳිනවලු රූලක් තිය තිය. ඒ දවස්වල හතර වසරේ එකෙකුට මොන එහෙකටද ප්ලෑන්…? පස්සේ මුගේ අම්මා ඇහැව්වලු මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. කියන්න බෑනේ මූ හතර වසරේ වුනාට සිරීපාදේ ගිහිං ඇවිත් මොලේ පෙඟිලා මොන මගුලක් කරන්න හදවනද කියලා…

අම්මා ඉන්නකෝ… මං  නිකං ඇන්දේ… කියාලා මූ කොහොම හරි ශේප් වුනාලු. ඒත් ඌට ඒක ඇඳගන්න සෑහෙන කාලයක් ගත වෙච්චි නිසා දාන්න හිටිය නම් එහෙම අමතක වුනාලු. කොහොම හරි දහය වසරෙදි දවසක් පොත් අස්කරද්දි ආයෙම මූට හම්බුවෙනවා සූටි කාලේ ඇඳපු ප්ලෑන් එක. ඒ වගේම කරන්න හිටිය වැඩෙත් මතක් වෙනව. ආයේ ඉතිං දැන් පහු බහින්නේ මොකටද කියලා මෙන්න පොර පටන් ගන්නවා ගෙයි තියෙන අති විශේෂ ස්ථාන වලට නම් දාන්න.

කුස්සියේ තියෙන වැඩකට නැති, ගැරඬි ඇදෙන සිදුර – ගැරඬි ගුල

තාත්තා ඒ දවස් වල තඩි පත්තෑයෙක් ඉඳලා, ඌව සෙත්තපෝච්චි කරපු ගල් පොත්ත – පත්තෑ ගල

නැටි දෙකේ හූනා ඉන්න බිත්තියෙ හිල – දෙනැටි හූන් ලෙන

ඔහොම නම් කර ගෙන කර ගෙන ගිහිං අන්තිමේ ඇඳ පුටු  වලට පවා විශේෂිත නම් දානවලු. දැන් බුවාගේ සිතියම බැලු බැල්මට පුරාණ නගරයක සැඟවිච්ච සිතියමක් වගේලු. අන්තිමේ ස්ථාන කීපයක් ගැන ගැටලු සහගත තැන් මතු වුනාලු.

අනාගත නිම්නය

අනාගත නිම්නය

බුවාගේ ප්‍රියතම ස්ථානය වන ඇඳට, පජාත නමක් දාන්න බෑනේ. වෙන තරමක් මෙව්වා එතෙන වෙනවා තමයි… ඒත් ඉතිං වාසය කරන ඇඳනේ… ඉතිං බුවා හිතලා හිතලා… හොඳට හිතලා දැම්මලු නමක්… “අනාගත නිම්නය“ කියලා බුවාගේ ඇඳට. 😉

පස්සේ ඔන්න අම්මාලගේ ඇඳට නමක් දාන්න ඕනේලු. ඒක නම් ඉතිං අප්සට් වුනාට කමක් නෑනේ කියලා හිතලා.. ඒකට දැම්මලු නම “සහෝදරයින් මළතැන්න“ කියලා. 😀

අන්තිමට බුවාගේ අක්කගේ මුලු කාමරේටම නම දැම්මලු “අකුණු ගැටෙන තැන“ කියලා. -at හරියටම හරියන නම් ටික…

22 Responses to “සහෝදරයින් මළතැන්න”

  1. පොඩ්ඩි Says:

    අපරාදේ කියන්ට බෑ ඇඟ පොඩි උණාට ලොකු මොළයක් තිබිච්ච කොල්ලෙක්… 😀

  2. හිරු Says:

    මට නං අන්තිම වෙනකම්ම මීටර් උන් නෑ සහෝදරයින් මළතැන්න උනේ කොහොමද කියලා.. හි හි…

    කොල්ලන්ටත් මොලේ ටිකක් හරි තියෙනවානේ… ලස්සන නම් ටික…

  3. Upeksha Says:

    මටත් තේරුනේ නැහැ නේ හිරු…. මොකක් හරි අඩුවක් තියෙනවද ඒ කතාවේ එහෙනම්?

  4. amila chathuranga Says:

    අකුණු ගැටෙන තැන ගොරවන්නෙ නැත්ද දන් නැහැ නේ..වැසි වැටෙනවත් ඇති ඉතිං අකුණු ගැටෙනවා නම්.

  5. DDT Says:

    හෆොයි ! හිනා උනු තරමක්. “සහෝදරයින් මළතැන්න“ අයියෝ ෂල්ලි.

    ඕකව අල්ල ගන්න බැරි වෙයිද දන්නෑ, ආණ්ඩුවෙ ව්‍යාපෘති ටිකකට නම් දාන්න. 😀

    අර අන්තිමට තියෙන ෆොටෝව දැක්කම මතක් උනේ. මටත් හුඟ කාලෙකට කලින් ඔය වගේ මරු ඉමේජ් ටිකක් ආවා, මෙහෙම තැනක දාන්ට බැරි ජාතියෙ වගෙයක්, ඒත් මාර නිර්මාණශීලීයි. 😀 😀

  6. රූ Says:

    මරු නම් ටික..විශේෂයෙන් අක්කාගේ කාමරේට දාපු එක..


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: