තිලක්ගේ තොරණ…

තිලක් කියන්නේ අපේ ඔෆිස් එකේ ටෙක්නීෂියන්. වැඩ මකබාස්ගේ වගේ වුනාට මිනිහා තමා ඉලෙක්ට්‍රික් බාස්. එක පාරක් කැමරාවක් ඔලුවෙන් අතට මිනිස්සුන්ව පේන විදියට සෙට් කලෙත් පොරම තමා.

planning

planning

ඉතිං, තිලක්ගේ තියෙනවා පොඩි පොඩි සයිඩ් බිස්නස්, අපේ ඔෆිස් එකේ වැඩ වලට අමතරව. එයින් වැඩි දෙනෙක් දන්න එක තමා ගෙවල් වයරින් කිරිල්ල. දන්න තරමින් තාම නම් ගෙයක් වැරදියට වයරින් කරලා කෑමක් සෙට් කරගෙන නෑ. ඒත් ඉතිං කතාවට කියන්නේ තිලක් මොන ලයිට් එකක් දැම්මත් ඒක ටියුබ් ලයිට් එකක් කියලා. ස්විච් එක දැම්මම ලයිට් එක ටිකක් වෙලා ගැහිලා තමා පූර්ණ එලියෙන් පත්තු වෙන්නෙ. හේතුවක් කියන්න තිලක්වත් දන්නෙ නෑ. අනිත් දේ තමා මිනිහා පැය බාගේ වැඩේට වුනත් දවස් දෙකක් විතර ප්ලෑන් කරන එක. ක්ෂණික විසඳුම් නෑ. හදිසියේ හරි වයර් ෂෝට් එකක් වුනොත් මේන් බ්‍රේකර් එකෙන් ඕෆ් කරනවා මුළු ඔෆිස් එකේ කරන්ට් එක. ඊට පස්සේ ඉතිං අළුත් වැඩියාවට කලින් පැය පහක් හයක් කල්පනා කරනවා. ඕන්න ඊට පස්සේ ගෙදර යන්න කිට්ටු වෙලා තමා අළුත් වැඩියාව කරන්නේ.

පහුගිය පොසොන් පෝයට තිලක් ඉල්ලුම් කලා ලොකු නිවාඩුවක්. දවස් හතරක. පෝය දවස් සහ සෙනසුරාදා, ඉරිදා දවස් අතෑරලා දවස් හතරක් කියන්නේ, කසාද බැඳලා හනිමුන් යන්න වගේ ඉල්ලන නිවාඩුවක්. තිලක් බැඳපු මනුස්සයා නිසා ඉතිං බොස්ට පුදුමයිලු ඇයි මේ යකා මෙච්චර දිග නිවාඩුවක් ඉල්ලන්නේ කියලා. පස්සේ නිවාඩුව අනුමත කරන්න කලින් තිලක්ගෙන් මේ ගැන අහලා.

සර්… මේ පොසොන් එකට අපි අනුරාධාපුරේ යනවා. ඒකයි සර්… කියලා තිලක් කියලා.

ලොක්කත්… හ්ම්… හ්ම්… කියලා නිවාඩුව දීලා.

පස්සේ ඔන්න සති අන්ත නිවාඩුව ඉවරවෙලා එහෙම ලොක්කා තිලක්ව හොයනවා, මිනිහා අනුරාධපුරේ ගියා කියලා අමතක වෙලා.

ප්‍රදීප් කියන්නේ අපේ ලියුම් කියුම් භාරව ඉන්න කෙනා. ප්‍රදීප් ගෙන් ලොක්කා අහනවලු.

ප්‍රදීප්, කෝ අයිසේ මේ තිලක්…?

ඇයි සර්… තිලක් අනුරාධපුරේ ගියානේ තොරණක් ගහන්න.

ඈහ්… මිනිහා එහෙත් දැන් තොරන් ගහනවද…?

ඇයි සර්…?

නෑ අයිසේ මේ බලනවා… මේ ඔෆිස් එකෙත් මිනිහා දාපු ලයිට් කීයක් නම් නිවී නිවී පත්තු වෙනවද කියලා…! –at අපිට නම් හැමදාම තොරන් තියෙනවා තිලක් නිසා…

14 Responses to “තිලක්ගේ තොරණ…”

  1. Upeksha Says:

    හාහ්.. හාහ්….. නියමයි…. ඔය වගේ යාලුවෙක් මටත් උන්නා….

  2. Praසන්ன Says:

    ඒ කියන්නෙ මිනිහ ඔෆිස් එකෙත් තොරණක් ගහලද?

  3. Naleen Dilruksha Says:

    මේ හාදයා ගැන මෙයිට කලිනුත් මොකක් හො කතාවක් කියෙව්ව මතකයක් තියනවා.

  4. ගිනි කුරුල්ලා Says:

    ඇත්ත කියපන්, තිලකා එහේ මෙහේ වෙනකල් ඉදලා මාළුවා බල්බ් ටික උස්සනවා නෙහ්?

  5. DDT Says:

    ඊළඟ වෙසක් එකටවත් උඹලෑ ඔෆිස් එකේ ඔය නිවි නිවි පත්තුවෙන එව්ව දාලා ප්‍රදර්ශනය කරපං, ‘මහා තොරණ් රාජයා‘ කියල.

  6. maathalan Says:

    ඌ එහෙනම් තොරන් ඉස්පැෂලිස්ට් කෙනෙක් නොවැ…

  7. රාජ් Says:

    තිලක් බැඳපු මනුස්සයා නිසා ඉතිං බොස්ට පුදුමයිලු ඇයි මේ යකා මෙච්චර දිග නිවාඩුවක් ඉල්ලන්නේ කියලා.//

    මම කිව්වෙ! උඹේ භාෂා මෙව්ව එක… 🙂


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: