ඇත්ත තිස්සගේ බොරු මුවා…

මුවා සොයමින්

මුවා සොයමින්

තිස්සගෙයි මුවාගෙයි කතා අහලා ඇතිනේ ඕනේ තරම්. ඉතිං ඒ අනුව යමින් ඔය කතාව ඇති වෙච්චි දවස් වලම අපි කට්ටියකුත් රඟපෑවා ඔය නාට්ටිය. ඒ දවස් වල අපි ස්කොලේ ගිහිං ඉවර වෙලා ටිකක් කල් ගිහිං, කීප දෙනෙකුට ජොබ් එහෙම ලැබිලා.  ඉතිං ඔය ඉස් ඉස්සෙල්ලම ජොබ් වලට ගිය අය ඒ වෙන කොටත් නෝ ජොබ් පදනමේ හා වැඩිදුර අධ්‍යාපනය ලබන අයට දුන්නා පොඩි පාටියක්.

කොල්ලෝ විතරයි පාටියට ගෙන්නුවේ. කෙල්ලෝ ගෙන්නුවොත් ඒක පාටියක් කෙසේ වෙතත් මළ ගෙයක් නම් වෙනවාමයි කියලා දන්න නිසා ගෑණූ ළමයි කාටවත් ආරාධනා කරේ නෑ. ඒ වෙද්දි මාත් වැඩිදුර අධ්‍යාපනේ නිසා මාවත් සෙට් වුනේ ආරාධිත පාර්ශවේට. යාළුවෝ ගොඩ දෙනෙක් ඒ වෙනකොටත් බොන්න පුරුදු වෙලා ඉවරයි.

ඔන්න පාටිය පටන් ගත්තා. හවස හතරට විතර සිරා වෙල් යායක් ගාව තියෙන රෙස්ටෝරන්ට් එකක් තමා සෙට් වුනේ. ඉතිං හවස හය විතර වේගෙන එද්දි, වෙලේ ඉඳන් එන හුළඟයි, ඇල්කොහොලුයි එකතු වුනාම හැමෝටම වගේ ෆුල් ෆන්. වෙනදට කටක් ඇරලා වචනයක් කතා කරන්න බය වුන් එදා කෙල්ලෝ ගැන කතා කරනවා. තරමක් කතා කරන වුන් එක එක කතා කියනවා. ඔහොම කතා කියාගෙන යද්දි, කවුරු හරි තිස්සගෙයි මුවාගෙයි කතාවත් ඇදලා ගත්තා.

ඔන්න දැන් පාටියේ උච්චතම හරිය.

එකෙක් – මචං අපි කෝල් එකක් දීලා බයිට් එකක් දෙමුද කාටහරි?

තව එකෙක් – මේ කාටවත් මොකටද බං අපේ තාත්තටම කතා කරපංකෝ…. අපේ තාත්තා තිස්සනේ.

කලින් එකා – එහෙනම් ඉතිං උඹම කතා කරපං… බීලා නිසා වොයිස් එක අඳුන ගන්න එකක් නෑ.

ඔන්න වෙන කෙනෙක්ගේ ෆෝන් එකකින් පුතා ගන්නවා තාත්තට කෝල් එකක්… ස්පීකර් දාලා කට්ටියටම ඇහෙන්න එහෙම.

පුතා – හෙලෝ…. මේ තිස්සද…?

තාත්තා – ඔව්… තිස්ස තමා කවුද කතා කරන්නේ..?

පුතා – ආහ්… මම මේ මිහිඳු… අනේ මචං තිස්ස… පොඩ්ඩක් බලපංකෝ මුවා ආවද කියලා…

තාත්තා – මොන මුවාද…?

පුතා – ඇයි මචං… මුවා… මුවා…

දැන් අපිට හිනා මූ තාත්තට මචං කියන කොට. කොහොම හරි යාළුවගේ තාත්තටත් කටහඬ මීටර් නෑ.

තාත්තා – මොනා මුවාද අයිසේ…? තේරෙන්න කියනවා හරියට.

පුතා – මචං…. හෙන ගාම්භීර ස්වරයෙන්… මචං… මම මිහිඳු…. දැන් ඔයා තමයි තිස්ස…. හරිද…. එතකොට කෝ දැන් අපේ මුවා…?

තාත්තා – #&%^# පුතෝ… තොට මං දැන් කිව්වා නේද මෙහෙ ඇති මුවෙක් නෑ කියලා. ඈ….?

පුතා – අම්මට හුඩු යකෝ… තාත්තා කොහොමද මට එහෙම කියන්නේ?

 තාත්තා – ඈ… තාත්තා? ඈ යකෝ… තෝ අනුරුද්ධද?

පුතා – ඔව් තාත්තේ…

තාත්තා – එහෙනම් දැන් තෝ කලින් කිව්වේ තෝ මිහිඳු කියලා…?

පුතා -……………..

තාත්තා – උඹ බිව්වද…?

පුතා – ඔව් තාත්තේ…

තාත්තා – හරි පුතේ උඹ වරෙන්කෝ අද ගෙදර… උඹ මිහිඳුනේ… මං උඹේ තාත්තා චන්ඩාශෝක…. වර තෝ අද ගෙදර, හම ගහනවා තෝව.

නාට්ටිය ඉවර වුනේ ප්‍රේක්ෂකයින් කුතුහලයේ ගිල්වමින්, අඳුරු භයංකාරයේ නාවමින්…! – at රිදෙන්න ටොක්කක් ඇරෙන්න වෙන මුකුත් හිතුව තරම් භයානක සීන් තිබුනේ අවසානයේ….!

ඉස්සර කරපු විහිළුවක් පමණි. අපහාස කිරීම් නැත.

 

 

Advertisements

28 Responses to “ඇත්ත තිස්සගේ බොරු මුවා…”

  1. මාඩා Says:

    පට්ට…………..

    උඹ මොනවද දන්නෑ තෙල් වැටුනාම කියෙව්වේ.. ඒකත් දාපන්කෝ බලන්න….

  2. DDT Says:

    මහ රෑ නිදා ඉන්න මිනිස්සුන්ට කෝල්කරල “මම තිස්ස, මගේ මුවා එහෙම ඔය පැත්තෙන් දිව්වද “ කියල අහන කතන්දරේකුත් මම අහල නම් තියෙනව. ඒ උනාට මූ තාත්තටමනේ කතාකරල තියෙන්නෙ, ෂික් උඹ වගේම නැහැදිච්ච කොල්ලෙක්, උඹේ යාළුවෙක් නම් ඉතිං ආයෙ මොනවද.

    දැන් එතකොට මාළුව එතනට ගියේ බයිට් වළඳන්නද?

    • Gold fish Says:

      ඇයි අපි අමද්‍යප කියලාද හිතන් ඉන්නේ? 😀 අපි කන බොන ජොලි කරන මිනිස්සු.

  3. henryblogwalker Says:

    මේ තමයි උඹ ලියපු කතාවලින් මගේ ප්‍රියතම එක. ආයෙ දෙකක් නෑ. එළම කිරි~!

    • Gold fish Says:

      අනුරුද්ධයා දැක්කනම් මට බඩු බනිස්.

  4. Charmi Sam Says:

    මල් හතයි…………. 🙂 🙂

  5. Prasa Says:

    පලවෙනි පාරට කොමෙන්ට් කරන්නෙ, මම බීලා තාත්තටත් මචන් කියල කේලෝ ගත්ත එකෙක්. එත් බන් මෙහෙම ඉල්ලන් කාපු සීන් එකක් ඇහුවමයි. පට්ට පට.
    -ප්‍රසා

    • Gold fish Says:

      යාළුවගේ තාත්තත් කන බොන මනුස්සයා. ඒක නිසා වැඩේ එච්චර අවුල් වුනේ නෑ. තාත්තගෙම පුතානේ කියලා ආඩම්බර වෙන්න ඇති.

  6. Dilan Thivanka Says:

    හෙහ් මරු කතාව.අපේ එකෙක්ටත් බීල මරු වැඩක් උනා.උගේ උපන්දිනේ දවසේ ටිකක් දුර තියෙන දිය ඇල්ලකට ගියා.නාන තැනට යන්න ඇල්ල දිගේ ටිකක් උඩහට යන්න ඕනි.ගිය ගමන් කට්ටිය වැඩ පටන් අරං.ඊට පස්සේ නාල,කාල එහෙම ඉතින් එන්න පිටත් උනා.එදා වැහැල ගල් හොදටම ලිස්සනව.බර්ත්ඩේ බෝයි පිටිපස්සේ ඉදං ‘මචං බලාගෙන පලයන් ලිස්සය්’කියන කොටම ”චෝස්” ගල සද්දයක් ආව බැලින්නං පොර නැ හොදට බලද්දී මෙන්න ඔලුව තියෙනව ගල් දෙබෝක්කාවක් අස්සේ.මොනව කරන්නද එහෙම්මම තෙමිච්ච කුකුළ වගේ බස් එකේ නැගල ගෙදර ආව.

    • Gold fish Says:

      බීලා යනවනම් හොඳට යන්න එන්න පාර තියෙන තැනකට යන්න ඕනේ. නැත්තං කේස්.

  7. පොඩ්ඩි Says:

    //කෙල්ලෝ ගෙන්නුවොත් ඒක පාටියක් කෙසේ වෙතත් මළ ගෙයක් නම් වෙනවාමයි කියලා දන්න නිසා ගෑණූ ළමයි කාටවත් ආරාධනා කරේ නෑ.//

    මෙහෙම කියන අයටම තමා කෙල්ලෝ නැතුව ඉන්ටම බැරි…හහ් 😀

    • Gold fish Says:

      ඈ… මේං වැඩක්. මේ කතාවේ ඔච්චරමද වැදගත් කමත් තියෙන කෑල්ල. ම්හු….

  8. Praසන්ன Says:

    ඇති යංතං තිස්සගෙන් ඊතල පාරක් නොකා බේරුනා.

    • Gold fish Says:

      කන හරහා වදින්න තිබ්බ එකක් 😀

  9. දේශකයා Says:

    චන්ඩාසෝක අරුට හොම්බෙන් යන්න දෙන්න ඇති.. පට්ටම කතාව.. ඔන්න අඩවි රජා ෂෙයා කරපු නිසා දැකල ආවේ

    • Gold fish Says:

      චන්ඩාශෝක වුනාට බිව්වම ගුත්තිල වගේ. ඒක නිසා වැඩි අවුලක් නෑ. පුතන්ඩියාගේ හැටි දන්නවා උංගේ තාත්තා. තෑන්ක්ස් රජා…

  10. magenama Says:

    හැබෑටම තිස්ස එලවන් ගිය මුවාට මොකද වුනේ බං?සුදු කරත්තයකින්වත් උස්සන් ගියාද?

    • Gold fish Says:

      ඔය කොහේ හරි කැලෑවක ඇති… 😀

  11. රාජ් Says:

    පට්ට කතාව බං. හිනා උනා කඳුළු එන්නම.

    • Gold fish Says:

      ලඟට වෙලා කතාව අහගෙන හිටිය අපිට තමා ආතල්ම… තාත්තගෙයි පුතාගෙයි කතාවලට.

  12. wicharaka විචාරක Says:

    මේ කතාව පොඩ්ඩක් වෙනස් ආකාරයට මට කියලා දුන්නේ අද අපිට ඉන්න ප්‍රවීණ දක්ෂ ගායකයෙක්. එතුමාගේ ගීත එදාටත් අදටත් අනාගතයටත් එකසේ වටින, පවතින, ඒවා. එතුමා කිව්වේ මෙහෙමයි. (අර ශාන්ත ස්වරයෙන්, පොඩ්ඩක්වත් හිනා නොවී, පුංචි මධු විතකුත් අතැතිව) රෑ වෙනතුරු මහන්සිවී, පොසොන් උත්සවයේ ආලෝකකරණ කටයුතුවල යෙදී මහන්සිවී පැමිණ නිදාගත්, මිහින්තලේ විදුලිබල කාර්යාලයේ සේවකයකුට තමයි ඔහුගේ යාලුවෙක් මේ ඇමතුම දෙන්නේ. ඔහු අහන්නේ ‘මම දේවානම්පියතිස්ස අපේ මුවා ඔය පැත්තේ ආවද’ කියලයි. නින්දෙන් අවදිවී කෝපයට පත් අර සේවකයා දන්නා පද ඔක්කොම කියලා දුරකථනය තබා නිදාගන්නවා. පාන්දර ජාමයේ නැවතත් දුරකථනය නාද වෙනවා. විදුලිය බිඳවැටීම් වියහැකි නිසා ඔහු නිදිමරගාතේම උත්තර දෙනවා. ඒ අවස්තාවේදී කතාකරන්නේ මුවා. මුවා අහනවා ‘මහත්තයෝ මම මුවා කතාකරන්නේ රජ්ජුරුවෝ මාව හෙව්වද’ කියලයි.

    • Gold fish Says:

      ඔව් ඔව්… මුවාගෙයි තිස්සගෙයි කතා තියෙන්නෙ සීරීස් ගනන්. ඒවා අහලා තමා අපිත් බයිට් එක දුන්නේ.

  13. sithum Says:

    පුතාගෙ තෙල බිංදුවට බහින්න ඇති නේද? කතාව හොදට ලියල තියනව නියමයි නියමයි!

    සිතුම් සයුර

    • Gold fish Says:

      එහෙම තමා ඉතිං, ගෙදරින් එලෙව්වොත් ඔක්කොම ඉවරයිනේ…

  14. රූ Says:

    එතකොට මාළුවගේ තාත්තගේ නම තිස්සද?!!

    • Gold fish Says:

      මම අනුරුද්ධ නෙවෙයිනේ. 😀 අපේ තාත්තට මචං කිව්වනම් එහෙම ගෙදර ගිහිං ඉවරයි.


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: