ඔන්න එකමත් එක රටක ගෑණු ළමයෙක්, පිරිමි ළමයෙක්ගේ ගේ බලන්න ගිහිං තනියම. එක එක රටවල හැදෙන ගෑණු ළමයි එහෙම තමා. කිසි බයක් නෑ. අම්මප මොකෙක් හරි එකෙක් උස්සං ගියානම් එහෙම….! කොල්ලගේ අවාසනාවට එහෙම වෙල නෑ. 😀
පස්සේ ඔන්න පිරිමි ළමයව මුන ගැහුන වෙලාවක ගෑණු ළමයා, පිරිමි ළමයගේ ගෙදර විස්තර එහෙම කියලා… අන්තිමට බටර් සූට්ටක් එක්ක ලුනු කලවම් කරලා… පුංචි ගේ පොඩ්ඩ හරි ලස්සනයි…! කිව්වලු. ගෑණු ළමයි හිතාගෙන ඉන්නේ ඉතිං පිරිමි ළමයි එයාලගේ බටර් ගැන දන්නේ නෑ කියලනේ. ඒ අනගි අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න හිතුව පිරිමි ළමයා….
හ්ම්… වැඩක් නෑ බබා. ගේ පිටත තියෙන ලස්සන ඇතුලේ නෑ…. කිව්වලු.
ඇයි… ඇයි… ඇයි…. එහෙම කියන්නේ…?
අපේ ගේ මැද අඩි තිහ හතලිහක් ලොකු ලිඳක් තියෙනවා. ඒක උඩ ලෑලි දාලා තමා අපේ කාමරේ හදාගෙන තියෙන්නේ.
ඈහ්… අම්මෝ… බය නැද්ද ඉතිං…?
බයයි තමා මොනා කරන්නද? ගිය සතියේ අපේ පූසගේ කකුල ලෑල්ලක් අස්සෙන් ගිහිං නූලෙන් බේරුනේ.
හ්ම්…. ඉතිං ළිඳ වහන්නේ නැද්ද?
ඒක ලේසියෙන් වහන්න බෑ බබා. පස් ට්‍රැක්ටර් සීයක් විතර දාන්න වෙයි. දැන් පස් ට්‍රැක්ටරයක් රුපියල් නෙමේ…අදාල රටේ සල්ලි වලින් තුන්දාහක් විතර වෙනවනේ…! පස් අදින මිනිස්සුන්ටත් සල්ලි දෙන්න එපැයි.
හ්ම්… ඉන්නකෝ මාත් ඩිග්රි එක අරගෙන ජොබ් එකකට යනකං. මමත් කීයක් හරි දෙන්නම් ළිඳ වහන්න.
කෙල්ල ෆුල් සීරියස්ලු. සල්ලි දෙන්න පොරොන්දුත් වෙනවලු. මල මගුලයිලු. තව විස්තරත් අහනවලු. ඔය ඔක්කොටම හිනා නොවී උත්තර දෙන්න බැරි වෙච්චි කොල්ලට “හික්ස්“ හඬින් හිනා ගියාලු. කෙල්ලට තමන් ඇන්ද ඇඳිල්ල ඉක්මන් වැඩි බව තේරෙද්දි කොල්ලා උගේ යාළුවටත් කෝල් කරලා සතුට බෙදාගෙන ඉවරලු…!
තෝ මාව රැවැට්ටුවා නේද ළිඳක් ගැන බොරු කියලා…? යන ලෙස කෙල්ල තම පරාජය බාරගන්න වෙලාවට අර එකෝමත් එක රටේ කොල්ලට හරි සන්තෝසයිලු. ඒක නිසාම හිනාත් යනවලු. ඒත්… අනිච්චේ දුක්ඛේ…. හිනාව මොහොතකින් නැති වෙනවලු….
“ළිං වැහුවට ළිඳ හාරන්න දෙන්නේ නෑ බොරු කිව්වොත් එහෙම…“ කියනකොට…
මේ කතාව සම්පූර්ණයෙන්ම “ඒවං මේ සුතං“ වර්ගයේ එකක් පමණි. –at කෙල්ලොත් එක්ක විහිළු පරිස්සමින්…!
2013 ජූනි 16 දින ප.ව. 3:46 ට
cheeeeeeeeeeeeeeeeeeeeeeeyaaaaa…..
2013 ජූනි 17 දින පෙ.ව. 11:25 ට
ළිඳක් දැකලවත් නැති අයනේ… 😛
2013 ජූනි 16 දින ප.ව. 3:54 ට
මලා.මේ ලියල තියෙන්නේ කතන්දරයක් :P. මාත් හුග කාලෙකින් ආවේ.පරණ ඒවටත් එක්ක මේ කමෙන්ට් එක
2013 ජූනි 17 දින පෙ.ව. 11:25 ට
උඹලටත් මේ වගේ එකක් ලිව්වම නම් නිකංම එවෙනවා…
2013 ජූනි 16 දින ප.ව. 5:04 ට
ළිද හාරන්න නුදුන්නත් කමක් නැ බහින්න දෙනවනම්
කට්ටිය මගේ බ්ලෝග පැත්තෙත් රව්මක් දාන්න මම අලුත් එකෙක්
http://onemalaysiasinhala.blogspot.com/
2013 ජූනි 17 දින පෙ.ව. 11:26 ට
බැහැලා මඩ නාන්න බං වෙන්නේ
2013 ජූනි 17 දින පෙ.ව. 3:39 ට
ලිද මගේ නම් මං ලිදේ නම්…. 😀 😀
“ඒවං මේ සුතං“ කියන්නේ මොන වර්ගෙද බං???
2013 ජූනි 17 දින පෙ.ව. 11:27 ට
ඒවං මේ සුතං කියන්නේ, මම මෙසේ අසන ලදී කතා වලට. 😀
2013 ජූනි 17 දින පෙ.ව. 9:02 ට
très drôle huh… 😀
2013 ජූනි 17 දින පෙ.ව. 11:28 ට
වෙරි ෆනි එක ඇයි දන්නේ නෑ ප්‍රංශ වලින් දැම්මේ? 😀 ප්‍රංශේ අය රොමැන්ටික් වැඩි නිසාද? 😉
2013 ජූනි 17 දින ප.ව. 12:32 ට
කමක් නෑ අල්ලපු වත්තෙන් ලිඳක් හාර ගන්න බැරියැ.වතුර එනවනම් ලිං පයිත්තියංද ඇහුවලු.
2013 ජූනි 17 දින ප.ව. 9:49 ට
අල්ලපු වත්තේ මොකටද පාරේ යන්නේ වෝටර් බෝඩ් බට ඕනෙතරම්
2013 ජූනි 18 දින පෙ.ව. 11:40 ට
හාපෝ……………එව්වා හරි ගණං.
2013 ජූනි 18 දින පෙ.ව. 11:45 ට
මේ මෙව්වට උත්තර දෙන්න ගියොත් මේක 18+ වෙනවා. 😀
2013 ජූනි 17 දින ප.ව. 7:22 ට
maluwata lindata bahala purudui wage 😉
2013 ජූනි 17 දින ප.ව. 9:50 ට
ඇයි නැත්තං ඔයා පුරුදු කරන්නද? 😀
2013 ජූනි 20 දින පෙ.ව. 10:55 ට
maluwa hariii hadakaraya, wadakaraya , wisekaraya ne ? lol 😀
2013 ජූනි 23 දින ප.ව. 5:55 ට
දන්නෝ දනිති.
2013 ජූනි 17 දින ප.ව. 9:45 ට
මොකෙන්ද බං ඔය ලිඳ හාරන්නේ???
2013 ජූනි 17 දින ප.ව. 9:50 ට
හික්ස්… හෑන්ඩ් ඩ්‍රිල් එකෙන්… 😀
2013 ජූනි 17 දින ප.ව. 10:02 ට
හුටා..කලටිද …එහෙනම් අම්බානකට හයිය ඇති…විනාකිරි වල දාන්න වෙයි…..
2013 ජූනි 17 දින ප.ව. 10:05 ට
😉