ආලෝකයේ සිත්තම්කරු.

වර්ණවලට කල හැකි දේ

වර්ණවලට කල හැකි දේ

ඔහු… ඇමරිකන් ජාතිකයෙක්. සත්‍යරූපී, ගැමි පරිසර රටාවන් හා ගැමි සංස්කෘතිය තම වර්ණයන් මිශ්‍රණයෙන් චිත්‍රනය කල අපූරු ශිල්පියෙක්. මම ඔහුව අඳුන ගත්තේ අරුණි අක්කා හරහා. එයා ඇමරිකාවේ හින්දා නෙමෙයි. මගේ පෝස්ට් එකකට දාපු කමෙන්ට් එකක් නිසා.

එදා මට ඕනේ තරම් වෙලා තිබුනා, ඒ ශිල්පියා කව්ද කියලා හොයන්න. ඉතිං මං හෙව්වා. මං නොදැනුවත්වම මගේ ගාව තියෙන ඉමේජස් අස්සේ ඔහු අතින් ඇඳුන චිත්‍ර ගණනාවක් තිබුනා. ඒවගේ අයිතිකාරයා කවුද කියලවත්, චිත්‍රය ගැන කිසිම විස්තරයක් වත් මං දැනන් හිටියේ නෑ. ඒ ඉමේජස් යම් දවසක මට ඕනෙ වෙයි කියලා හිතුනා ඒක නිසා කොපි කරගත්තා මිසක්. ඒත් අර කමෙන්ට් එක නිසා, ඒ ශිල්පියා ගැන ගොඩක් දේවල් දැන ගන්න ලැබුනා. ඊටත් වැඩිය එයාගේ ඔන් ලයින් චිත්‍ර පොතක්ම පිටුවෙන් පිටුව පෙරලලා, පුංචි විස්තරයකුත් එක්ක කියවන්න ලැබුනා. ඒක හරිම විනෝදයි.

ඔහු නමින් තෝමස් කින්කේඩ්. ඇමරිකාවේ, කැලිෆෝනියාවල 1958 උපත ලද ඔහු අවුරුදු 54ක් වෙලා  2012 මියයන විට සෑම ඇමරිකානුවන් 20 දෙනෙකුගෙන් එක් අය‍කුගේ නිවසකම බිත්ති ඔහු අතින් නිමැවුන අලංකාර සිතුවමකින් සැරසී තිබුනා. ඔහු ඔහුව හඳුන්වා දුන්නේ “අලෝකයේ සිත්තම්කරු” – “Painter of Light” කියායි. එම හඳුන්වාදීමෙහි අතිශෝක්තියක් දැකිය නොහැකි තරමට ඔහුගේ නිර්මාණ අලංකාරයි.

එක මවුස් ක්ලික් එකකින් ඒ සුන්දරත්වය විඳින්න කැමති නම්…!

මම පෝස්ට් එකට දාලා තිබුන ඉමේජ් එකට, කින්කේඩ් කියලා තියෙන්නේ මෙහෙම…

a26ca643bba5aea0eef6612292347dca “In Moonlight Cottage, I celebrate the enchanting moment when the moon begins to appear above a sheltered cottage set within a forest. Beholding this scene as the sounds of the forest envelope you and the moist fragrance of evening fills your lungs would be a transcendent moment. I cannot imagine a more peaceful experience.”

ස්තූතියි, අපූරු පුද්ගලයෙක්ව හඳුන්වා දුන් අරුණි අක්කට.

Advertisements

14 Responses to “ආලෝකයේ සිත්තම්කරු.”

  1. magenama Says:

    ඒ නිර්මාණ නම් මාර ලස්සනා……………යි.හැබැයි මම නම් කියන්නේ ඒක වර්ණ වල මැජික් එකක් නෙවෙයි,සිත්තරාගේ කුසලතාව කියලා.මොකද පාට ඕන කෙනෙක් දකී.ඒත් ඒ පාට වලින් ලස්සන ලෝකයක් සිත්තම් කරන්නේ කීයෙන් කීදෙනාද?

  2. henryblogwalker Says:

    උඹේ පෝස්ට් එකේ ඔය චිත්‍රේ දාපු දවසේ අපි ඒක ගැන කතාවුනා.

  3. මාඩා Says:

    පස්ට…………. මචං

    • Gold fish Says:

      ආහ්… උඹට කොම්පුටරයක් ලැබිලා වගේ අළුත් තැනින්….

      • මාඩා Says:

        දුප්පත් පරණ ලැපාට කනෙක්ෂන් ගත්තේ ළගදි මචං… 😀 😀

      • Gold fish Says:

        ම්… රේට්ස් අඩුද බං?

  4. praveena Says:

    මේ දැන් එතනට යන්ට තියෙනවනම්!!! 😦

  5. maathalan Says:

    Thanks Putha

  6. Chandi Says:

    හරිම සුන්දරයි.


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: