සිතියම් හොයන අළුත් විනෝදාංශය

විනෝදාශයක් කියන්නේ කෙනෙක්ට විවේක වෙලාවකට හෝ ඉඩ ලැබෙන වෙලාවකට අකමැත්තකින් තොරව කරන්න පුළුවන් කියලා තමන් විසින්ම තීරණය කරගන්න දෙයක්. සමහර වෙලාවට ඒක අනිත් අයට හිරිහැරකාරී වෙන්න පුළුවන්, සමහර වෙලාවට එහෙම නොවෙන්න පුළුවන්.

තව සූම් කල හැකි

තව සූම් කල හැක

ඉතිං මේ කියන්නේ කාටවත් හිරිහැරයක් නැති ලැබෙන පොඩි විවේකයකින් ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් විනෝදාංශයක්. සිංහලෙන් කියන්නේ සිතියම් පිරික්සීම කියලා. ඇත්තටම අපිට (මට) විනෝදාංශයක් වුනාට මෙම සිතියම් පිරික්සීම රස්සාවක් හැටියට කරන අයත් ලෝකේ ඕනේ තරම් ඉන්නවා. ඒ අය හොයන්නේ ලේසියෙන් ලඟාවෙන්න පුළුවන් හිස් ඉඩම් එහෙමත් නැතිනම් අතහැරදාපු කර්මාන්තශාලා භුමි වගේ ආර්ථික වැදගත් කමක් තියෙන ස්ථාන වෙන්න පුළුළුන් එහෙමම්ත් නැතනම් හොරවැඩකට සුදුස් ස්ථානයක් වෙන්නත් පුළුවන්. ඒ අතර ආරක්ෂාව සඳහා මෙම සිතියම් දෙස ඇස ගසාගෙන ඉන්න අයත් ඉන්නවා. ගූගල් මැප්, බීන්ග් මැප් හා යාහූ මැප් ආශ්‍රිතව කෙරෙන මෙම පිරික්සීම් වලින් සාමාන්‍ය ජනාතාවට වැඩිය වැදගත් තොරතුරු ලබාගන්නේ ඒ ඒ රටවල ආරක්ෂක සේවා සපයන්නන් විසිනුයි.

හ්ම්… මම නම් බලන්නේ ගූගල් මැප් විතරයි. අනිත් ඒවා ටිකක් විතර ස්ලෝ නිසා වගේම භුමිය මත ඇති දේවල් ලං කර දැකගැනීමට ඇති නොහැකියාව නිසාත් අනිත් මැප් සේවාවන් වලට පෞද්ගලිකව අකමැතියි. ලංකාවේ බොහෝ ස්ථාන යම් තරමකට උඩින් එබී බලන්න පුළුවන් වුනත්, ඔබ මේ වන තෙක් ඇමරිකාව ආශ්‍රිත රටවලට උඩින් එබෙන්න උත්සාහ කර නැත්තං අදම එය කර බලන්න. ඇමරිකාව ආශ්‍රිත රටවල භූමියට ලංවීමේ හැකියාව වඩාත් වැඩි බව දැකගන්න පුළුවන් වෙයි. ඒ වගේම වඩාත් ලංවන විට එය ත්‍රිමාන ආකාරයට දිස්වෙන හැටිත් බලන්න.

මගේ විනෝදාංශය වෙන්නේ අපිට ලං වෙන්න වත් නොලැබෙන ස්ථාන වලට උඩින් හෝ එබී බලන එකයි. මිනිසෙකුට කුතුහලය කියන දෙය උපතින්ම එන්නේ, මිනිසා තුල ඇති දැනුම වර්ධනය කිරීමේ ක්‍රමෝපායක් විදියට. කුතුහලය නිසා යම් යම් දේ සොයන්න පෙළඹෙන එක 8,9,10 වසර වලදී වැරදි විදියට දැක්කට දැන් කුතුහලයට ඉඩ දෙන්න පුළුවන්. තවත් දේ සොයන්න පුළුවන්. එහෙම සොයන්න අවශ්‍ය වෙන්නේ අන්තර්ජාල සම්බන්ධතාවයක් හා පරිගණකයක් කිව්වොත් මම වැරදි නැතිවේවි. ප්‍රායෝගිකව ලබාගන්න දැනුමට අමතරව පොත පත කියවන්න හා දැනුම ලබාගන්න තියෙන හොඳම ක්‍රමය එයයි. ඒත් එකක්ම එක දෙයක් දිගේ දිගටම සොයාගෙන යන්න තරම් නිරෝගි මනසකුත් අවශ්‍ය වේවි.

...

ෆ්‍රී වෙලාවක් ලැබුනොත් මම දැන් ගූගල් මැප් එකේ. කවදාවත් නොදකින්න ලැබෙන දේවල් මහා ගොඩක් ඇස් ඉදිරිපිටම දැක ගන්න පුළුවන් වේවි. ඒ වගේම ලංකාවේ ඔබ දන්න අනෙක් අය‍ නොදන්න හා සලකුණු නොකල ස්ථාන වේ නම් ගූගල් සිතියමේ එම ස්ථානවල නිවැරදි දත්තයන් සමග සටහනක් තැබීම අනාගතයේ අපි කාටත් වැදගත් වේවි. එහෙම ගූගල් සිතියමේ තමන් දන්න තැනක් සටහන් කරන්නට නම් මේ ලින්ක් එක හරහා තමන්ගේ ගූගල් ගිණුමට ලොග්වීම පමණක් ප්‍රමාණවත්. පසුව අවශ්‍ය පරිදි තොරතුරු ඇතුලත් කර තමන් දන්න තැන අනිත් අයටත් දන්වන්න පුළුවන්.

පුළුවන් තරම් ඇමරිකාවම බලන්නලා, විදුලි බලාගාර, ගුවන් තොටුපලවල්, වරායවල් ඔක්කොම හොඳ පැහැදිලිවට බලාගන්න පුළුවන් වෙයි. ත්‍රස්තවාදී වැඩ වලට නෙමෙයි දැනුම ලබා ගැනීමට වගේම නොදැක්ක දේ දැක ගැනීමටත් හොඳම මාර්ගයක් වෙයි. ඒ අතරෙදි නම් නොකරන ලද ස්ථාන වල විවිධ අමුතු දේවල් දැක ගන්නත් පුළුවන් වේවි. ගූගල් මැප්හි සෙවීම් කවුලුවේ මෙය සොයා බලන්න… 37.647403,-115.823364 සුප්‍රසිද්ධ 51 කලාපයට (Area 51) ඉහලින් දකින්නට ලැබේවි.

අළුත් විනෝදාංශයට මම ටිකක් විතර වැඩිපුර කැමතියි අනෙක් ඒවාට වැඩිය. හිතෙන හිතෙන දේ හොයා ගෙන බලන්න පුළුවන් කියන්නේ කොයිතරම් දෙයක්ද…! –at වැඩ වෙලාවට කන පැලෙන්න වැඩ තියෙන, නැති වෙලාවට වැඩක් ඇත්තේම නැති අපි වගේ කම්මැලියන්ට විශේෂයි.

23 Responses to “සිතියම් හොයන අළුත් විනෝදාංශය”

  1. sarath lankapriya Says:

    මම නම් සිරිතක් හැටියට ගූගල් අර්ත් ගිහින් මං දන්න නොදන්න තැන් බලනවා. දන්න තැන් ලකුණුකරලා ඉඳ හිට අතීතයටත් යනවා එනවා.
    මම කොච්චර මේ බ්ලොග් එක මගෙ රෝලට දාගත්තත් ඒක අප්ඩේට් නොවෙන්නේ ඇයි ? මේ හින්දා මට හුඟක් වෙලාවට මඟ හැරෙනවා. ඊයක් ආවත් ඊ මේල් බැලෙන්නෙත් කලාතුරකින්නෙ..

  2. Praසන්ன Says:

    මාත් ගොඩක් වෙලාවට කරන වැඩක් තමයි ඕක. ඔය වගේ හොයන්න ගත්තම වෙලාව යනව තේරෙන්නෙ නෑ.

  3. henryblogwalker Says:

    මාත් ඔය වැඩේ කරනවා බං ඉස්සර ඉඳන්ම. වැඩේ කියන්නේ ලංකාවේ ඉමේජස් ලේසියකට අප්ඩේට් නොකරන එකයි. හරිනම් ඕක අවුරුද්දකට සැරයක්වත් කරන්න ඕනෙ නේද?

    අපි ගූගල් මැප් වලට කලින් පවා ගමනක් යන්නේ රෝඩ් ඇට්ලස් එකක් අරගෙන. හුඟාක් වෙලාවට ඉවසීමෙන් බැලුවොත් කාගෙන්වත් පාරවල් අහන්න ඕනෙත් නෑ.

    නමුත් කරුමෙට මැප් එක තිබ්බට වැඩක් නෑ තමන් මැප් එකේ කොතනද ඉන්නේ කියලා දැනගෙන ඉන්නෙ නැතුව. අන්න ඒකයි නිතරම ට්‍රැක් කරගෙන තියාගන්න ඕනෙ. නැවිගේෂන් GPS හන්දා දැන් ඒකනම් එච්චර ප්‍රශ්ණයක් නෙවෙයි.

  4. DDT Says:

    මමත් ඉඳල හිටල කරනවා බං. (ඕවා ලෝඩ් වෙන කොට බයිට්වලට කෙළවෙන එක තමා තියෙන ලොකුම ප්‍රශ්නෙ, අපි ඉතිං නෙට් එන්නෙ මේ හිඟන බයිට් පැකේජ්වලින්නේ) කොටින්ම මම ඉස්සරවෙලාම තනියම කොළඹ ආවෙත් හොඳට ගූගල් අර්ත්වලින් බස් එකෙන් බැහැල පයින් යන්න ඕන තැන් ටික මතක තියාගෙන. පස්සෙන් පහු නම් කොළඹ ආවම ආපු වැඩේ කරන් වෙලාව තිබුනොත් නිකනුත් පාරවල්වල ඇවිද්දා සිතියමෙන් දැකපු පාරවල් දිගේ.
    විනෝදාංශයක් විදියට නම් මම වැඩිපුරම කරන්නෙ විවේකයක් ලැබුනම පොතක් කියවන එක, නැත්නම් ඉඳල හිටල දවසක මුද්දර ටික අතගගා ඉන්න එකත් කරනවා.

  5. wicharaka විචාරක Says:

    සිතියම් බැලීම එහෙම නැත්නම් සිතියම් කියවීම ජීවිතයට අත්‍යවශ්‍ය අංගයක්. ඔබට කවදා හෝ ජීවිතයේ එක් වරක් හෝ පාසල් ජීවිතයෙන් පසුව සිතියමකින් යමක් සොයාගැනීමට සිද්ධ වෙනවා. මෙන්න මෙතැනදී පූර්ව දැනුම හා අත්දැකීම් ඉතා වැදගත් වෙනවා. අපි ගූගල් මැප් වලින් බලනවාට වඩා ඉතා සංකීර්ණ ගුවන් ඡායාරූප සහ චන්ද්‍රිකා ඡායාරූප තිබෙනවා සංග්‍රාමික කටයුතු සඳහා යොදාගන්න. පහුගිය යුද සමයේදී එවැනි ඡායාරූප ඉතා විශාල ගණනක් පරිහරණය කරන්නට මට සිදුවුනා.

  6. magenama Says:

    පාර්ලිමේන්තුව පැත්තට සූම් කරලා බලලා ත්‍රිමාණ දර්ශන ගන්න බැරිද දන්නේ නෑ නේද?

  7. Naleen Dilruksha Says:

    ස්තුතියි මාලුවා. මගේත් එක්තරා විනෝදාංශයක් තමා දැනටමත් මේක. මං සියවාරයකටත් වැඩියෙන් එවරස්ට් මුදුනට ගිහිං තියනවා මේ ක්‍රමයට.

  8. රූ Says:

    නයගරා දියඇල්ල බලලා තියනවද?
    http://www.fallsviewcam.com/

    විනෝදාංශ නම් ගොඩක් තියනවා ඒත් සිතියමක් නැතුව පාරවල් අහගෙන හොයාගෙන යන එකෙත් පොඩි ජොලියක් තියනවා..:)

  9. praveena Says:

    අපි මේ ඔලු ගිනි අරගෙන ඉන්නවා… 😀

  10. kathandarakaraya Says:

    ගැටවර කොල්ලන්ගේ නං සරම්වලත් සිතියම්!


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: