සිරි පැරකුම්

ප්‍රදර්ශනය පටන් ගත්ත දාම චිත්‍රපටියක් බලන්න ගියානම් ඒ මේක. නෙට් එකෙයි පත්තර වලයි හැමතැනම දැකලා, ප්‍රමෝෂනල් වීඩියෝ දැකලා දැකලම ආසාවක් ඇතිවෙලා තිබුනේ සිරි පැරකුම් බලන්න. ඒත් මුලින් හිතන් හිටියේ පටන් අරගෙන ටික දවසක් ගිහිං උණුසුම පහවුනාම ගිහිං බලන්න උනත්… ඔෆිස් එක එහා පැත්තේ තියෙන ෆිල්ම් හෝල් එකට උදේ 10.30 දර්ශන වාරයට ඇවිත් හිටිය හා ඇවිත් හැරිලා ගිය සෙනග දැක්කම මේක අදම බලන්න ඕනේ කියලා හිතුනේ මොකක් හරි විශේෂත්වයක් ඇති කියලා හිතුන නිසා.

සාමාන්‍යයෙන් සිංහල චිත්‍රපටියක් හෝල් එකට ගිහිං බලන්න මම පුද්ගලිකව ආසා නෑ. ඉංග්‍රිසි/හිංදි හා වෙනත් ෆිල්ම් බලලා බලලා ඒවයේ තියෙන රූප හා ශබ්ද තත්වයන්ට හුරු වෙලා නිසා සිංහල ෆිල්ම් වල තියෙන තාමත් නොදියුණු මට්ටමේ තත්වයන්ට වැඩි කැමැත්තක් නැති නිසයි ඒ. ඒත් මේ ලඟකදී… දශකයට විතර ආසන්න කාලයක් පුරාවට නිමැවුන සමහර සිංහල චිත්‍රපටි තුල, නිහඬ බවක් තිබුනත් එයත් යම් ආකාරයක විඳීමක් බවට පත් කරන්න පුළුවන් නිර්මාණකරුවන් පිරිසක් බිහිවෙලා තියෙන නිසාත්, ඔවුන් යම් තරමකට අළුත් තාක්ෂණය සමගින් ඉදිරියට යන්න උත්සාහ දරන නිසාත්, වඩාත් හොඳ හා ගුණැති තිර පිටපත් ලියැවීම නිසාත් ලංකාවේ සිනමා කර්මාන්තයේ යම් තරමක විඳින්න පුළුවන් ගුණාත්මක භාවයක් ඉස්මතු වෙලා තියෙනවා. විදෙස් රටවල තියෙන හැම තාක්ෂණයක්ම අපිට ලැබෙන්න සෑහෙන්න කලක් යාවි. ඒ වෙද්දි ඒ තාක්ෂණය පිට රටවලට යල්පැන ගිය තාක්ෂණයක් වේවි. කොහොම නමුත් ලංකාවේ ළමයින් වෙනුවෙන් නිර්මාපකයින් කීපදෙනෙක් ඉදිරිපත් කරන මෙවැනි චිත්‍රපට නම් වැඩිහිටි අයට පවා වඩාත් ගුණාත්මක බවකින් යුක්තව බලන්න පුළුවන් බව ඇස් දෙකෙන්ම දැක ගන්න පුළුවනි.

කලිකාල, සාහිත්‍ය, සංගීත, සර්වඥ දෙවන පරාක‍්‍රමබාහු රජතුමාගේ ළමාකාලයේ සිට රජකම දක්වා ගතවුන කාල පරිච්චේදය දැක්වෙන සිරි පැරකුම් තැනී ඇත්තේ පැරණි ජනකතා හා ස්වල්පයක් වූ ලිඛිත සාහිත්‍යයේ එන උපුටාගැනීම් වලින්, අතීතය මෙසේ වන්නට ඇතැයි සිතමින් නිමකරන ලද සොඳුරු සිත්තමක් ලෙසිනි.

කාලෙකට පස්සේ සිංහල චිත්‍රපටියක් ඇත්තටම විඳීම ගැන සොම්නසින් ලියුවෙමි…!

Advertisements

24 Responses to “සිරි පැරකුම්”

  1. praveena Says:

    චිත්‍රපටිය ගැන කිසිදෙයක් කියලා නැහැනේ. 🙂

  2. DDT Says:

    පුදුමෙ කියන්නෙ බං මමත් උඹ වගේම තමා. නිකන් හම්බ උනත් සිංහල ෆිල්ම්ස් බැලිල්ලක් නැති තරමයි. ඒත් පහුගිය දවසක ටීවී එකේ අහම්බෙන් දැක්ක රූපරාමු ටිකක් නිසා මටත් හිතුන ඔය ෆිල්ම් එක බලන්න. ලස්සන වෙල්යායක කුරුළු රෑන් වගයක් පියාඹනව වගේ දර්ශන ටිකක් ඒකෙ පෙන්නුවෙ. ගිය ඉරිදා පත්තරෙ තිබිල ෆිල්ම් එකේ ස්ටෝරියත් මේ මේ වගේ කියල කියෙව්ව, වරදක් නෑ වගේ. දැන් මමත් සිරි පැරකුම් බලන්න හිතාගෙන ඉන්නෙ.

    • Gold fish Says:

      චිත්‍රපටියක් ඇවිත් කාලයක් ගිහිං බලලා වැඩක් නෑ….

      • DDT Says:

        ඒ මොකද බං, කෑලි අඩු වෙනවද පහු වෙනකොට. නැත්නම් පිළුන් වෙනවද?

        අනේ ඔය සෙනඟ අස්සෙ තද වෙල ගිහින් ෆිල්ම් බලන්න බෑ බං, තදියන්කාරයො බලල ඉවරවුනාම බැරිය හෙමීට බලන්න.

      • Gold fish Says:

        එතකොට තේ එක නිවිලා. සෙනග අස්සේ තෙරපි තෙරපි ගිහිං සීට් අල්ලන් බලද්දි තමා ගතියක් තියෙන්නේ.

  3. arunishapiro Says:

    මෙහෙ දී මධ්‍යම රාත්‍රී 12 ට අලුත්ම චිත්‍රපටියේ පළමු දර්ශනය බලන්න ගිහින් එක ළඟ පුටු තුනක් හොයාගන්න තිබිච්ච අමාරුව මතක් වුනා. ඒකත් සිරීපාදේ යනවා වගේ වැඩක් .. එක පාරක් කරලා තියෙන්න ඕනෑ!!!!

    විඩියෝ එක ඇමුණුවාට ස්තූතියි. බලමු මේ පැත්තට කවදා හරි ඒවි ද කියල.

    • Gold fish Says:

      ළඟදීම එනවා….

      • DDT Says:

        හෑ …. උඹද දැන් බෙදා හැරීමේ කළමණාකරු.

      • Gold fish Says:

        ලංකාවේ තිරගත වෙන ගොඩක් ෆිල්ම් පිට රටවල ශ්‍රී ලාංකිකයින්ටත් පෙන්නනවා

  4. වර්ෂා (Rain_Girl) Says:

    ෆිල්ම් එක හොදයි වගේ… ස්තූතියි ෆිල්ම් එක බලන්න ආසාවක් ඇති කළාට.ජාති ජාතිත් පල දෙන කුසල කර්මනේ ඒවා…::D

    • Gold fish Says:

      ගේ අස්සෙ රිංගන් ඉන්නවට වැඩිය හොඳයිනේ පොඩ්ඩක් එළියට බහින එක… 😛

  5. Praසන්ன Says:

    හෝල්වල ගිහිල්ල ෆිල්ම් බලපු කාලයක් මතක නෑ.

  6. naleendilruksha Says:

    තාම බලන්න බැරි වුණා බලලම එන්නම් කෝ..

  7. MUHUDU Says:

    අර කිව්වත් වගේ දැන් ෆිල්ම් කියල එන ඇස් රුදාවල් දැක්කම සිංහල ෆිල්ම් එකක් නිකං හම්බ උනත් බලන්න හිතෙන්නෙ නෑ. අන්තිමට මතක හිටින සිංහල ෆිල්ම් එකකට බැලුවෙ සුරිය අරණ. මේක නං හොඳයි වගේ.

    • Gold fish Says:

      ළමා චිත්‍රපටි ගානක් ආවා හොඳ ඒවා. ඒ සෙට් එකම මරු.

  8. chami4u Says:

    ෆිල්ම් එක ගැනත් විචාරයක් දාපන්කෝ ..

    • Gold fish Says:

      මම විචාරේ ලිව්වොත් එහෙම බලන්න ඉන්න අය බලන එකකුත් නෑ… 😀

  9. පිණිබිඳු Says:

    කාලෙකින් බලපු ලස්සන ෆිල්ම් එකක්. ඒත් ජැක්සන්ගෙ පුතාගෙ කටහඬට ජැක්සන්ගෙ හඬ යොදාගත්තු එක නම් අපරාදෙ

    • Gold fish Says:

      මටත් එහෙම හිතුනා. ඒත් හරියටම දන්නේ නෑ. ජැක්සන්ගේ වොයිස් එකට වැඩිය ටිකක් තරුණ ගතියක් තිබුනා.

  10. සමනළී Says:

    ඒ කියන්නේ චිත්‍රපටිය හොදයි කියලනේ. බලන්න ඕනි…..


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: