ඕකිඩ් ඓශ්චර්යය…

අසිරිය

අසිරිය

සමහර දේවල් තියෙනවා ලංකාවට විතරක් සීමාවුන. එක අතකින් බලද්දි ඒ දේවල් ලංකාවට විතරක්ම වෙච්ච එක හොඳයි… නැත්තං අනිත් රටවලුත් අපේ රට වගේ, මහජනයාට හුඟාක්ම ප්‍රිය රටවල් වෙයි. දරුවෙකුට උපදින්න සුදුසුම රටක් කියලත් හංවඩු ගැහෙයි. ඒ හැමදෙයක්ම මිනිසුන් විසින් කරන ලද දේවල් වල ප්‍රතිපල. ඒත් මිනිසුන්ගේ මැදිහත් වීමකින් තොරව ඉබේම ඇති වෙච්චි දේවලුත් ලංකාවට තියෙනවා. ඒවා ලංකාවට ආවේණිකයි කියල තමා කියන්නේ. ඒ වගේම ලංකාවට ආවේණික නොවුනත් වෙනත් රටවලත් සුළු වශයෙන් හා ලංකාවේ වැඩි වශයෙන් තියෙන දේවලුත් තියෙනවා. සමහර වෙලාවට අපි වැඩිය සොයා නොබලන නිසා මෙන්ම, දැන ගන්න ලැබෙන අවස්ථාත් අඩුනිසා ඒ වගේ දේවල් මග හැරෙනවා.

මිනිසා විසින් කොයිතරම් දේවල් කෙරුවත් ඒ කිසිවකට සොබාදහම පරයා නැගී සිටින්න බැරි බව මගේ පෞද්ගලික මතයක්. අපි ආහාර ලබාගන්නේ, වතුර ලබාගන්නේ… හුස්ම ටික පවා තාමත් ලබා ගන්නේ ගස්වලින්. තාක්ෂණය යම් දිනයක දියුණු වෙලා හයිඩ්‍රිජන් අණු දෙකකට එක ඔක්සිජන් අණුවක් අමුණලා අවශ්‍ය කරන ලවන වර්ගත් එක්ක බීමට සුදුසු ජලය ලැබෙන්න පුළුවනි. ඒ වගේම කෑම වලින් ශරීරයට ලබාදෙන සියළු දේවල් එක එන්නතකින් ලබාදෙන කාලයකුත් ඒවි. මිනිසාට ජීවත් වෙන්න අවශ්‍ය කරන හැමදේම කෘතිමව නිපදවන්න හැකිවේවි. ඒත්… සොබාදහමෙන් ලබාදෙන දේවල් තරම් ඒ කිසිවක් ලාභ දායක නොවේවි…! සුන්දර නොවේවී…! චිත්තයක් කර ගහ ගත්තු භෞතික ශරීරවල පැවැත්මට පමණක් ඒ දේවල් සීමා වේවි.

ඒකට තව කාලයක් ගතවෙයි. එතකන් ඉතිං මේ මහ පොළවේ පය ගහලා නිකං ලැබෙන ඔක්සිජන් ටික පෙනහල්ලට දාගෙන ශරීරය පුරා දුවවලා කාබන්ඩයොක්සයිඩ් ටිකක් පිට කරන ගමන් මේ අසිරියත් දැකගන්න. සොබාදහමෙන් තිළිණ වුන ලෝකයේ විශාලම සපුෂ්ප ශාක කුලයට අයත් වන, මේ පෘථිවියේ පැරණිම මලක් වන ඕකිඩ්…! වර්ග 25,000 කට අධික සෑම රටකම පාහේ දකින්නට ඇති, සමහර රටවලට විශේෂිත වූ වර්ගත් ඇති මේ මල් වර්ගය ගැන ලෝකයට උනන්දුවක් ඇති වුයේ 19 ශතවර්ෂයේදී බ්‍රිතාන්‍ය ජාතිකයකු විසින් බ්‍රසීලයේ සිට, තමා එක් රැස් කර ගත් ඕකිඩ් මල් පිරවු බඳුනක් එංගලන්තයට ගෙන යාමත් සමගයි.

ඉගිල්ලෙන වෙර දරන තාරාවුන් වැනි

ඉගිල්ලෙන වෙර දරන තාරාවුන් වැනි

පුරාණ එංගලන්ත වාර්තාවල ඇති පරිදි ලෝකයේ අනුරාගීම මල ලෙස පිදුම් ලැබුවේත් මෙම ඕකිඩ් කියලා සඳහන් වුන තැන් කීපයක් තියෙනවා. ඒ වගේම නොමුහුන් ඕකිඩ් වර්ග 25,000කට අධික ප්‍රමාණයක් තියෙද්දි දෙමුහුන් ඕකිඩ් වර්ග 40,000කට අධික ප්‍රමාණයක් තියෙනවා. දැනට ලෝකයේ උත්සව අවස්ථාවන් සඳහා වැඩියෙන්ම භාවිත වන මලත් ඕකිඩ්. ඕකිඩ් මල් වල අනෙකුත් මල්වල නොමැති විශේෂයක් වන්නේ සමහර ඕකිඩ් විශේෂ වලින් දිස්වෙන විවිධාකාරයේ සතුන්ගේ හැඩතලයි. ලාංකික අපිට හොඳින්ම දැක පුරුදු “කැන්ඩියන් ඩාන්සර්“ නම් වූ කහ පැහැති උඩරට නැට්ටුවෙකුගේ හැඩය ගත් මලත් ඕකිඩ් විශේෂයක්. ලංකාවේදී ඕකිඩ් වලට උඩවැඩියා කියන නම් භාවිතා කරනවා වගේම වෙනත් රටවලත් ඔවුන්ටම ආවේණික නම් භාවිතා වෙනවා.ලංකාවේ පමණක් නෙවෙයි, වෙනත් රටවලත් විවිධ හැඩතල ඉස්මතුවෙන ඕකිඩ් විශේෂ තිබෙන බව ඔබ දන්නවාද…?

බලන්න මෙතෙක් නොදැක්කානම් ඒ සුන්දරත්වය. අතීතයේ මිනිසුන් විශ්වාස කරලා තියෙනවා මේ මල් වලට මෙවන් හැඩ ලැබෙන්නට හේතුවී ඇත්තේ එම විවිධ හැඩැති සතුන් ඕකිඩ් මල් මත මියයාම හෝ මියගිය ආත්ම ඕකිඩ් මල් මගින් නැතවත් පුනර්ජනනය වෙන නිසා බව. ඒ වගේම සමහර ඕකිඩ් සුවඳ ආග්‍රහනයෙන් දීර්ඝ ආයුෂ ලබාගන්නත් පුළුවන් බව ඔවුන් විශ්වාස කර තිබෙනවා. ඒ වගේම සමහර ඕකිඩ් මත වසන මීමැස්සන් ක්ෂනිකව මැරී වැටෙන තරම් විසකුරු බවත් ඔවුන් දැක ඇත. –at මිනිසුන් තරම් විසකුරු නැත.

තණකොල පෙත්තෙක්

තණකොල පෙත්තෙක්

කළු වවුලා නමින් හඳුන්වන ඕකිඩ්... මෙයම ක්ළු සමනලයා නමිනුත් හඳුන්වනවලු

කළු වවුලා නමින් හඳුන්වන ඕකිඩ්… මෙයම කළු සමනලයා නමිනුත් හඳුන්වනවලු

ශීත බබෙක් වැනි ඕකිඩ්

ශීත බබෙක් වැනි ඕකිඩ් (Oh kid 🙂 )

වඳුරු මුහුණක් පෙන්වන ඕකිඩ්

වඳුරු මුහුණක් පෙන්වන ඕකිඩ්

නිරුවත් සුරංගනාවන් සේ දිස්වෙන

නිරුවත් සුරංගනාවන් සේ දිස්වෙන

ඩ්‍රැකියුලා ඕකිඩ් නම් විශේෂය

ඩ්‍රැකියුලා ඕකිඩ් නම් විශේෂය

22 Responses to “ඕකිඩ් ඓශ්චර්යය…”

  1. praveena Says:

    ඩ්‍රැකියුලා ඕකිඩ් එකේ අමුතුම ගතියක් තියෙනවා නේද? 😀

  2. maathalan Says:

    පේරාදෙනියේ තියෙනවා ඕකිඩ් වර්ඝ කීපයක්ම. සිංහරාජෙත් තියෙනවා. කැන්ඩියන් ඩාන්සර්, පරෙයි ඕකිඩ් නම් හැමතැනම තියෙනවා.

  3. MUHUDU Says:

    මේ ෆොටෝ වල තියෙන එව්වයෙන් කීයක් ලංකාවෙ වැවෙනවද දන්නෙ නෑ නේද? එක එක ඕකිඩ් වර්ග වලට විශේෂිත වෙච්ච දේශගුණයන් තියෙනවද?

  4. රූ Says:

    මාළුවා රවුමක් ගිහින් වගේ..!

  5. DDT Says:

    ඕකිඩ් නේද? මමත් ආසයි ඔය වගේ මල් අපේ ගෙදරත් කවුරුහරි වවනවනම්. මල් වැලක් එහෙම පිපිල තියෙන කොට තියෙන ලස්සන කොහොමද?

  6. Naleen Dilruksha Says:

    ඉතාමත් සිත් ගත් ලිපියක් ගෝල්ඩ් ෆිෂ්

  7. පිණිබිඳු Says:

    ළඟදි දැක්කා විල්ලුද වගේ පෙති තියෙන තද දම් පාට ඕකිඩ් එකක්. මාරම ලස්සනයි

  8. මධුරංග Says:

    අර සුරංගනාවන් ඉන්න ඕකිඩ් මල් දැක්කහම මොනවහරි කියන්ඩ හිතුනා. ඒත් ඕන නෑ කියලා හිතුන නිසා නිකා හිටියා.


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: