මහජන මිත්‍රශීලි…?

යම් දෙයක් ගැන විවේචනය කරන්න කලින් ඒ දේ විවේචනයෙන් ඇතිවෙන්න පුළුවන් පසු ප්‍රතිපල මොන වගේ වෙයිද කියලා මිනිස්සු හිතනවා. දෙපාරක් හිතනවා කියන්නේ ඒකට. සමහර වෙලාවට පසුකාලීනව ඇතිවන බරපතල ප්‍රශ්න නිසා අද කරන්න ඕනේ දේවල් නොකර ඉන්නවා. ඕනේ එකක්. කියන්න ඕනේ දේ කියන්න ඕනේ. ඇනෝනිමස් බ්ලොග් එකක ලියන්න තිබුනනම් යම් තරමකට හානිය අඩුවේවි… ඒත් අන්‍යයතාවයක් නැති ආත්‍රපෝඩා ගණයට වැටෙන්න කිසිම අදහසක් නැති නිසා මගේ බ්ලොග් එකේම මේක ලියනවා.

f*** cops

f*** cops

පටන් ගන්නේ මෙහෙම… “මහජන මිත්‍රශීලි, වෘත්තීමය, අභිමානවත් පොලිස් සේවයක් උදෙසා“ කියලා. කියන්න කනගාටුයි, මට පේන විදිවට නම් මහජන කෑල්ල මුදල් / බලතල කියලා වෙනස් වෙන්න ඕනේ වගෙයි. ඉස්සර නම් පොලිසිය කිව්වම සෑහෙන ගරුත්වයක් තිබුනා හිතේ. මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුනාම පොලිසියට දුවගෙන යන්න බයක් හිතුනේ නෑ. ඒත් දැන් නම් කාගෙන් හරි ගුටි කාලා පාරේ මැරුනත් පොලිසියට යන්න බයයි. මොකද එතනින් ලැබෙන සැලකිලි ගැන ඇහෙන කොට යම් කිසි විදියක නරකාදියක සේයාවක් තියෙනවද කියලත් හිතෙනවා. එතෙන ඉන්නේ අමුතුම මායාකාරී බලයක් තියෙන කට්ටියක්. නිවරදි කෙනෙක්ගේ පිටේ වැරැද්දක් පටවන්න ඔවුන්ට ඕනේ වෙන්නේ සල්ලි හෝ ලොක්කෙක්ගේ වචනය පමණයි. සෝ සිම්පල්…. අභිමානය යනු කුමක් දැයි මොවුන් දන්නේ නැති තරම්ය.

රත්වෙන්නේ හේතුවක් ඇතුව. පෝය දවසෙ කළුතර බෝධිය ගාව මල් විකුණපු කට්ටියක් අත්අඩංගුවට අරගෙන. මහජනයාට හිරිහැර වෙන පරිදි මල් විකිණුවා කියලා තමා චෝදනා කරලා තියෙන්නේ. මමත් කළුතර බෝධි ගිහිං තියෙනවා වගේම තාමත් යනවා. පෝය දවස් වලට. ඒත් කිසිම කෙනෙක් “මල් ටිකක් අරගෙන යන්න“ කියනවා මිසක් කවදාවත් මල් මිටක් බලෙන් ඇඟේ ගහලා නෑ සල්ලි අරගෙන නෑ… උදාහරණයක් වශයෙන් ගත්තොත්… මල්ලි අපි නඩු දාන්නද, නැත්තං පොඩ්ඩක් අපි ගැන බලනවද… කියලා වගේ අනවශ්‍ය බලපෑමක්වත් නෑ. ඒ මිනිස්සු එතෙන මල් විකුණන්නේ පෝය දවස කියන්නේ යම් කිසි මුදලක් වැඩිපුර හොයාගන්න පුළුවන් නිසා. ඒ මිනිස්සුන්ට සල්ලි නැතුව ඇති බෝධියට ටිකක් එහායින් තියෙන මල් විකුණන කඩයක් ගන්න. ඒක නිසා දරු පවුල රැක ගන්න එහෙම කරනවා ඇති. හුම්… මහජනතාවට හිරිහැර කරන්නේ කව්ද කියලා මහජනතාව දන්නවා…

මහජනතාවට හිරිහැර කරන අය

මහජනතාවට හිරිහැර කරන අය

ඔවුන් යම් තරමක සියුම් කරදරයක් බව ඇත්ත. ඒත් ඊට වැඩිය නරක දේවල් කොයිතරම් වෙනවද. විශේෂයෙන් පෝය දවසට. පෝය කියන්නේ නිවාඩු දවසක් නිසා පොලිසියේ ඇත්තොම කී දෙනෙක් හොරෙන් බොනවද, බඩු ගහනවද…? ගනිකා වෘත්තිය තාම ලංකාවේ නීතිගත කරලා නැහැනේ… නේද…? ඇයි ඒවට විරුද්ධව පොලිසියේ පොලු ඉස්සෙන්නේ නැත්තේ… ඇය තුවක්කු පත්තු වෙන්නේ නැත්තේ. ඒ තමා සල්ලි බලේ. සල්ලි වලට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙද්දි… පොලිසියේ අයව නම් සල්ලි වලින් බලු කරන විතරයි කරන්නේ. කොටින්ම ලොකු ලොක්කන්ගේ සල්ලි කාරයින්ට “අනේ සර්…“ කියලා දෙකට නැමිලා, පසු භාගය දන්දෙන පිටකොන්දක් නැති, තමන්ට කෙලින් තීරණයක් ගන්න බැරි, පරපෝශී චරිත ටිකක් බිහිවෙන එක කරන්නේ එහාට මෙහාට නිතීවිරෝධිව විසික්වෙන සල්ලි වලින්.

පෝය දවසේ පොඩි මිනිස්සුන්ගේ කසිප්පු අල්ලනවා, දැන් මල් විකුණන එකත් අල්ලනවා… ලොකු මිනිස්සුන්ගේ කුඩු විකුණන එක, බඩු විකුණන එක…? පෝය දවසට ඒවා කැපයි… මොකද අපරාධ කරන ගොඩ දෙනක් අවට පන්සල් වල ප්‍රධාන දායකයෝ. කළුතර මල් විකුණන අය අල්ලන් පුළුවන් නම් ඇයි, පූජනීය නගරය වෙන අනුරාධපුරේ බඩු විකුණන අල්ලන්න බැරි…? බයද තම තමන්ගේ ප්‍රතිපාදන අඩුවෙයි කියලා?

පොලිසිය ගැන මිනිස්සුන්ගේ හිතේ තියෙන්නේ ගෞරවයක් නෙවෙයි. අද්භූත බයක්. තව අවුරුදු කීපයකින් පොලිස් කාරයෙක්ව තනියම අහුවුනොත් ගහලා ගහලා මරලා දාන තත්වයට මිනිසුන් පත්වේවි. නරක දාහක් මැද්දේ එක හොඳ කෙනෙක් ඉන්න පුළුවන්. ඒත් ඉස්මතුවෙද්දිම අනිත් දෙදාහක් අත්වලින් ඒ ඉස්මතු වීම නවතියි. අපිට පේන එකක් නැහැ ඒ හොඳ. ඇත්තෙන්ම මම වෛර කරනවා මහ ලොකු මහජන මිත්‍රශිලීන්ට… හේතුව, හැමෝටම එක වගේ නොසැලකීම.

දැන් මටත් චෝදනා එයි… ඔයත් පොලිසියේ වුනානම් ඔහොම නේද කියලා…? ඒ ගැන තව ටිකක් හිතන්න ඕනේ. ඒ වගේම දැනට ලාංකිකයෙක් වශයෙන් කරන්න පුළුවන් ආරක්ෂිතම හා ලාභදායකම රස්සාව පොලිස් වෘත්තිය. හිතාබලන්න… හදිසියේ හරි වැටෙන කරදරයකින් ගොඩයන්න වගේම කිසිම ප්‍රතිවාදියෙකුට බය නැතුව ජීවත් වෙන්න තියෙන අවස්ථාව මග හරිනවාද කියලා. අදම ටී.වී එකේ යන ඇඩ් එකක් බලලා පොලිසියට බැඳෙන්න. තමන්ගේ ආත්මය පාවාදෙන්න. සමහරවිට ප්‍රොමෝෂන් සඳහා ගෙදර ගෑණිව හෝ ගැහැණු ළමයින්ව වුවත් පාවාදීමට සිදුවිය හැක. ඒත් එයින් අසීමිත වාසනාවක් ඔබකරා එනු ඇත. අනාගතයට මූන දෙන්න ඉන්න දරුවන්ට පිට කොන්දක් නැති අලංකාර රූකඩ ඩැඩෙක් වීමටත් අවස්ථාව ඇත. ඒ වගේම අහිංසක මිනිස්සුන්ගේ ශාපයට ලක්වන වාසනාවන්තයෙක් වීමටද ඔබට හැකිය.

පොලිසියෙන් වෙන ආසාධාරණ කියන්න වෙන්නෙත් පොලිසියටමයි. වෙන වෙන තැන්වලට කිව්වයි කියලා වැඩකුත් නැති එකේ… කට බිම උලාගෙන පාඩුව විඳගන්න වෙන රටක ජීවත් වෙන එක දැන් ඇතිවෙලා තියෙන්නේ. සාමාන්‍ය ජනතාවට කිසිම හිතවත්කමක් නැති, සාමාන්‍ය ජනතාවට නිතරම බියෙන් ඉන්න වෙන රටක තව දුරටත් ඉන්නවනම්… එක්කෝ ඒ බිය දුරුවෙන්න ඕනේ. නැත්තං බිය නැති පලාතකට යන්න ඕනේ… හරිහමං නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැති රටක ජීවත් වෙනවා කියන්නේ දැන දැනම තමන්ගේ වටිනා ජීවිතය අනතුරේ දාගැනීමක්… තීරණය ගන්න කාලය හරියාගෙන එන්නේ.

මේකට කමෙන්ට් නැත්තටම නැත්වෙන්න පුළුවන්… ඒ ඔබ දෙපාරක් හිතන නිසා… (ඇනෝ කමෙන්ට් එපා) ඒත් හුඟ දෙනෙක් කියවාවි… ඒක සතුටක්. මට කරන්න පුළුවන් මෙච්චරයි. ඒත් මීට වැඩිය, නපුංසක හැත්තට දැනෙන්න දෙයක් කරන්න අවස්ථාවක් ලැබුනොත් නොකර ඉන්නෙත් නෑ. බලන්න ලංකාදීප ලිපිය හා කමෙන්ට්… –at මටනම් එකෙක් වත් විශ්වාස නෑ.

අපරාධකරුවන්ටත් වඩා පොලිසියෙන් ප්‍රවේසම් වන්න….!


තවත් කියවිය යුතු පෝස්ට් එකක්…

24 Responses to “මහජන මිත්‍රශීලි…?”

  1. arunishapiro Says:

    අපරාධකරුවන් අල්ලන්න අවසර නැතිකොට දඬුවම් දෙන්න කාව හරි හොයන හැදියාවක් පටන් ගෙන වගේ.

  2. maathalan Says:

    ලියා ඇත ලෙසටම. බ්ලොග් වල වැඩිපුර ලියවෙන්න ඕන මේවා. එහෙම වෙලා බ්ලොග් ලංකාවේ තහනම් කලත් දුක නෑ…

  3. රාජ් Says:

    දැන් තියන තත්වයට පත්කරපු පොලිසියෙන් මීට වඩා යමක් බලාපොරොත්තු වෙන්න බෑ බං. දුමින්දට සැලියුට් ගහන්නත් මල් විකුණන ගෑණු උසාවි දාන්නත් තමයි එයාලට පුළුවන්. කොටින්ම පොලිසිය කියන්නෙ ආණ්ඩුවට ඕන විදියට නකුට වනන බලු කුක්කෙක් විතරයි.

    (මොකෑ මෙච්චර තටමන්නෙ මෙහෙම එකක් ලියන්න:)

  4. මඩිස්සලේ නිශාන් Says:

    කතා කරලා වැඩක් නැහැ සහෝ මේක අයුක්තිය රජ කරන කාලයක්නෙ!

  5. praveena Says:

    එහෙමනම් ඉතින් මල් විකුණන අය නෙමේ, වෙනත් තැන්වලදි ඇවිත් එක එක දේවල් ඇඟේ ගහන අය කොච්චර නම් ඉන්නවද? කෝ එයාලවත් අල්ලනවද පොලීසියෙන්?

  6. henryblogwalker Says:

    ඇයි බං උඹලා පුදුම වෙන්නේ? මට හිතාගන්න බැරි උඹලගේ naïveté එක ගැනයි.

  7. KRISH Says:

    ME WAGE ASDARANA GENA LIYANNE KEEDENADA. EKATATH EKKA CHOO, PADA JEE, JOKKU GENA NAM OLUWENHITAGENA UNATH LIYAWI.

  8. සමනළී Says:

    අපෝ…. මේ වගේ සිද්ධි ගැන ඇහුවම කලකිරෙනවා…. ගොඩක් අය දන්නේ බැරි මිනිස්සුන්ට පුප්පන්න තමා…… බලය තියෙන ඈයොන්ට හතරට පහට නැමෙනවා…. කාට කියන්නද ඕවා…..

  9. MUHUDU Says:

    මේ මල් විකුණන එක වගේ සාපරාදී අපරාධ වලට මෙහෙම නොකර කොහොමද? ඔන්න ස්ත්‍රී දුෂණ, බාලාපරාධ, මිනි මැරීම් වගේ සුළු අපරාධ කරල තිබ්බ නං පොලිසියෙන් සැලුට් ගහල වාහනේ ගෙදරටම ගිහින් දාන්නත් තිබ්බ.


arunishapiro වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: