අපි ඉන්නේ ලංකාවෙනේ. අක්ශාංෂ දේශාංෂ වලින් බැලුවොත් 7.5653° N, 80.4303° E විදියට. ලංකාව කියන්නෙත් ඈත අතීතයක් තියෙන රටක්. බොහොම ප්‍රෞඩ ජාතියක් කියනවනේ අපි… දැන් එක එකාට දෙකට නැමී ගෙන හිටියට. ඉතිං අපේ රටට ඉස්සර ඉඳන්ම එක එක විදියෙන් කීර්තිය ලැබුනා. දැන් ඒකෙ අනිත් පැත්ත උනත් මේ කතාවට විතරක්වත් අපි හිතමු අපකීර්තිමත් නෙමෙයි… අපි කීර්තිමත් කියලා. ලෝකෙ මුලින්ම ගුවනින් යන වාහනේ හැදුවෙත් අපිලු. ඒක නම් වෙන්න පුළුවන්, දැනුත් නොනැසී පවතින දරුණු ගණයේ පිස්සන්ට නැවත සිහිය දීම වගේ බලගතු මන්තර එක්ක බලද්දි….!
හ්ම් ඉතිං මේකයි කතාව… පොඩ්ඩක් ජොලි… පොඩ්ඩක් අප්සට් කතාවක්. සබ්මැරීන් ගැන කතාවක්. සබ්මැරීන් කිව්වේ මැද්දට චීසුයි, තක්කාලියි දාපු සබ්මැරීන් එක එහෙම නෙවෙයි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ අයට තියෙනවනේ එක එක විශේෂ පාඨමාලා. අන්න එයින් එකක් ගැන මං දැනගත්තු දෙයක් මේක. මේකෙ නම “සබ්මැරීන් නාශක යුධ උපක්‍රම“ සිංහලෙන් කියන්නේ Anti-submarine warfare කියලා. වැඩි විස්තර මෙයාගන් අහගන්න පුළුවන් වෙයි. සබ්මැරීන් නාශක යුධ උපක්‍රම ලංකාවේ නාවික හමුදාවෙන් දැනගන හිටියට තාමත් ලංකාව සතුව එකම සබ්මැරීන් එකක්වත් නෑ. ඒ දවස් වල එකම එකක් හදන්න අරගෙන තියෙනවා. ඒකත් 3%ක් වැඩ ඉවර වේගෙන එද්දී ලංකා ආණ්ඩුවෙන් ඒ වැඩ පිළිවෙල කඩාකප්පල් කරලා දැම්මා… ඒ තමා ප්රභාකරන්ගේ සබ්මැරීන් එක. ඕං දැන් තියෙනවා මහජන ප්‍රදර්ශනේට. අපරාදේ ඌට වැඩ ඉවර කරන්න දෙන්න තිබුනේ. වටේ තීන්ත ටික ගාන්න ඉතුරු වුනාම ඕක අල්ල ගත්තනම් මදෑ. එහෙනම් අපිටත් තියෙනවා අද සබ්මැරීන් එකක්…!
සබ්මැරීන් එක කියන්නේ යම් පිරිසක් වතුර යටින් ගෙනියන වාහනයක් කොටින්ම කිව්වොත්. ඊට අමතරව ඔත්තු බැලීම, ගොඩබිම තියෙන ඉලක්ක වලට දිය යට ඉඳන් පහරදීම, දිය යට සටන් වගේ දේවලුත් කරනවාලු. ඉතිං මේ සබ්මැරීන් නාශක යුධ උපක්‍රම කියන්නේ අන්න එහෙම දිය යටින් ඇවිදින් කරන පහරදීම් හා ගුවනේ සිට හෝ ගොඩබිම සිට හෝ කරන සතුරු පහරදීම් වලක්වා ගන්නා හා බේරෙන ක්‍රම ගැන ඉගැන්වෙන පාඨාමාලාවක්. හැබැයි ඉතිං ඔක්කොම තියරි විතරයි. ප්‍රැක්ටිකල් කරන්න තියා ඇතුලට බැහැලා මොනවගේද කියලා බලන්නවත් ලංකාවට සබ්මැරීන් එකක් නෑ.
එහෙම ඇතුලට බැහැලා ගැඹුරින් ඉගෙන ගන්න ඕනේ නම් විදේශ රටකට යන්න වෙනවාලු. ඉතිං එහෙම වැඩිදුර ඉගෙන ගන්න යවන්නේ ඉන්දියාවට. ඉන්දියාවට එක එක රටවලින් විශාල පිරිසක් එනවලු මේ පාඨාමාලාව හැදෑරීමට. ඒ හැම කෙනෙකුටම සබ්මැරීන් ඇතුලට බැහැලා අධ්‍යයන කිරීම් කටයුතු කරන්න පුළුවන්ලු. හැබැයි ලංකාවේ අයට සබ්මැරීන් එකට යන්න තියා අල්ලන්නවත් දෙන්නේ නෑලු. ඒ දවස් වල ඉඳන්ම තියෙන තරහක් වගේ පෙනුනට, තියෙන්නේ වෙන දෙයක්. එක අතකින් අපි ආඩම්බර වෙන්න ඕනේ… අනිත් පැත්තෙන් අපි කනගාටු වෙන්න ඕනේ.
ඉන්දියාවෙ සබ්මැරීන් වලට අපේ අයට යන්න නොදෙනවා කියන්නේ “ලංකාවේ අයට යමක් දැක්කත් ඇති… උං ඒක ඊළඟ දවස වෙද්දි හදන්න පටන් අරං තියේවි“ කියලා මතයක් තියෙන නිසාලු. ඇත්තටම ලංකාවේ ශිෂ්‍යයන්ට සබ්මැරීන් එක පෙන්නන්නේ දුර තියලලු. ඉන්දියාව බයයි අපි කොපි කරයි කියලා. හිංදි ෆිල්ම් වලට සිංහල ෆිල්ම් ගහපු අපිට, හිංදි සිංදු වලට සිංහල පද වැල් ලියපු අපිට ඕවා කජ්ජක්ද කියලා හිතනවා ඇති. ඒ අතින් ලංකාවේ දක්ෂයින් ගැන තියෙන ආකල්පය ගැන ආඩම්බර වුනාට… ඒ කිසි දේකට, තමන්ගේ හැකියාවෙන් නැගීසිටින්න දඟලන මිනිස්සුන්ට අත නොදෙන එක ගැන නම් තියෙන්නේ බලවත් කනගාටුවක්. ඒ කියන්නේ ලංකාවේ කොපි කාරයින්ට හෝ කොපි කරලා වැඩ පෙන්නන්න හෝ ඉඩක් නෑ. මං පෞද්ගලිකව නම් හිතන්නේ යම් දෙයක් මුලින්ම නිශ්පාදනය කරනවට වැඩිය අමාරුයි කොපි කරලා ඒක ආයෙම ඒ විදියට හදන එක. ඒකෙ වෙනස් වෙන්න ඕනේ තැන් වෙනස් කරලා දියුණු කරලා ගන්නවා කියන්නේ සෙල්ලමක් නෙමෙයිනේ. එහෙම බැරි වුනාම තමා චූටි කාලේ පන්තියේ නායකයා ලිව්ව රචනාවේ තිබුන නායකයගේ නමම My name is Saman කියලා හැම කෙනාගෙම රචනා වල තියෙන්නේ. ඇත්තටම අපේ ඉංජිනේරුවන්ට සබ්මැරීන් එකක් හදන්න බැරි නැතුව ඇති. පහසුකම් සපයන්නේ නැතුව ඇති. යාන්තං නාවික හමුදාව භාවිතා කරන අධිවේගී යුධ යාත්‍රා විශේෂයක් වන ඩෝරා යාත්රානම් ලංකාවේ නාවික හමුදාවෙන්ම හදනවලු අවුරුදු ගානක ඉඳන්. එච්චර දෙයක් කරන එකේ…. තව ටිකක් ඉස්සරහට ගියාම මක්ක වෙනවද…? බොරුවට එක එක වැඩකට නැති මගුල් වලට සල්ලි වැය නොකර ඒ වගේ දෙයකට මුදල් වැය කරානම් මොනා වෙනවද…?
ප්රභාකරන් බයෙන් බයෙන් 3%ක් ඉවර කරානම් බයක් නැතුව එකක් හදාගන්න බැරිකමක් තියෙයිද…? අපි කොපි කරයි කියලා අනිත් රටවල් බය වෙනවා. ඒ කියන්නේ අපිටක් උංට ටිකක් රිද්දන්න පුළුවන් කියන එක… අඩුම ගානේ බය කරන්නවත් පුළුවන් කියන එක… එහෙව් එකේ අපේ වැඩකාරයින්ව උස්සලා තියන්නේ නැතුව තාමත් පිට රටවලින් එනකම්ම බලාගෙන ඉන්න හැටි.
2013 අප්‍රේල් 29 දින පෙ.ව. 5:44 ට
ලංකාවෙ එකෙක් අමාරුවෙන් හරි ඔයින් එකක් හැදුවොත් මුලින්ම කරන්නෙ ඌව ගෙනිහින් හිරේ දාන එකනෙ 😦
2013 අප්‍රේල් 29 දින පෙ.ව. 10:47 ට
ඒක නම් ඇත්ත…
2013 අප්‍රේල් 29 දින පෙ.ව. 6:08 ට
මගේ යශෝධරා වත 25 දාපියෝ….
2013 අප්‍රේල් 29 දින පෙ.ව. 10:47 ට
බලමු…
2013 අප්‍රේල් 29 දින පෙ.ව. 7:05 ට
අපේ උනුත් මාර ටැලන්ටඩ්. ඒත් ටැලන්ට් එක තියෙන එකාට තැනක් නෑ. හොරුන්ට බොරුකාරයන්ට තමයි තැන තියෙන්නේ. ඒකයි මේ කෙලවෙලා තියෙන්නේ.
2013 අප්‍රේල් 29 දින පෙ.ව. 10:48 ට
ටැලන්ටඩ් වුනාට කාගෙන්වත් සපෝට් එකක් නැති කම තමා අවුල.
2013 අප්‍රේල් 29 දින පෙ.ව. 7:08 ට
අනේ අනේ මාළුවෝ, මෙච්චර වතුර තියෙද්දී මොකටද සබ්මැරීන්. අපට නඩත්තු කරන්න අමාරු, ඒ වගේම අපට තිබෙන මුහුදු සීමාව ඉක්මවා ජාත්‍යන්තර මුහුදට ගොස් වැඩ කිරීමේදී දරන්න බැරි වියදම් සහිත, එකක මිල අපේ රටෙන් කාලක් විතර වෙන, එකක් විතරක් අරං වැඩක් නැති, දෙයක් තමයි ඔව්වා. ඒ කියන්නේ අඩුම දෙක තුනක්වත් ඕනෙ වෙනවා. නැත්තං අර, ගත්ත එක කැඩුනොත් හුළං තමයි. ඒ වගේම මේවා පාවිච්චි කිරීමේ න්‍යාය අනුව තනිව යොදවන්න බැහැ. තියන එවුන් අපි වගේ රටකට විකුනන්නෙත් නැහැ තියන කුහක කමට. එකක් ගත්තොත් ලෝකේ පුරාම ඉරිසියා කාරයෝ කෑගහන්න පටන් ගනියි මාමගේ පවුලේ ප්‍රයෝජනයට ගත්තා කියලා. ඔන්න ඔහොමයි ඔව්වාගේ හැටි. සබ්මැරීන් පුහුණුව ඉන්දියාවේදී කොහොමද මම දන්නේ නෑ. ඒ වුනාට මම ඉන්දියාවේ යුද පුහුණුව ලබද්දී එයාලගේ ‘වෛජයන්ත්’ නමැති යුද්ධ ටැංකිය ඇතුලේ රිංගලා ඕනෙම දෙයක් ඉගෙන ගන්න ඉඩ දුන්නා.
2013 අප්‍රේල් 29 දින පෙ.ව. 10:48 ට
අරගන්න ඕනේ නෑ… ලංකාවේ හදන්න බැරි කමක් නෑනේ…
2013 අප්‍රේල් 29 දින ප.ව. 1:01 ට
බැහැ, නැව් හැදුවට, ඩෝරා වගේ ඒවා හැදුවට, සබ්මැරීන් හැදිල්ල ලේසි නැහැ. ඒවාට අදාළ සමහර තාක්ෂණික උපකරණ සල්ලි වලටවත් ගන්න බැහැ. චන්ද්‍රිකා තාක්ෂණයත් අවශ්‍යයි. නියම විදිහටනම් අපටම අයිති චන්ද්‍රිකාවක් අවශ්‍යයි. (අම්මපා කෝ අර ඒ දවස්වල යවපු අපේ 😀 😀 චන්ද රිකාව ඈ) සබ්මැරීනයක බඳ සෑදීම අපි හිතනවාට වඩා අමාරු දෙයක්. එල්.ටී.ටී.ඊ. එකෙන් හැදුවේ, හදිසියකට අඩි 10 ක් 12 ක් වතුර යටින්, මීටර් 500 ක් 600 ක් විතර යන්න පුළුවන් සෙල්ලම් බඩුවක්. ඉතා දීර්ඝ තාක්ෂනික කරුණු ගොඩක් තියනවා.
2013 අප්‍රේල් 29 දින ප.ව. 4:47 ට
හුහ්… එහෙම කියන්න එපා… ඇයි අර එක්කෙනෙක් මුල් වෙලා යැව්වේ එකක්…. ඒකෙන් බැරියෑ වැඩ කරන්න.
2013 අප්‍රේල් 30 දින පෙ.ව. 10:39 ට
ඒක තියෙනව මුහුද මැද.
http://www.n2yo.com/?s=39017
2013 මැයි 1 දින පෙ.ව. 10:01 ට
මාළු අල්ලනවා ඇති…. නැත්තං ඕස්ට්‍රේලියා යන අයව අල්ලනවා ඇති…
2013 අප්‍රේල් 29 දින පෙ.ව. 8:34 ට
ඉතාම හොඳ ලිපියක් ගෝල්ඩ් ෆිෂ්…මේ ගැන විශේෂඥ විචාරකත් උඩ කමෙන්ටුවක් දාල තියෙන්නේ.
2013 අප්‍රේල් 29 දින පෙ.ව. 10:49 ට
ඔව්… විචාරක කරුණු ගොඩක් එකතු කරලා….
2013 අප්‍රේල් 29 දින පෙ.ව. 10:18 ට
විචරක කියල තියෙන විදියට ඕව එකක් ගත්තොත් ලයිට් බිල තව කීයකිං වැඩිවෙයිද දන්නෑ.
2013 අප්‍රේල් 29 දින පෙ.ව. 10:49 ට
හික්ස්…. ඒකත් ඇත්ත නේන්නම්…
2013 අප්‍රේල් 29 දින පෙ.ව. 11:24 ට
//එක අතකින් අපි ආඩම්බර වෙන්න ඕනේ… අනිත් පැත්තෙන් අපි කනගාටු වෙන්න ඕනේ.//
ඔව් එහෙම හරි දෙයක් කරන්න ත් යම්කිසි හැකියාවක් තියෙන්ඩ ඕනේ නේ…
//යම් දෙයක් මුලින්ම නිශ්පාදනය කරනවට වැඩිය අමාරුයි කොපි කරලා ඒක ආයෙම ඒ විදියට හදන එක.//
මේක නම් ඉතින් සාපේක්ෂයි…නිවුටන්ගේ නියම අපිම ‘හොයාගන්ඩ’ එකද අමාරු? නැත්නම් ඒ නියම වලින් යාන්ත්‍ර විද්‍යා ගණන් හදන එකද?
හැබැයි විසඳුම් තියෙද්දී ඒ විසඳුම් reinvent කරන එක නම් මෝඩ යි තමයි. වඩාත් හොඳ වැඩේ තියෙන විසඳුම් වලින් හොඳම දේ තෝරාගෙන තවත් වැඩිදියුණු කරන එක කියල මට හිතෙන්නේ 🙂
2013 අප්‍රේල් 29 දින ප.ව. 4:45 ට
එහෙම කරන්න පුළුවන් නම් කොයිතරම් දෙයක්ද… නයිට් රේස් තියන සල්ලි වලින්, ලැම්බෝ ගිනි ගෙන්වන සල්ලි වලින් හොඳ පහසුකම් තියෙන ලැබ් එකක් හැදුවනම් මොනා වෙනවද…
2013 අප්‍රේල් 29 දින පෙ.ව. 11:52 ට
දිය යටින් යන මාලුවන්ට ඇපත් නැති වෙනවා ඒකක් හැදුවොත්.මේකට සිංහලෙන් කියන්නේ කුමුදුව කියලා.දැං ලංකාව එකක් හදනවා,චීනෙන් හරි බඩු අරගෙන.යටදි හිටියා.මොන දෙයියන්ටද කියන්නෙ?
2013 අප්‍රේල් 29 දින ප.ව. 4:47 ට
හික්ස්… කවදා කෙරෙන දේවල්ද….
2013 අප්‍රේල් 29 දින ප.ව. 2:34 ට
අපේ රටේ හැටියට මේ වගේ පර්යේෂණාත්මක දේවල් වලට යන්න කලින් කරන්න වැඩ බොහොමයක් තියෙනව.
2013 අප්‍රේල් 29 දින ප.ව. 4:48 ට
ඒ පර්යේෂන කරන්න වෙන්නෙත් පිටරට… ලංකාවේ කරන්න බෑ මං හිතන්නේ.
2013 අප්‍රේල් 29 දින ප.ව. 4:28 ට
ඇයි ලොකු අයියා නංගිට මෙහෙම කරන්නේ? ඇඬෙනවා තනි ඇහිට.
අපි නම් සබ්මැරීන් එකක ගියා වතාවක්. මම ඒක බ්ලොග්කලා උඹ කියෙව්වා නේද, ගෝල්ඩ්ෆිෂ්?
2013 අප්‍රේල් 29 දින ප.ව. 4:48 ට
ඔව් මම දැක්කා… කමෙන්ට් කලත් එක්ක.
2013 අප්‍රේල් 29 දින ප.ව. 7:22 ට
එළකිරි පෝස්ට් එක කතාව සහතික ඇත්ත.අඩුම තරමේ උත්සහයක්වත් ගත්තා නම් හොඳයි!
2013 මැයි 1 දින පෙ.ව. 9:57 ට
නෑ බං ඒක නොකරන එක හොඳයි. නැත්තං ඒකත් අපේ බිලකට ඇඩ් වෙයි….
2013 අප්‍රේල් 30 දින පෙ.ව. 9:30 ට
කොපි කරන්නත් හැකියාවක් තියෙන්න ඕනි නම් තමා….
2013 මැයි 1 දින පෙ.ව. 9:58 ට
ඔව්… හරියට කොපි කරන්න…