ඇය අපූරුයි… වෙලාවකට හරි හැඟුම් බරයි. වෙලාවකට … හ්ම්… හරි වෙනස්. අනේ මන්දා මට කවදාවත් තේරුම් ගන්න බැරි වෙයි. කොයිතරම් උත්සාහ කලාද…! තනියම හිතලා බැලුවා, යාළුවෝ එක්ක කතා කරන ගමන් හිතලා බැලුවා. බොන ගමන් ට්‍රයි හිතුවා… එකක්වත් හරියන්නේ නැති පාර බලෙන්ම වගේ ඒකිගේ අස්සටම ගිහිං වෙරි වෙන ගමන් හිතුවා. නෑ… කිසිම ප්‍රගතියක් නෑ…
තව තවත් නොතේරුනා මිසක්ක, ඇබිංදක්වත් තේරුම් ගන්න මට බැරිවුනා. වෙලාවකට හරි හොඳයි. මට පාඩුවේ ඉන්න දීලා නිහඬව ඉන්නවා. හිමීට ඇවිත් ඇතිල්ලිලා පැත්තකට වෙනවා. තව වෙලාවකට මහ සැරයි. කටේ සද්දේ…! හුහ්… මං කවුරු කියලා හිතං ඉන්නවද දන්නේ නෑ. කොයි තරම් සැර වුනත් කිරිපාටට පොඩි එකෙක් වගේ හිනා වෙන කොටනම් අම්බෝ… ආදරේ හිතෙනවා ගොඩාක්…! ඒත් ඉතිං එහෙමයි කියලා බදාගන්නේ කොහොමද…? අලියෙක් වගේ මහතයි නොවැ. අලියෙක් වගේ නෙවේ…. ඊටත් වැඩිය. ඔන්න ලෝකෙම අත උඩ තියාගෙන ඉන්න ඇට්ලස් යෝදයාවත් වුනානම් මට බදාගන්න තිබුනා. ඒ වුනාට ඉතිං ලඟට ගිහිං ඉඹින්නනම් බැරි කමක් නෑ… ඒත් ඉතිං තොලට දැනෙන ලුණු රස තමා කේස් එක. මට බදාගන්න බැරි වුනාට මාවනම් ලස්සනට බදාගන්න පුළුවන්. මං දන්නවනේ ඒක. මං නම් ආසම මඳ වැස්සක් තියෙද්දි තෙමි තෙමි තුරුළු වෙන්න. හීතලට මරු ඒ අමුතු උණුසුම.
ඒ ගතිගුන වලට මං හෙන ආසයි. තනිකර පිස්සු කෙලින්නේ. හරියට මං වගේම තමා. එක මොහොතෙන් වෙනස් වෙන්නේ. වෙලාවකට තරහා වෙලා වගේ නිහඬයි… ඒත් තරහ නෑ. මං ටිකක් ලඟට යනකොට ඇය මගේ ලඟ. මං තරහා වෙලා පැත්තකට ගියත්, ආයෙ ආපු දාට ඒ හිතේ කිසිම නෝක්කාඩුවක් නෑ. වෙනද වගේමයි… උණුසුම් පිලිගැනීම. ආයෙ හිටි ගමන් මගේ අතේ වැරැද්දක් නැතත් යකෙක් වගේ ඇඟට කඩාගෙන පනින හැටි…! ඒ වෙලාවටනම් දෙන්න හිතයි දෙකක්..!
වෙලාවකට ඒ ගතේ රත්තරං පාටට මාත් නිකං හොල්මං වෙලා යනවා. රත්තරං පාටට උඩින් සුදු පාට තුනී සලුවක් එලුවම කොහොමද කියලා හිතන්නලාකෝ. ම්… මැක්ස්…! ඇති ඇති ඇය කව්ද නොකියා මගුල් කියෙවුවා. මෙච්චර දේවල් කියලත් ඇය කවුද කිව්වේ නැත්තං මේක ලියපු එකේ වැඩකු ඇතෑ. ම්… කාගේත් දැන ගැනීම පිනිස… ඒ දවස් වල ඉඳන්ම මගේ ලඟින් හිටිය, දුකට සැපට හැම එකටම එකට හිටිය… ගොඩක් දේවල් කියලා දුන්න, තේරුම් ගන්න උදවුකල… තනිවෙන්න ඉඩ දුන්න, තනිකම නැතිකල… අදටත් හැමදාටමත් මාත් එකක්ම ඉන්නවායැයි මට විශ්වාස කල හැකි එකම… ගෙවල් වලින්වත් නොදන්න ක්‍රෂ් එක…
මුහුද…!
2013 අප්‍රේල් 24 දින පෙ.ව. 6:53 ට
ඔයාට මුහුද ‘ඇය’ උනාට මට මුහුද ‘ඔහු’.
මමත් එයාට ගොඩක් ආදරෙයි. 🙂
අන්න අවුරුදු උළෙලට ආපු අය ඔයාගේ ප්‍රතිරූපය බිඳලා. මාත් මෙච්චර කල් හිතා හිටියේ හැන්ඩි කොල්ලෙක් කියලානේ… 😦
හී හී හී හී…..
2013 අප්‍රේල් 25 දින පෙ.ව. 9:31 ට
ප්‍රතිරූපය බින්දට නම් කමක් නෑ ඇටකටු ටික බිඳලා ස්වරූපය බිඳින් නැතුව.
2013 අප්‍රේල් 24 දින පෙ.ව. 8:10 ට
නියමයි මචං… ඒත් පුතෝ (බලෙන්ම වගේ ඒකිගේ අස්සටම ගිහිං වෙරි වෙන ගමන් හිතුවා.) මේක නම් හොද දෙයක් නෙවෙයි… 🙂
2013 අප්‍රේල් 25 දින පෙ.ව. 9:32 ට
දැන් යැවෙන්නේ නෑ බං….
2013 අප්‍රේල් 24 දින පෙ.ව. 10:57 ට
මුහුද හරිම ලුණු රසයිලු,රස බලලා තියෙයිද?
2013 අප්‍රේල් 25 දින පෙ.ව. 9:32 ට
නැතුව… 😀
2013 අප්‍රේල් 24 දින පෙ.ව. 11:22 ට
මුහුදට නම් මමත් ආසයි. මට ඉස්සර වැඩිය වැඩක් නැති වෙලාවට මම ගිහින් හුඟක් වෙලා මූද අයිනට වෙලා ඉන්නව. ඒක හරි අපූරුයි. එක පැත්තකින් මුහුදෙ ඝෝෂාවත් එක්ක දැනෙන මුහුදු හුළඟ. තව පැත්තකින් ඉතිං සැහැල්ලුවෙන් විනෝදයෙන් ඉන්න මිනිස්සු, සෙල්ලම් කරන ළමයි. හිතේ මොන ප්‍රශ්න තිබුනත් නිකන්ම හිත සැහැල්ලු වෙනව. ඒත් මූදු වතුරෙ ලුණු ගතියට නම් මම කැමතිම නෑ, ඒනිසා මූද කොච්චර ළඟින් තිබුනත් ඔය කිව්ව වගේ තුරුල්වෙල නාන්න යන්නෙ නම් අවුරුද්දකට දෙකකට සැරයයි.
2013 අප්‍රේල් 25 දින පෙ.ව. 9:33 ට
ම්… මාත් එහෙම තමා.
2013 අප්‍රේල් 24 දින පෙ.ව. 11:46 ට
අවුරුදු උත්සවය දවසේ මට ඔයාව මිස් වුණානේ කතා කරන්නවත්….
2013 අප්‍රේල් 25 දින පෙ.ව. 9:33 ට
අයියව දැක්කෙවත් නෑනේ…
2013 අප්‍රේල් 24 දින ප.ව. 6:13 ට
ගැබුරු මුහුද තමය් වඩාත්ම ලස්සන සහ ගුප්ත
2013 අප්‍රේල් 25 දින පෙ.ව. 9:58 ට
ඔව්….
2013 අප්‍රේල් 24 දින ප.ව. 7:29 ට
හම්බෝ එයාගේ තියෙන සැර(වෙලාවකට)
2013 අප්‍රේල් 25 දින පෙ.ව. 9:58 ට
හ්ම්…
2013 අප්‍රේල් 25 දින ප.ව. 1:59 ට
මාත් මූදට ආදරෙයි. කොච්චර බැලුවත් ඇතිවෙන්නෙ නැ නේද?
2013 අප්‍රේල් 26 දින පෙ.ව. 10:01 ට
ම්… ඕනේ තරම් බලා ඉන්න පුළුවන්…
2013 අප්‍රේල් 26 දින ප.ව. 4:45 ට
ඇය ගැන පින්තූරු නම් මදි ඔන්න..තවත් ටිකක් අපි එක්ක බෙදා ගත්තෙ නැත්තෙ අපිට ඉරිසියා හිතෙයි කියලද?
2013 අප්‍රේල් 26 දින ප.ව. 8:47 ට
අනේ නෑ… ඇගේ මෙච්චර ලස්සන පින්තූරයක් තියෙද්දි තව මොකටද කියලා හිතුනා.