බලන්න මේ කාඩ්බෝඩ් චරිතය අපි කී දෙනෙක්ගේ ඩෙස්ක්ටොප් හැඩ කරනවා ඇතිද කියලා. මිනිස් හැඟීමක් මුහුනෙන් නොපෙනෙන මිනිසුන් ගොඩක් මැද්දෙ, මේ කාඩ් බෝඩ් චරිතය 2007 අවුරුද්දේ ජපන් ජාතික කියෝහිකෝ අසූමාගේ යොට්සුබා කියන කාටුන් කතාමාලාවෙන් තමා ලෝකයට අඩිය තියන්නේ.
2006 අප්‍රේල් මස යොට්සුබා කතා මාලාවේ 28 වෙනි පරිච්ඡේදයෙන් උප්පත්තිය ලබන මේ කාඩ් බෝඩ් චරිතය දැන් ලෝක ප්‍රසිද්ධයි. යොට්සුබා කතා මාලාවේ ප්‍රධාන චරිතය වන යොට්සුබා කොයිවයි විසින් ඇගේ හොඳම යෙහෙලිය වන මියුරා හයසාකාව ඇත්ත රොබෝ කෙනෙක් වගේ ඇඳුමකින් හැඩ කරනවා, විද්‍යාත්මක ව්‍යාපෘතියක් වෙනුවෙන්. යොට්සුබා, ඇගේ මිතුරියගෙන් එම ඇඳුමට නමක් විමසු විට තමයි, “ඩැන්බෝ“ නම ලැබෙන්නේ. සැබෙවින්ම ඩැන්බෝ යනු, බෑන්-බෝඩ් නම් කාඩ්බෝඩ් විශේෂයක් කියලා තමා අන්තර්ජාලයේ තියෙන්නේ.
පසුව 2007 දෙසැම්බර් මාසයේදී ජපන් සෙල්ලම් බඩු නිෂ්පාදයෙක් විසින් ඩැන්බෝ රොබෝ මෙන් සෙල්ලම් බඩු අන්තර්ජාලය හරහා විකීණීමට පටන් ගන්නවා. 2007 හා 2012 කාලය අතරතුරදී විවිධ හැඩ වලින් යුත් ඩැන්බෝ කාඩ්බෝඩ් චරිත රාශියක් එලිදකිනවා. ඒ වගේම 2009දී ඡායාරූප ශිල්පිණියක් වන ඒරියල් නේඩ්ල් ඇගේ ෆ්ලිකර් ඇල්බමයට එකතු කරනවා ඩැන්බෝ චරිත එදිනෙදා ජීවන තත්වයට අනුකූල වන පරිදි. අවසානයේ 2011 අවසන් භාගයේදී අලංකාර පොතක් ලෝකයට එකතු වෙනවා 365 Days of Danboard ලෙස.
දැන් ජපනුන් අතර පමණක් නොවෙයි, අන්තර්ජාලයේ වෝල් පේපර්ස් සොයන්නන් අතර ජනප්‍රිය චරිතයක් තමා මේ ඩැන්බෝ කියන්නේ. සමහර විට නොදැනුවත්වම වුනත් ඩැන්බෝ චරිතය ඔබගේ වෝල් පේපර් එකතුවෙත් තියෙනව ඇති. වචනයෙන් විස්තර කරන්න බැරි තරම් හැසිරීම් රටා විශාල ප්‍රමාණයක් මේ කාඩ් බෝඩ් කැබැල්ලකින් මැවෙන අපූරුව දැක ගන්න ඩැන්බෝ ගැන සොයා බලන්න…!
ඩැන්බෝ එකතුවක්… වෙනත් එකතුවක්… ගූගල් ඉමේජස් මගින් සෙවීමක් කරනු ලැබුවහොත් ඕනෙ තරම් හොයාගන්න පුළුවන්.
2013 අප්‍රේල් 19 දින පෙ.ව. 8:02 ට
නියමයි මචං… නොදන්න දෙයක් දැනගත්තා…
2013 අප්‍රේල් 20 දින ප.ව. 7:26 ට
එල
2013 අප්‍රේල් 19 දින පෙ.ව. 8:52 ට
හෑ..මේගැන ඇහුවෙත් අදමය්
2013 අප්‍රේල් 20 දින ප.ව. 7:27 ට
ඔව් ඉතිං අරවා මේවා බලනව ඇරෙන්න වෙලාවක් කොහෙද උඹලට
2013 අප්‍රේල් 19 දින ප.ව. 1:13 ට
කාඩ් බෝඩ් වලට කරන්න පුළුවන් දෙයක්..ස්තුතියි යාළු මාළු
2013 අප්‍රේල් 20 දින ප.ව. 7:27 ට
හරී….
2013 අප්‍රේල් 19 දින ප.ව. 1:23 ට
අනේ හැබෑටම ජපානේ මිනිස්සුන්ගේ රසඥතාව හරි අපූරුයි නේද?
2013 අප්‍රේල් 20 දින ප.ව. 7:28 ට
ම්… හැමදේම ගොඩක් සරලව හිතනවා
2013 අප්‍රේල් 19 දින ප.ව. 7:09 ට
මට තාම සෙට් වුනේ නැහැනේ ඕක!
2013 අප්‍රේල් 20 දින ප.ව. 7:28 ට
දැන්වත් හොයන්න. වයසට හරියන ඒවා නෙමේනේ හොයන්නේ ඒකනේ. 😀
2013 අප්‍රේල් 19 දින ප.ව. 7:20 ට
මට මේ චරිතෙ වැඩිය මුන ගැහිච්ච මතකයක් නෑ.
2013 අප්‍රේල් 20 දින ප.ව. 7:30 ට
මටත් අහම්බෙන් අයියේ ලැබුනේ… සිරා කලෙක්ෂන් එකක් තියෙනවා.
2013 අප්‍රේල් 20 දින පෙ.ව. 5:11 ට
අර පාවෙන ඩැන්බෝ දැක්කාම හිතුනේ මේ වගේ පිරිමි ලමයි ඕනි තරම් දැකලා තියෙනවා කියලා. 😀
2013 අප්‍රේල් 20 දින ප.ව. 7:30 ට
හරියන්නේ නෑ මේක…. මෙයාට දැන් හැමදේම පේන්නේ පිරිමි ළමයි වගේ. 😀