පෙම්වත් කතාවක සිහින් සැඟවිල්ල…

♥

මේක මං අහලා තියෙන ලස්සන කතාවක්…! කොහෙන්ද කියෙව්වේ කියලා මතකයක් නෑ. ඒ දවස් වල මේ මොකද්ද කියලා තේරුනෙත් නෑ. ඒ කියන්නේ 2007 විතර. දැන් වැටෙහෙනවා “ආහ්… මේ අරක තමා“ කියලා. 😀 ම්… පරිවර්තනයක් නම් නෙමේ මේක. මට මතක තියෙන විදියට ලියන කතාවක් විතරයි.

ඇය… තරුණ, ලස්සන කෙනෙක්. ටිකක් දඟ, ටිකක් සැර, ගොඩක් හොඳ කෙනෙක්. ඒ ඔහු ඇයව දැකපු විදිය. ඒ වගේම ඇය බොහෝම තැන්පත්, නිවුන කෙනෙක්. ඔහු දැන සිටියා නිවුන, තැන්පත් ගැහැණුන් තුල දුම් දමන, බුර බුරා නැගෙන්නට දඟලන ගින්දර තියෙන බව. ඉතිං පුළු පුළුවන් විදියට ඔහු ඒ සැඟවුන ගින්දර ඇවිස්සුවා. ඒ ගින්දරෙන් ඔහු උණුසුම දුටුවා. සැනසීම, ආදරය, නොනවතින ආශාව… ආශාව යටපත් කරගත් රාගයත් දුටුවා.

කතාවේ කියෙවෙන විදියට තවත් සිදුවීම් රැසක් මැද්දෙන් ඒ දෙන්නගේ කතාව ගලාගෙන ගියා. ඔහොම කාලයත් එක්ක ඔවුන් දෙදෙනා ලං වුනා. සෑහෙන්න ලංවුනා. නොදැක ඉන්න බැරි තරමට, අඩුම ගානේ එක පැයකටවත් වචනයක් කටහඩක් අහන්නේ නැතුව ඉන්න බැරි තරමට ඔවුන් ලංවුනා. සතියකට දින දෙක තුනක් හමුනොවී ඉන්න බැරි තරමටම ලංවුනා. ආහ්… දෙන්නම රැකියා කරන අය. ඒ අය හමුවෙලා තිබුනේ කොහොමද කියලා සටහනක් තිබුනේ නෑ.

දෙන්නට දෙන්න ආදරය කලාලු. ඉතිං ඔන්න එකමත් එක දවසක ඔහුගේ හැඟීම් මොනාද වෙන්න අරගෙන ඇයව එක්කගෙන ගියාලු කම්සැප විඳින්න. එහෙම වෙලාවකට වෙන්න ඕනේ දේවලල් වලින් ගොඩක් දේවල් වුනාලු. පස්සේ ඉතිං තාමත් ඔවුන් ගෙවල් දෙකක නිසා වෙන් වෙලා ගියාලු. ඊට පස්සේ ඔහුට අධික වැඩ සහිත දින කීපයක් උදා වුනාලු. ඒ අතරෙදි ඇයට කතා එකත් හමුවෙන එකත් යම් තරමකට අඩු වුනාලු.

;)

😉

පස්සේ ඇය අහනවලු… ඇයි දැන් මාව එපා වෙලාද? කියලා. එක දවසක් කතා නොකර හිටියොත් ඒ දවස් වල කොල්ලන්ට විතරක්  නෙවෙයි දැනටත් මුහුණ දෙන්න වෙන බරපතල ප්‍රශ්නයක්නේ ඕක. පස්සේ ඔහු ඉතිං නිදහසට හේතු කිව්වලු. ම්හු… ඇයගේ ප්‍රතිචාරය සෘනාත්මකයිලු. පස්සේ ඔන්න ඔහු ගියාලු එක දවසක් ඇයත් එකක් ඉස්සර වගේ සතුටින් ඇවිදලා කරලා දවසක් ගත කරන්න. ඊට පස්සේ දවස අවසානයේ ආයෙමත් වෙන් වුනාලු.

ඔහු ආයෙමත් වැඩ අධික වුනාලු. ටික දිනකින් ඇයගෙන් ලිපියක් ලැබෙනවලු කවි තියෙන… (ඒක නම් හරියටම මතක නැත) ඒකෙ තියෙන්නේ ඒ දෙන්න සතුටින් ගත කල හැටිලු. අර අර එවුවත් තිබුනලු. මේ වගේ…. 😉 (මේක වෙන තැනකින්)

| උස්  වූ  ලැම  මත  ඔලුව හොවා  ගෙන  මගේ දෑස් වලට,

| රාගයෙන්  තෙත් වුන  ඔබේ  දෑස්, පතිත විය,

| දැනුනි  මට  යෞවනයේ  අත්  නොවිඳි    රසය 

| මැවුවෙමි සිහිනයක්   එක  යහන්  ගැබක  තනි වෙන්නට,

| ගතකරන්නට   ඒ  සොදුරු  රාත්‍රිය  කුළුදුලෙන්ම,

| ඉමක්  නොවෙනා  සිප ගැනීමෙන්  මත්  වුනු ඒ  රාත්‍රිය,

| විඳ ගන්නට  පැතුවෙමි  හදවතින්ම,

| නිරුවත්   සිරුරු  අසීමිත  වූ  ආශාවන්ගේ  පෙලෙන  සුවය,

| විඳගන්නට   ලෝබ  කළෙමි  මම  ඔබේ  පහසින්,

| මෙය  රාගය  නොව, ආදරයේ   අසීමිත  වූ  ආශාවය.

ඔන්න ඊට පස්සේ ඔහු ආයෙමත් වැඩ අධික නොවී තරමක විවේකයක් ලැබෙන විට ඇයව හමුවෙන්නට උත්සාහ කරන විට ඇය නෑවිත් අරිනවලු. ඔහොම ගිහිං ගිහිං තවත් සිද්ධි කීපයකට පස්සේ දෙන්න වෙන් වුනාලු. ඔහු බලාපොරොත්තු වුන ආදරේ සැඟවිලා ගියාලු. ඊට පස්සේ ඔහුගේ දුක අහන්න ඉතුරු වුනේ ඔහු කුඩා කල ඉඳන් ඇසුරු කල යාළුවෝ විතරයිලු.

ඔහු දැන් දුක කියනවලු… ඔය වෙලාවට තමා ඉතිං මතක් වෙන්නේ.

මං එයාව සතුටු කලා. හිනැස්සුවා…  හැම දේකින්ම. වගේ දේවල්… ඔක්කොම මතක නෑ. ඊට පස්සේ… ඔහු කිවුවලු මට හිතාගන්න බෑ. ඇයි එයා මාව දාලා ගියේ කියලා. මං වැරැද්දක් කලේ නෑ. මං එයාගේ හැම තැනක්ම දැකලා තියෙනවා. එහෙම එකේ එයා කොහොමද වෙන කෙනෙක් ගාවට ගියේ. කියලා ඔහු විලාප තියනවලු යාළුවෝ ඉස්සරහ.

මුළු කතාවම හොඳින් අහගෙන හිටිය යාළුවෝ ඔහුගෙන් ඇහුවලු ප්‍රශ්නයක්…

ඔයා එයාව නිරුවත් කරලා ඔක්කොම බැලුවට, එකපාරක්වත් ආදරෙන් අන්ධ නොවී එයාගේ හදවතට එබිලා බැළුවේ නැද්ද…? කියලා. – at මෝඩයෝ වෙන්න ඉන්න අයට…

අනිත් කාරනේ  මොන මෝඩයටද අප්‍රේල් පළවෙනිදාට 501 ක් වෙනි බ්ලෝග් පෝස්ට් එක ලියන්න සෙට් වෙන්නේ… 😀

%d bloggers like this: