නැතිවුන ෆයිල් එක…

රෝස පාට ෆයිල් එක ;)

රෝස පාට ෆයිල් එක 😉

ෆයිල් කිවුවම තේරුම් ගොඩක් තියෙනවනේ. සාමාන්‍යයෙන් ෆයිල් එකක් කියන්නේ, ලිපි ලේඛන එක්රැස් කරන ගොනුවක්. ඒත් සහෝදර සහෝදරියෝ කීපදෙනෙක් ඉන්න පවුලක නම් ෆයිල් එක කියන්නේ වෙන දෙයක්. අවුරුදු 16, 17 වෙනකොට හැම කෙනාම දඟලන්නේ තමන්ගේ ෆයිල් එක උඩට දාගන්න. ඒ මොන ෆයිල් එකද කියලා දන්න අය දන්නවා. එහෙම දඟලද්දි ඉතිං අම්මල තාත්තලගේ ඇඳුනුම් කම් මත අහක යන ෆයිලුත් ඔලුව උඩ වැටෙනවා. ඒ මදිවට “ඉන්” පැත්තේ ෆයිල් පිරිලා. සමහර ඒවා දැක්කම “අවුට්” කරන්න ලෝභ හිතුනත් ඉතිං, ඒ දවස්වල ඉඳන් මේන්ටේන් කරගෙන ආපු ෆයිල් තියෙන නිසා අකමැත්තෙන් උනත් ඉවත් කරන්න වෙනවා. 😦

ඉතිං දැන් මාතෘකාවේ හැටියට නම් මට වෙන්න ඕනේ මොකක්ද..? මගේ ෆයිල් එක නැතිවුන එකනේ. ඒ කියන්නේ මං මේන්ටේන් කරගෙන ආපු වටිනා කියන ෆයිල් එක(ක්) මිසින් වෙච්චි එක. හ්ම්…. මොනා කරන්නද ඉතිං සංසාරේ ඔහොම තමයි…! මටත් කොච්චර ෆයිල් තිබුනත් මේ ෆයිල් එක තමා වැඩියෙන්ම වටින්නේ. දන්න දවසේ ඉඳන් කියපු කරපු හැම දේම රඳවලා තිබුනේ ඒ ෆයිල් එකේ. ඒ ෆයිල් එක ලා රෝස පාටයි. හ්ම්…!!! අපරාදේ… කොහේ වහං වුනාද මන්දා… හැමෝම කිව්වා ඔය ෆයිල් එක නැති කරගත්තොත් ඔක්කොම ඉවරයි. උඹට හැම දේම නැතිවෙයි කියලා. කෝ මං කනකට ගත්තද… දැන් ඉතිං මොනා කරන්නද… හිත හදාගෙන අළුත් ෆයිල් එකක් අරිනවා මිසක්…!

අපරාදේ කියන්න බෑ මං  විශේෂ බැකප් එකක් දාන හැම දවසකම පොඩි ලෙටර් හෙඩ් එකක ලියුමක් ගහලා ඩිරෙක්ටර් කෙනෙක්ට කියලා සයින් කරවගෙන තියාගෙන හිටියේ ඒ ෆයිල් එකේ. අයි.ටී එකේ ඕනේ කෙනෙක් ඒ ෆයිල් එකට දෙයියන්ට වගේ සලකනවා. සිස්ටම්වල මොකක් හරි මොඩිෆිකේෂන් එකක් කරන්න කලින් ඒ බැකප් ෆයිල් එක අධ්‍යනය කරලා තමා වැඩේ පටන් ගන්නේ. ඊටත් අවුරුද් ගානක කරපු මොඩිෆිකේෂන් ගැන තියෙන එකම ලිපිගොනුව ඒක. මට විතරක් නෙමේ මුළු ආයතනයටම තිබුන ලොකුම වස්තුවක් ඒක.

කවුද දෙයියනේ ඒක උස්සපු මුගටියා…?

කාටද ඒකෙන් වැඩක් තියෙන්නේ. ඒකෙ තියෙන්නේ කොලකෑලි ගොඩක් විතරයි. ඒත් ඒ කොල කෑලි වල තියෙන අකුරු වලයි වටිනාකම තියෙන්නේ. ඒක දැන දැන මොන එකාද ඒක හොරකම් කරේ. මං සතියකට පාරක් බැකප් දාලා පොඩි නෝට් එකකුත් එක්ක ඒක දාන්නේ යකඩ අල්මාරියේ පළවෙනි ලාච්චුවේ. මට ලාවට වගේ මතකයි කවුරු හරි ඒ ලාච්චුව ඇද්දා. ඒත් කවුරු කියලා කියන්නද…? කාට කියලා ඇඟිල්ල දික් කරන්නද…? මගේම නොසැලකිල්ලනේ.

අන්තිමේ කරන්නම දෙයක් නැති තැන ඇරියා අළුත් ෆයිල් එකක්. ඒක හොට් රෝස පාට නෙමේ. කූල් නිල් පාට. ඒත් ඉතිං අර තරම් සැලකිල්ලක් නෑ. අඩුම ගානේ තියෙන්න නියමිත තැනක් වත් නෑ. ඔහේ එහෙට මෙහෙට විසික් වෙවී තිබුනේ. බැකප් ලෙටර් එකත් නිකංම නිකං කොලේක ප්‍රින්‍ට් කරලා අර මොකද්ද එක ඇදලා කොලේ හිල් විදලා ආයේ ඇද්ද එක වහලා ක්ලිප් කරලා දානවා. නිල් වුනාට මෙලෝ රහක් නෑ.

ඔන්න ඔහොම මාස දෙක තුනක බැකප් ලෙටර් ගොඩ ගැහෙද්දි මට සිද්ධවුනා යකඩ අල්මාරියේ දෙවෙනි ලාච්චුව එලියට ගන්න. දෙවෙනි ලාච්චුවේ තිබුන මොනාද දන්නවද?  ෆෝන්…!  කැපිටල් “ප”යන්න… හරිද… පරන මොබයිල් ෆෝන් වගේකුයි, ෆෝන් එකට එන වගකීමේ සහතිකයි තමා දෙවෙනි එකෙ පුරවලා තිබ්බේ. ඉතිං කාලෙකින් දෙවෙනි ලාච්චුව අරිද්දි, ඊට උඩින් තියෙන පළවෙනි ලාච්චුව ගැනයි ඒකේ ඇතුලේ තිබ්බ රෝස පාට ෆයිල් එකයි මතක් වෙද්දි ඇ‍ඩෙන්න ඔන්න මෙන්න. හ්ම්… කමක් නෑ… ගිය දේ ගියාවේ කියලා දෙවෙනි ලාච්චුව ඇරියා. ම්හු… මගේ දුකටද මන්දා දෙවෙනි ලාච්චුවත් හරිවෙලා. රෝස පාට ෆයිල් එක තරම් වටින දෙයක් නැති කොට මොන ෆෝන්ද කියලා ඇද්දා දෙවෙනි ලාච්චුව එලියට. ම්… එක වගකීමේ සහතිකයක් ලාච්චුවේ යකඩ ‍ෆ්‍රේම් එකේ හරිවෙලා. හරි මැද්දෙන් ඉරිලා ගිහිං. දැන් ඉතිං මේකට කවුද වගකියන්නේ…

මෙච්චර කැත නෑ ම​ගේ ලාච්චුව

මෙච්චර කැත නෑ ම​ගේ ලාච්චුව

ඊට පස්සේ දඟලලා දඟලලා කොහොම හරි ලාච්චුව ගත්තා එලියට. ඔන්න එතකොට පේනවා අල්මාරිය ඇතුලේ තියෙනවා රෝස පාට මොකද්ද එකක්…! ආනේ… මගේ රෝස පාට ෆයිල් එකනේ ඒ… ඇදලා ගත්තා එලියට. උඩදාලා ඉඹින්න හිතුනට, හිතෙන හිතෙන දේ කරන්න බෑනේ… ඔෆිස් එකනේ. හ්ම්… දූවිලි ටික පිහිදාලා… ඒක තිබ්බා මගේ නැතිවුන ෆයිල් එක කියන මතක සටහනත් එක්කම රෙකෝඩ් රූම් එකේ රාක්කෙක. දැන් ඉතිං කවදහරි ඕනේ වුන ගමන් දුවගෙන ගිහිං බලන්න බැරියෑ… එදා ෆයිල් ටික අවුස්සපු කෙනා රෝස පාට ෆයිල් එක ලාච්චුවේ කෙලවරට තල්ලු කරන්න ඇති. ඒක ඊට පස්සේ පළවෙනි ලාච්චුව අස්සෙන් පහලට වැටෙන්න ඇති. අන්තිමේ ඒක තමා නිගමනය…

දැන් මේ කතාවේ මොකක් හරි ආදර්ශයක් තියෙනවාද…? තියෙනව නේන්නම්… තමන්ගේ නැතිවුන ෆයිල් තමා ලඟම නොපෙනෙන්නට සැඟවී ඇත. විමසිලිමත්ව බැලුවොත් හොයාගන්නට හැක. ටිකක් කල් යන්නට පුළුවන. ඒත් කවදා හරි ලැබෙනු ඇත….!  -at ඒ වෙද්දි අලුත් ෆයිල් එකක් ඇරලා තිබ්බොත් පරන එක තිබුන විදියටම නොපෙනෙන්න තියන එක තමා වඩාත් හොඳ.

16 Responses to “නැතිවුන ෆයිල් එක…”

  1. praveena Says:

    ෆයිල් විතරක් නෙමේ තමා නැතිවී යැයි සිතන හැම දෙයක්ම තමා ලඟ ඇත. 🙂

  2. මාඩා Says:

    (දැන් මේ කතාවේ මොකක් හරි ආදර්ශයක් තියෙනවාද…? තියෙනව නේන්නම්… තමන්ගේ නැතිවුන ෆයිල් තමා ලඟම නොපෙනෙන්නට සැඟවී ඇත. විමසිලිමත්ව බැලුවොත් හොයාගන්නට හැක. ටිකක් කල් යන්නට පුළුවන. ඒත් කවදා හරි ලැබෙනු ඇත….!)

    මට නම් හිතට දැනුන වැදගත්ම දේ… 😀 😀

  3. යසිත්ගේ සිතුවිලි Says:

    බුදුහාමුදුරුවොත් කියල තියෙනවානේ මේ මුළු විශ්වයම බඹයක් පමණ වූ මේ ශරීරය තුලම ඇත කියලා….

  4. DDT Says:

    හෆ්ෆටසිලි. මේක ඇතුලෙ එකේක විදියෙ ෆයිල් කතා ගොඩයිනේ.

  5. arunishapiro Says:

    //එක වගකීමේ සහතිකයක් ලාච්චුවේ යකඩ ‍ෆ්‍රේම් එකේ හරිවෙලා. හරි මැද්දෙන් ඉරිලා ගිහිං. දැන් ඉතිං මේකට කවුද වගකියන්නේ…// 😀

    මිට් රොම්නිට චන්දෙ පැරදුනේ ෆයිල් (බයින්ඩර්) කතාවක් කියන්න ගිහින්ලු. යාළු මාළුවා වත් හිටියා නම් මේ විදියට එයාට කතාව ලියලා දෙන්න!!!!

  6. henryblogwalker Says:

    උඹ බොක් එකේ ලියන්ට හිතලම කොරගන්න වැඩද මන්දා!

  7. Dilan Thivanka Says:

    රෝස පාට ෆය්ල් එක යසෝදරා,නිල්පාට ෆය්ල් එක අර පොල්පැල කන වස්සි.ඔන්න ඔහොමය් මට තේරුනේ.කොහොමද මගේ මොලේ?

  8. රූ Says:

    මේ වගේ දෙයක් ගැන ගන්න පුළුවන් ආදර්ශ නිමක් නෑ මාළුවෝ..මට හිතට වැදුනෙම අර අන්තිමට අළු පාටින් ලියලා තියන එක..!!


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: