උපදින්නට පෙර…

New born

New born

දරුවෙක් කියන්නේ අම්ම කෙනෙකුට සම්පතක්. ගැහැණියකගේ ලොකුම බලාපොරොත්තුවත් දරුවෙක් ලැබීම. ඇය ඒ සඳහා දරුවෙකු කුසතුල පිළිසිඳ ගත් දිනයේ පටන් දරුවා මේ ලෝකෙට එනකං පුදුම කැප කිරීමක් කරනවා. ආහාර පාන වලින්, ආරක්ෂා වෙනවා. තමන් කැමති කැමති දේ කනවට බොනවට වැඩිය දරුවට පෝෂණය ලැබෙන දේම කන්න උත්සාහ කරනවා. දරුවා ඉපදුන පසුව සුවසේ හිඳින්න පුළුවන් වෙන්න ඇඳුම් පැලඳුම් ලෑස්ති කරනවා. තවත් බොහෝ දේ…!

මිනිස් දරුවෙක්ව ලෝකෙට බිහිවෙන්න නම්, මව්කුස තුල සාමාන්‍යයෙන් මාස නවයක් ඉන්න ඕනේ. ඊට කලිනුත් උපදිනවා. ඒ කාලය තුල තමා මිනිස් අම්මෙකුගේ උපරිම කැපවීමක් බලාගන්න පුළුවන් වෙන්නෙ. ඊට පස්සේ මිනිස් තාත්තෙකුගේ උපරිම ආරක්ෂාවක් බලාගන්න පුළුවන් වෙන්නෙත්. (අවාසනාවට යම් යම් හේතු මත ඒ කාරනා දෙක වෙනස් වෙන්න ඉඩ තියෙනවා)

මිනිස් දරුවෙකුට මාස නවයක් වුනාට, අනිත් සතුන්ගේ මවුකුස රැඳීමේ කාලය එකිනෙකාට වෙනස් වෙනවා. දැන් කියන්නම් ඒ ගැන ටිකක්…!

සත්ත්වයින්ගේ ප්‍රමාණය, හදවත් ගැස්මේ ප්‍රමාණය හා ජීවත් වන කාලය අනුව කොටස් හතරකට කඩලා තමා සරාංශගත කරලා තියෙන්නේ.

ඒ අනුව ප්‍රමාණයෙන් කුඩා, හදවත් ගැස්ම අධික, ජීවත් වන කාලය අඩු සතුන් පළවෙනි කොටසට ඇතුලත් වෙනවා. ඉතිං ඒ සාරාංශ ගත කිරීමට අනුව පැසිපොව්වා කියලා සිංහලෙන් හඳුන්වන කැන්ගරු කුලයට අයිති සත්වයාගේ මව්කුස රැඳී සිටීමේ කාලය දින දහයත් – දින දාහතරත් අතර වෙනවා.  මීයාට දින 21 බැගිනුත් වෙනවා. මේ කාලය තුල මේ සතුන් තමන්ගේ වාසස්ථාන වලින් පිටතට යන්නත් අදිමදි කරනවලු. බඩේ ඉන්න පැටියට අනතුරක් වෙයි කියලා.

ඊට පස්සේ අවුරුදු ගනනක් ජීවත් සතුන්. අවුරුදු දෙක තුනේ සිට අවුරුදු දහය පහලොව දක්වා සතුනුත් මීට ඇතුලත්. ලේනා – දින 44ක්, බල්ලා දින 61ක්, පූසා දින 63ක්, ගෝනුස්සන් වර්ගය අනුව දින 90 සිට දින 540 දක්වාත් සිංහයා – දින 108ත් 120ත් අතර , ඌරා – දින 114ක් වශයෙන් හා එළුවා, බැටළුවා දින 150ක් පමණ වෙනවා. මේ කාලය ඇතුලතදී තම වර්ගයා අතර ඇතිවන සටන් වලින් හා අනෙකුත් පහර දීම් වලදී පෙරලා පහර දීම වෙනුවට සැඟවී සිටින්න උත්සාහ කරනවලු. ඒ හැම දෙයක්ම කුසතුල වැඩෙන පැටියාව රැක ගන්න…!

ඉන්පසුව අවුරුදු දහයට වැඩියෙන් ජිවත් වෙන සතුන්. හද ගැස්ම මධ්‍යම ප්‍රමාණයක. වලසා දින 220ක්, මනුෂ්‍ය ගැහැනිය දින 266ක්, එළදෙනුන් දින 284ක්, අශ්වයා දින 336ක් හා මුහුදු සිංහයා, තල්මසා දින 360 බැගින්ද වෙනවා. මේ කාලය තුල, තුන්වන කොටසේ  මවුවරුන් වැඩි හරියක්ම කරන්නේ පැටවාට අවශ්‍ය කරන සොඛ්‍ය සම්පන්න ආහාර නිතර ලබා දෙන එකලු….!

 National Geographic ඇසුරෙන්...

National Geographic ඇසුරෙන්…

හතරවෙනි කොටස. දීර්ෂ ආයු කාලයක් ඇති හදවත් ගැස්ම අඩු…! ඔටුවා – දින 400ක්, ජිරාෆ්  – දින  425ත් 450ත් අතර, අළු රයිනෝ – දින 480ක්, කළු රයිනෝ දින 540ක්, ආසියානු අලියා – දින 610ක්, අප්‍රිකානු අලියා – දින 630ත් 660ත් අතර. මොවුන් ගර්භනී කාලය තුල වැඩි වහයෙන් වෙහෙසෙන්නෙ බිම වැටීම් වලින් බේරෙන්නලු. ගමන්ගේ ඇඟවල් වල බරින් කුසතුල සිටින පැටවාට හානියක් වෙයි කියලයි ඒ.

බලාගන යද්දි හැම අම්ම කෙනෙක්ම තමන්ගේ දරුවන් මේ ලෝකෙට උපදින තෙක්, ඔවුන්ව කුසතුල තියාගෙන පෝෂනය කරන්න, ආරක්ෂා කරන්න විශාල කැප කිරීමක් කරනවා….!

ඒත් සමහර මනුෂ්‍ය අම්මලා විතරක් යම් ප්‍රශ්න මත දරුවා එන්න කලින්ම හරවලා යවනවා. ඒක අනිත් මිනිස්සුන් දකින්නේ වැරදියට වුනාට, දරුවෙක් බිහිකරලා ඒ දරුවව හරිහැටි ජීවත් කරවන්න බැරි වෙනවට වැඩිය ඒක හොඳයි කියලයි එයාලට හිතෙනවා ඇති. නැත්තං වෙන්නේ ඉපදුනාට පස්සේ කුණුගොඩකට විසික් කරන්න. නැත්තං දරුවවත් තුරුළු කරං මූදේ පනින්න. –at ඒක සංකීර්ණයි.

20 Responses to “උපදින්නට පෙර…”

  1. praveena Says:

    //දරුවෙක් කියන්නේ අම්ම කෙනෙකුට සම්පතක්. ගැහැණියකගේ ලොකුම බලාපොරොත්තුවත් දරුවෙක් ලැබීම. //

    ඇයි අනේ අප්පච්චිලාට ලමයි සම්පතක් නෙමේලුද? 🙂

  2. Maathalan Says:

    ඔව් ඉතින් උපන්නයින් පස්සෙ උඹද කන්න බොන්න දෙන්නේ…

  3. යසිත්ගේ සිතුවිලි Says:

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්…. උපද්දවල ජීවිතේ විනාස කරනවට වඩා මූදෙ පනින එක සරලයි 😦

  4. luckywicks Says:

    මේ දවස් වල මොකද මාළුවො වෙලා තියෙන්නෙ? හොඳ පෝස්ට් එක උනාට නිකන් දාන්නෝනැවට දාලා වගේ හිතේ!

  5. Dilan Thivanka Says:

    ම්ම් කතාව ඇත්ත.දැන් මේ මාළුවා ලියන්නෙත් නිකන් එක විදිහක දේවල්.මොකක්ද මේ වෙනස .

  6. arunishapiro Says:

    දරුවෙක් කියන්නෙ ලෝකයට ම සම්පතක්. කොච්චර පොරොන්දු එක්ක ද දරුවා ලෝකයට එන්නෙ, ඒත් එයින් කීයක් විතරයි ද දරුවාට ඉෂ්ට කරන්න ලැබෙන්නෙ … කවදා හෝ අනාගතයක ඉපදෙන හැම දරුවෙක්ට ම ඒ ඉඩකඩ හදා දෙන්න වෑයම් කරන එක මැරෙන දවස වෙනකම්ම නතර කරන්නේ නෑ නෑමයි. 🙂

  7. මඩිස්සලේ නිශාන් Says:

    දරුවෙක් වදනවා කියන්නේ ලේසි වැඩක් නෙවේ තමා.ඒත් සමහර ගෑණු ඒ උතුම් තනතුරටත් නිගා කරනවනේ.

  8. DDT Says:

    අම්මෝ …. අර සූටියො ටික දැක්කම ආසාවෙ බෑ බං. මගේ යාළුවෙකුත් ළඟකදි තාත්තා කෙනෙක් උනා, හරි හුරතල් කෙලි පැටික්කියෙක්. (දැන් උඹ අහන්න හදන එක එහෙම්මම ඇතුලට ඔබාගනින්) මට නම් ඔය වගේ පූංචි පැටව් වඩාගන්නත් බයයි, අපේ නියපොත්තක්වත් ඒ සියුමැලි හමේ ගෑවුනොත්. ඒත් අපිටත් මෙහෙම හිතෙත්දි සමහරක් අම්මල තමන්ගෙ කුසෙන් වදාපු කිරි කැටියට කරපු දේවල් ඇහුවම මාතෘත්වයට නිගාදෙන මේ වගේ මිනිස්සු මේ ලෝකෙ මොකට ජීවත් වෙනවද කියල හිතෙනව. අනිත් පැත්තෙන් දරුවෙක් එක්ක තනිවෙන කාන්තාවකට සමාජයෙදි මුහුණදෙන්න වෙන ප්‍රශ්න, ඒත් හුඟක් අය ඒකෙන් ගැලවෙන්න කරන දේවල් කිසිම විදියකින් ඒ ප්‍රශ්නවලට පිළිතුරු නෙවි, නැති ප්‍රශ්න ඇතිවෙන එක විතරයි අන්තිමට වෙන්නෙ.

  9. අග්නි ධාරා Says:

    අම්ම කෙනෙක්………… හ්ම්………………………..

  10. රූ Says:

    බොහෝ වෙලාවට මම දැකලා තියන දෙයක් තමා වයසින් වැඩුනත් ගොඩක් අය අම්මලා තාත්තලා මනසින් ඒ තත්තවයට සුදුසු කම් නැති කම..
    ඒකට ඉතින් බෙහෙත් නෑ මාළුවෝ..!!


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: