පුංචි රචනාව…

මේක පුංචි කාලේ ලියපු පුංචි රචනාවක එක්ටෙන්ඩඩ් වර්ශන් එකක්. එදා ලිව්ව රචනාවේ මාතෘකාව “හිමිදිරිය“. ලකුණු ලැබිලා තිබුනේ දහයෙන් හතයි… ඒ දවස්වල කොහොමත්  ලිව්වේ කම්මැලි කමට, පේලි ගාන ගනං කර කර. එදා අනිවාර්යෙන් ව්‍යාකරන ගැන වෙහෙසෙන්න වුනා. අක්ෂර වින්‍යාසය ගැන දෙතුන් පාරක් හිතන්න වුනා. දැන් එහෙම නෑ… ඔක්කොම කලවම් කරලා ලියන්න පුළුවන්. කාගෙන් තහනමක්ද…? කවුරු ලකුණු දෙන්නද…? 🙂 ඒ දවස්වල ගුරුවරුන්ට ඕනෙවට රචනා ලිව්වට දැන්නම් ලියන්නේ ස්වකැමැත්තෙන්, අපේ වුවමනාවට…! ඒක හින්දා බලපෑම්වලින් තොර නිදහසේ ගලාගෙන යන මතකයන් ගොඩක් අපිට ඕනේ ඕනේ විදියට ලියලා තියන්න පුළුවන්. අපිට මෙහෙම අතීතයක් තිබුනයි කියලා… අමතක වේගෙන යන කාලෙක ආයෙම කියවන්න.

දේ පාන්දරම එලියට බහිද්දි ඇස් දෙකට පේන්නේ දිලිසෙන්න ඔන්න මෙන්න තියෙන තද නිල් ආකාසේ පසුබිම් කරගත් වත්ත වටේටම තියෙන ලොකු ගස් වල අඳුරු හෙවනැලි. එක පැත්තකින් පේන්නේ දිරාගිය මිනිස්සු අහසට අත්දික්කරගෙන මොනාදෝ ඉල්ලලා හඬා වැටෙනවා වගේ. තවත් පැත්තකින් බිමට පාත් වෙලා ඒ දෙසටම නැමිලා ගිය අතු. කඩා වැටෙන්න ලඟයි වගේ පෙනුනත් ඒක බොරුවක්…! එහෙම පේන්නේ අන්ධකාරෙට විතරයි. යාන්තං එලිය වැටීගෙන එනකොට ඒවත්, බොහොම තේජාන්විත ගස් වල තම වගකීම් ඉටු කරලා පහතට නැවිච්චි අතු.  ඒ වෙලාවට කලින් දා රෑ පරිසරයේ තිබුන අධික රස්නය නැතිවෙලා ගිහිං. පොලොවේ තිබුන උණුසුම පහවෙලා ගිහිං. හුලඟත් එක්ක එකතු වෙලා වැහිමන්දාරමක් දුර ආකසේ පේන්න නොතිබුනත් අවට පරිසරය ගොඩක් වෙලාවට සුළු මීදුමකින් වහලා දානවා. එහෙම දවසට අහසට අත්දික්කරන් ඉන්න ගස්වල  භයානක ගතිය තවත් වැඩියි. පුරුදු නැති කෙනෙකුට එකපාරටම හිතට බයක් ඉපැද්දුවට.. පුරුදු වෙද්දි ඒ දසුන නොදැක ඉන්න බැරි තරම් ආසා හිතෙනවා. ගස් වල කොල මත සිනිඳු පිනි පටලයක් තියන්නේ අන්න ඒ වෙලාවට. බිම තණකොල පඳුරු වල තියෙන මකුළු දැල් වල වතුර බිංදු එල්ලන්නෙත් ඒ වෙලාවට. කොහොම වෙනවද, කවුරු කරනවද කියන්න දන්නේ නැති වුනාට ඒ වෙලාවට තමා අළුත් දවසට සිසිලස එකතු වෙන්නේ.

නිල් අඳුර...

නිල් අඳුර…

අහස තද නිල් පාටින් හැඩ වේගෙන එනකොට අපිට කලින් නැගිටින්නේ කුරුල්ලෝ. ඉර උදාවෙන වෙලාව වෙනස් එක අනුව කුරුල්ලන්ගේ කිචි බිචිය පටන් ගන්න වෙලාවත් වෙනස් වෙනවා. මීදුම දාට කොහොමත් ඉර එලිය වැටෙන්න යන්තං ප්‍රමාද වෙන නිසා කුරුල්ලෝ නැගිටින්නෙත් ටිකක් පරක්කු වෙලා. ඒ අඳුරේ කෑගහන කුරුල්ලා මොකාද කියලා අඳුන ගන්න පුළුවන් වෙන්නේ උගේ සද්දේ අහලා විතරයි. යන්තමින් සේයාවක්වත් පෙන්න ඉගිලෙන්නේ නෑ. අත්තටු ගහන සද්දයක්වත් නෑ. ඒ සද්දෙයී හීතලයි එක්ක ඕන තරම වෙලා වකුටු වෙලා නිදා ගන්න පුළුවන්…! ඒක හරියට නිදාගන්නම කියන සිංදුවක් වගේ වෙනවා කම්මැලිදාට.

ඔහොම යන්තමින් අඳුර අඩුවීගෙන යද්දි ඊලඟ තූර්ය වාදනය පටන් ගන්නවා. ඒ කුකුල්ලු… පාන්දර ගෙවිලා ගිහිං එලිය වැටිලා, කුකුලු කූඩු අරිනකං සද්දෙ… මොනාට එච්චර හයියෙන් කෑ ගහනවද මන්දා… වෙලාවකට මලවදේ… කම්මැලි කමට නිදා ගන්නවත් නෑ… උංග් සද්දෙට ඇහැරෙනවා. ඒත් එක්කම එළදෙනුන්ගෙන් කිරි බොන්න ඕනේ වෙලා වහු පැටවු පටන් ගන්නවා උම්බෑ කියන්න…! ඒ සද්ද ඔක්කොම අහගෙන තමා උදේට ගස් වල එක එක පාටින් මල් පිපෙන්නෙත්…!

ඔහොම ටික ටික එලිවුනාම තමා ඉතිං පුංචි ළමයි නැගිටින්නේ…! හැම උදේකම දැන් ට්‍රීං ට්‍රීං ගෑවම හෝ කන ලඟම සද්දේ වෙන ෆෝන් එකේ සද්දෙට ඇහැරුනාට  ඒ දවස්වල ඇහැරෙන්නේ කුකුල්ලුන්ගේ සද්දෙට. එහෙමත් නැත්තං එළදෙනුන්ගෙන් කිරි බොන්න දඟලන වහු පැටවුන්ගේ උම්බෑ සද්දෙට. අපි කොච්චර නවීකරණය වුනත් හිතට කාවැදිච්ච යම් යම් දේවල් හිත් වලින් ඉවත් කරන්න ගොඩක් අමාරුයි. ඒවා හැමදාටම මතක තියෙන මතකයන්ම පමණක් වෙනවා…! –at අමතක කරන්න බැරි නිසා….!

20 Responses to “පුංචි රචනාව…”

  1. praveena Says:

    //කාගෙන් තහනමක්ද…? කවුරු ලකුණු දෙන්නද…?//
    ඇයි මේ අපි ඉන්නේ 😀

    ලස්සන රචනාව. මම ටීචර් වෙලා හිටියා නම් 9 ක්ම දෙනවා… 🙂

  2. මාඩා Says:

    ඒ සුන්දර ළමා කාලේ ආයේ එන්නෑ බං… උඹේ දරුවෙක්ටවත් ඒ සුන්දරත්වය විදින්න වෙන්නෑ…
    තාක්ෂනෙත් එක්ක සුන්දර දේවල් යාන්ත්‍රික වෙලා….

    මොකෝ වැඩිය ලියන්නැත්තේ දැන්??

  3. Harshana Adikari (රජා) Says:

    දහයෙන් එකොළහයි…….. 🙂 🙂

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

  4. රූ Says:

    මේ රචනාවේ ව්‍යාකරණ අන්තිමයි මාළුවෝ..ඒක නිසා එක දිගට කියවං ගියා..!!

  5. hasithag Says:

    හිමිදිරිය කියලා මාතෘකාවෙන් චිත්‍ර එහෙම ඇන්දේ නැද්ද ??

  6. arunishapiro Says:

    මෙහෙ මම නම් ඇහැරෙන්නෙ මේ දවස්වල කැනඩා පාත්තයෝ භූමි හිමිකම් අයිතීන් සඳහා රණ්ඩු කරන හඬ අහාගෙන.

    මේ දවස්වල අර අහසට අත් දික් කරගෙන මොනවා දෝ ඉල්ලලා හඬා වැටෙන එක නැවතිලා එයාලට කොළ ලැබෙන තෙක් බලාගෙන ඉන්නවා. -මම කිව්වෙ ගස් ගැන!!!

  7. මඩිස්සලේ නිශාන් Says:

    පැය 24න් ලස්සනම හෝරා දෙක තුන තමා පාන්දර හතරේ ඉඳන් 6 වෙනකම්.කරුමෙට මට ගොඩ කාලෙකින් ඒ ලස්සනම හෝරා දෙක තුන අත්විදින්න බැරි වුනා.

  8. DDT Says:

    උදේට කුකුල්ලු හඬලනව කිව්වට, මගේ මේ ජීවිත කාලෙට මම එකම දවසක් වත් අපේ ගෙදරදි පාන්දරට කුකුල්ලු අඬන සද්දයක් අහල නෑ බං. මේ පැත්තෙ එක ගෙදරකවත් කුකුල්ලු ඇති කරන්නෙ නෑ. හැබැයි අර අනිත් කුකුල්ලු නම් ඕනතරමක් ඉන්නව.

    අෆ්ෆා … ඉස්සර රචනා ලිවිල්ල තරම් කම්මැලි දෙයක් මට තවත් නෑ. ගෙඩි පිටින් වචන 250 ක් 350 ක්ද කොහෙද ලියන්න එපෑයැ. දැන් නම් මතක් වෙනකොටත් ආස හිතෙනව එකක් ලියන්න.

  9. Dilan Thivanka Says:

    මන් නං උදේ පාන්දර 10ත විතර නැගිටින නිසා ඕව සුපුරුදු දසුන් මට

  10. MUHUDU Says:

    ඊළඟට ලියමු මට ලොතරැයියක් ඇදුනොත් කියල! 😀


hasithag වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: