වැරදි සීයක්… එක හොඳක්….

සමහර වෙලාවට ඇත්ත වෙන්න ඇති. ඒත් වැඩි හරියක්ම බොරු වෙන්නත් ඇති. මටනම් ඇත්ත කියලා හිතෙනවා වගේම බොරු කියලත් හිතෙනවා.

“තමන්ට ඇත්තටම ආදරය කරන කෙනෙක්, ඇතහැර යාමට තරම් තමන් තුල වැරදි සීයක් තිබුනත්… අතහැර නොයෑමට එක හොඳක් හොයාගෙන සදහටම තමා ලඟ ඉඳිනු ඇත.“

♥

ආදර්ශ පාඨයක්ද, නිකම්ම නිකම් කියමනක්ද එහෙමත් නැත්තං ආදරය අහිමි වුනු අයගේ හිත සනසන්නට හදපු පට්ටපල් බොරු බොරුවක්ද මන්දා…! කාට හිතුනද… කවුරු ලිව්වද කියන්න දන්නෙත් නෑ. මං දැක්කේ ස්ක්‍රීන් සේවර් එකකට දාලා තිබුන ස්ලයිඩ් ෂෝ එකකින්. කොහොම හරි අද සමාජයටනම් ගැලපෙන හැඩයි… ඒ කවුරු හරි දාලා ගියාම හිත හදාගන්නයි… තියෙන මෙව්වා එක රැක ගන්නයි…!

ඒත්… මේ කියමනටත් විවිධ අර්ථ දෙන්න පුළුවන්. ඒක කියවන්නා හා වැඩි දුර සිතන්නා යන අය කියවන හා සිතන ආකාරය මත වෙනස් වේවි. සරලම තේරුම නම් ඇත්ත ආදරය කිසිදිනෙක වෙනස් නොවෙන බවයි. ඒකත් අර මෝටර් රථ වල සම්මත තත්ත්වය යටතේ ධාවනයේදී කියනව වගේ දෙයක් වෙන්න ඕනේ. ට්‍රැක් එක අවුල් වුනොත් ඕනේ දෙයක් වෙනස් වෙනවා. නැද්ද හා….? –at සැඟවුන සීන් නෑ… නිකං දැම්මේ…

31 Responses to “වැරදි සීයක්… එක හොඳක්….”

  1. hasithag Says:

    සුදු චරිත ලෝකේ නැහැනේ. ඒක නිසා මම හිතන්නේ එක හොඳක් වුණත් ප්‍රමාණවත්

  2. praveena Says:

    මම නම් හිතන්නේ ඔය වැරදි සීයක් විතර කරන පිරිමි හදා ගත්තු කතාවක්!!! 🙂

  3. Praසන්ன Says:

    මං හිතන්නෙ මාලුවට මේ පෝස්ට් එක නිසා ගෑණුළමයින්ගෙන් තර්ජන එල්ලවිය හැකි බවයි.

  4. Dilan Thivanka Says:

    අනේ මං නං ඕව ගැන මොකුත්ම දන්නේ නැ

  5. පිණිබිඳු Says:

    මෙහෙමයි. සමහර විට ඇත්ත වෙන්නත් පුලුවන්. ඒත් හිත් කැඩෙන කැඩෙන පාරට හැදෙන්නෙ පලුද්දක් එක්කමයි. ඒ හන්දා වැරදි කරන්න කරන්න අනිත් කෙනා තුල විශ්වාසය අඩු වෙනවා.

  6. DDT Says:

    ඕක සමහර විට ඇත්ත වෙන්න පුලුවන් වුනත් පොඩ්ඩක් ඇස් ඇරල රටේ ලෝකෙ වෙන දේවල් දිහා බැලුවම බඩ අල්ලගෙන හිනා වෙන්න පුළුවන් පැත්තකුත් ඔතන තියෙනව වගේ කියල මට නිකමට හිතෙනව.

  7. සමනළී Says:

    ඇත්තක් නැත්තෙමත් නෑ…. ඒත් තමන් දන්නවා නම් තමන් වැරදි කියල ඒවා හදා ගත්ත නම් ඊට වඩා හොදයි නේද……

  8. henryblogwalker the Dude Says:

    මට මතක් වුනේ බටහිර සහ පෙරදිග සමජවල දික්කසාද

  9. රූ Says:

    අනේ යන්න මාළුවො යන්න…බොරු නොකියා..එක වැරැද්දක් කරලා බලන්න ඕන ඔය සුරංගනා කතාවල ආදරේට මොකද වෙන්නෙ කියලා..!!

  10. magenama Says:

    දාලා යන්න හිතුවම ඔය මොකක්වත් හිතන්නෙ නෑ බං,දැං ඉතිං හිතා ඉන්නෙ ඊළඟ කෑල්ල තවත් රසවත් කියලා.(ඇත්තටම ඒක නම් මාර රහයි…………)


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: