කපුටන් සහ කොකුන්…

දෙන්නම...

දෙන්නම…

දෙවර්ගයම කුරුල්ලන් වෙති. එහෙත් පාට දෙකකි. කොකා පිරිසිදු බවක් අඟවන අතර කපුටා අපිරිසිදු බව පෙන්වයි.

හ්ම්… පුංචි කාලේ කපුටා ගැන ඉගෙන ගත්තේ බොහොම ලාමක විදියට. පාටින් කළුපාට… නාදය “කාක් කාක්“ ගාන… සමූහිකව ආහාරයක් භුක්ති විඳින්න දන්නෙක් ලෙස වගේම කපුටා කියන්නේ අප විසින් ඉවත් දමන කුණු රොඩු, මැරුණ කුණු ආදිය ආහාරයට ගෙන තමන්ගේ ජීවිතය පවත්වා ගන්නා ගමන්ම පරිසරය පිරිසිදු කරන්නෙක් ලෙස. පරිසරයේ සමබරතාවය රැක ගන්න උදවු වෙන්නෙක් ලෙස. කොටින්ම ස්වේව්ඡාවෙන් වැඩ කරන නගර සභා සේවකයෙක් විදියට. අන්න ඒක නිසාම කපුටන් කොච්චර කරදරයක් වුනත් මරන්න තහනම්…!

ඇත්තටම කපුටන් මහඟු මෙහෙවරක් කරන්නේ වාහන වලට අහුවෙලා මිය යන ගෙම්බන්, තල ගොයින්, ඌරු මීයන් වගේම ඊට වඩා ලොකු සත්ත්ව සිරුරුත්, එම ගන්ධය වහනය වෙන්න පටන් අරං විනාඩි කීපයක් ඇතුලත තියෙන තැන වලින් ඉවත් කර දමන නිසා. ඒ වගේම එකතු වෙන වෙනත් කැලි කසලත් තමන්ගේ බඩට දාගෙන අනිත් අයට යහපතක් කරන නිසා. හැබැයි ඉතිං හරි හමං වහලක් නැති පිලිම උඩ පහරන එක නම් කැත වැඩක්..! කපුටන්ට ඒ වගේ පිළිම පේනවා ඇත්තේ උන්ට හරිගස්සපු කක්කුස්සි වගේ වෙන්න ඇති. නෑ ඒක එහෙම වෙන්නත් බෑනේ. ඕනේ තැනක මල පහ කරනවනේ කපුටා. බලාගෙන යද්දි මනුෂ්‍ය ලෝකෙම කපුටට වැසිකිලියක්ද දන්නේ නෑ…

වෙලක....

වෙලක….

ඉතිං කපුටා වැඩි පුරම ගැවසෙන්නේ කුණු වැඩියෙන් එකතු වෙන තැන්වල. ඉස්සරනම් කළු පාටින් දිලිසෙන පිහාටු තියෙන කපුටෝ හිටියට දැන් නම් පාට අවපැහැ වෙලා. ගොඩක් වුන් අළුපාටයි. දිලිසෙන ගතියක් නම් නෑ. හ්ම්… මේ කියන්නේ නාගරිකව… ගම්බද කපුටෝ තාම හැඩ ඇති. ඒ වගේම දැන් කපුටා වුනත් කෑමක් දැක්කම අනිත් උන්ව රැස්කරගෙන බෙදාගෙන කනවා වෙනුවට වැඩි කැමැත්තක් දක්වන්නේ ඒ කෑම වේල කොහෙට හරි ගෙනිහිං, තව කාක්කෙකුට නොපෙනෙන්න, ඉව නොදැනෙන්න… හොරෙන් – තනියම කන්න. කපුටොත් ආත්මාර්ථකාමී වෙලා. බොරුනම් පොඩි වෙලාවක් අරං විමසිල්ලෙන් බලා හිටියොත් ඇත්ත නැත්ත දැන ගන්න පුළුවන්.

මුහුදු වෙරල කියන්නේ, ගංගා දිගේ ගලාගෙන එන කුණු රොඩු එකතු වෙන තැනක්. මැරුණ මාළු එහෙමත් ඉන්නවා. ඉතිං ඒ වගේ තැන්වල කපුටො රංචු වශයෙන් ගැවසෙනවා ඕන තරම් දැක ගන්න පුළුවන්. මුහුදු වෙරලේ තියෙන පිළී ගඳට කපුටෝ වැඩි හරියක් එකතු වෙනවා ඇති.

කපුටාව පොඩ්ඩක් පැත්තකින් තියලා කොකා ගැන බලමු.

කොකා කියන්නේ උගේ පාට නිසාම සුපිරිසිදු තත්ත්වට පත්වෙච්චි කුරුල්ලෙක්. හොඳ සුදු පාට ෂර්ට් එකක් ඇඳන් ඉස්සර ස්කෝලේ ගියාම කියන්නේ කිරි කොකා වාගේ කියලා. කොකා ඉන්නේ වෙල් ආශ්‍රිතව. වෙල් වල ඉන්න පනුවන් හා අනෙකුත් කුඩා කෘමීන් තමා කොකාගේ ප්‍රධාන ආහාරය. කපුටා මුළු මිනිස් සංහතියෙම මිතුරෙක් වගේම… කොකාත් ගොවියාගේ මිතුරෙක්. වගාවට අහිතකර සතුන් ගිල දමන බැවින් තමා ඒ. ඒ වගේම කපුටටා වඩා ඇහැට ප්‍රිය සතෙක්. කපුටාව කවුරුත් මැරුවේ නැති වුනාට ඈත පලාත්වල කොකාව මරනවා. ඒ කොක් මස් සඳහා.

මුහුදු වෙරළක...

මුහුදු වෙරළක…

ඉතිං… ඒ හැම දෙයක්ම අතීතයට අයිති දේවල්. දැන් තත්ත්වය ටිකක් වෙනස්. දැන් කපුටන් මුහුදු වෙරල හා අනෙකුත් කුණු ගොඩවල් අතහැර උදෙන්ම එන්නේ පාර අයිනේ තියෙන වෙලට. මොකද වෙල තමා කුණු එකතු වෙන තැන වෙලා තියෙන්නේ. මේක බොරුවක් නෙමෙයි අත්දැකින සත්‍යයක්.

එතකොට කොක්කු…?

උං උදෙන්ම එන්නේ මුහුදු වෙරලට…!!! කන්න දේවල් තියෙනවද කියන්න නම් දන්නේ නෑ… ඒත් හැම උදේකම කොක්කු රංචු මුහුදු වෙරලේ මොනාදෝ හොයනවා දකිනවා. සමහර විට දිගු හොටේ කකුලු ගුල් වලට දාලා කකුලුවෝ අල්ලගෙන කනවා ඇති. කොක්කුන්ට දැන් වෙල් වල කන්න තියෙන්නේ කෘමි නාශක රැඳුන හා ඒවා විෂ වෙලා මැරුණ සතුන්. කොක්කු අකමැති ඇති කාක්කෝ වගේ මැරුණු සත්තුන්ව කන්න. උන්ට ඕනේ ඇත්තේ ප්‍රෙෂ් පිට දඟලන පණුවන්ව…! ඒ වගේම කොක්කුන්ගේ කිරි සුදු පාට යන්තමින් අඩුවෙලා… කොහොම හරි දැන් කපුටෝ වෙල් වලටත් කොක්කු මුහුදු වෙරලටත්  ආදී වශයෙන් තම ස්ථාන මාරු කරගෙන. දන්න තරමින් කරදිය මිරිදිය කියලා වෙනසක් නෑ කපුටන්ට. ඒත් මතක ඇති කාලෙක ඉඳන් කොක්කු හිටියේ වෙල් වල විතරයි…

ඒ මදිවට කොක්කු දැන් මහපාර මැද්දේ තියෙන පේමන්ට් වල තණකොල තීරුවෙත් පුංචි සත්තුන්ව හොයනවා…! ලොකු වෙනසක් වෙලා වගෙයි…!

ගම්බදට වෙන්න තාමත් කොක්කු උංට අයිති වෙලට වෙලා ඉන්න ගමන් කාක්කෝ පරන පුරුදු තැන් වලට ගැවසෙනවා. ඒත් කොළඹ අවට අනිත් හැමදේම වගේ මුං දෙගොල්ලත් වයර් මාරු කරගෙන කටයුතු කරනවා දකින්න පුළුවන්…!

 

 

Advertisements

37 Responses to “කපුටන් සහ කොකුන්…”

  1. arunishapiro Says:

    මෙහෙ ඉන්න කපුටෝ නම් කළුපාටින් දිළිසෙනවා. එඩ්ගාර් ඇලන් පෝ කියන කිවිඳා මහා දිග කවියක් ලියා තියෙනවා Raven නමින්. ඒ මුළු කවියම කටපාඩමින් කියන්න දන්න කෙනෙක්වත් හඳුනනවා!!!! අපි ඉන්න හරියේ කපුටෝ අඩු සමහර විට මුහුදු ළිහිණියන් සහ සුදු පාට සහ නිල්පාට/අළුපාට කොක්කු වැඩියෙන් ඉන්නා නිසා වෙන්නැති.

    //බලාගෙන යද්දි මනුෂ්‍ය ලෝකෙම කපුටට වැසිකිලියක්ද දන්නේ නෑ…// 😀

    • Gold fish Says:

      මම අන්තිමට කළු පාටින් දිලිසෙන කාක්කෙක්ව දැක්කේ නුවරඑළියේදී…

  2. Dilan Thivanka Says:

    හිකිස් මන් බැලුව කොකුන්ට පලු යනකන් බැනල වත්ද කියල.බැලින්නන් මේ පරිසර දුෂණය ගැනනේ කියල තියෙන්නේ.

    • Gold fish Says:

      කොක්කු සහ උඹ අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවද 😀

      • Dilan Thivanka Says:

        එව්වා අදාල නොමැත

  3. wicharaka විචාරක Says:

    කපුටා යන්තමින් හෝ පරිසරය පිරිසිදු කරනවා. කැලිකසල කා දැමීමෙන්. කොකා අපි විසිකරන දේවල් කන්නේ නැහැ. කපුටු කූඩු තියන ගහක් ලඟින් ගියොත් උන් අපිට කොටන්න හදනවා. කොක්කු ඉන්න ගහක් ලඟින් යන්න බෑ ගඳ. මුළු පරිසරයම කොක් වසුරු වලින් විනාසයි. ඒ මදිවට අපේ ඔලුවටත් ඒවා වැටෙන්න ඉඩ තියනවා. කපුටාගේ නාදය අපිට හුරුවෙලා. එහෙත් කොකාගේ හඬ හරිම මූසලයි. සුදු කොකාට වඩා කළු කපුටා හොඳයි.

    • Gold fish Says:

      හ්ම්…. මං දෙතුන් පාරක් අහලා තියෙනවා කොකාගේ සද්දේ…

  4. මාඩා Says:

    මාලුවා මොකද මේ එක පාරමට කපුටයි කොකයි ගැන හෙව්වේ…. හ්ම්…….

  5. Bindi Says:

    දැන් දැන් කපුටන්ගේ අඩුවීමක් පෙනෙනවා නේද . අපගේ ගෙවල් ආසන්නයේ මෙවර කපුටෙක් දැක්කෙම නැති තරම් . කොළඹ නගරයේ එක්තරා රෝහලක් ලඟ කපුටන් විශාල වශයෙන් දැක්කා . අපේ ළමයි කිවේ ගෙවල් පැත්තේ කපුටන් කොළඹ රැස්වීමකට ඇවිත් කියාය . ලෙස අපි එම සංගමය හැඳින්වුවා . සමස්ත ලංකා කපුටු කොන්ග්‍රසය …ACCC

    • Gold fish Says:

      කපුටන්ගේ අඩු වීමක්ම නෙමෙයි මං හිතන්නේ… කපුටන් අර කිව්වත් වගේ විශේෂිත තැන් වලට වැඩි වශයෙන් එක් රොක් වෙනවා. ලංකාවේ කුණු ප්‍රශ්නේ තියෙනකං කාක්කන්ට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. 😉

  6. Harshana Adikari (රජා) Says:

    කවුද ඩෝ කාක්කට බයින්නේ? 🙂

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    • Gold fish Says:

      රජා මොකෝ බං උඹට ඌයියා උනේ… 😀 සර් ගැහැවුවේ මලිත්ටනේ… උඹ මොකටද අඬන්නේ. 😛

  7. magenama Says:

    කපුටන් සමඟ ඉන්නා කොක්කු ටික දිනකින් කාක් කියා කෑ ගසති.

    • Gold fish Says:

      කොයි පැත්තේ කොක්කුද… 😀

      • magenama Says:

        යුනියන් ප්ලේස් වල අර වොක්ශෝල් වීදිය පැත්තට ගිහිල්ලා අර සතොස පැත්තෙ උස ගහක් තියෙනවා නේද? ඒකෙ උඩ තිබුනු කොක් කූඩුවේ ඉන්නවද බලන්නකො.නවලෝකෙ උඩ තට්‍ටුවට හොඳට බලන්න පුලුවන්.

  8. mohan kanishka Says:

    uba hari. apita penna thiyena api nodakina aththa meka thama. HAMA DEYAKMA CHANGE WENAWA…….

  9. henryblogwalker the Dude Says:

    මම මේ ලඟදි දැක්කනේ සමකය වටේ බ්ලොගේද කොහෙද කොක්කු කුණු වල වැහෙන්න ඉන්නවා. බැකෝ ලෝඩර් එකක් කොක්කු අස්සෙන් ගිහින් කුණු ෂවල් කරනවා.

  10. praveena Says:

    බලගෙන යනකොට කැතයි කියලා හිතුවත්, කාක්කන්ගෙන් වෙන්නේ පිහිටක්නේ.

    අපේ කාක්කොත් (මෙල්බන් 🙂 ) තද කලු නෑ. ටිකක් විතර දිලිසෙනවද මන්දා…ලංකාවේ කලු කොල්ලෝ වගේමයි. 😀

    • Gold fish Says:

      නිකං හරියට අපි වගේ නේද…
      කපුටෙක්ම කොටපිය අපිට කියන එව්වට…

  11. Maathalan Says:

    අපූරුයි මාළු පැටියෝ… මෙතන යටින් යන කතාවටයි මම කැමති.. දැන් සෑහෙන දියුණුයි නේ කොල්ලා…..

  12. DDT Says:

    අනේ බං මොනව උනත් මමත් කොකාට තමා වැඩිය කැමති. කාක්කො නම් දැන් ඇත්තෙත් නෑ. කොක්කු නම් එදා ඉඳලම මේ පැත්තෙ ඉන්නෙ ටිකක් අඩුවෙන්.

    (මම නම් ඔන්න මාතලන් වගේ කොලේ වහල ගහපුව හෙව්වෙ නෑ, අමුවෙන්ම කියෙව්ව :D)

    • Gold fish Says:

      මයිනෝ, දෙමලිච්ච්චෝ, පොල්කිච්චෝ වගේ එවුන්ගේ තත්ත්​වේ කොහොමද… ඉස්සර අපේ ගෙවල් අවට ගස් වල සෑහෙන්න හිටියා. දැන් එහෙම සතෙක් දකින්නත් ආසයි…

      • DDT Says:

        මොන මයිනොද බං, ඉඳල හිටල පාරෙ නම් යනව මයිනෙක් දෙන්නෙක්. 🙂

        චූටි ලේන්නු නම් ඉන්නව ඉස්සර වගේම, කුරුළු වර්ග නම් දැන් ඉස්සරට වඩා අඩුයි.

      • Gold fish Says:

        කන්නඩිය ඉස්සරහට ගියානම් රිලා මොටෙකුත් බලා ගන්න පුළුවන් වෙයි.. 😛 😀

      • DDT Says:

        අෆ්ෆටසිලි, මාළුවො උඹ එහෙමද රිලව් බලන්නෙ. හරියන්නෙ නෑ බං, අපේ ගෙදර කණ්නාඩියෙ වැරැද්දක්ද මන්ද මට හැමදාම ඒකෙන් පෙන්නෙ හැන්ඩ්සම් කොල්ලෙක්ව.

        බොලාගෙ ඉතිං උපන් කැත අරින්න බෑ බං කණ්නාඩියට. 😀 😀 😀 😀 😀 😀

  13. naleendilruksha Says:

    බොහෝ දෙයක් හිතන්න ඉතිරි කළ අගනා ලියැවිල්ලක්..

    • Gold fish Says:

      ම්… තව විස්තර ගොඩක් තියෙනවා… ඒත් දිගට ලියන්න තරම් කාලයක් හොයන්න අමාරුයි.

  14. Alchemiya Says:

    මට පේන්නෙ මේ කතාවෙ හැංගිච්ච අරුතක් තියෙනවා වගේ… මේක බ්ලොග් අවකාශෙ ඉන්න කපුටන්ට සහ කොකුන්ට අදාලද ?

    • Gold fish Says:

      බ්ලොග් අවකාශේ කොහොම සුදු වෙන්න හැදුවත් ඉන්නේ අළු චරිත. මාත් ඇතුළුව.

  15. මඩිස්සලේ නිශාන් Says:

    පරිසර රටාවත් වෙනස් වෙනවා අනේ මන්දා මෙහෙම ගියොත් තව කොච්චර කාලයක් මේ ලෝකේ පවතියිද කියලා.

  16. chandana Says:

    හ්ම්..! කොක්, කාක් කතා…. 😀


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: