අධිෂ්ඨානය, ඊර්ෂ්‍යාවේම පුරුකක් වූ කල…

ඊර්ෂ්‍යාව...

ඊර්ෂ්‍යාව…

ඊර්ෂ්‍යාව… සාමාජයීය වශයෙන් සමාජයම පිළිකුල් කරන, එහෙත් පෞද්ගලිකවම සැම දෙනාටම එකසේ බෙදා හරින මානව සිතුවිලි වලින් පිරුණ ගතිගුනය. කතාවට කියන්නේ රුසියාටවට වැඩිය ලොකුයි කියාල. ඒත් ඒ කියන අයගෙන් භාගයක්වත් රුසියාවේ සයිස් එක දන්නේ නෑ.

අනුන්ට ඇති, තමන්ට නැති… එසේම ලබාගැනීමට අපහසු දෙයක් වෙනුවෙන් මිනිස් සිතේ විතරක් නෙවෙයි සෑම සත්ත්ව සිතකම ඇතිවන පීඩාකාරී සිතුවිල්ල. විටෙක යහපත් වූ ප්‍රාර්ථනාවක් ලෙසද තවත් විටෙක අනුන් සතු දෙය නසන චන්ඩ සිතුවිල්ලක් විවිධාකාරයෙන් අන් අය ඉදිරියේ දිස්වෙන මෙම ඊර්ෂ්‍යාව තරම් මිනිසෙකුව තනන්නට හෝ නසන්නට හැකි වෙනත් සිතුවිල්ලක් ගැන සිතන්නටවත් නොහැකි තරම්.

අසල්වැසියෙකුට යම් වටිනා දෙයක් හෝ නොවටිනා වුව තමන් සතුනැති දෙයක් ඇත්නම්, “ඒ වගේ එකක් කොහොම හරි ගන්න ඕනේ“ යන්න අහිංසක සුභවාදී උත්සාහවන්ත අධීෂ්ඨානයක් වන්නා සේම… “මට නැති ඒ දෙය ඌට තියෙන්න ඕනෙත් නෑ“ යනුවෙන් සිතෙන විට එතරම් තවත් පවුකාර සිතුවිල්ලක්…! අනුන්ට වැඩියෙන් තමාට යමක් සපයා ගැනීමට උත්සාහ කරන විට කතා හදන ලෝකයක, මහ ලොකුවට ධනාත්මක චින්තනය ලෙස වෙනත් ආකාරයකින් මිනිස් මනසට ඔබ්බවන්නේ එම අධිෂ්ඨානයම නොවේද..? අන්අය දෙස බලා තමන් ඉහල යෑම ගැන හිතන මිනිසුන් අතර කිසියම් මට්ටමකට තරඟයක් ඇති කලේ මේ ඊර්ෂ්‍යාව, අධිෂ්ඨානයම නොවේද…?

අධිෂ්ඨානය...

අධිෂ්ඨානය…

අධිෂ්ඨානය, ඊර්ෂ්‍යාවෙන් පසු ඇතිවන උත්සාහවන්ත සිතුවිල්ලක් වන විට, ඊර්ෂ්‍යාවන්ත නොවී උත්සාහවන්ත වෙන්න යනුවෙන් කීමෙහි තේරුමක් තිබේවිද..? යමක් දැකීමෙන් පසු, එය අන්සතු නම්, තමාත් ඒ හා සමාන දෙයක් හෝ ඊට වඩා වැඩි දෙයක් ලබා ගැනීමට උත්සාහවන්ත වීමේ, අධිෂ්ඨානශිලී වීමේ යම් වැරැද්දක් පවතීද…? යම් කෙනෙකුට හැකිනම් තමාගේ හිතට එකඟව උත්සාහවන්තව තිබෙනවාට වඩා වැඩි දෙයක් ලබා ගැනීමට එය අන්අය කෙරෙහි ඊර්ෂ්‍යා‍වෙන් කරන දෙයක්ද…? ප්‍රශ්න ගොන්නකි. සමාජමය මත අතර මට අත නොදැමිය හැකි තරම්, තේරැම් ගත නොහැකි  මතිමතාන්තර රැසකි.

ඊර්ෂ්‍යාව වුව හරි අතකට හරවා ගත් විට තමාටම අත්වන වාසි රැසකි. එය අනුන් නසන්නට යොදාගත හොත් බහුතරයකට අලාභානි ගෙනදෙන උවදුරකි. එමෙන්ම ඊර්ෂ්‍යාව ඇති නොවෙන තැනක ඉදිරියට යාමක් ගැන සිතිය නොහැක. ඊර්ෂ්‍යාව නම් මට දැනෙන පරිදි, අධිෂ්ඨානයේ හා උත්සාහවන්තභාවයේ ආරම්භයයි. එය ක්‍රෝධය, වෛරයටත් උප්පතිය දෙන බැවින් තෝරා ගැනීම සිතුවිල්ල ජනිත වෙන ජීවියා සතුය. ඊර්ෂ්‍යාව ශුන්‍ය වූ විට අප හැමටම “ලද දෙයින් සතුටු විය හැක“… එතෙක් ලද දෙයින් සතුටු වීමෙන් ලබන දියුණුවක් නැති විය හැක. එසේ වුවහොත් සතුටුවන අප දෙස බලා තවත් උත්සාවන්තව වැඩි යමක් සොයාගෙන යන්නන් අපට හිනාවෙනු නිසැකය…! ලද දෙයින් සතුටු වීමද ඊර්ෂ්‍යාව නැති කිරීමකි. එවිට අධිෂ්ඨානය මෙන්ම උත්සාහවන්ත භාවයද අඩුවී යනු ඇත.

යම් අයෙකුට තියෙන දෙයක් දෙස බලා හීල්ලීමටත්, එය විනාශ කර දැමීමටත් වඩා තමාත් එවන් දෙයක් හෝ ඊටත් වඩා වටින දෙයක් වෙනුවෙන් මහන්සි වීමෙන් තමා තරඟයකට අවතීර්ණ වුවද එය යහපත්ය. ඊර්ෂ්‍යාව යහපත්ය අනුන්ගේ සැපතට හිරිහැර නොකර තමාත් එවන් සැපතක් අත්පත් කරගැනීමට හිතට ගන්නේ නම්…

 

 

Advertisements

18 Responses to “අධිෂ්ඨානය, ඊර්ෂ්‍යාවේම පුරුකක් වූ කල…”

  1. praveena Says:

    අධිෂ්ටානය හොඳ දෙයක්. ඒත් යමක් ලබාගන්ට අනුන්ගේ දෙයක් දිහා බලලා ඉරිසියා කරලා ඉන්ට ඕනි නෑ ඒ වැඩේට. ඊරිසියාව කියන්නේ අයහපත් සිතුවිල්ලක්. ඒක හොඳ අතට හරවා ගන්නවා කියන්නේ, ඊරිසියාව නැති කරගැනීම නේ. අල්ලපු ගෙදර අය ගන්න දේවල්ම ගන්ට ඕනි කියන ලෙඩේ, මෙහෙට ලංකාවෙන් එන අයට හැදෙන දරුණුම ලෙඩක්. 😀

    • Gold fish Says:

      ලංකාවෙන් පිට රටට ගිය එකම ​ලෙඩේ වෙන්න ඇති…

  2. මාඩා Says:

    ඇත්ත කතාව මචං…. නැති දේට ඊර්ෂ්‍යා නොකර ඒ දේට වඩා දෙයක් ලබා ගන්න අධිෂ්ඨාන වීම ගොඩක් වැදගත්

  3. arunishapiro Says:

    දාලා තියෙන දෙවැනි පින්තූරේ ඉන්නෙ සිසිපස් ද? එයාට නම් හැමදාම ගලක් කන්ද මුදුනට තල්ලු කරන්නට සිද්ධ වුනේ සුව කරන්න බැරි තරමට තිබිච්ච වංචාකාරී ස්වභාවය නිසාලු.

    //අන්අය දෙස බලා තමන් ඉහල යෑම ගැන හිතන මිනිසුන් අතර කිසියම් මට්ටමකට තරඟයක් ඇති කලේ මේ ඊර්ෂ්‍යාව, අධිෂ්ඨානයම නොවේද…?// වෙන්නැති. ඒත් මම දකින විදියට වැඩි දෙනෙක් තම මට්ටම අදට වඩා හෙට හොඳ කරගන්න අධිෂ්ඨාන කළේ නම් වෙන කවුරුවත් එක්ක තියෙන තරඟයක් ගැන හිතලා නෙමෙයි. තමන්ගෙ පවුලයි, දරුවොයි ස්වභාව ධර්මයේ අනේක උවදුරු වලින් මිය නොයා රැකගන්නට උවමනා වෙච්ච නිසයි.

    • Gold fish Says:

      සිසිපස් ගැන නම් දන්නේ නෑ අක්කේ… පුළුවන් නම් කියලා දෙන්න.
      //ස්වභාව ධර්මයේ අනේක උවදුරු වලින් මිය නොයා රැකගන්නට උවමනා වෙච්ච නිසයි./// මේක ඇත්ත වෙන්න ඇති. ඒත් අද කරන්නේ ලොකු කම, මාන්නය පෙන්නන්න. සෞඛ්‍ය ගැන නම් හිතනවා අඩුයි.

      • arunishapiro Says:

        ඔන්න මාළුවා වෙනුවෙන් ම සිසිපස් ගැන ලිව්වා.
        නිරර්ථක උත්සාහයෙන් සහ බලාපොරොත්තු රහිත ලෙසින් ශ්‍රමය වෙහෙසන සිසිපස් ද?
        නිරර්ථක උත්සාහය අරගලයක් සේ දැක සතුටින් එහි නියැළෙන සිසිපස් ද?
        http://arunishapiro.wordpress.com/2013/03/12/නිරර්ථක-උත්සාහයෙන්-සහ-බල/

      • Gold fish Says:

        ස්තූතියි අක්කේ…

  4. DDT Says:

    මට නම් වැඩිය ඔය අරව මේව ගැන ආසාවක් නෑ, බොහොම සරලව ජීවත් වෙනව. ඒ නිසාම ඉතිං පුපුරන්න තරමට ඊර්ශ්‍යාවක් ඇති වෙන්නෙත් නෑ. ඒ වගේම මහලොකු අධිෂ්ඨානත් නෑ.

    ඒක නෙවි බං, අර ෆේමස් ෆයිව් කතා ටික උඹ ඉල්ලුවනේ. ඕක දෙන්න ඕනම කියල මම මතක තියන් ඉන්නව, ඒත් ක්‍රමයක් නෑනේ. ගිය අවුරුද්දෙ අගෝස්තුවල විතර නේද ඒ කතාව ඇදිල ආවෙ. තාමත් ඒක කරන්න බැරි වුනානේ. මම නිතර නිතර කොළඹ එන්නෙත් නැති නිසා මම යාළුවෙක් අතවත් ඔය ඩීවීඩී දෙක එවන්නද, උඹට පහසු විදියක් කියල මට මේලක් දානවද, උඹට මේල් එකක් දාන්න විදියක් නැති නිසා මේක මෙතන දැම්මෙ.

    dumindadt@gmail.com

    • Gold fish Says:

      අපිටත් ඉතිං ඔය වයසට එද්දි සංහිඳියාවෙන් කටයුතු කරන්න පුළුවන් වෙයි…. 😛

      • DDT Says:

        අඩෝව් …… උඹ හිතුවද මම සීය කෙනෙක් කියල.

      • Gold fish Says:

        හරි හරි ඉතිං ඔච්චර ඉරිසියා කරන්න ඕනෙයැ අපි තරුණයි කියලා… 😀

  5. henryblogwalker the Dude Says:

    අපිට වැඩි පඩි ඕනෙ නෑ. නමුත් අරූට අපිට වැඩිය පඩි දෙන්න එපා. උගේ පඩිය අඩු කරනවා නම් අපි මේ ගානටම වැඩ කරන්න කැමතියි.

    • Gold fish Says:

      ඔක්කොම තියෙන උදාහරණයක්…

  6. magenama Says:

    දැං මෙහෙම හිතමු.ඔයා මාර ලස්සන ගෑනු ලමයෙක් එක්ක යනවා දකින ඔයාගෙ යාලුවා හිතනවා යකෝ හොඳ ගෙඩි පනුවො කනවා කියලා,අන්න ඉරිසියාව,එහෙම හිතලා ඔයාට ගල් ගෙඩියකින් ගහන්න හිතනවා නම් අන්න ක්‍රෝධය.මුගේ කෙල්ලට කියලා මේක කඩන්න ඕන කියලා හිතනවා නම් අන්න කුහකකම.
    හැබැයි,යකෝ මමත් දාගන්නවා මේ වගේ සුපිරි කෙල්ලක් කියලා හිතනවා නම් අන්න අධිෂ්ඨානය.දාගන්නේ ඔයාගෙ කෙල්ලව නම් ඌ තමයි ලොකුම හොරා.

    • Gold fish Says:

      මුල් ටිකත් එක්ක… අනිත් පනුවෝ කාපු ගෙඩියක් නැතුව, අළුත්ම ගෙඩියක් කනවා කියලා හිතුවොත්…

  7. Dilan Thivanka Says:

    මේවගේ ඒවා ලිව්වහම මොනවා කමෙන්ට් කරන්නද කියල තේරෙන්නේ නැ

    • Gold fish Says:

      ඒකනේ මල්ලි කමෙන්ට් අඩු… 😀


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: