රට ගිහිං ආපු ටොෆිය…

...

රට ගිය ආපු ගෑණු ළමයෙකුට එහෙම නමේ ටොෆිය කිව්වේ…! එක යාළුවෙක් පහුගිය නත්තල සමරන්න උත්කර්ෂවත්ව සමරන්න කියලා, ලංකාවේ නොයිඳ ගියා ඉතාලියට. ඒ ගියේ ඒ ගොල්ලන්ගේ මාම කෙනෙක් ගාවට. ලංකාවේ තියෙනවට වැඩිය සුභ නත්තලක් කොහොමත් ඒ රට වල තියෙනවා ඇති. නත්තල් ගස්ද… අඩු නැතුව දවස පුරාම වැටෙන හිමද… ශීත කාලය නිසා නිවාඩු දීලා පාසල් වහල තියෙන නිසා නත්තලට ලෑස්ති වෙන පොඩි එවුන්ද…. නත්තලට සතුටු වෙන්න තියෙන හැම දෙයක්ම ඉතිං ඒ වගේ රට වල තියෙනවනේ. ලංකාවේ පොඩි එවුන්ට මොන නත්තල්ද අළුත් වාරෙට ස්කෝලෙ යන්න ලෑස්ති වෙන්නයි විභාග වලට පාඩම් කරන්නයි පන්ති යන්නයි තියෙනවනේ… ඉතිං කොහොම හරි ඉතාලි ගිය යාළුවා නම් නත්තල් සතියම නිවාඩු දාලා ඉතාලි ගියා.

ඔන්න ඊට පස්සේ ඉතිං නත්තල අර්ථවත්ව ගතකරලා එහෙම බුවා ආවා ලංකාවට. එනකොට ඉතිං නිකංම එන්න බෑනේ. අනිත් යාළුවන්ටත් මොනා හරි ගේන්න එපැයි. ඒක සම්ප්‍රදායනේ. නැත්තං ඉතිං රට ගිහිං විනෝද වුන එකෙනුත් තේරුමක් නැතුව යනවා අහගන්න වෙන කතාවලට. කොහොමහරි ඉතිං ලොකු ලොකු දේවල් ගොඩක් ගේන්න බැරි නිසා පොර ගෙනාවා පොල් කෑලි මැද්දට දාලා චොකලට් වලින් ආවරනය කරපු රස ටොෆි වර්ගයක්.

කටේ තියන්න බෑ කටේ ඇලෙනවා. ඒත් මාස් වගේ නම් නෙමෙයි. ඊට වැඩිය රසයි. ඉතිං කට්ටියම ටොෆි කන ගමන් ටොෆියේ වගතුගත් හොයන්න යනවනේ… ඇයි ඉතිං ඉතාලියෙන් ගෙනාපු ටොෆිනේ. ඔන්න ඉතිං ටොඨිය වටේ කරකව කරකව කොලේ ලෙහා ගෙන බලනවා මොනාද අන්තර්ගතය… හලාල්ද නැද්ද… අරකයි මේකයි හැම එකම.

ඔය ටොෆිය හොඳට චෙක් කරපු කට්ටිය ගිහිං යාළුවගෙන් අහනවලු…

මචං උඹ සිරාවටම ඉතාලි ගියාද බං…?

උඹ බොරු නේද කිව්වේ… ඉතාලි ගියේ නෑ නේද…?

උඹ මඩු පල්ලි නේද ගියේ…? වගේ… පොර ඉතාලි ගියෙ නැතිබව ඇඟවෙන ප්‍රශ්න. දැන් බුවාට මේක හරි ප්‍රශ්නයක් වුනාලු. ඒ පාර මෑන් ගෙදර ගිහිං ටොෆි පැකට් එකෙන් ටොෆියක් අරං බලද්දි චූටි අකුරෙන් දන්න කියන භාෂාවකින් ගහලා තියෙනවලු…

උපරිම සිල්ලර මිල රු. 18.00 යි.කියලා…!

මං හිතන්නේ බුවා ආයේ නත්තල සමරන්න ඉතාලි යන එකක් නෑ. ඌ නම් කියන්නේ… මුන්ට ගෙනත් දුන්නත් බේරෙන්න බෑ… ගෙනත් නුදුන්නත් බේරෙන්න බෑ කියලා. 😀

34 Responses to “රට ගිහිං ආපු ටොෆිය…”

  1. හරී Says:

    ඉතාලියෙ සිංහල කඩේකින් ගන්ඩ ඇත්තෙ..

  2. praveena Says:

    එහේ කාටහරි දෙන්ට ගෙනිච්ච එකක් වැරදිලා ආපහු ගෙනත් වෙන්ට ඇති. 🙂

  3. මාඩා Says:

    ඉතාලියේ තියෙන අපේ අභිමානේ… 😛

  4. kavikaari Says:

    උපරිම සිල්ලර මිල රු. 18.00 යි…… Hih

  5. Praසන්ன Says:

    ඒ කියන්නෙ සිංහල දැං ජාත්‍යාන්තර භාෂාවක්.

  6. රූ Says:

    ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නෙ මාළු…?

  7. mohan kanishka Says:

    apiwama target karala italy karayo hadana tofiyak wagei?

  8. Harshana Adikari (රජා) Says:

    අයියෝ…. ටොපි 🙂

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

  9. vpokura Says:

    කවුරුහරි ටොපි පාර්සලේ මාරුකරලද..??

  10. henryblogwalker the Dude Says:

    මෙහෙම වෙනවා ලොක්කා.

    පිටරට වලින් Made in Sri Lanka කියලා ගහපු ඇඳුම් ආපහු අරගෙන ආපු වෙලාවල් අනන්ත මම දැකලා තියෙනවා.

    අනික සමහර වෙලාවට excess luggage කේස් එක නිසා සමහරු ලංකාවේ එයාපෝර්ට් ඩියුටි ‍ෆ්‍රී ෂිප් එකකින් එකෙන් තෑගි අරන් එන්න පුලුවන්

  11. DDT Says:

    මේ මාළුවගෙ යාළුවොන්ට හරිම අකරතැබ්බයන් වෙනවනේ නිතර නිතර. උඹෙන් උන්ට අපලද මන්ද.

    ඉතිං, අවශ්‍යතාවයක් තියේ නම් ඌට ලේසියෙන්ම ඇත්තටම ඉතාලි ගියාද නැද්ද කියන එක ඔප්පු කරල උඹලගෙ කටවල් වහන්න බැරිය. ඌ රට යන්න ඇත්තෙ ගෙදර සමෘද්ධි කාඩ් එක යූස් කරල නෙවිනේ.

  12. WK Says:

    අපි එක පාරක් කතරගමින් දොදොල් අරගෙන ආවම දැක්කේ, හදලා තියෙන්නේ දෙහිවල කියලා

  13. Dilan Thivanka Says:

    අප්පට සිරි රට ගියත් අපේ කම අමතක කරපු නැති පොරක්

  14. සමනළී Says:

    හුටා…. ආයිනම් එයා ටොපි ගේන එකක් නෑ කොහෙ ගියත්….

  15. අග්නි ධාරා Says:

    හික්ස්… පවු අප්පා………


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: