පිහාටු….

වර්ණවත්...

වර්ණවත්…

ලෝකේ තියෙන සිනිඳුම, සැහැල්ලුම දෙය මොකද්ද කියලා ඇහුවොත් මං නම් කියන්නේ පිහාටු කියලා…! ඒ වගේම වර්ණවත්… පිහාටුවක් අතකින් අල්ලපු ඕනේ කෙනෙක් ඒක දන්නවා. ඉස්සර අපි පිහාටු එකතු කලා. සුදු පාට පිහාටු වලට කහ පාට, රෝස පාට කුකුළු සායම් දාලා පාට වෙනස් කරලා ලස්සන කරා. කොයි තරම් නම් ඒ සිනිඳු බව වින්දද…! ඒ දවස් වල අපිත් පිහාටු වගේ… හරි සැහැල්ලුයි.

කාට හරි මතකද පිහාටු අලවලා පොත් හැදුවා..? සුභපැතුම් පත්, ආරාධනා පත් වගේ කීයක් නම් හැදුවද පිහාටු වලින්. අර හමුදාවේ අයගේ කැප් වල තියෙන්නේ පිහාටු…! අන්න ඒවාට තමා මං වැඩියෙන්ම ආසා. ඒවා හරී දීප්තිමත්. ගෙදරදි පාට කරන ඒවා වගේ පාට අඩුවෙලා යන්නේ නෑ. හැමදාමත් එක වගේ දීප්තිමත්.

ඉතිං පිහාටු කියන්නේ මිනිස්සුන්ට ලස්සන දෙයක් විතරක් වුනාට, කුරුල්ලන්ට නම් අත්‍යවශ්‍ය දෙයක්. පිහාටු නැතුව ඉගිලෙන්න බෑ කුරුල්ලන්ට. පිහාටු කියන්නේ කුරුල්ලන්ට ඉගිලෙන්නම තියෙන දේකුත් නෙවෙයි. ඒ තමයි කුරුල්ලන්ගේ සමේ ආවරණය. ඒ විතරක් නෙවෙයි… වැස්සෙන්, සීතලෙන්, උණුසුමින්  ආරක්ෂ වෙන්න වගේම තමන්ගේ වර්ගයාට අනිත් අයගෙන් වෙන් කරලා අඳුන ගන්නත් උදවු වෙන්නේ මේ පිහාටුම තමා. පිහාටුවකට වතුර

ලස්සනම පිහාටුව...

ලස්සනම පිහාටුව…

බිංදුවක් වැටුනම ඒක පිහාටුවක රැඳෙනවා අඩුයි බොහෝ දුරට. ඒ එහෙම වෙලා තියෙන්නේ කුරුල්ලන්ව ජලයෙන් ආරක්ෂා කරන්න. තද අවුවකදී කුරුලු පිහාටු වලින් සැදි පියාපතකට පුළුවන් කුරුළු බිත්තර වලට ලැබෙන අධික උෂ්නත්වය මග හරින්න. හැම දේටම වැඩියෙන් වටින්නේ කෙරටීන් ප්‍රෝටීනය හා තවත් රසායනික කීපයක හයිඩ්‍රිජන් බන්ධන මගින් තැනුන පිහාටුව හොඳ හැටි සුලං වලට ඔරොත්තු දීමයි. ඒක තමා ප්‍රමුඛ කාර්යය. කවදාවත් අහලා තියෙනවද හුළඟට අහුවෙලා තටු කැඩිච්ච කුරුල්ලෙක් ගැන…! දැන් මේ සිනිඳු පිහාටු, සිනිදුවට පිහාටු වගේ තිබුනට කුරුල්ලන් පරිනාමය වෙන අවධියෙදි තිබිලා තියෙන්නේ සමින්ම හැදුන තුනී පටලයක් වගේ. ඒ දවස්වල නම් දැන් තරම් ලස්සන නැතුව ඇති…

පිහාටු වලින් කුරුල්ලන්ට වගේම අපිටත් යම් යම් අවශ්‍යතා පිරිමැහෙනවා. ආදී කාලීනව නම් පිහාටු යොදාගෙන තියෙනවා ආයුර්වේද වෙදකමේ එන තෙල් ආලේප කිරීම් වලට. පිහාටුවකින් තෙල් ගාලා තියෙන්නේ අතේ රස්නෙට තෙල් වල තියෙන ගුණ වෙනස් වෙයි කියලලු.

පිහාටු පවන් සලනය...

පිහාටු පවන් සලනය…

ඒ වගේම මෑත කාලීනව අපි නොහිතන දේවල් වලට පවා පිහාටු යොදාගෙන තියෙනවා. නිදියද්දි ඔළුව තියන කොට්ටයක ඇතුලත පුරවන්න පිහාටු යොදාගන්නවා කිව්වොත් මොකද හිතන්නේ..? ඇත්තටම සීතල රටවල කොට්ටවලට පිහාටු ඇතුලත් කරනවා. ඒ කොට්ට උණුසුම්ව තබන්න. ඊට පස්සේ සීත කබායන් වල මැද ලේයරයක් විදියට හා අකුලන මෙට්ට පිරවීමටත්. පිහාටුවල නැවෙන සුළු බව හා තාප පරිවාරකයක් ලෙසින් ක්‍රියාකරන ගතිය කුරුල්ලන්ට වඩා වැදගත් වෙලා තියෙන්නේ මිනිස්සුන්ට.

රතු ඉන්දියානුවන්ට වගේම තවත් ගෝත්‍රික කන්ඩායම් ගනනාවකට පිහාටු කියන්නේ වටිනා ආභරණයක්. ඒකෙන් ඔවුන්ගේ උස් පහත් බව, ආඩම්බරකම වගේම ශක්තිමත් භාවයත් පෙන්නුම් කරනවා. ඒ අතරත් විවිධ ජන කොට්ඨාස පිහාටු විවිධ දේ සඳහා යොදා ගන්නවා. එක් කොටසක් පිහාටු තමන්ගේ පළඳනාවක් ලෙස භාවිතා කරද්දි තවත් කොටසක් එම පිහාටු පූජනීයත්වයෙන් සලකලා යාග හෝම සඳහා යොදාගන්නවා. තවත් කොටසක් ඖෂධක් විදියට යොදාගන්නවා. ඒ වගේම හැම ජන කොට්ඨාසයකයම ගැහැණු අය තමන්ගේ කොන්ඩයට අලංකාරයක් එක් කරන පළඳනාවක් හැටියටත් භාවිතා කරනවා අතීතයේ පටන් අද දක්වාමත්. පිරිමි අය තමන්ගේ හිස් පළඳනා වගේම ලියන පෑන් සඳහාත් යොදාගන්නවා. ඉස්සර ඉඳන්ම පිහාටු ආශ්‍රිතව පැවත එන තවත් දෙයක් තමයි පිහාටු වල අඳින විවිධ චිත්‍ර. ඉස්සරම රජවරුන්ට පවන් ගහන්න අරගෙන තියෙන්නෙත් පිහාටු එකතු කරලා හදපු උපරකණයක්ලු. සෙමර සලනවා කියන්නේ ඒකට තමා.

ආභරණ ලෙස...

ආභරණ ලෙස…

ලෝකයේ පිහාටු අතරින් විවිධ ජන කොට්ඨාස තුල වැඩියෙන්ම ජනප්‍රිය පිහාටු දෙවර්ගය වෙන්නෙ රාජාලි පිහාටු හා මොනර පිහාටු..! අලංකාරත්වයෙන් වැඩි හා දුර්ලභ ගනයේ, ඒ කියන්නේ වඳවී ගෙන යන කුරල්ලන්ගේ පිහාටු වලට… පිහාටු එකතු කරන්නන් අතර තියෙන්නේ ලොකු ඉල්ලුමක්. ඒවට තියෙන්නෙත් අති විශාල වටිනාකමක්..!

ඒත් මේ හැම පිහාටුවම කුරුල්ලන්ගෙන් වැටෙන ඒවම නෙවෙයි. පිහාටු ගැනීමට ඇතිකරන හා අල්ලාගෙන පිහාටු ගලවන කුරුල්ලන්ගෙන් ලබාගන්නා ඒවා. ලංකාවේ නැති වුනත් වෙනත් රටවල දුර්ලභ පක්ෂීන් වඳවී යාමට මෙවන් මුදල් සඳහා පිහාටු ගැනීමට කුරුල්ලන් මැරීම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.

Advertisements

27 Responses to “පිහාටු….”

  1. arunishapiro Says:

    බිත්තරයකින් එළියට ආපු අලුත කුකුල් පැටව් අල්ලලා තියෙනවා ද? ලංකාවේ දී මට ලැබුණා ඒ අවස්ථාව මුල් ම වරට. සිනිඳුම සිනිඳු පිහාටු ගොඩක්!

    • Gold fish Says:

      ම්… හිතාගන්න පුළුවන්. මම දැකලා තියෙනවා ක්වික්… ක්වික්… ගගා පෙට්ටි අස්සේ ඉන්න පැටවුන්ව.

  2. praveena Says:

    ගොඩක් ලස්සන උනාට, මොනර පිහාටු ගෙවල්වල තියාගන්ට හොඳ නෑ කියලා අපේ අත්තම්මා කියනවා. හේතුවක් දන්නේ නෑ.
    කුරුලු පිහාටු සිනිඳුයි නේන්නම්!!! 🙂

    • Gold fish Says:

      ඔව් මමත් අහලා තියෙනවා. මොනර පිහාටු තියන්නේ දේවල වල.

      • හරී Says:

        මොනර පිල් වලට ඇස් අන්ධවෙන කතාවක් මම අහලා තියෙනවා.. ඒකලු ගෙදර තියාගන්ඩ එපා කියන්නෙ..

        අනික් අතට සමහරු කියනවා මොනර පිල් ගෙදර තියෙද්දි හූනො, මීයො, සර්පයො එන්නෙ නැති කතාවකුත්..

      • Gold fish Says:

        අන්ධ වෙන කතාව මමත් අහලා තියෙනවා… තාත්තා කියලා තියෙනවා.

  3. මාඩා Says:

    පෙරහැර කාලේට මොණර පිහාටු වලට හොද ඉල්ලුමක් තියෙනවා, මොණරා මරලා ගන්නවද ඇහිදලා ගන්නවද කියන්න දන්නේ නෑ.. ඒත් සෑහෙන්න පිහාටු ප්‍රමාණයක් ඕනවෙනවා…

    • Gold fish Says:

      මං නං හිතන්නේ මරනවා ඇති. නැත්තං ඔච්චර පිහාටු කොහෙන්ද බං..

      • හරී Says:

        කාලෙකට මොනරාගේ පිල් ඔක්කොම හැලෙනවා.. ආයෙ නටන්ඩ ඕනා කාලය එද්දි තමයි ඒවා හැදෙන්නෙ..

      • Gold fish Says:

        එහෙමත් එකක්ද….

  4. මාතලන් Says:

    කුරුළු පිහාටුවක් වගේ පෝස්ට් එකක්…..

  5. magenama Says:

    බම්බුව තමයි,ගෑනු ලමයෙක්ගේ අතට පිහා‍ටුවක් දීලා අත්ල අල්ලලා බලන්න මොකක්ද සිනිඳු කියලා.

  6. DDT Says:

    අර අන්තිමට දාල තියෙන පිහාට්ට නම් ගති, ඈ…..

  7. රාජ් Says:

    ඉස්සර අපේ දෙවනි අක්ක පිහාටු අලවල පොතක් හදන වැඩකට අතහැගුව. මගෙ අම්මෝ පිහාටු හොයන්න ඒකාලෙ ගිය දුර.

  8. මධූ Says:

    පිහාටු ගැන, ගංගා ගැන, අහස ගැන, හඳ ගැන, තරු ගැන පෝස්ට් ලියවෙන කාළයක් ඇවිත් වගේ…

  9. Dilan Thivanka Says:

    කුරුළු පිහාටුවකට වඩා හිත සැහැල්ලු කර ගත යුතුය්ලු ^_^

  10. මඩිස්සලේ නිශාන් Says:

    හැම ස්වාබවික සම්පතක්ම මනුසතා විසින් විනාෂා කරනවනේ බොල.මුන් පිටසක්වල ජීවින්ටත් වඩා භයානකයි!

  11. අග්නි ධාරා Says:

    මාත් නිකන් පිහාටුවක් වගේනේ……………….^_^


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: