ගඟට ඇසෙන්නට…

වංගු... බාධක...

වංගු… බාධක…

හ්ම්… ඉස්සර කව්රුහරි ගුරුවරයෙක් කියලා දුන්නා ගඟක් ලස්සන වෙන්නේ වංගු තියෙන කොට, ගල් පර්වත තියෙන කොට කියලා. අපිත් ඒ දවස් වල ඒ පඬි වාක්‍ය ඔළුව වනලා පිලිගත්තේ, කියපු දේ තේරුනා තියා… අඩුම ගානේ එතනින් එහාට “නෑ… ඒක එහෙම නෙමෙයි…“ කියලා කියන්න තරම්වත් දැනුමක් නැති නිසා වෙන්න ඇති. ඒත් ඒ කිව්වේ ඔහේ ගලාගෙනන යන ගඟක් ගැන නම් නෙවෙයි. ඉදිරියට ගලන ජීවිතය ගැන. මොන තරම් නොතේරුනත් ඒවා මතක හිටියා. ඒකයි දැනුත් මේ මතක් වෙන්නේ…!

ඇත්ත තමා, ගඟක් ලස්සන වෙන්නේ වංගු තියෙද්දි… ඒකාකාරීව එකම පැත්තකට ගලනවට වඩා ගඟ “දකින්නාට“ වඩා “බලන්නාට“ ගඟේ ලස්සන පේන්නේ ගඟක් වංගු සහිත වුනාම. දකින්නාට කොහොම දැක්කත් ඒක ගඟක්මයි. ගඟක්ම නොවුනත් වතුර පාරක්වත් වෙයි. ඒත් වතුරෙන් හැදුන ගඟ එහෙම වුනාට, බලාපොරොත්තු වලින් පිරුණු ජීවිත ගඟනම් වංගු සහිත වුනාම වෙලාවකට හරීරීරී කරදරයි… එක වංගුවකින් හැරිලා ඉස්සරහට යද්දී ඉදිරිය දෘෂ්ටියෙන් ඈතයි. එහෙමත් නැත්තං වංගුව ගන්න කොට අපි අන්ධ වෙලා. ඒත් නැත්තං ඊළඟට පාර කොහොමද කියන්න තේරෙන්නේ නෑ. කොටින්ම කියනවනම් ඉස්සරහ පැහැදිලි නෑ. එතකොට ගඟ ගලන එක කෙසේ වෙතත් අඳුරේ අත පත ගාන්න නම් වෙනවා.

කොහොම හරි පාර හොයාගෙන ඉස්සරහට යද්දී… ඔන්න තියෙනවා පුංචි කාලේ ඉගෙන ගත්තු ගල් පරුවත එහෙම. ඒවත් එසේ මෙසේ ඒවා නෙමේ… අවුරුදු ගනන් වැයවෙන වැඩ. එක බාධකයක් පහුකරන්න සමහරවිට ජිවිත කාලයෙන් භාගයක්ම ගත වෙනවා ඇති. ඒ අතරෙදි ගලන ගඟ දෙපැත්තෙන් වැටෙන කොල රොඩු, කුණු ගොඩවල් ඔක්කොමත් අරගෙන අපි පතන සැපත පිරි සාගරය දක්වා දිවයනවා. වැඩි දෙනෙක් උත්සාහ කරන්නේ හැකි ඉක්මනින් ඒ සාගරයට මුහු වෙන්න. ඒක තමා දියුණුව කියන්නේ. හැමෝම හදන්නේ විශේෂ වෙන්න. ඒ ඉක්මන් ගලායෑමෙදී බොහෝවිට ගලායෑම ගැන ඇරෙන්න වෙනත් දෙයක් ගැන හිතන්නේ නැති තරම්. කීයක් දේවල් මග ඇරෙනවා ඇතිද…?

අන්තිමේ එකතු වෙනවා සාගරයට. එතෙන තමා අවසාන නැවතුම් පොල. ඒත් ගිහිං බලපුවම ඇති විශේෂයක් නෑ. එතෙනත් ඉන්නේ ජීවත් වෙන්න යමක් කරන මිනිස්සු. සාගරයට ගිහිං නවතින්නෙත් නෑ… තවත් උත්සාහ කරනවා… හැමෝම හදන්නේ වාෂ්ප වෙලා හරි ඉහලට යන්න…!

ඔය හැමදේම අහගත්තු අපි, අන්තිමට මෙහෙමත් අහගත්තා.

නිසල සයුර ගැඹුරුයි…

ගඟක මුහුදක රැලි නොමැති තැනක් වේ නම් එතෙන ගැඹුරුයි. ඒ එතෙන අන්තැන් වලට වඩා වැඩි ජල කඳක් රඳවා ගත්තා වලක් තියෙන නිසා. ඒ වගේම තමා උඩ පනින දාහක් දෙනා අතර දෙපයින් සිටගෙන මිටියට ඉන්න අය අන් හැමටම වඩා හැම දේකින්ම සාරයි. දැන් තමා තේරෙන්නේ හැම අතින්ම ජීවිතය ගලන ගඟකට සමානයි…! අපිට ඕනෙ විදියට හැමතිස්සෙම හැරෙන්න බැරි වුනාට, බාධක මග හරින්න බැරි වුනාට… ගලාගෙන යන විදියට යන්න දුන්නම… ඒත් අත්‍යවශ්‍ය තැන් වලදී හැකි පමණ හරවා ගත්තම ගඟ ලස්සනයි… හැටි ගමන් ප්‍රපාත වලින් වැටෙද්දී දිය ඇලි හැදේවි ඇස්වලත්… ඒත් ගඟ ලස්සනයි…! at – ඇහුනද අනිත් ගංගා වලට….???

Advertisements

31 Responses to “ගඟට ඇසෙන්නට…”

  1. arunishapiro Says:

    මාළුවන්ටත් හිතෙන දේවල් පීන පීන ඉන්නකොට … හරි ගැඹුරු තැනක වෙන්න ඕනෑ පීනන්නෙ. නියමයි!!!

    • Gold fish Says:

      නෑ අක්කේ වංගු දෙක තුනක් පාස් කරගෙන යන ගමන්…

      • arunishapiro Says:

        🙂

  2. praveena Says:

    මේ දවස්වල මගේ ජීවිත ගංගාව මහා වංගුවක් ගන්නා ගමන්… 😀

  3. මාඩා Says:

    කතාව ඇත්ත මචං….

    ඒ මාලු මොකෝ මේ ටිකේ ටිකක් අමුතුවට ලියන්නේ????

  4. මධූ Says:

    ඉවුරු දෑලේ හිඳ බලනකල ගඟ හැඩයි කදිමයි…
    දියට බටවිට එවන් ගඟුලම බිහිසුනුයි චන්ඩයි…

  5. රාජ් Says:

    සූස්තියක්වත් ඇදලදමූ?…..:-)
    ඇත්ත තමයි උඹේ කතාව.

    • Gold fish Says:

      සූස්ති ඔතන්නත් ක්‍රම තියෙනවා. ඒවැයින් ටියුලිප් ක්‍රමේට ඔතපු එක ඇද්දම නාග සලං. දවස් තුනක් විතර නිදා ගන්න පුළුවන්ලු. 😀

  6. henryblogwalker the Dude Says:

    අපූරු අදහසක්. වෙනදා වගේ හොර කම්මැලි ලිපියක් නෙවෙයි. 😀
    ඒක නෙවෙයි, උඹ දැන් අර කලින් තැන නෙවෙයිද වැඩ?

    • Gold fish Says:

      ගිය සැප්තැම්බර් වල ඉඳන් වෙන තැනක වැඩ කරන්නේ අයියේ… කොළඹ අවට.

  7. පරිකල්පන Says:

    කෝ!… දියඇලි අමතක වෙලානෙ…

    වංගු වලින් හැරිල බාදක මගඇරල ගලන ගඟ ලස්සනයි තමයි. ඒත් ගඟට කතා කරන්න පුළුවං නං ගඟ වංගු ගැන මොනා කියයිද?

    • Gold fish Says:

      දිය ඇලි නම් කමක් නෑ කියමුකෝ… අතූ ගංගා ටික නම් හිතලම අමතක කරා… 😀 😉

  8. Dilan Thivanka Says:

    මාව මේ දවස්වල වෙල්ලකට හරස් වෙලා 😀

    • Gold fish Says:

      අම්මටසිරි එහෙනම් රෑට රෑට ජල විදුලිය නිපදවනව ඇති හෝ ගාලා…

      • Dilan Thivanka Says:

        පිස්සුද මිනිහෝ.මාව හිරවෙලා කියල කිව්වේ 😛

      • Gold fish Says:

        ලිහෙයි ලිහෙයි

  9. මඩිස්සලේ නිශාන් Says:

    සමහර ගඟවල් හෙන නපුරුයි ඒත් අපි නම් එදා වගේම තාමත් ඔහේ ගලාගෙන යනවා 🙂

    • Gold fish Says:

      මල්ලිට නපුරු වුනාට වෙන අයට හොඳ ඇති බං… කපටියි නේද… 😀 ගනන් ගන්න එපා උඹටත් නපුරු නැති ගඟක් සෙට් වෙයි මගදී…

  10. Yasiru Udana Says:

    නියමට ලියල තියනවා ෆිෂෝ මාර ගඟ හැබැයි මම දැකපු ගඟවල්නම් හරි නපුරුයි අනේ

  11. සමනළී Says:

    කතාව නම් සහතික ඇත්ත….
    මාත් මේ දවස් වල වංගු දෙක තුනක හිර වෙලා ඉන්නේ….
    මක්ක කරන්නද අප්පා ජිවිතේ හැටි ඕම තමයි නේ…..

  12. DDT Says:

    හරියන්නෑ, හරියන්නෑ. මේක ‘මාර‘ ගැඹුරුයිනේ, අපි වගේ පොඩි එවුවොන්ට තේරෙනව හොරයි ආයිබෝවන්ඩ.

  13. wicharaka විචාරක Says:

    අපි ඉස්කෝලේ යන කාලේ කරපු බොහොම වැදගත් වැඩක් තමයි සමරු පොත් (අර සිංහලෙන් කියන්නේ ඔටෝග්‍රාෆ් කියලා) ලිවීම. විශේෂයෙන් ගෑණු ළමයි අතේ සමරුපොත් වරදින්නෙම නැහැ. හැබැයි ගුරුවරු මේ වැඩේට කැමති නැහැ. මේවා මගින් අර ‘පෙ රේ ම’ සම්බන්ධතා ඇතිවෙනවා කියලා. ගෑණු ළමයින්ගේ සමරු පොත්වල (ඔක්කොගේම නෙවෙයි බොහොම සිත්ගත් එක්කෙනාගේ) සමරු පොතේ අපි ලියන්නේ මෙහෙමයි.

    වංගු වංගු ගලන කොටයි – ගඟක් ලස්සන
    ඔයයි මම එකතු වුනොත් – ලොවම ලස්සන

    මට දැන්නම් මතක නෑ මේ කෑල්ල මම ගෑණු ළමයි කී දෙනෙකුගේ සමරු පොත්වල ලිව්වද කියලා. 😀 😀 😀

    • Gold fish Says:

      හික්ස්… අපේ දවස් වලත් ඒක තිබුනා. මං ලිව්වේ නෑ… හේතුව පෙ රේ ම සම්බන්ධයක් නිසා වෙන එකෙක් කාපු පරිප්පුවක්.

  14. යසිත්ගේ සිතුවිලි Says:

    මගේ ප්‍රේම ගංඟාවයි ජීවන ගංඟාවයි මේ දවස්වල එකතු වෙලා මහා සාගරයක් හැදිලා


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: