පුංචි කුමාරි දැන් ඇති නේද, නිදාගෙන හිටියා…? එන්න අපි පියාඹමු, මුළු අහස පුරාම… මට පුළුවන් වේවි, මං තනියම ගිහිං දැක බලාගත්ත ලස්සනම ලස්සනම තැන් ඔය දඟකරන ඇස්වලට පෙන්නන්න. හැම දෙයක්ම ආයෙමත් දකින්න… මං තවත් ආසා වේවි…. “අර මොකද්ද….?“ , “ඇයි ඒක එතෙන තියෙන්නෙ…? “ වගේ කිසිම තේරුමක් නැති, මට උත්තරත් නැති ප්‍රශ්න වලට උත්තර හද හද කියන්න.
ඔන්න දැන්ම නැගිටින්න ඕනේ… නැත්තං සමන්පිච්ච සුවඳ මග ඇරේවි. ඒ විතරක් නෙවෙයි… උදේම පිටත් උනොත් මට පුළුවන් වේවි, ගිනි අව්ව පැතිරෙන්න කලින්, හිරු රැස් කඩා පනින්න කලින් පිබිදෙන මානෙල් මලක් ඔය දෑතේ රඳවන්න… තව ගොඩක් දුර ඇවිදින්න පුළුවන් වේවි රෝස පාට උණුසුම් අතේ එල්ලිලා… සීතල සුළං හමන මීදුම පිරුණ කන්දක් පාමුලට වෙලා දවල් වරුව ගෙවන්න පුළුවන් වේවි… ඔන්න දැන්මම කිව්වා… දුවන්නේ එහෙම නෑ හා පැටවු, සමනල්ලු පස්සේ.. ලඟට වෙලා හිටියොත්, පුංචි හිත ආසම රතු පාට ස්ට්‍රෝබෙරි ගොඩක් හොයාගෙන එන්න පුළුවන් වේවි මට…!!! අපෝ ඒවා කන හැටි නම් ලියන්න බෑ… පෙරේති… මූන ඇඹුල් කරගෙන… කට රතුපාට කරගෙන…
වෙරල දිගේ දුවන්න අතින් ඇදගෙන… පිටි පස්ස හැරිලා බලද්දි අපේ අඩිපාරවල් තියේවි… දුඹුරු පාට වැල්ලේ ටික දුරක්, ටිකක් ගැඹුරට. ටික වෙලාවකින් මැකිලා යාවි. ඒත් අපිට පුළුවන් වේවි තවත් අඩි තිය තිය ඉස්සරහටම යන්න. සුමුදු රළ පෙන ඒවි අපේ දෙපතුල් ගාවටම, කිරි පාට පිඩු දරාගෙන. මම, ඔය කකුල් දෙක තෙමෙන්න නොදී ඔසවා ගන්නවා දෑතටම නුඹව…!!! සිඹින්න දෙන්නේ නෑ මම කිරි සයුරට සුමුදු යටි පතුල… විඳින්න දෙන්න නෑ මම රෝස දෙපතුලේ උණුසුම සොඳුරු සයුරට. ඒවා මගේමයි…! හිනා වෙන්නේ එහෙම නෑ හයියෙන්.. හොඳද…
ඈත අකාසේ ලා දම් පාටින්, තැඹිලි පාටින් ඉර බැහැගෙන යද්දී… කහ පාට හෙන්දිරික්කා මල්, සුදුයි තැඹිලියි මුහුවුන සේපාලිකා මල් පිපෙද්දි ආයෙම ගෙදර එන්න පුළුවන් වේවි. එන ගමන් පුංචි මල් වැලක් අමුනලා මට පුළුවන් වේවි රත්තරං පාට බෙල්ලේ ගෙලලන්න. ඉන්නවකෝ… මං තවත් ආත්මාර්තකාමී වෙනවා ඔය ආදරය ලඟ…!!! දෙන්නේ නෑ කාටවත් ඔය හිතට ලං වෙන්න…! at – සහෝදරියකට / දුවකට / බිරිඳකට (අළුත බැඳපු)….. ආදී වශයෙන් තමන් කැමති චරිතයකට…
2013 පෙබරවාරි 25 දින පෙ.ව. 10:50 ට
පෝයට උදෙන්ම වැඩ අල්ලලා තියෙන්නේ…
2013 පෙබරවාරි 25 දින පෙ.ව. 11:01 ට
අපිටත් වැඩක් තියෙන්න එපැයි බං… 😀
2013 පෙබරවාරි 25 දින පෙ.ව. 11:00 ට
ප්‍රේමණීයයි….. ෆට්ට මචං…..
2013 පෙබරවාරි 25 දින පෙ.ව. 11:02 ට
උඹට ගැලපෙනවා නෙහ්… 😛
2013 පෙබරවාරි 26 දින පෙ.ව. 7:54 ට
😉 වෙන්නත් පුලුවන් 😀 😀
2013 පෙබරවාරි 25 දින පෙ.ව. 11:19 ට
පාට පාට හීන ලෝ……කයක් !
හා … හා … නැඟිටපන් බං, දැන් දවල් වෙල. හීන දැක්ක මැදෑ.
දැන් හැදෙන දැරිවියොන්ට ඔය විකාර කර කර ඉන්න වෙලාවක් නෑ. දැන් එයාල හරි දියුණුයි.
2013 පෙබරවාරි 25 දින ප.ව. 5:44 ට
ඒකනම් ඇත්ත තමා ඉතිං…
2013 පෙබරවාරි 25 දින පෙ.ව. 11:21 ට
අද ඇවිත් පෝය දවස නොවැ..හඳ මෝදු වෙනවා නේන්නම් රෑට!!
2013 පෙබරවාරි 25 දින ප.ව. 5:45 ට
අක්කට තේරුනා… 😀
2013 පෙබරවාරි 25 දින ප.ව. 12:54 ට
අම්මෝ පාට ගොඩ… 😀
2013 පෙබරවාරි 25 දින ප.ව. 5:45 ට
හික්ස්… ඇයි සැර වැඩිද….
2013 පෙබරවාරි 25 දින ප.ව. 5:37 ට
ඇඬෙනවා…………………………. අනේ මටත් කවුරුහරි හිටියනම් ඕම කියන්න………. :‘(
2013 පෙබරවාරි 25 දින ප.ව. 5:51 ට
හම්බුවෙයි ඉක්මනට…
2013 පෙබරවාරි 25 දින ප.ව. 5:58 ට
දවසටම මොකුත් කෑවේ නෑ නේද බං?
2013 පෙබරවාරි 25 දින ප.ව. 6:19 ට
හික්ස්… කියලා වැඩක් නෑ,.. මුකුත් බිව්වෙත් නෑනේ… 😉
2013 පෙබරවාරි 25 දින ප.ව. 6:01 ට
ඉලාස්ටික් වගේ රෝමෑන්ස්ටික් බන් පෝස්ට් එක.
2013 පෙබරවාරි 25 දින ප.ව. 6:30 ට
දැන් උඹට නැද්ද තාම මේ වගේ මනස්ගාත පහලවෙන්නෙ….
2013 පෙබරවාරි 26 දින ප.ව. 6:47 ට
පහළ වුනා කාලයක් ඒක මන් බ්ලොග් එකේ නොදමා කෙනෙක්ට කිව්වා කෙලින්ම.මාර වැඩේ කියන්නේ එයා මට අයි හේට් යූ නොකියා අයි හේට් යූ කිව්වා.පස්සේ එයාගෙන් ඈත් වෙන්න කිව්වා.අනේ මන්දා මුන්ට පිස්සුද කියලා.දැන් අඩ අඩ ඉන්නවා මෙහෙම කියන්න කෙනෙක් හිටියා නම් කියලා.
2013 පෙබරවාරි 27 දින පෙ.ව. 9:42 ට
එතකොට පෙරහැර ගිහිං ඉවරයිනේ බං…
2013 පෙබරවාරි 25 දින ප.ව. 7:50 ට
මේ මොකෝ හදිස්සියේම.මොකුත් අපත්‍ය දෙයක් වත් කැව්නද?
2013 පෙබරවාරි 27 දින පෙ.ව. 9:41 ට
අපි ඉතිං කෑවොත් එහෙම දෙයක්නේ බං..
2013 පෙබරවාරි 26 දින පෙ.ව. 7:41 ට
මේක එල්ල කරපු කුමාරි(කුමාරිකාවෝ ?) කියවලා බොහොම සතුටුවේවි.. රොමෑන්ස් එකෙත් පට්ටපල් රොමැන්ස් එකක්..
2013 පෙබරවාරි 27 දින පෙ.ව. 9:41 ට
ඈහ්… “වෝ”…?
2013 පෙබරවාරි 26 දින ප.ව. 12:31 ට
මේ කියන විදිහට කුමාරිකාව හෙන sira වෙන්න ඇති නේ ……
2013 පෙබරවාරි 27 දින පෙ.ව. 9:42 ට
හ්ම්… හ්ම්… වෙන්න ඇති…
2013 පෙබරවාරි 27 දින පෙ.ව. 9:13 ට
රොමෑන්ටික් බේ…රෙනව….. අනේ මටත් ඕම කියන්න කෙනෙක් හිටියනං… 😥
අඩෝ කණ ෆලාගන්නැතුව නැගිටපන් හොඳ හිතිං….. නැගිටෆන් ඩෝ… මගුල හීනෙං කියව කියව ඉන්නෙ…. @#$%^&*
2013 පෙබරවාරි 27 දින පෙ.ව. 9:43 ට
හික්ස්… උඹලත් ආසනැතෑ අනුන්ගේ හීන වලට එබෙන්න…
2013 පෙබරවාරි 28 දින පෙ.ව. 7:32 ට
පට්ට බන්
2013 මාර්තු 1 දින ප.ව. 9:03 ට
තෑන්ක්ස් කස්සා…