පියාඹන්නට….

.

.

පුංචි කුමාරි දැන් ඇති නේද, නිදාගෙන හිටියා…? එන්න අපි පියාඹමු, මුළු අහස පුරාම… මට පුළුවන්  වේවි, මං තනියම ගිහිං දැක බලාගත්ත ලස්සනම ලස්සනම තැන් ඔය දඟකරන ඇස්වලට පෙන්නන්න. හැම දෙයක්ම ආයෙමත් දකින්න… මං තවත් ආසා වේවි…. “අර මොකද්ද….?“ , “ඇයි ඒක එතෙන තියෙන්නෙ…? “ වගේ කිසිම තේරුමක් නැති, මට උත්තරත් නැති ප්‍රශ්න වලට උත්තර හද හද කියන්න.

ඔන්න දැන්ම නැගිටින්න ඕනේ… නැත්තං සමන්පිච්ච සුවඳ මග ඇරේවි. ඒ විතරක් නෙවෙයි… උදේම පිටත් උනොත් මට පුළුවන් වේවි, ගිනි අව්ව පැතිරෙන්න කලින්, හිරු රැස් කඩා පනින්න කලින් පිබිදෙන මානෙල් මලක් ඔය දෑතේ රඳවන්න… තව ගොඩක් දුර ඇවිදින්න පුළුවන් වේවි රෝස පාට උණුසුම් අතේ එල්ලිලා… සීතල සුළං හමන මීදුම පිරුණ කන්දක් පාමුලට වෙලා දවල් වරුව ගෙවන්න පුළුවන් වේවි… ඔන්න දැන්මම කිව්වා… දුවන්නේ එහෙම නෑ හා පැටවු, සමනල්ලු පස්සේ.. ලඟට වෙලා හිටියොත්, පුංචි හිත ආසම රතු පාට ස්ට්‍රෝබෙරි ගොඩක් හොයාගෙන එන්න පුළුවන් වේවි මට…!!! අපෝ ඒවා කන හැටි නම් ලියන්න බෑ… පෙරේති… මූන ඇඹුල් කරගෙන… කට රතුපාට කරගෙන…

.

.

වෙරල දිගේ දුවන්න අතින් ඇදගෙන… පිටි පස්ස හැරිලා බලද්දි අපේ අඩිපාරවල් තියේවි… දුඹුරු පාට වැල්ලේ ටික දුරක්, ටිකක් ගැඹුරට. ටික වෙලාවකින් මැකිලා යාවි. ඒත් අපිට පුළුවන් වේවි තවත් අඩි තිය තිය ඉස්සරහටම යන්න. සුමුදු රළ පෙන ඒවි අපේ දෙපතුල් ගාවටම, කිරි පාට පිඩු දරාගෙන. මම, ඔය කකුල් දෙක තෙමෙන්න නොදී ඔසවා ගන්නවා දෑතටම නුඹව…!!! සිඹින්න දෙන්නේ නෑ මම කිරි සයුරට සුමුදු යටි පතුල… විඳින්න දෙන්න නෑ මම රෝස දෙපතුලේ උණුසුම සොඳුරු සයුරට. ඒවා මගේමයි…! හිනා වෙන්නේ එහෙම නෑ හයියෙන්.. හොඳද…

ඈත අකාසේ ලා දම් පාටින්, තැඹිලි පාටින් ඉර බැහැගෙන යද්දී… කහ පාට හෙන්දිරික්කා මල්, සුදුයි තැඹිලියි මුහුවුන සේපාලිකා මල් පිපෙද්දි ආයෙම ගෙදර එන්න පුළුවන් වේවි. එන ගමන් පුංචි මල් වැලක් අමුනලා මට පුළුවන් වේවි රත්තරං පාට බෙල්ලේ ගෙලලන්න. ඉන්නවකෝ… මං තවත් ආත්මාර්තකාමී වෙනවා ඔය ආදරය ලඟ…!!! දෙන්නේ නෑ කාටවත් ඔය හිතට ලං වෙන්න…! at –  සහෝදරියකට / දුවකට / බිරිඳකට (අළුත බැඳපු)….. ආදී වශයෙන් තමන් කැමති චරිතයකට…

29 Responses to “පියාඹන්නට….”

  1. සිතුවම් Says:

    පෝයට උදෙන්ම වැඩ අල්ලලා තියෙන්නේ…

  2. DDT Says:

    පාට පාට හීන ලෝ……කයක් !

    හා … හා … නැඟිටපන් බං, දැන් දවල් වෙල. හීන දැක්ක මැදෑ.

    දැන් හැදෙන දැරිවියොන්ට ඔය විකාර කර කර ඉන්න වෙලාවක් නෑ. දැන් එයාල හරි දියුණුයි.

  3. රූ Says:

    අද ඇවිත් පෝය දවස නොවැ..හඳ මෝදු වෙනවා නේන්නම් රෑට!!

  4. අග්නි ධාරා Says:

    ඇඬෙනවා…………………………. අනේ මටත් කවුරුහරි හිටියනම් ඕම කියන්න………. :‘(

  5. මඩිස්සලේ නිශාන් Says:

    ඉලාස්ටික් වගේ රෝමෑන්ස්ටික් බන් පෝස්ට් එක.

  6. Dilan Thivanka Says:

    මේ මොකෝ හදිස්සියේම.මොකුත් අපත්‍ය දෙයක් වත් කැව්නද?

  7. Sarath Lankapriya Says:

    මේක එල්ල කරපු කුමාරි(කුමාරිකාවෝ ?) කියවලා බොහොම සතු‍ටුවේවි.. රොමෑන්ස් එකෙත් පට්ටපල් රොමැන්ස් එකක්..

  8. nethmi Says:

    මේ කියන විදිහට කුමාරිකාව හෙන sira වෙන්න ඇති නේ ……

  9. කෙෂාන් විදුරංග Says:

    රොමෑන්ටික් බේ…රෙනව….. අනේ මටත් ඕම කියන්න කෙනෙක් හිටියනං… 😥

    අඩෝ කණ ෆලාගන්නැතුව නැගිටපන් හොඳ හිතිං….. නැගිටෆන් ඩෝ… මගුල හීනෙං කියව කියව ඉන්නෙ…. @#$%^&*


සිතුවම් වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: