ඉස්සර ඉඳන්ම අපි හැමෝම අහසට ගොඩක් ආදරය කලා. වැඩියෙන්ම හඳට. ඊට පස්සේ තරු වලට. ඒවා තමන් විසින්ම එළිය විහිදුවන තරු වුනත්, නැත්තං අනුන්ගේ එළියක් පරාවර්තනය කරන ග්‍රහලෝක වුනත්… ඒ හැමදෙයක්ම අපිට තරු. ඒ ඉතිං රෑටනේ… දවල්ට එලිය තියෙන වෙලාවට සුදුපාට පුළුං වගේ වලාකුලුවලට. ඊට පස්සේ නැගෙනහිරින් නැගගෙන එන ඉරට… හවස් වෙද්දි තැඹිලි පාටට බැහැගෙන ඉරට. ම්… එහෙම බැළුවොත් අපි මුළු අහසටම ආදරේ කරලා…!
පුංචිම කාලේ අම්මලා තාත්තලා අපිට අහස දිහා බලාගෙන තරු වලට ඇඟිල්ල දික් කර කර කතා කියලා දුන්නා. ඒවා ගොඩක්ම සුරංගනා කතා. එක එක විදියේ ඒවා… දැන් තියෙන චිත්‍රපටිවල වගේ ඒ කතාවල කුමාරයා හැම තිස්සෙම කුමාරිකාව එක්ක සතුටින් දිවිගෙව්වේ නෑ… එයාලා දැන් වගේ අහස තරම් ආදරේ කලාද දන්නේ නෑ… ඒත් එයාලට එක එක දේවල් වුනා. මතක නෑ අප්පා දැන්….!
ඉතිං කොහොමහරි අපිට වඩා පරම්පරා ගානක් එපිට අයත් අහසට ආදරේ කලා. එයාලා අහසට වැන්දා. අහස දෙවිකෙනෙක් වගේ සැලකුවා. ඒ වගේම අහසට විවිධ අර්ථකථන දුන්නා. අපි නොදන්නවා වුනාට වෙලාවකට වලාකුළු වලින් පිරෙන, වෙලාවකට හිස් වෙන මේ අහස දැනට වැඩිය ඉස්සර ගොඩක් කාර්යබහුල වෙන්න ඇති. දැන් වගේ චන්ද්‍රිකා, ගුවන් යානා, ගුවන් නැවතුම් පොලවල්… අභ්‍යවකාශ සුන්බුන් නැතිවුනාට දැන් හොයාගන්නවත් නැති පක්ෂීන් විසින් අහස වර්ණවත් කරන්න ඇති.
දැන් අපි අහස අඳුරන්නේ රතු වැහි, කොල වැහි, නිල් වැහි… කහ වැහි වහින, පියාඹන පීරිසි කැරකෙන, උල්කාපාත වැටෙන නපුරු අහසක් කියලා…!
ඒත් ඉස්සර අපි අහස අඳුන ගත්තේ බොහෝම සරල විදියට, හරිම ලස්සනට…
සමන් පිච්ච මල් ඉහිරුණු – නිල් තණකොල පිට්ටනියක්
වගෙයි අහස අන්න බලන් – කොච්චර ලස්සනද රෑට
2013 පෙබරවාරි 22 දින පෙ.ව. 5:55 ට
තණකොළ පිට්ටනි කොළ පාටයි නේද? 😀
2013 පෙබරවාරි 22 දින ප.ව. 8:10 ට
ඒ දැන්නේ… චූචි කාලේදි ඒවා නිල් පාටයි… 😀
2013 පෙබරවාරි 22 දින පෙ.ව. 6:12 ට
මාලුවාට පොඩි කාලෙ මතක් වුනාද
2013 පෙබරවාරි 22 දින ප.ව. 8:12 ට
ඔව් බං… දැන් ආයෙම යන්න හිතෙනවා.
2013 පෙබරවාරි 22 දින පෙ.ව. 7:48 ට
මොකෝ මචං මේ දරුවට කියාදෙන්න දැන්ම ළමා ගී පාඩම් කරනවද??
2013 පෙබරවාරි 22 දින ප.ව. 8:13 ට
නෑ බං දන්නේ නැද්ද ඉතිං….
2013 පෙබරවාරි 22 දින ප.ව. 9:28 ට
දරුවගේ අම්මට වෙන්න ඇති මේ පාඩම් පුරුදු කරන්නේ (කොච්චර ලස්සනද රෑට) කිය කිය… 😀 😀 😀 😀
2013 පෙබරවාරි 23 දින පෙ.ව. 8:14 ට
අඩෝව්… 😀
2013 පෙබරවාරි 23 දින පෙ.ව. 12:25 ට
මල්ලි හරි මල්ලි. ඕ…න්න එකට ගනින්න බෑ වගේ හිටියට මූ කරන වැඩ.
2013 පෙබරවාරි 23 දින පෙ.ව. 8:43 ට
අපි නොදන්න මාලුවා….
2013 පෙබරවාරි 22 දින පෙ.ව. 10:12 ට
ඉස්සර මම ආසම කවියක්…
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
2013 පෙබරවාරි 22 දින ප.ව. 8:14 ට
මගෙ ගාව තිබුන බං ඔය වගේ පින්තූර එක්ක කිව පොතක්ම.
2013 පෙබරවාරි 22 දින පෙ.ව. 10:55 ට
මටත් මේ කවිය ආයෙත් මතක් වුනා..ආනන්ද රාජකරුණා නේද ලියලා තියෙන්නේ?
2013 පෙබරවාරි 22 දින ප.ව. 2:34 ට
නෑ. ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි
2013 පෙබරවාරි 22 දින ප.ව. 8:15 ට
මම හෙන ආසයි අප්පා කවියට…
2013 පෙබරවාරි 22 දින ප.ව. 2:35 ට
මල්ලියෙ, මේ කමෙන්ට් මොඩරේෂන් අයින් කරන්න බැරිද? 😀
2013 පෙබරවාරි 22 දින ප.ව. 8:15 ට
දැන් හරීරීරීරී…..
2013 පෙබරවාරි 22 දින ප.ව. 3:39 ට
මාත් ආසයි නිල තණකොල දකින්න. ඇයි නිල් වරලස.
2013 පෙබරවාරි 22 දින ප.ව. 8:15 ට
වරලස ගැනනම් ඉතිං කියන්න දෙයක් නෑ… මාත් ආසයි…
2013 පෙබරවාරි 22 දින ප.ව. 4:42 ට
මට නම් තාමත් අහස දිහා බලන්නෙ (look) සරල විදියට දකින්නයි (see).
කොච්චර කුණාටු ආවත් සුනාමි ආවත් අහසයි මුහුදයි දිහා බලාගෙන ඉඳලා රස විඳින්න හැකි ස්වභාව ධර්මයේ තෑග්ග ඉති සිතින් බාරගන්නවා.
2013 පෙබරවාරි 22 දින ප.ව. 8:17 ට
මමත් ඒ තෑග්ග නම් කවදාවත් එපා කියන්නේ නෑ….
2013 පෙබරවාරි 23 දින පෙ.ව. 12:23 ට
ඉස්සර තුන වසරෙද දෙක වසරෙද සිංහල පොතෙත් තිබුන වගේ මතකයි ‘දිලිහි දිලිහි ආකාසේ බබලන මල් තාරකා‘ වගේ කවියක්. දැන් හරියටම මතක නෑ.
හොඳ වෙලාවට උඹ නිල් ත‘න‘කොළ හරියට ලියල. මම විශේෂයෙන් ඒක බලල ආවෙ මෙතන කතාවක් ඇදබාන්න.
2013 පෙබරවාරි 23 දින පෙ.ව. 7:22 ට
දිලිහි දිලිහි ආකාසේ බබලන මල් තාරකා
………………………………………..
කළුවර රෑ ආකාසේ හිනාවෙවී තාරකා
ගන්නත් බෑ දෙන්නත් බෑ පුංචි රුවන් තාරකා
(දෙවෙනි පදේ මතක නෑ නේ. “බැබලි බැබලි ආකාසේ දිලිසෙන මල් තාරකා” කියලා ඔළුවට එනවා. ඒත් ඒක හරි පදේ ද කියන්න මතක නෑ.)
2013 පෙබරවාරි 23 දින පෙ.ව. 8:14 ට
හික්ස්… අපි දැන් එව්වා ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙනවා… 😉
2013 පෙබරවාරි 23 දින ප.ව. 6:19 ට
මං ඉස්සර රෑට අපේ වහලේ උඩට නැගල පැය ගනං අහස දිහා බලන් ඉන්නව.බහින්නේ අම්ම නිදා ගන්න ලෑස්ති වෙලා අඩගහනකොට.මට අහස දිහා එළිවෙනකන් උනත් බලන් ඉන්න පුලුවන්
2013 පෙබරවාරි 23 දින ප.ව. 7:50 ට
වැස්සදාට තමා බං ලස්සනම…
2013 පෙබරවාරි 23 දින ප.ව. 11:41 ට
මොනවා.ආ මුහුදු බඩ මෙහෙට වැඩිය වෙනස් ඇති.
2013 පෙබරවාරි 25 දින පෙ.ව. 9:47 ට
වහිනකොට කොහෙත් ලස්සනයි බං
2013 පෙබරවාරි 23 දින ප.ව. 9:02 ට
මිනිස්සු වෙනස් එකේ අහස මොකක්ද? ඒ වගේම එකේ අනිත් පැත්තත් එහෙමමයි.
2013 පෙබරවාරි 25 දින පෙ.ව. 9:46 ට
මට තේරුනා මදි වගේ බං…