හෙන්දිරික්කා දඩයම…

හවසට මල් පිපෙන්නේ නපුරු මිනිස්සුන්ගේ ඇස් වලින් වහං වෙලා රාත්‍රියට සුවඳ දෙන්න. ඒත් හවස මල් පිපෙන්නේ නපුරු මිනිස්සුන්ට රාත්‍රියට සුවඳක් වෙන්න. එහෙම හවස මලක් දඩයම් කරන්න නම් මහ ගොඩක් අමාරුනෑ… ඒත් හවසට පිපෙන මලකට ලංවෙනවා කියන්නේ ටිකක් අසීරු වැඩක්…!

ඒක එහෙට මෙහෙට විසිවෙන සල්ලි වලින් කරන්න බෑ. ඒකට පුහුණුවටත් වැඩිය අධික කැපවීමක් අවශ්‍යයි. කැපවීම හොඳටම තිබුනොත් තමා පුහුණු වෙන්නේ. ඒ වගේම කඩිසර බව වගේම නිශ්චල බවත් අවශ්‍යයි. තව සුළු සුළු දේවල් කීපයකුත්…! ඒත්  ඒ හැම දෙයකම අවසානය හිතේ ඇතිවන සියුම් සතුටක් විතරක් වෙන්න පුළුවන්.

මුල්ම උත්සාහය

මගේ හෙන්දිරික්කා දඩයම පටන් ගත්තේ 2011 අගෝස්තු වල. හෙන්දිරික්කම මට දඩයම් වුනේ අපේ ගෙවල් කිට්ටුව හොයාගන්න ලේසිම ඒවා නිසා. ඒකත් හවසට. මේ තියෙන්නේ මුල්ම කුරුමානම.

දෙවෙනි...

දෙවෙනි…

මේ දෙවෙන තැත. හැමෝම උඩින් බලද්දී. මම බැලුවේ යටින්. උඩින් පේනවට වැඩිය සෑහෙන වෙනසක්. කොහොමත් එහෙමනේ…! උඩින් පේනදේට වඩා වැඩි දෙයක් යටින් බැලුවම පේනවා.

දැනට අවසාන...

දැනට අවසාන…

ම්… මේ දැනට අවසානය. මට පුළුවන් උපරිමෙන් ලංවුනා. තව ලංවෙන්න අදහසක් තියෙනවා. හ්ම්… මේ දඩයම නරක නෑ…!

32 Responses to “හෙන්දිරික්කා දඩයම…”

  1. praveena Says:

    //හවසට මල් පිපෙන්නේ නපුරු මිනිස්සුන්ගේ ඇස් වලින් වහං වෙලා රාත්‍රියට සුවඳ දෙන්න. ඒත් හවස මල් පිපෙන්නේ නපුරු මිනිස්සුන්ට රාත්‍රියට සුවඳක් වෙන්න//.

    දැන් ඉතින් හරියටම මොකක් හින්දද මේ මල් පිපෙන්නේ. ඔය මුල කතාව පිලිගන්ට මම කැමතියි.

    ඔය රෑ මල් දඩයම් කරලා අමාරුවේ වැටෙන්ට එපා මාලුවෝ…. 😀

  2. henryblogwalker Says:

    >>හැමෝම උඩින් බලද්දී. මම බැලුවේ යටින්. උඩින් පේනවට වැඩිය සෑහෙන වෙනසක්. කොහොමත් එහෙමනේ…! උඩින් පේනදේට වඩා වැඩි දෙයක් යටින් බැලුවම පේනවා.<<

    හා. 🙂

  3. Dilan Thivanka Says:

    4ටො ටික නං සුපිරි මාළුවෝ :O 1 වෙනි 4ටො එකේ ආලෝකයනන් මරු!

  4. රූ Says:

    සුපිරි පින්තූර ටිකක් මාළුවෝ..හරිම ලස්සනයි..ඇත්තම කියනවා නම් මම කැමති මුලම එකට..වෝල් පේපර් එකකට එකක් දෙන්න බැරිද?

  5. නලින් දිල්රුක්ෂ Says:

    තවත් නිර්මාණශීලී ඡායාරූප ශිල්පියෙකුගේ ආගමනයක් සුබ පැතුම්..

  6. nipuna Says:

    මේකට lighting කලේ කොහොමද කියන්න මාළුවෝ.. මොනවද කරපු edits?.. ෆොටෝ ටික සුපිරිම සුපිරියි

  7. DDT Says:

    ෂා … උඹටත් මාර ඇහැක්නේ තියෙන්නෙ මල්ලි. අර පළවෙනි ඒකේ ආලෝක තත්ත්වය නම් හිත ඇදිල යනව. රෙෂලූෂන් වැඩි එකක් දැම්ම නම් මට වෝල්පේපර් එකටත් දාගන්න තිබ්බා.

    බැයිද හයි රෙෂලූෂන් පොටෝස් තුන මට මේල් කරන්න, උඹේ හංවඩුව නැතුව. අවභාවිත නොකරන බවට සපථ කරමි. 🙂

  8. මඩිස්සලේ නිශාන් Says:

    මට මතකයි දවසක් ඔය වගේම ෆොටෝ එකක් දාලා තිබ්බා දැන් කාලෙකට කලින්?

  9. නිසුපා Says:

    මාත් ආසම පළවෙනි එකට. අනික්වත් ලස්ස්නයි.ඒත් මුලම එක තමා ගතිම…

  10. vpokura Says:

    මේ වගේ දිලිසෙන වර්ණයක් ආවෙ කොහොමද..!

  11. තාරා Says:

    පලවෙනි පින්තූරෙ මීට කලින් මාළුව flicker එකේ ද කොහෙද දාලා තිබුන නේද.. මට මතකයි.. අනික් ටිකත් හරිම ලස්සනයි. හැමදාමත් කියනව වගේ… ලස්සන මාළු ඇහැක්…

  12. මධුරංග Says:

    කොහෙද ඉතින් ෆොටෝ ටික හංවඩු ගහනවනේ… !
    නැද්ද එහෙම ගහපු නැති ෆොටෝ එකක් ?


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: