ඔයාලා කවද හරි පුංචි මාලිගයක් හදන්න ප්ලෑන් කරන්න ඉන්නවද…? හ්ම්… එහෙම නම් ලොකු ප්‍රශ්නෙකට මුහුන දෙන්න වෙනවා ඔයාලට. මාත් දැනගත්තේ ගොඩක්ම මෑතකදී…!
ගිය පෝය දවසේ මමයි තවත් යාළුවෝ දෙන්නෙකුයි ගියා කළුතර පලාතොට පාරේ තියෙන සුන්දර මාලිගයක් බලන්න. යනකන්ම දැනං හිටියේ නෑ ඒක මාලිගයක් කියලා. ඒකෙ නම තමා රිච්මන්ඩ් කාසල්…! ගොඩක් දෙනා දන්නවා ඇති. ඉතිං මේ පෝස්ට් එකේ අධ්‍යාපනික විස්තර නෑ… තියෙන්නේ පුංචි කතාවක් විතරයි. ඒ ගැන වැඩිදුර අධ්‍යාපනික විස්තර ඕනෙ නම් මෙතනින් බලන්න.
අපි ඒ මන්දිරයට ඇතුලු වෙද්දිම ඒක බලාගන්න අයගෙන් කෙනෙක් ඉස්සරහට හම්බුවෙලා කිව්වා, “ටිකක් ඉන්න විස්තර කරන්න කෙනෙක්ව එනකං” කියලා. ඒ වගේ බලෙන් විස්තර කරන්නෙක් අපිට ලැබුන පළමු වතාව. නැත්තං අපි ගිහිං එපැයි විස්තර අහන්න. ටික වෙලාවක් ඉන්න කොට අපිට තවත් කට්ටියක් සෙට් වුනා. ඉතිං වටේ පිටේ ලස්සන බල බල ඉන්දැද්දි ඔන්න එනවා මනුස්සයෙක්… “ආහ් ඔහොම ඉස්සරහට ගිහිං වමට හැරෙන්න… මං විනාඩියෙන් එන්නම්…” කියාගෙන. අපිත් ඉතිං ගියා ඉස්සරහට. ම්… මරු ප්ලේස් එක. ඉස්සරහ ලොකු මිදුලක්…! පුංචි එවුන් රොත්තක් සෙල්ලම් කරනවා.
ඊට පස්සේ ඔන්න එනවා… අපේ විස්තර කරන්නා. මහත්තයලා දන්නවද කියලා අහලා පටන් ගත්ත විස්තරේ අන්තිමේ ඉවර වුනේ කොහෙවත් තියෙන මඩුවන්වෙල වලව්වෙන්…! හිතාගන්න අමාරුයි ඒ මනුස්සයාගේ ගිරා කට ගැන. චුට්ටක් කියන්නම්…. හැබැයි කියවද්දි ස්පීඩ් කියවන්න ඕනේ…
“මහත්තයා මේ මාලිගාව අවුරුදු 105ක් පරණයි. දොරවල් 99යි… උළුවහු 99යි… හැම එකකම තියෙන්නේ ජර්මනියෙන් ගෙනාපු සරනේරු. නිකං මේ දොරක් ඇරලා වහලා බලන්න මහත්තයා පොඩි සද්දයක්වත් එනවද කියලා… නෑනේ… මේකට මං දන්න කාලෙක ඉඳන් තෙල් බිංදුවක්වත් දාලා නෑ…”
ඒක ඇත්ත පුංචි සද්දයක්වත් නැගෙන්නේ නෑ දොරවල් වලින්. ඊට පස්සේ මුදලිතුමාට නාට්‍ය රසය ලබාදුන් වේදිකාවට එකක්ගෙන ගිහිං…
“මහත්තයා මේ වේදිකාව තනිකරම හදලා තියෙන්නේ තේක්ක වලින්. මේ හැම කණුවක්ම එක තේක්ක ගහක්. මේ මාලිගය හදන්න තේක්ක නැවු දෙකක් ගෙන්නලා තියෙනවා.”
ඊට පස්සේ ඔහොම ගිහිං ගිහිං මනුස්සයා ට්‍රැක් එක මාරු කරා. මගේ යාළුවගෙන් ඇහුවා “මහත්තයා කොහෙද” කියලා… මූත් ඉතින් අර ඇවිල්ලා හිටිය කෙල්ලෝ ගොඩටම ඇහෙන්න අවිස්සාවේල්ලේ කියලා බෝල්ඩ් කරලා ලොකු අකුරෙන් කිව්වා…! අපෙන් අහන්නේ නෑනේ කොහෙද කියලා ඔය වගේ වෙලාවකදී…
“ආහ්… ඒ පැත්තේ නේද මඩුවන්වෙල වලව්ව තියෙන්නේ… ගිහිං නැද්ද…. ඒකෙ මහත්තයා මැද මිදුල් විසි එකක් තියෙනවා.” කියලා හෙන විස්තර වගයක් කිව්වා. මතක නෑ අප්පා ඒ ටික නම්. ඊට පස්සේ ඔන්න අපිව එක්කන් ගියා උඩුමහලකට. සඳලුතලයක් වගේ…!
“මහත්තයා මෙතෙන බොහොම වැදගත් ස්ථානයක්. ලෝකෙටම තියෙන්නේ මෙහෙම තැන් එකයි. මෙතෙනට තමා මහත්තයා ගඟක ආරම්භයයි අවසානයයි දෙකම පෙනෙන එකම තැන. අද නම් පේන්නේ නෑ… මීදුම අඩුදාට සිරීපාදේ පේනවා… ඒ කියන්නේ කළු ගඟේ ආරම්භය… අර අනිත් පැත්තෙන් පේන්නේ අවසානය. ඊට පස්සේ මහත්තයා… මේක මඩුවන්වෙල වලව්ව වගේ වලව්වක් නෙවෙයි… මේක මාලිගාවක්…”
“මාලිගාවක් කියලා වෙන් කරන්න තියෙන ක්‍රම තමා මහත්තයා, මේකෙ වහල එක අඟලක්වත් බිත්තිවලින් එලියට පන්නලා නෑ. ඒ වගේම මැද මිදුල් තියෙන්නේ එකයි… ඒ වගේම තමා මහත්තයා මේකෙ කුස්සියක් නෑ… මෙ පහල තියෙන පොළොවට අල්ලා තියෙන්නේ මහත්තයා තනිකරම පිටරටවලින් ගෙන්නපු පිඟන් ගඩොල්. ඒවා මෙහේ හොයන්නවත් නෑ…”
ආදී වශයෙන් කියාගෙන කියාගෙන ගිහිං කාමර ගොඩකට එක්කන් ගිහිං තව විස්තර සෑහෙන ප්‍රමාණයක් ලබා දුන්නා. ගොඩක් දේවල් පෙන්නුවා. ඊට පස්සේ ඉතිං වත්තපිටියේ ඇවිදලා ටික වෙලාවකින් අපි එන්න පිටත් වෙලා පයින්ම එනකොට… එක යාළුවෙක් කතා නෑ… විනාඩි විස්සක් විතර මූ මොනාදෝ මන්දා කල්පනා කරනවා. සමහරවිට අර මනුස්සයා කිව්ව විස්තර ගැන මෙනෙහි කරනවා ඇති කියලා කටපියං හිටියා ඉතිං.
පස්සේ බැරිම තැන… මොකද *%@($% කියලා ඇහුවම…
නෑ බං මං හිතන් හිටියේ පුංචි මාලිගාවක් හදන්න. දැන් මාලිගාවක් හදන්නේ නෑ බං වලව්වක් හදනවා…
ඈහ් ඒ මොකෝ…
නෑ බං මාලිගාවක් හැදුවොත් කන්න වෙන්නේ කඩෙන්නේ… –at බලන්න මූ හිතලා තියෙන දුර…
නිවාඩු වෙලාවක ගිහිංම බලන්න. තව ගොඩක් දේවල් කිව්වා. ඒවා මං මෙහෙම ජොලියට කියනවට වැඩිය ගිහිංම අහගන්න එක තමා වටින්නේ…
ටියුබ් ලයිට් සඳහා – මාලිගයක කුස්සියක් නොමැති බැවිනි.
2013 පෙබරවාරි 6 දින පෙ.ව. 6:02 ට
මේ ස්ථානය ගැන විස්තර කියවලා තිබ්බට මං කවදාවත් ගිහින් නෑ… අර පින්තූරවල තියෙන විදියට හරිම ලස්සනයි වගේ… හැබැයි ඔය වගේ විස්තර කරන්නෙක් නම් ලැබෙන්නෙ වාසනාවට… නොදන්න තොරතුරු කොච්චර දැනගන්න පුළුවන්ද… අර ලින්කුවටත් ගොඩාක්ම ස්තුතියි හොඳේ…. ඇත්තටම මුදලිට අච්චර ලොකු මාළිගාවකුයි සේවක කන්දරාවකුයි ඉන්දැද්දි කුස්සියක් නොතිබුණේ ඇයි හැබෑට… ඒ තොරතුර නිවැරදි එකක්ද දන්නෙ නෑ… ඒක ඇත්ත නම් මුදලිට කෑම සැපයුවේ හෝටලයකින්වත්ද… මාළිගාව දැනටත් මෙච්චර ලස්සනට තියෙනවා නම් ඒ කාලෙ කොහොමට තියෙන්න ඇද්ද… හිතින් මවාගන්න උත්සාහ කරනවා…..
2013 පෙබරවාරි 6 දින පෙ.ව. 8:46 ට
යන්න අක්කේ… මරු තැනක්… ගොඩක් දේවල් තියෙනවා දැක බලාගන්න…
2013 පෙබරවාරි 6 දින පෙ.ව. 8:35 ට
ශෝට් ඇන්ඩ් සුවිට් කදිම විග්‍රහයක්. බලන්න පුළුවන් හැම කෙනෙක්ම යන්න. ඕකේ ඔටෝ ඒ සී සිස්ටම් එක ගැන කියලා දුන්නේ නැද්ද උබලට. ඒ වගේම එතන හරි දුක්බර ආදර කතාවකුත් තියෙනවා.
2013 පෙබරවාරි 6 දින පෙ.ව. 8:48 ට
කිව්වා කිව්ව… මෑන් ගිරවා වගේ කියවගෙන ගියා ඒ තැන් පෙන්න පෙන්න… ඇත්තටම එලියේ කොයිතරම් රස්නේ වුනත් ඇතුල සිසිලයි… හ්ම් ආදර කතාවත් කිව්වා…
2013 පෙබරවාරි 6 දින පෙ.ව. 8:48 ට
මම මේ බලන් ඉන්නේ කවුරු හරි මට ටජ්මහලක් හදන කල්. හැබැයි මැරෙන්ට කලින්. 😀
2013 පෙබරවාරි 6 දින පෙ.ව. 8:52 ට
හික්ස්… අප්පා එතකොට අපිටත් දවල්ට ලන්ච් එකකට ආරාධනා කරන්න හොඳේ…. 🙂
2013 පෙබරවාරි 6 දින පෙ.ව. 9:22 ට
මම මේ බැලුවේ, රෑ වෙලාවක ඩිනර් එකක් දෙමුද කියලා. හඳ එලියට ටජ්මහල හරි ලස්සනයි. 🙂
මට ඇත්තටම ‘ස්වයංවරයක්’ තියන්ට තිබුනේ ‘ටජ්මහලක් තනවන කෙනෙක් හා මම එමි’ කියන තේමාව යටතේ. අපරාදේ…:-(
2013 පෙබරවාරි 6 දින පෙ.ව. 9:52 ට
අක්ක ඇත්තටම හඳ එලියට ටජ් මහල දැකලා තියෙනවා වගේ…
2013 පෙබරවාරි 6 දින පෙ.ව. 9:51 ට
apooo kussiyak nedda??? kohendha kaal tiyenne ethakota???
2013 පෙබරවාරි 6 දින පෙ.ව. 9:53 ට
මම හිතන්නේ දවසගානේ බුෆේ දාන්න ඇති… 😀
2013 පෙබරවාරි 6 දින පෙ.ව. 10:18 ට
ඇත්තනේ ඉතින් කතාව!!!
මමත් හදනවා මාලිගාවක්…. කුස්සිය එහා ගෙදරට අමුනනවා 🙂
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
2013 පෙබරවාරි 6 දින පෙ.ව. 10:26 ට
ඒකට කියන්නේ මල්ලි අල්ලපු ගෙදරින් කනවා කියලා… 😀
2013 පෙබරවාරි 6 දින පෙ.ව. 10:20 ට
මේක නම් බලන්න යන්නම වටින තැනක්. මම දැනගෙන හිටියේ නෑනෙ මේ උඹ කියනකල්. ඕකෙ කවුද හිටියයි කියන්නේ?
මට වදදෙන්නෙ මේ අච්චර අවුරුදු ගානකට ඉස්සෙල්ලා ගෙනාපු සරනේරු තෙල් බින්දුවක් දාන්නෙ ඇතුව පාවිච්චි කරලත් සද්දයක් එන්නෙ නැති එක? ඇයි අනිත් උන්ට එහෙම බඩු හදන්න බැරි? ඕකත් බං අර පොරොවේ කතාව වගේද දන්නෙ නෑ හැබැයි. 😀
2013 පෙබරවාරි 6 දින පෙ.ව. 10:33 ට
නෑ අයියේ… පොරවේ කතාව වගේ නෙවෙයි… ඇස් දෙකින්ම දැක්කා සරනේරු වල “German” කියලා තියෙනවා. ආයේ ආපු දවසක බලන්න යන්න.
2013 පෙබරවාරි 6 දින පෙ.ව. 10:21 ට
සෑහෙන කාලෙකින් මේ පැත්තෙ ආවෙ. මඩුවන් වෙල වලව්වට මාත් ගිහින් තියෙනවා. ඔය මඩුවන්වෙල දිසාවෙ හරිම මිටි මනුස්සයෙක්. වලව්වෙ හැම උලුවස්සක්ම වගේ පොඩියටයි හදලා තියෙන්නෙ. මිනිස්සු නම් කියන්නෙ එතකොට මහ ඒජන්ත ආවත් මඩුවන්වෙල දිසාවෙ ඉස්සරහ ඔලුව පාත් කරන්න වෙන විදිහටලු එහෙම හදලා තියෙන්නෙ. මොනා උනත් හරිම ලස්සන තැනක්.
2013 පෙබරවාරි 6 දින පෙ.ව. 10:33 ට
හ්ම්… මං තාම ගිහිං නෑනේ. යන්න ඕනේ ඒකත් බලන්න…
2013 පෙබරවාරි 6 දින ප.ව. 12:56 ට
මාලිගාවක් හදන්නනං ආසාවක් තියෙනව. ඒත් ඉඩං වල ගණනුයි… සිමෙන්ති, ගල්, වැලි වල ගණනුයි බැලුවම පොල් අතු පැළක්වත් අටෝ ගන්න පුළුවං වෙයිද මන්ද…
2013 පෙබරවාරි 6 දින ප.ව. 1:00 ට
ඒ කතාවනම් සහතික ඇත්ත… 🙂
2013 පෙබරවාරි 6 දින ප.ව. 6:31 ට
අගේ ඇති විස්තරයක් මලයා..
2013 පෙබරවාරි 6 දින ප.ව. 7:20 ට
අර ලින්ක් එකේ තමා ගොඩක්ම දේවල් තියෙන්නේ…
2013 පෙබරවාරි 6 දින ප.ව. 7:15 ට
අපේ ගෙදර සරනේරු වලටත් මන් දන්න කාලෙක තෙල් දාල නෑ.රැට දොර අරිනකොට අහලපහල එව්වො ලය්ට් දානවා මාව සත්තු සර්පය් කාවිකියල 😀
2013 පෙබරවාරි 6 දින ප.ව. 7:21 ට
හික්ස්… ඇයි ඒවා චයිනීස්ද… 😀
2013 පෙබරවාරි 6 දින ප.ව. 9:01 ට
na made in SL
2013 පෙබරවාරි 6 දින ප.ව. 7:19 ට
පිස්සු පීකුදු නෙහ්
උඹලා මෙහෙම ඒවාත් බලන්න යනවද?.
2013 පෙබරවාරි 6 දින ප.ව. 7:21 ට
නැතුව බොල… උඹත් නිවාඩු දාට ගෙදරට වෙලා ඉන්නේ නැතුව ඇවිදපිය…
2013 පෙබරවාරි 6 දින ප.ව. 8:40 ට
ෂා…. නියම විස්තරයක්නේ….. මං අදමයි මෙහෙම තැනක් ගැන ඇහුවේ….
2013 පෙබරවාරි 7 දින ප.ව. 8:52 ට
නිවාඩු වෙලාවක ගිහිංම බලන්න.
2013 පෙබරවාරි 6 දින ප.ව. 8:46 ට
අද නම් පේන්නේ නෑ…
😀
2013 පෙබරවාරි 7 දින ප.ව. 8:53 ට
ඇයි මීදුමද….? 😛
2013 පෙබරවාරි 6 දින ප.ව. 9:27 ට
මේක නම් බලන්න යන්න වටින තැනක්. මෙහෙම එකක් තියෙනවා කියල දන්නෙත් අද. ස්තූතියි මචන් විස්තරේට…
2013 පෙබරවාරි 7 දින ප.ව. 8:53 ට
නිවාඩු වෙලාවක රවුමක් දාන්න…
2013 පෙබරවාරි 6 දින ප.ව. 10:04 ට
තාම යන්න බැරි උනා යන්න ඕන බලන්න..!
2013 පෙබරවාරි 7 දින ප.ව. 8:54 ට
ම්… තව අවුරුදු ගානක් තියේවි ඒක නිසා බය වෙන්න දෙයක් නෑ…
2013 පෙබරවාරි 7 දින ප.ව. 3:35 ට
මඩුවන්වෙල වලව්ව තියෙන්නේඇඹිලිපිටිය,කොලොන්නෙ.අවිස්සාවේල්ලේ නෙවෙයි.කොච්චර ලොකුවට මාලිගා තැනුවත් වැඩක් නෑ,අන්තංපුරයක් නැතුව.ඒක තිබුනේ නෑ ඔහේ…………..
2013 පෙබරවාරි 7 දින ප.ව. 8:54 ට
අන්න ඒක සලකා බලන්න ඕනේ…
2013 පෙබරවාරි 8 දින ප.ව. 3:49 ට
සිරාවට කුස්සියක් නැද්ද?
අපේ මහත්තයට කියලා බලන්නෝනැ ගෙයක් හදද්දි කුස්සියක් නැතුව හදන්න..එතකොට මට නිදහසේ බ්ලොග් කියවතෑකි..!!
2013 පෙබරවාරි 8 දින ප.ව. 3:59 ට
කන්නේ කොහෙන්ද එතකොට. ආහ් මෙහෙම කරන්න… මහත්තයාට කියන්න හෝටලයක් දාන්න කියලා…
2013 පෙබරවාරි 8 දින ප.ව. 6:18 ට
පහුගිය දවස්වල එන්න බැරි වුනා මේ පැත්තට, ඕං අද ආවා.
පහුගිය දවස්වල ඉරිදා ලංකාදීපෙ ඔය මන්දිරය ගැන ලිපි පෙලක් ගියා. සාමාන්‍යයෙන් පත්තරේ නොකියෙව්වත් හොඳයි කියල හිතුනු ලිපියක් තිබුනොත් මම කියවනව. ඔය ලිපි ටිකත් මම කියෙව්ව.
ඒ අනුව නම්, අර මාතලන් කියල තියෙන වායු සමීකරණ පද්ධතිය දැන් ක්‍රියා කරන්නෙ නෑ. ඒක හදල තිබිල තියෙන්නෙ කළු ගඟ ආශ්‍රිතව තිබෙන ස්වභාවික සිසිල් සුළං මැටි නල මාර්ගයෙන් මන්දිරය තුළට ගෙන ඒමෙන්. ඒ නලමාර්ග අද විනාශ වෙලාලු. ඒ උමං නල පද්ධතියෙ සිදුරු නම් තවමත් දක්නට තියෙනවලු. ඔය මන්දිරය ඇතුල අදටත් පිටතට වඩා ගොඩක් සිසිල් වෙන්නෙ ඒ කාමර බිත්ති හදල තියෙන්නෙ තේක්ක ලී පටිවලින් හදපු සැකිල්ලකට බදාමයක් යොදල මැද හිඩැසක් තියෙන විදියට බිත්ති හදපු නිසාලු. ඒකෙන් ඇතුලත ශබ්ද පිටතටත් පිටත ශබ්ද ඇතුලටත් යෑම වලකනව වගේම පිටත උෂ්ණත්වය කාමරය තුළට පැමිණීමත් වලකිනවලු.
කොච්චර මාලිගාවක් හැදුවත් මුදලිවරයා ජීවිතේ අන්තිම කාලෙ ගතකරල තියෙන්නෙ නුවර ක්වීන්ස් හෝටලේ කාමරයක අප්රසිද්ධියෙලු. කේලම් බස් නිසාත් දරුවෙකු නොසිටි නිසාත් අසාර්ථක වුනු විවාහයෙන් පස්සෙ මන්දිරය මහාභාරකාර දෙපාර්තමේන්තුවට පවරල ඔහු ගිහින්.
2013 පෙබරවාරි 8 දින ප.ව. 7:01 ට
ඔව් ඒ විස්තරය තමා මාත් දන්නේ….
2013 පෙබරවාරි 9 දින ප.ව. 2:57 ට
ඔය සරනේරු සද්ද නොවෙන්නෙ ඒවගෙ අතරෙ තියෙන බෝල් බෙයාරින් තියෙන නිසා. හොඳ තත්ව්යෙ සුදු යකඩ හරි පිත්තල හරි සරනේරු මැද දාන උසස් තත්වෙ බෙයාරින් වලට තෙල් ඕන නෑ. ඒත් සාමාන්යෙන් අපේ ගෙවල් වල දාන සරනේරු වල එහෙම බෙයාරින් නෑ, තිබ්බත් බාල එව්ව.
අනික ඔය “මාලිගාව” කියන එක නිවැරදි නෑ. ඉංග්‍රීසියෙන් “Mansion ” කියන එකට සිංහලෙන් කියන්නෙ මොකද්ද? ඒ වලව්ව නම් මේකත් වලව්වක්. මාළිගාව කියන්නෙ රජුන් පදිංචි ගෘහය මිස වහල එළියට නොපැනපු ගොඩනැගිල්ල නෙමෙයි. එහෙමනං දළදාවත් තීන අපේ මහනුවර රජ මාළිගාව මාළිගාවක් නොවේ කියල තමයි කියන්න තියෙන්නෙ.
2013 පෙබරවාරි 18 දින පෙ.ව. 10:46 ට
kawda ban ubata walawwak hadanawa kiyala kiyapu eka…….
2013 පෙබරවාරි 18 දින ප.ව. 3:41 ට
අනේ මන්දා බං මටත් මතක නෑ….