ඇපල් මේහ්… ලව් කරන්න නම් හදන්න එපා හොඳේ…

දැන් ඔය ඇපල් තියෙනවානේ… ඇපල් කිව්වේ අර ස්ටීව් ජොබ් මහත්තයාගේ මෙව්වා එක.  ඒකෙ තියෙන්නේ හරි සිරා මෙව්වනේ. ඔක්කොම පටන් ගන්නෙත් සිම්පල් i අකුරු ඉස්සරහට දාගෙන. iPhone , iPad ,  iPod වගේ ඒව තමයි ඒ. තාම iPhone එකක්  iPad එකක් නැති වුනාට මම නම් ඇපල් එව්වට හරීරීරී මෙව්ව එකයි… ඒ කිව්වෙ ලැදියි.

Apple frigde

Apple frigde

ඉතිං මේ ලඟදී Technews බ්ලොග් එකේ තිබුනා ඇපල් සමාගමෙන් නිපදවන (අනාගතයේ) වතුර බෝතලයකුයි ශීතකරනයකුයි ගැන. මට නම් ඒ ගැන ඇපල් සයිට් එකේවත් වෙන තැනකින් වත් වැඩි දුර හොයාගන්න බැරිවුනා. දන්න කෙනක් ඉන්නවනම් කමෙන්ට් එකක් විදියට හරි දාන්න. ඉතිං ඒවා ආපුවාම හයි ස්කූල් වල ගෑණු ළමයි ගාව ඇපල් වතුර බෝතල් තියෙවි. ස්වීවීවීට් නේද…! ඔය කිව්වට ගමේ ගෑණු ළමයි ගාවත් සතියක් ඇතුලත චයිනීස් ඇපල් වතුර බෝතල් තියේවි. ඒවා නිකංම නිකං වතුර බෝතල් නෙවෙයිනේ. එක එක අළුත් දේවල් තියෙන වතුර බෝතල්.

හ්ම්… හරි දැන් ඒක පැත්තකින් තියමුකෝ. දැන් ඔය යන විදියට ලඟ එන අර කාගෙද මන්දා දවසක් තියෙන්නේ… කෙල්ලෝ කොල්ලෝ රෝස මල්, කාඩ් එහෙම හුවමාරු කරගන්න… අන්න ඒ දවස් කිට්ටු කරලා ඇපල් එකෙන් ආදරය සම්බන්ධ ගැජට් එකක් රිලීස් කරොත් එහෙම මොනව වෙයිද…?

හැම ඇපල් නිෂ්පාදනයටම සිම්පල් i අකුර දාගෙන ආදරණීය මෙව්ව එකටත් සිම්පල් i අකුර දැම්මම නිකං අප්සට් වගේ නේද… බලන්නකෝ… iLove කියන එක. ඒක නිකං ඉලව් ඉලව් වගේ නේද…? කොහොමත් අපි වගේ දුප්පත් එකෙකුට ඒ වගේ හයිඑන්ඩ් ගැජට් එකක් ගන්නවා කියන්නේ අනිවා ඉලව් ගෙදරක්ම තමා…! ඒක නිසා අර ලිපි ගැන නම් මං දන්නේ නෑ ඒත් ඇපල් ලව් වලට නම් මං ආසම නෑ… අනේ අම්මේ කෙල්ලෙක්ට, අඩුම ගානේ iLove කියලා ගහපු කීටැග් එකක්වත් දෙන්න පුළුවනෑ…

මේං බඩ්ඩ... දැන් මේක එල්ලන්න එකක් හොයන්ට එපැයි...

මේං බඩ්ඩ… දැන් මේක එල්ලන්න එකක් හොයන්ට එපැයි…

හදිස්සියේ ඉලව් මතක් වුනේ පොඩී බඩ්ඩක් හින්දා… ඕං අනවශ්‍ය ප්‍රශ්න බෑ හොඳේ…  at- යාළුවෙක්ගෙන් යාළුවෙක්ගන්… වැරදි විදියටමයි හිතන්නේ…

Advertisements

45 Responses to “ඇපල් මේහ්… ලව් කරන්න නම් හදන්න එපා හොඳේ…”

  1. buwa Says:

    අපි නම් වැඩි මිල අයි එව්වා *ඩේකට ගණන් ගන්නේ නැත , අපි කැමති ඇන්ඩ්‍රොයිඩ් එව්වාට විතරය

    • Gold fish Says:

      මේං බලහල්ලකෝ වැඩක්…. ඕකට තමා කියන්නේ මුලින් මොකද්ද එකට වඩා පස්සේ ආපු එකක් ලොකු වුනා කියලා…

    • ගිනි කුරුල්ලා Says:

      🙂

      • sulagawageawidin Says:

        දුප්පතාගේ හිතවතා ඇන්ඩ්‍රොයිඩ්

        වී ලව් ඇන්ඩ්‍රොයිඩ්
        😉

      • Gold fish Says:

        මුන්ට ගහන්නේ ඕනේ හනස්සෙන්

  2. ගිනි කුරුල්ලා Says:

    මගෙ නම් ඇපල් මෙව්වා වලට කිසිම මෙව්වා එකක් නැත. බුවා කිව්වා වගේ ඇන්ඩ්‍රොයිඩ් දාහෙන් සම්පතයි.
    // කාටද බන් iLove එකක් අරන් දෙන්න හිතුනේ තිත් දෙකයි ඩී ඈ.

    • Gold fish Says:

      කාට අරං දෙන්නද බං… උඹට ඕනේ නම් කියපං… කලින් ගත්ත එකක් තියෙනවා. 😀

  3. හංසකිංකිණි Says:

    ගනින් මලේ සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව අයි පද්මිනී කෙනෙක්…

    • හංසකිංකිණි Says:

      ඔය කිව්වට හැබැයි මගෙත් වැඩි මනාපෙ නම් ඇන්ඩ්‍රොයිඩ්වලට තමා

      • Gold fish Says:

        මේක හරි මගුලක්නේ. ඇපල් ගැන ලිව්වම කට්ටියම ඇන්ඩ්‍රොයිඩ් මාකට් කරනවා මෙතෙන. හිටුකෝ “ඇන්ඩ්‍රොයිඩ්” වචනේ බ්ලැක් ලිස්ට් කරන්න…

    • Gold fish Says:

      දැන් නෝටි වෙලා නද 😀 😉

      • හංසකිංකිණි Says:

        හි හි.. ඔයාට වැරදිලා…. මං කිව්වෙ ipad mini ගැන නෙ මලයො… :-p

      • Gold fish Says:

        හ්ම්… රැවැට්ටුවා… 😦

  4. henryblogwalker Says:

    ඇපල්ගෙන් තමයි කියනවනෙ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් කොපි කලේ, නේද?

    • Gold fish Says:

      අන්න ඒකනේ… දැන් මේ මෙයාලා ඇන්ඩ්‍රොයිඩ් ලොකු කරගෙන කෑගහනවා… (රහසින් – ඒ වුනාට ඇන්ඩ්‍රොයිඩ් එකත් හොඳයි වගේ…)

      • henryblogwalker Says:

        ඔව් බං මට තියෙන්නෙත් ඇන්ඩ්‍රොයිඩ් ක‍ටුවක් තමයි.

      • Gold fish Says:

        😀

  5. මාඩා Says:

    එන පොට නම් හොද නෑ වගේ…. 😀 😀

    • Gold fish Says:

      හික්ස්… නෑ නෑ කිසිම අවුලක් නෑ

  6. රූ Says:

    මට නම් එච්චර තේරුනේ නෑ..කොහොම වුනත් තෑග්ගක් ලැබිච්ච එකම මදෑ..

    • Gold fish Says:

      ම්… දැන් තෑගි ලැබෙන කාලෙනේ…

  7. Praසන්ன Says:

    අපිනං දන්නෙ කන ඇපල් ගැන විතරයි.

    • Gold fish Says:

      අන්න බොරු කියනවා… එතකොට ඇපල් ෆ්ලේවර් එක ගැන එහෙම අහලම නෑ… දැකලත් නෑ…

  8. magenama Says:

    දුරට ඇපල්,ලඟට වට්ටක්කා.ඒ හින්දා ලඟට ගිහිල්ලා දත් පාරවල් තියෙනවාද කියලා බලලා ඉන්න.

    • Gold fish Says:

      අත්දැකීමෙන් නේද…. 😀

      • magenama Says:

        එහෙම අත් දැකීම් ගැන කියන්න ගියොත් මෙතන පලතුරු වට්ටි පිටින් තියන්න වෙනවා

      • Gold fish Says:

        ඔව් නේද…

  9. සිතුවම් Says:

    ඇන්ඩ්‍රොයිඩ් මහ මඟුලක් බන් මෙලෝ රහක් නෑ.පට්ට ස්ලෝ.හිටි ගමන් රී ස්ටාර්ට් වෙනවා ලෙඩ කන්දරාවයි.
    ඒකට ඇපල්…හුහ්…….

    • buwa Says:

      Galaxy Y ද යූස් කලේ :p

      • සිතුවම් Says:

        නෑ බන් සෝනි එරික්සන් neo v.

    • Gold fish Says:

      ඒ වුනාට බං උඹ ගාවත් තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙව්වා එකක් නේද… 😛

      • සිතුවම් Says:

        එහෙනං.iphone 5 එකක් ගන්න කියලා බැලුවෙ ඒක දිග වැඩී බන්. 😀

  10. praveena Says:

    මොකක්ද අනේ අර බඩ්ඩ? කියන දෙයක් තේරෙන්ට කියනටකෝ අරයට විතරක් තේරෙන මෙසේජ් නොදා 🙂

    • Gold fish Says:

      හාපෝ මගේ හිස ගසා දායි… හික්ස්… බඩ්ඩ කී ටැග් එකක්… යාළුවෙක්ගෙන්… 😛

  11. සමනළී Says:

    අනේ අපිට නම් ඇන්ඩ්‍රොයිඩ් හොදා…..

    • Gold fish Says:

      හ්ම්… තව එකෙක්… 😦 ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන එවුන්ව කොටියොම කාපිය. (මම ගන්න කාලෙට නෙමේ දැන්ම) 😀

  12. Dilan Thivanka Says:

    ඈපල් නන් මරුබන්.මන්නන් කොල පාට ඒවට වඩා රතුපාට ඒවට තමා කෑමති.ඒත් පිටි එකක් අහු උනොත් නන් එපා වෙනව 😀

    • Gold fish Says:

      මේ මොනාද මූ කියන්නේ… 😛 (ජෝක් හොඳේ)

      • Dilan Thivanka Says:

        හරි හරි :D.මොනව උනත් හොද ඈපල් කන්නෙම පනුවොනෙ :O

      • Gold fish Says:

        ඒක නම් ඉතිං එහෙම තමා… 😀

    • කෙෂාන් විදුරංග Says:

      ඊළඟ කෑල්ල තවත් රසවත් 😀

  13. කෙෂාන් විදුරංග Says:

    හැකිස්.. ඕකට iHeart කිව්වොත් මොකෝ???

  14. nadee Says:

    හික්ස්… නෑ නෑ කිසිම අවුලක් නෑ….. කොහොම වුනත් තෑග්ගක් ලැබිච්ච එකම මදෑ..


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: