මං පුංචි කාලේ අම්මයි තාත්තයි මාරුවෙන් මාරුවට මාව වඩාගෙන සිරිපාදේ කරුණා කෙරුවලු. මට ඉතිං මතක ඇති එකක් නෑ ඕවා. ඒ හැටන් වලින්. මතක නෑ කිව්වට ලාවට වගේ මතකයි බොරළු පාර අයිනෙන් බෑවුමට විහිදෙන කොල පාට තේ ගස් යායනම්. ඊට පස්සේ ආයෙමත් අම්මලා එක්කම රත්නපුරෙන් සිරිපාදේ ගියා. ඒ නම් තනියම යන්න එන්න පුළුවන් මතක තියෙන කාලේ.
2002 විතර වෙන්න ඕනේ. ඒ වතාවේ නම් ගියේ අම්මගේ යාළුවෝ කට්ටයක හිටිය මගේ වයසෙම වගේ යාළුවෝ ටිකක් එක්ක මග දිගට විකාර කර කර. ඊට පස්සේ ආයෙමත් දෙපාරක් ගියා යාළුවෝ එක්ක. මේ තමා නොදන්න කුරුවිට පාරෙන් ගිය වතාව. සෑහෙන කාලෙක ඉඳන් අවාරේ සිරිපාදේ යන්න හිතාගෙන හිටියත් මගෙත් එක්ක යන්න ලෑස්ති වෙච්චි හැම කෙනෙකුටම ගමන යන්න කිට්ටු වෙද්දි මොකක් හරි කරදරයක් වෙනවා. එහෙම වෙන්නේ මාත් එක්ක අවාරේ සිරිපාදේ ගිහිං උංට වෙන කරදර වලින් මග හැරෙන්නද එහෙම නැත්තං මට වෙන්න තියෙන ඒවායින් මග ඇරෙන්න කියලා දෙයියෝ තමා දන්නේ. කොහොම හරි අවාරේ ගමන අතෑරලා දාලා කුරුවිටින් යන්න ඕනේ කියලා හිතුනා ඊට පස්සේ. හිතුනට තනියම යන්න බැහැ. ඒක නිසා ඒ ගමනත් ටික ටික පස්සට ගියා.
ඒ අතරෙදි තමා මාත් එක්ක එහෙ මෙහෙ රවුං ගහන්න ලෑස්ති වෙලා ඉන්න හොඳම යාළුවෙක් මට කතාකලේ “අපි සිරීපාදේ යනවා. උඹත් එනවද?“ කියලා. යන්නේ කුරුවිටින් නිසා බැහැ කියන්න පුළුවන් කමක් තිබුනේ නෑ කොහොමත්. අනිත් එක වෙන වැඩක් වැටිලා තිබුනෙත් නැති නිසා ගමන යන්න පුළුවන්.
ඔහොම ගමනට දවස් කිට්ටු වෙලා සෙනසුරාදා සිරීපාදේ යනවා කියලා අම්මලට කිව්වේ ඊට දවස් දෙකකට කලින් බ්‍රහස්පතින්දා. හොඳ ගමනක් යන නිසා බැන්නේ නෑ… නැත්තං දවස් දෙකක් තියලා ලෑස්ති වෙනවට අහගන්න තිබුනා හොඳවැයින්. කොහොම හරි සිකුරාදා රෑම අවිස්සාවේල්ලේ යාළුවගේ ගෙදරට ගිහිං එහෙම නිදාගෙනන කෑම ලෑස්ති කරගෙන ගමන පිටත් වෙද්දි, ගමනට එන්න පොරොන්දු වෙලා හිටිය අයගෙන් කීපදෙනෙක් එන්න වෙන්නේ නෑ කිව්වා. එක මල්ලි කෙනෙක් නම් අසනීප තත්වය මත එන්න බෑ කියලා කිව්වා. ඇත්තටම ඒක හොඳ තීරණයක් කියලා මටත් හිතුනේ ගමනේ මැදක් හරියට ගියාම.
උදේ දහයට විතර කුරුවිටින් පටන් ගත්ත ගමන රත්නපුර පාරට වැටිලා ආඬිඅම්බලම ගාවින් නතර කලේ රෑ නවයට විතර. වැඩිහරියක්ම වෙලාව ගත වුනේ කුරුවිට පාරේ තියෙන සීතල වතුර වලවල් වල බහින්නයි සීත ගඟුලේ නාන්නයි. ගමන ටිකක් විතර වෙහෙසකර වුනාට අවටින් ඇවිත් මූනේ වැදීගෙන යන සුළං රැලි නිසා ඒක ලොකු විඩාවක් වුනේ නෑ. අනිත් පාරවල් දෙකෙන්ම නැගලා බැහැලා තිබුනත් මේ පාරෙන් එද්දි දකින්න පුළුවන් බොහෝ දේ ඒ පාරවල් දෙකේදී දකින්න ලැබෙන්නේ නෑ.
ඒකාකාර පඩි පෙලේ නගිනවට වඩා පෙලවල් මතින් හා සාමාන්‍ය වැලි පාරවල් වලින්, දිය කඳුරු මතින් ඇවිදගෙන යන එක හරි අමුතු අත්දැකීමක්.
කුරුවිට පාරේ කඩචෝරු කන්න තියෙන තැන් නම් ගොඩක්ම අඩුයි. ඒ චාන්ස් එක ඇරෙන්න වෙන කිසිම දෙයක් මග ඇරුනේ නෑ.
ඒත් ඉතිං ඒ මග ඇරිච්ච දේවල් වලට හරියන්න කන්න පුළුවන් රත්නපුර පාරට වැටුනම. රත්නපුරේ පාරෙන් ටිකක් උඩහට ඇවිත් අපි “අවසන් ගිමන් හල“ කියන ආඬියාමළතැන්න අම්බලම නැවතුම් පොලේ නැවතුනේ උදේ පාන්දරම ඉර සේවයත් බලාගෙන ආයෙම බහින්න ප්ලෑන් කරගෙන වුනත්… සීතල එක්ක ඒ ඔක්කොම ප්ලෑන් වෙනස් කරන්න වුනා.
මමයි යාළුවයි කම්මැලි කමට පොරෝ ගෙන නිදා ගත්තට අපේ මල්ලියි මගේ යාළුවගේ යාළුවෙකුයි නැග්ග පාන්දරම උඩ මලුවට. 4.30ට විතර ඉර සේවය බලන්න ගිය දෙන්න ආවේ උදේ අටට විතර. එක පාරක් ඇරෙන්න අනිත් හැම පාරකම වුනා වගේ මේ වතාවෙත් “අද ඉර නෑ… මීදුම වැඩියි… මෙතෙන තෙරපෙන්නේ නැතුව පහලට බහින්න“ කියලා උඩ මලුවේ ආරක්ෂකයෝ කිව්වලු. ඒක දන්න නිසා තමා මම නම් පරක්කු වෙලා උඩ මලුවට ගියේ. 😉
ඊට පස්සේ ඉතිං අපිත් සිරිපතුල වැඳගෙන ආයෙම පහලට බැහැල රත්නපුර පාරෙන් ගෙදරට ආවා. ඔක්කොමත් හරි… දැන් මේ කකුල් දෙකේ අමාරුව තමා ඉවසන්න බැරි… -at සිද්ධාලේප ගාන්න කෙනෙක් හිටියනම්…!
2013 ජනවාරි 14 දින ප.ව. 6:39 ට
අර යසෝදරාවට කියලා බැරිය සිද්ධාලේප ගාගන්න?
2013 ජනවාරි 15 දින පෙ.ව. 8:50 ට
🙂 හ්ම්…
2013 ජනවාරි 14 දින ප.ව. 7:27 ට
ඕං එහෙනං අපිත් සාදුකාරයක් දුන්නා…
2013 ජනවාරි 15 දින පෙ.ව. 8:51 ට
ආහ්… සාධු කාර දීලා මදි සිරිපාදේ යන්න. දැන් වාරේ පටන් ගත්තා විතරනේ…
2013 ජනවාරි 14 දින ප.ව. 8:55 ට
මන් එන්ඩද?=D
2013 ජනවාරි 14 දින ප.ව. 9:08 ට
සිද්ධාලේප ගාන්නද? 😀
2013 ජනවාරි 16 දින පෙ.ව. 11:40 ට
ඔව් ඔව් 😀
2013 ජනවාරි 15 දින පෙ.ව. 8:51 ට
ඊළඟ පාර යමන්…
2013 ජනවාරි 14 දින ප.ව. 9:13 ට
එහෙමවත් පිනක් දහමක් කරගනින්. ඒ වුනාට මම හිතන්නෙ ඉස්සර ආත්තල මුත්තල අර මොනාද කවි (තුන් සරණෙද මොකක්ද) කිය කිය බොහොම භක්තිමත්ව සිරිපා කරුණා කළාට අද ඉන්න කොල්ලො නම් වැඩි හරියක්ම යන්නෙ විනෝදෙට. මම නම් සිරීපාදෙ ගිහින් නෑ. මැරෙන්න කලින් එක පාරක් යන්න ඕනා, ඊට වඩා යන එක මෝඩ කමක්ළුය කියන්නෙ.
2013 ජනවාරි 15 දින පෙ.ව. 8:52 ට
හික්ස්… මං පස් පාරක් ගියා. අපි එතෙන ඉද්දි වයසක සීයා කෙනෙක් තිස් එක් පාරක් සීනුව ගැහුවා…
2013 ජනවාරි 15 දින පෙ.ව. 1:56 ට
සිරිපාදේ තාමත් ඉතුරු වෙලා තියෙනවයි? 😀 😀
තව වටපිටාවෙ පින්තුර ටිකක් දැම්ම නං මරු !
2013 ජනවාරි 15 දින පෙ.ව. 8:52 ට
පින්තූර නම් තියෙනවා… ගොඩක්ම තියෙන්නේ කඳු.. ඒකයි නොදැම්මේ…
2013 ජනවාරි 15 දින පෙ.ව. 5:38 ට
//දැන් මේ කකුල් දෙකේ අමාරුව තමා ඉවසන්න බැරි… -at සිද්ධාලේප ගාන්න කෙනෙක් හිටියනම්…!//
යශෝධරා…..යශෝධරා…රා…රා…රා…රා…
ඔයාට ඇහෙනවද? 😀
2013 ජනවාරි 15 දින පෙ.ව. 8:53 ට
හික්ස්… ඇහුනත් මේං කියලා එයි… 😛
2013 ජනවාරි 15 දින පෙ.ව. 8:43 ට
අනේ වාසනාවන්…….
අනේ පල මාලුවෝ යන්න බොට සිද්ධාලේප ගාගන්න තව කෙනෙක් මොකටෙයි.. 😀 නෑ මං අහන්නේ සිරිපා කරුණා කරපු කොල්ලට තනියෙන් සිද්ධාලේප ගාගන්න බැරුවයෑ 😉 වෙහෙර ගිලපු එකාට අග්ගලාව කජ්ජක්ද බං… 😀 😀 😀
හැබැයි ඉතිං මාලු යාලුවා මේ කාට හරි දැනෙන්න කියනවද කියලා අපිනම් දන්නෑ ඕං…. 😀 😀 😀 😀
2013 ජනවාරි 15 දින පෙ.ව. 8:53 ට
නෑ නෑ බං කාටවත් ඇහෙන්න නෙමෙයි. උඹලව අවුස්සන්න දැම්මේ… 😀
2013 ජනවාරි 15 දින පෙ.ව. 10:41 ට
හෑබෑට….. 😀 😀 😀
2013 ජනවාරි 15 දින පෙ.ව. 11:15 ට
ආඬිඅම්බලම නොවේ මලේ ආඬියාමළතැන්න අම්බලම විය යුතුයි.
2013 ජනවාරි 15 දින පෙ.ව. 11:23 ට
මටත් ඕක මීටර් වුනා… ඒත් එතෙන ලියලා තිබුනෙත් එහෙම වගේ මතක නිසා එහෙමම දැම්මා… අයියට ෂුවර්මනම් ඉතිං මං හදනවා… 🙂
2013 ජනවාරි 15 දින ප.ව. 12:18 ට
අනේ ෂෝයි…… මටත් යන්න ඕනියෝ………
මන් තාම එක පාරක් වත් ගිහින් නෑ……. 😦
2013 ජනවාරි 15 දින ප.ව. 1:32 ට
ඔව් ඔව් තව චුට්ටක් වයසට යන්න කලින් දැන්ම යන එක හොඳයි තමා… 😛 😀
2013 ජනවාරි 15 දින ප.ව. 1:26 ට
අන්න ඒ වගෙ සිරීපාදේ යන්න මමත් ආසයි.. කවදාවත් හැටන් පාරෙන් පිට ගිහින් නෑ..අවාරෙ යනකොට අවදානම වැඩියි.. අතරමග නවාතැන් කඩ එහෙම නැහැනෙ,.. ඒත් එහෙම ගිය කෙනෙක් කිවුවා ඒක අපූරු ගමනක් කියලා.
2013 ජනවාරි 15 දින ප.ව. 1:34 ට
ඔව්… අවාරේ යද්දි වැස්ස හීතල වගේ ඒවා වාරේ යන වට වැඩිය හොඳට දැනෙනවලු. මාත් ආසාවෙන් ඉන්නේ හැටන් වලින් හරි අවාරේ යන්න. රත්නපුරෙන්, කුරුවිටින් නම් අවාරේ යන්න බැරි වෙයි. දුර වැඩි නිසා. සමහර විට දවස් දෙක තුනක් ගතවෙයි උඩටම නගින්න…
2013 ජනවාරි 15 දින ප.ව. 1:47 ට
වතුර මැතුව කොහොමද වල් මාලුවෝ නැග්ගේ උඩටම
2013 ජනවාරි 15 දින ප.ව. 1:48 ට
ඇයි බං මග දිගට වතුර තිබුනනේ… එවුවැයින් ඩීසල් ගහගෙන නැග්ගා…
2013 ජනවාරි 15 දින ප.ව. 8:11 ට
මීට කලින් තුන් පාරක් විතර ගිහින් තිබුනත් ඒ හැටන් පාරෙන් නිසා වෙනස් විදිහෙ අත්දැකීමක් ලබන්න ආසයි…!
ඇයි ඔය ඉන්නෙ සිද්ධාලේප ගාන්න කට්ටිය මග සිද්ධාලේප තියෙන තැන් වලම ආයිත් මොකට තවත් ඈයිනද..!..)))
2013 ජනවාරි 16 දින පෙ.ව. 11:43 ට
කුරුවිට පාරේ සිද්ධාලේප ගාන අය නැතෝ… 😀
2013 ජනවාරි 15 දින ප.ව. 9:48 ට
ඇති යන්තම් යහතින් ආවා
2013 ජනවාරි 16 දින පෙ.ව. 11:45 ට
අපි ඉතිං කොහෙ ගියත් යහතින් එනවනේ බං.. 😉
2013 ජනවාරි 16 දින පෙ.ව. 11:49 ට
මාලුවා, උණු වතුර බාල්දියක කකුල් දෙක දමාගෙන ඉඳපං මම කියන්වට (සොරි, වරල් දෙක). උඹ හැමදාම ඉඳී ඒකට බැහැලා.
ඔය සමහර පාරවල් මගදි එකතු වෙනවා නේද? සමහර ඒවා මලුවට යනකල්ම එකතුවෙන්නෙ නෑ මම හිතන්නෙ.
2013 ජනවාරි 16 දින පෙ.ව. 11:54 ට
ඇයි එහෙම කලාම මොකද වෙන්නේ…?
කුරුවිට පාර රත්නපුර පාරට එකතු වෙනවා. තව උඩහට යද්දි හැටන් පාරටත් යන්න පාරක් තියෙනවා.
2013 ජනවාරි 17 දින ප.ව. 11:18 ට
කියවලා දිව්වා Like දාන්න වත් ඉඩක් ලැබුනේ නැහැ. ආපහු කොමෙන්ටුවක් ලියන්නත් එක්ක ඉඩක් හොයාගන්න කම් හිටියෙ. මමත් සිරීපාදේ ගැන ලිව්වා බ්ලොග් එක පටන් ගත්ත කාලයේ. මගේ අදහස් වටහාගන්න අමාරුයි කියලා දැන් කියන අය කියවන්න ඕනෑ ඒ දවස්වල ලියපු ඒවා 😀 … 2009 දී දාපු “ශ්‍රී පාද වන්දනාව” සටහනත් ඒ වගේ එකක්. මගේ සටහනේ අවුල වුනේ සිරීපාදේ උස ලියන්න ගිහින්!!!!
කඳු නඟින්න මමත් හරි ආසයි. රටවල් කිහිපයකම කඳු නැඟලා තියෙනවා. ජර්මනියේ Zugspitze (මීටර් 2,962) සිත ගත්තු තැනක්. ඒක හිම පිරිච්ච අනෙක් කඳු වලින් වටවෙලා තියෙන නිසා ඉතා ඉහළ තැනක ඉන්නා බව පෙනුනත් ලංකාවේ සිරීපාදේ තරම් පරිසරය පැහැදිලිව ඈතට ඈතට දිවෙන ගතිය අත්විඳින්න හැකියාවක් නැහැ. සිරීපාදේ මම දැක්ක සුවිශේෂීත්වය එයයි. කියන්න ගියේ ඒක වුනාට එදා සටහනේ ලියලා නැත්තේ ඒකමයි!!!
2013 ජනවාරි 19 දින ප.ව. 2:19 ට
මටත් ආසයි කඳු නගින්න නම්… ඒත් ඉතිං ගෙදරින් පර්මිෂන් තියෙන්නේ සිරිපාදේ, සීගිරිය වගේ අනිත් අයත් යන තැන්වල යන්න විතරයි… 😦
2013 ජනවාරි 19 දින ප.ව. 6:37 ට
මාළු පැටව් වුනාම ඔහොම තමයි, ගෙවල් වලින් පර්මිෂයන් එපායෑ …
2013 ජනවාරි 20 දින ප.ව. 7:21 ට
තාම පැටවු කියලා හිතන් ඉන්න නිසා තමා තහනම…
2013 ජනවාරි 18 දින ප.ව. 2:55 ට
රත්නපුර පාරෙයි කුරුවිට පාරෙයි වෙනස මොකද්ද මාළුවො..තව ටිකක් විස්තර ලියන්නකෝ /(කකුල් අමාරුව ඉවර වුනාම)
2013 ජනවාරි 19 දින ප.ව. 2:21 ට
දැන් කකුල් අමාරුව හොඳයි අක්කේ… රත්නපුර පාරෙයි කුරුවිට පාරෙයි ඉස්සර නම් ලොකු වෙනසක් තියෙන්න නැතුව ඇති. ඒත් දැන් නම් රත්නපුර මුළු පාරෙම පඩිපෙල් තියෙනවා. කුරුවිට පාරේ තාමත් තියෙන්නේ ස්වාභාවික ගල් පඩි වතුර පාරවල් විතරයි… අනිත් එක මාර කූල් එකක් තියෙනවා කුරුවිට පාරේ, ගස් පාරට ලං වෙලා තියෙන නිසා…
2013 ජනවාරි 19 දින පෙ.ව. 9:22 ට
මාත් සිරීපාදෙ ගියේ එක පාරයි.. ඒ කුරුවිට පාරෙං.. අපේ ඩැඩාගෙ ගම දැරණියගල.. උඹ දන්නවත් ඇති සමහරවිට.. එහෙට කුරුවිට පාර හෙනට ළඟයි… ඒක තමයි බං පට්ටම පාර…. වැඩිය මහන්සියක් දැනෙන්නෙත් නෑ… අනික් අව්වෙං කරදරේකුත් නෑ… සීතලේ යතහැකි… සිරාවටම සිරීපාදෙ යනවනං යන්න ඕන කුරුවිට පාරෙං….
2013 ජනවාරි 19 දින ප.ව. 2:22 ට
ඒ වුනාට දැන් අපි වයසයිනේ බං… ඒක නිසා හති දාගෙන නැග්ගේ… සිරාවටම අව්වෙන්නම් කරදරයක් නෑ තමා…