අනේ මල්ලි… ඕක තිබුන විදියටම ආයේ තියන්න…

අළුත් අවුරුද්දේ මුල්ම පෝස්ට් එක…! ඔෆිස් එකේ කතාවක්. මෙහෙම එව්වා ලියලා මඩ ගහන එක හොඳ නෑ තමා… ඒත් ඉතිං මොනාකරන්නද…!!! මේ අවුරුද්දෙවත් නරක පුරුදු ඉවත් කරනවා කියලා හිතාගෙන මේක විතරක් ලියලා නවත්තනවා. (ආයේ මඩ කතාවක් හම්බුවෙනකං)

ඇත්තටම නහය වහගන්න එක හොඳයි…

සුපුරුදු පරිදි පීසී එකක් අසනීප වෙලා. මාත් ඉතිං ගියා මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. හ්ම්… ලොකූ ලෙඩක්… පීසී එක බූට් වෙන්නේ නෑ. එක පාරටම තමා එහෙම වෙලා තියෙන්නේ. හදිසි ලියුමක් ලේ අවුට් කර කර ඉන්න ගමන්. පීසී එක ඔන් කලාම  එනවා යනවා එනවා යනවා. ඒ පාර ඉතිං සේෆ් මොඩ් ට්‍රයි කලා… ම්හු… හරියන්නේ නෑ… මගට ගිහිං රී ස්ටාට් වෙනවා‍. ඒ පාර ඉතිං මැසිම ගැලෙව්වා කෑලි වලට.

අප්පා දූවිල්ල. අඟිල්ලක් ගෑවුනාම තමා තියෙන උපාංග වල නියම පාට පේන්නේ. එතකං තියෙන්නේ හෙන දූවිලි තට්ටුවකින් වැහිලා. පස්සේ ඉතිං ක්ලීනින් ස්ර්විස් එකේ අයටම කියලා ඒකත් හීමීට ක්ලීන් කරවා ගත්තා. මොකද ක්ලීනින් සර්වීස් ඉන්නේ බිම ‍පිහිදන්නයි, ටොයිලට් හෝදන්නයි විතරයැ. හැබැයි ඉතිං ලඟින් ඉඳන් වැඩේ කරවන්න ඕනේ. නැත්තං ඉතිං අන්තිමට පීසී එක ටොයිලට් එක ව‍ගේ වෙනවා…!

ඊට පස්සේ අතක් තියන්න පුළුවන් තරමට දූවිලි ඉවත් වුනාම තමා වැඩේ පටන් ගන්නේ. දැන් ඉතිං ඔය ඔක්කොම දේවල් කරන්නේ පීසී එකේ යූසර්ව ලඟින් තියාගෙන. මේ පීසී එකේ යූසර් අක්කා කෙනෙක්. ඉතිං දැන් එයත් ලඟට වෙලා බලන් ඉන්නවා. ම්… මුලින්ම රැම් දෙක ගැලෙව්වා.

මල්ලී රැම් එකේ නේද ඩේටා සේව් තැන්පත් කරගන්නේ…? මං නං ආසම නැති වැඩේ… පීසී එකක් ගලෝන කොට ඔය කෑලි බෑලි වලින් වෙන දේවල් ගැන අහන එක. කරන්න ඕනේ දේ අමතක වෙනවා එහෙම වුනාම. නිකං කට තියං ඉන්න බැරිනම් කෙල්ලෙක් ගැන අහපිය… ආං මල්ලි ඔයාට ගැලපෙන ගෑණු ළමයෙක් ඉන්නවා කියලා කියපිය… ඔය එක එක එව්වා අහන්නේ නැතුව… කොහෙද ඉතිං ගෑණු මොලේ මොකේද මිටේලුනේ.

ලෙඩේ හෙවිල්ල තමා අමාරු… දොස්තර නලා තියන්න කියැලයැ…

හ්ම්… එච්චරයි එච්චරයි… ඊට වැඩිය විස්තර කරන්නේ නෑ මම.‍

දැන් ඔය ප්‍රශ්න අහන කොට වටේ පි‍ටේ ඉන්න අයත් ටික ටික ලං වෙනවා. ඇයි ඉතිං පීසී එකක් ගැලෙව්වම එයාලටත් ලෝකේ තියෙන ඔක්කොම ප්‍රශ්න මතක් වෙනවනේ. සමහර එව්වට උත්තර මං දන්නෙත් නෑ…! ඉතිං එහෙම වට වෙලා නිකං ඉන්නේ නෑ… අම්මෝ දූවිලි ගොඩ… / බලාගෙන ළමයෝ කරන්ට් එක වදියි / ඔය එක එක ඒවා කරලා තියෙන ටිකක් නැති කරොත් එහෙම දෙනවා දෙකක්… වගේ හුරතල්, විශ්මයජනක, අනුකම්පා සහගත එක එක එව්වා කියනවා.

ඉතිං ඔහොම ඉන්න කොට මං ගැලෙව්වා රැම් දෙකෙන් එකක්…. රැම් එක ටිකක් පිහිදලා කරලා ආයෙම ගැහුවම ගොඩක් ලෙඩ සනීප වෙනවා. කොහෙද ඉතිං රැම් එක ගැලෙව්වා විතරයි යූසර් අක්කා විලාප තියන්න ගත්තෙ නැතෑ…

අනේ… අනේ මල්ලි… ඕක තිබුන විදියටම ආයේ තියන්න. අනේ මල්ලි ප්ලීස්….

දැන් වටේම අය බලනවා. මොකද මේ කියලා… මාවත් නිකං ඩබල් වෙලා ගියා. ඒ පාර…

ඇයි අක්කේ… මොකද කේස් එක…

අනේ මල්ලි තාම ලියුම ඇත්තේ රැම් එකේ… මං ඒක සේව් කලේ නැහැ… 😀 at – ඔන්න මං නං හිනාවුනේ නෑ… නෑ… නෑමයි….

55 Responses to “අනේ මල්ලි… ඕක තිබුන විදියටම ආයේ තියන්න…”

  1. සාතන් Says:

    හෙහ් හෙහ්…. මඩ ගහන්න එපා බන් මිනිස්සුන්ට… 😉

  2. DDT Says:

    හි හි …. අක්කගෙ රැම් එක නම් සුපිරි. ආ ……

    ඔය පටා..න් අරන් තියෙන්නෙ, අළුත් අවුරුද්දෙත්.

  3. රූ Says:

    මේ වගේ මාළුවෙක්..හපොයි..
    ඔහොම කරනවද අහිංසක මිනිස්සුන්ට…

  4. Lucky Wickramasinghe Says:

    හිනා යනවා තමයි සහෝදරයා! ඒත් ඉතින් කෙනෙක්ගේ නොදැනුවත් කමට හිනාවෙනවට වඩා අගේ එයාට ඒක කියා දුන්නනම් තමයි. මොකද කවුරුවත් උපදිනකොටම ඕවා දැනන් ඉන්නෙ නෑ නෙ.

  5. Glimmer Girl101 Says:

    onnne ithin aluth awurudde boruwakin ne post eke end karala thiyene.. hina une nalu ane manda…. boru ne ithin .. me gedara inne apitath palene hina yanne enekote.. meya kiyanewa eya hina une nalu 😛

  6. Praසන්ன Says:

    සමහරවිට ලියුම තාම රැම් එකට යන්න නෑ. මදර්බෝඩ් එකේ නැත්තං තාම මොනිටරේ වෙන්නත් පුලුවං.

  7. ගිනි කුරුල්ලා Says:

    ගෝල් පිස් නෙවෙයි බන්, උඹ නම් මඩ කරියෙක්.

  8. Naleen Dilruksha Says:

    මූත් අක්කගේ රැම් එකට රබර් ඇහැ දාගන ඉන්න ඇත්තේ.

  9. Dilan Thivanka Says:

    අක්කගෙ රෑම් එකෙ දූවිලිනෙ අප්ප. 😀

  10. රාජ් Says:

    කීබෝඩ්එක ගැලෙව්වොත් තමයි කේස් එක. නැත්තං අවුලක් නෑ.

  11. wicharaka විචාරක Says:

    ඇත්තටම මොකද පරිගණක ක්‍රියාකරවන්නන්/ක්‍රියාකරවන්නියන්ගෙන් 75% ක් විතර යන්ත්‍රයේ ලෙඩ තමන්ම සකසා ගැනීම කොහොම වෙතත්, එක මේසයක සිට අල්ලපු මේසයට තමන්ගේ පරිගණකය ගලවලා ගෙනිහින් හයිකරගන්න නොදන්නේ? එයාලා බබාලාද? මට වරක් යුද හමුදා බලසේනා මූලස්ථානයකදී මගේ අංශය යටතේ සේවය සඳහා පැමිණි ඒ ජාතියේ බබා නෝනලා දෙන්නෙක් මුණ ගැහුනා. මම ඒ බබාලට කිව්වා ආයේ කවදාහරි නිවාඩු ලැබෙන්නේ විනාඩි 15 ක් ඇතුලත පරිගණකය දැන් තිබෙන මේසයෙන් ගලවලා ළඟ තියන වෙනත් මේසයක සවිකරලා වැඩ කරලා පෙන්නපුදාට තමයි කියලා. අනේ බබාලා දෙන්නම එක පැය බාගයකින් වැඩේ ඉගෙනගෙන තිබුනා. ඊළඟට ඉගැන්නුවා පරිගණකයේ ඇතුල පිරිසිදු කරනහැටි. ඉතා හොඳින් කියාදුන්නා. ඉන්පසු මම කිව්වා මම මාසෙකට දෙකකට වරක් පරීක්ෂා කිරීමේදී පරිගණකය ඇතුලේ දූවිලි තිබුණොත් දිවෙන් ලෙවකාලා පිරිසිදු කරන්න වෙනවා කියලා. වෙනමම බුරුසු ආදී සියල්ල අරන් දුන්නා. ඉතාම හොඳින් පරිගණක නඩත්තු වුනා.

    පරිගණක හෝදන නවතම ක්‍රමය ගැන මගේ අඩවියේ පින්තුරයක් දාලා තියනවා. ඇවිත් බලන්න.

  12. praveena Says:

    අනේ මල්ලි… ඕක තිබුන විදියටම ආයේ තියන්න…please 😀

  13. සමනළී Says:

    අයියෝ දෙයියනේ….පව් අප්පා ඒ අසරණ අක්කා…… මේක දැක්කොත් පොලව පලන් යන්න හිතෙයි…..

  14. henryblogwalker Says:

    පව් බං.
    මේ අහපං. දැන් 128 කිලෝබයිට් තියෙන මවුස්, කී බෝඩ් පවා තියෙන එකේ, ඔය කතාවත් ඇත්ත වෙලා උඹට *ක හපාගෙන හැංගෙන්න වෙන දවසත් ඈත නෑ. 😀

    උඹට සුභ අලුත් අවුරුද්දක් වේවා..
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans .

  15. සිතුවම් Says:

    අපෝ බන් අවුරුද්ද පටන් ගත්තා විතරයි.

  16. Harshana Adikari (රජා) Says:

    ඒ අක්කට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! 🙂

  17. lakmal Says:

    ඔහොම මල වාත නං කොච්චර සෙට් වෙනවද , වෙලාවකට මලත් පනිනවා

  18. magenama Says:

    ඔය වගේ අක්කිලට කියපන්”කමක් නෑ කමක් නෑ මම ඒක හරියට ඇතුලට දාලා දෙන්නම් එතකොට බැරියෑ සේව් කරගන්න කියලා”

  19. යසිත්ගේ සිතුවිලි Says:

    එහෙම වෙන්න බෑනේ.. ලියුම සේව් කරේ නැත්නම් තියෙන්නෙ UPS එකේ 😛
    හික්ස්.. සුභ නව වසරක් මාව්වෝ..

  20. කෙෂාන් විදුරංග Says:

    අඩෝ උඹ හෙනම සාටර් බං.. සික්… ඈක්කා.. පව් බං.. වැඩන්නෑ.. :/

    පට්ට පිදිරියි නේ.. ආ හිනා උනේ නෑ නෑ නෑ මයි කියාං…

  21. Sarath lankapriya Says:

    මගේ ලැපා ලෙඩවෙලා. ඌට හිතුනම කිසි කරදරයක් නැතිව ඔන් වෙලා වැඩ.. හිතුනාම හරියට ඇස් ගහනවා වගෙ බ්ලින්ක් කරලා ඔහේ ඉන්නවා ඔන් නොවී. අයියො.. ඌ දැන් ලෙඩේ හොයගන්න අන්ඩර් ඔබ්සර්වෙශන් .. කියන්න පුලුවන්ද වෙදකමක් ?

    • Gold fish Says:

      පළපුරුදු කෙනෙකුට දීලා හොඳට පිරිසිදු කරගන්න… වැඩිය බුරුල් වෙන්න දේවල් නැති වුනත් තියෙන එකක් දෙකක් හරි බුරුල් වෙලා ඇති. දූවිලි හෙම තියෙනවනම් හෝ ​ෆෑන් අවහිර වෙලා උණුසුම් වායුව පිටට යන්න තැනක් නැත්තං හෝ ගොඩක් වෙලාවට මග හිටිනවා. කෝකටත් හොඳ විශ්වාසවන්ත කෙනෙකුට කියලා බලවා ගන්න. පීසී වගේ ගෙදරම ගලවලා හදන්න යනවා කියන්නේ ටිකක් අවධානම් වැඩක්.

  22. Sithi Says:

    අයියෝ බන්… ෆට්ටම ආතල් එක… මටත් පෙන්නන්නම බැරි වැඩක් තමයි කෑලි ගලවන කොට වෙන්නේ මොකක්ද කියලා අහන එක..


සමනළී වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: