අළුත් අවුරුද්දේ මුල්ම පෝස්ට් එක…! ඔෆිස් එකේ කතාවක්. මෙහෙම එව්වා ලියලා මඩ ගහන එක හොඳ නෑ තමා… ඒත් ඉතිං මොනාකරන්නද…!!! මේ අවුරුද්දෙවත් නරක පුරුදු ඉවත් කරනවා කියලා හිතාගෙන මේක විතරක් ලියලා නවත්තනවා. (ආයේ මඩ කතාවක් හම්බුවෙනකං)

ඇත්තටම නහය වහගන්න එක හොඳයි…
සුපුරුදු පරිදි පීසී එකක් අසනීප වෙලා. මාත් ඉතිං ගියා මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. හ්ම්… ලොකූ ලෙඩක්… පීසී එක බූට් වෙන්නේ නෑ. එක පාරටම තමා එහෙම වෙලා තියෙන්නේ. හදිසි ලියුමක් ලේ අවුට් කර කර ඉන්න ගමන්. පීසී එක ඔන් කලාම එනවා යනවා එනවා යනවා. ඒ පාර ඉතිං සේෆ් මොඩ් ට්‍රයි කලා… ම්හු… හරියන්නේ නෑ… මගට ගිහිං රී ස්ටාට් වෙනවා. ඒ පාර ඉතිං මැසිම ගැලෙව්වා කෑලි වලට.
අප්පා දූවිල්ල. අඟිල්ලක් ගෑවුනාම තමා තියෙන උපාංග වල නියම පාට පේන්නේ. එතකං තියෙන්නේ හෙන දූවිලි තට්ටුවකින් වැහිලා. පස්සේ ඉතිං ක්ලීනින් ස්ර්විස් එකේ අයටම කියලා ඒකත් හීමීට ක්ලීන් කරවා ගත්තා. මොකද ක්ලීනින් සර්වීස් ඉන්නේ බිම පිහිදන්නයි, ටොයිලට් හෝදන්නයි විතරයැ. හැබැයි ඉතිං ලඟින් ඉඳන් වැඩේ කරවන්න ඕනේ. නැත්තං ඉතිං අන්තිමට පීසී එක ටොයිලට් එක වගේ වෙනවා…!
ඊට පස්සේ අතක් තියන්න පුළුවන් තරමට දූවිලි ඉවත් වුනාම තමා වැඩේ පටන් ගන්නේ. දැන් ඉතිං ඔය ඔක්කොම දේවල් කරන්නේ පීසී එකේ යූසර්ව ලඟින් තියාගෙන. මේ පීසී එකේ යූසර් අක්කා කෙනෙක්. ඉතිං දැන් එයත් ලඟට වෙලා බලන් ඉන්නවා. ම්… මුලින්ම රැම් දෙක ගැලෙව්වා.
මල්ලී රැම් එකේ නේද ඩේටා සේව් තැන්පත් කරගන්නේ…? මං නං ආසම නැති වැඩේ… පීසී එකක් ගලෝන කොට ඔය කෑලි බෑලි වලින් වෙන දේවල් ගැන අහන එක. කරන්න ඕනේ දේ අමතක වෙනවා එහෙම වුනාම. නිකං කට තියං ඉන්න බැරිනම් කෙල්ලෙක් ගැන අහපිය… ආං මල්ලි ඔයාට ගැලපෙන ගෑණු ළමයෙක් ඉන්නවා කියලා කියපිය… ඔය එක එක එව්වා අහන්නේ නැතුව… කොහෙද ඉතිං ගෑණු මොලේ මොකේද මිටේලුනේ.

ලෙඩේ හෙවිල්ල තමා අමාරු… දොස්තර නලා තියන්න කියැලයැ…
හ්ම්… එච්චරයි එච්චරයි… ඊට වැඩිය විස්තර කරන්නේ නෑ මම.
දැන් ඔය ප්‍රශ්න අහන කොට වටේ පිටේ ඉන්න අයත් ටික ටික ලං වෙනවා. ඇයි ඉතිං පීසී එකක් ගැලෙව්වම එයාලටත් ලෝකේ තියෙන ඔක්කොම ප්‍රශ්න මතක් වෙනවනේ. සමහර එව්වට උත්තර මං දන්නෙත් නෑ…! ඉතිං එහෙම වට වෙලා නිකං ඉන්නේ නෑ… අම්මෝ දූවිලි ගොඩ… / බලාගෙන ළමයෝ කරන්ට් එක වදියි / ඔය එක එක ඒවා කරලා තියෙන ටිකක් නැති කරොත් එහෙම දෙනවා දෙකක්… වගේ හුරතල්, විශ්මයජනක, අනුකම්පා සහගත එක එක එව්වා කියනවා.
ඉතිං ඔහොම ඉන්න කොට මං ගැලෙව්වා රැම් දෙකෙන් එකක්…. රැම් එක ටිකක් පිහිදලා කරලා ආයෙම ගැහුවම ගොඩක් ලෙඩ සනීප වෙනවා. කොහෙද ඉතිං රැම් එක ගැලෙව්වා විතරයි යූසර් අක්කා විලාප තියන්න ගත්තෙ නැතෑ…
අනේ… අනේ මල්ලි… ඕක තිබුන විදියටම ආයේ තියන්න. අනේ මල්ලි ප්ලීස්….
දැන් වටේම අය බලනවා. මොකද මේ කියලා… මාවත් නිකං ඩබල් වෙලා ගියා. ඒ පාර…
ඇයි අක්කේ… මොකද කේස් එක…
අනේ මල්ලි තාම ලියුම ඇත්තේ රැම් එකේ… මං ඒක සේව් කලේ නැහැ… 😀 at – ඔන්න මං නං හිනාවුනේ නෑ… නෑ… නෑමයි….
2013 ජනවාරි 5 දින ප.ව. 3:07 ට
හෙහ් හෙහ්…. මඩ ගහන්න එපා බන් මිනිස්සුන්ට… 😉
2013 ජනවාරි 5 දින ප.ව. 8:13 ට
අපිට ඉතිං පුරුදු දේනේ බං….
2013 ජනවාරි 5 දින ප.ව. 3:08 ට
හි හි …. අක්කගෙ රැම් එක නම් සුපිරි. ආ ……
ඔය පටා..න් අරන් තියෙන්නෙ, අළුත් අවුරුද්දෙත්.
2013 ජනවාරි 5 දින ප.ව. 8:14 ට
පරන පුරුදු අපි රකින්න ඕනේනේ…
2013 ජනවාරි 5 දින ප.ව. 3:13 ට
මේ වගේ මාළුවෙක්..හපොයි..
ඔහොම කරනවද අහිංසක මිනිස්සුන්ට…
2013 ජනවාරි 5 දින ප.ව. 8:14 ට
හිකිස්… හිතලා කරේ නෑ…
2013 ජනවාරි 5 දින ප.ව. 3:28 ට
හිනා යනවා තමයි සහෝදරයා! ඒත් ඉතින් කෙනෙක්ගේ නොදැනුවත් කමට හිනාවෙනවට වඩා අගේ එයාට ඒක කියා දුන්නනම් තමයි. මොකද කවුරුවත් උපදිනකොටම ඕවා දැනන් ඉන්නෙ නෑ නෙ.
2013 ජනවාරි 5 දින ප.ව. 8:16 ට
පස්සේ ඔක්කොම ඉවරවෙලා සාමාන්‍ය දැනීමක් දීලා තමා ආවේ අයියේ… නැත්තං ආයේ වරද්දගන්නවනේ…
2013 ජනවාරි 5 දින ප.ව. 3:51 ට
onnne ithin aluth awurudde boruwakin ne post eke end karala thiyene.. hina une nalu ane manda…. boru ne ithin .. me gedara inne apitath palene hina yanne enekote.. meya kiyanewa eya hina une nalu 😛
2013 ජනවාරි 5 දින ප.ව. 8:16 ට
හිනා ගියාට මං තද කරගෙන හිටියා… 😀 අනිත් අය ගොඩේ මාත් හිනා වෙන එක හරි නෑනේ…
2013 ජනවාරි 5 දින ප.ව. 4:42 ට
😀
2013 ජනවාරි 5 දින ප.ව. 8:16 ට
තව තියෙනවා…
2013 ජනවාරි 5 දින ප.ව. 4:49 ට
සමහරවිට ලියුම තාම රැම් එකට යන්න නෑ. මදර්බෝඩ් එකේ නැත්තං තාම මොනිටරේ වෙන්නත් පුලුවං.
2013 ජනවාරි 5 දින ප.ව. 5:02 ට
වඩාත්ම ගැලපෙන පිළිතුර…
තාම මොනිටරේ 😀
2013 ජනවාරි 5 දින ප.ව. 8:20 ට
ඔව් ඉතිං ඒක ගලවන්න යන්නේ නෑනේ.. ඒක නිසා බය වෙන්න දෙයක් නෑ.
2013 ජනවාරි 5 දින ප.ව. 8:17 ට
හික්ස්… අඩේ එහෙම දෙයක් වුනානම් අවුලක් වෙන්නේ නෑ…
2013 ජනවාරි 5 දින ප.ව. 4:59 ට
අය්යො අය්යෝ….. 😀
2013 ජනවාරි 5 දින ප.ව. 8:18 ට
නොදන්න කමටනේ.. පස්සේ විස්තර ටිකක් කියලා දුන්නා… ඒකෙන් වුනේ මට ලියන්න තිබුන කතා සෙට් එකක්ම නැතුව ගිය එක.
2013 ජනවාරි 5 දින ප.ව. 5:35 ට
ගෝල් පිස් නෙවෙයි බන්, උඹ නම් මඩ කරියෙක්.
2013 ජනවාරි 5 දින ප.ව. 8:20 ට
ආහ්… උඹ ඉන්නව නේද… 😀
2013 ජනවාරි 5 දින ප.ව. 9:19 ට
යා යා තාම යහතින් 😀
2013 ජනවාරි 5 දින ප.ව. 5:41 ට
මූත් අක්කගේ රැම් එකට රබර් ඇහැ දාගන ඉන්න ඇත්තේ.
2013 ජනවාරි 5 දින ප.ව. 8:21 ට
හප්පෝ කියන කතා… 😀
2013 ජනවාරි 5 දින ප.ව. 5:54 ට
අක්කගෙ රෑම් එකෙ දූවිලිනෙ අප්ප. 😀
2013 ජනවාරි 5 දින ප.ව. 8:21 ට
ඇයි උඹට ආසද ක්ලීනින් සර්විස් එකක් පටන් ගන්න… 😀
2013 ජනවාරි 7 දින පෙ.ව. 9:55 ට
අඩෙ සිරා අයිඩියාව
2013 ජනවාරි 5 දින ප.ව. 6:45 ට
කීබෝඩ්එක ගැලෙව්වොත් තමයි කේස් එක. නැත්තං අවුලක් නෑ.
2013 ජනවාරි 5 දින ප.ව. 8:22 ට
ඔය කියන්නේ අත්දැකීම් තියෙන අය…
2013 ජනවාරි 5 දින ප.ව. 9:30 ට
ඇත්තටම මොකද පරිගණක ක්‍රියාකරවන්නන්/ක්රියාකරවන්නියන්ගෙන් 75% ක් විතර යන්ත්‍රයේ ලෙඩ තමන්ම සකසා ගැනීම කොහොම වෙතත්, එක මේසයක සිට අල්ලපු මේසයට තමන්ගේ පරිගණකය ගලවලා ගෙනිහින් හයිකරගන්න නොදන්නේ? එයාලා බබාලාද? මට වරක් යුද හමුදා බලසේනා මූලස්ථානයකදී මගේ අංශය යටතේ සේවය සඳහා පැමිණි ඒ ජාතියේ බබා නෝනලා දෙන්නෙක් මුණ ගැහුනා. මම ඒ බබාලට කිව්වා ආයේ කවදාහරි නිවාඩු ලැබෙන්නේ විනාඩි 15 ක් ඇතුලත පරිගණකය දැන් තිබෙන මේසයෙන් ගලවලා ළඟ තියන වෙනත් මේසයක සවිකරලා වැඩ කරලා පෙන්නපුදාට තමයි කියලා. අනේ බබාලා දෙන්නම එක පැය බාගයකින් වැඩේ ඉගෙනගෙන තිබුනා. ඊළඟට ඉගැන්නුවා පරිගණකයේ ඇතුල පිරිසිදු කරනහැටි. ඉතා හොඳින් කියාදුන්නා. ඉන්පසු මම කිව්වා මම මාසෙකට දෙකකට වරක් පරීක්ෂා කිරීමේදී පරිගණකය ඇතුලේ දූවිලි තිබුණොත් දිවෙන් ලෙවකාලා පිරිසිදු කරන්න වෙනවා කියලා. වෙනමම බුරුසු ආදී සියල්ල අරන් දුන්නා. ඉතාම හොඳින් පරිගණක නඩත්තු වුනා.
පරිගණක හෝදන නවතම ක්‍රමය ගැන මගේ අඩවියේ පින්තුරයක් දාලා තියනවා. ඇවිත් බලන්න.
2013 ජනවාරි 6 දින ප.ව. 5:01 ට
මිලිටරි දඬුවම්… බයත් හිතෙනවා අප්පා….
මාත් ඔය බැංකුවලට එහෙම යනවනේ.. කම්පීතරේ ෂට් ඩවුන් කරන්න කිව්වම මොනිටරේ ඕෆ් කරනවා. එහෙමත් නැත්නම් ඒ ගොල්ලෝ රන් කරන ප්‍රෝග්‍රෑම් එකෙන් ලොග් අවුට් වෙනවා. සමහර බබීලා මවුස් එක අල්ලන්නේ වැරදි මවුස් එකක් කියලා හිතාගෙනද කොහෙද. ඇඟිලි දෙකින්. 😀
ආයේ කමෙන්ට් කරන්න බෑ අප්පා. මේකෙම ඔක්කොම කෙටුවා.
2013 ජනවාරි 6 දින ප.ව. 7:07 ට
හිකිස්… මොකේ කෙටුවම මොකද…
2013 ජනවාරි 6 දින ප.ව. 6:47 ට
අපේ එහෙම පීසී වලට අතක් තියන්න දෙන්නෙ නෑ. හේතුව එහෙම කරොත් අපිට වැඩ වැඩි වෙන නිසා.
ඈ අයියේ එහෙම හේදුවම මක්කවත් වෙන්නේ නැද්ද.. :O
2013 ජනවාරි 6 දින ප.ව. 10:21 ට
අප්පච්චියේ දිව අපරාදේ
2013 ජනවාරි 6 දින පෙ.ව. 6:38 ට
අනේ මල්ලි… ඕක තිබුන විදියටම ආයේ තියන්න…please 😀
2013 ජනවාරි 6 දින ප.ව. 6:50 ට
මේං මෙයත් එනවා ඒ පාර අපිව මඥ්ඥං කරන්න… 😀
2013 ජනවාරි 6 දින පෙ.ව. 9:51 ට
අයියෝ දෙයියනේ….පව් අප්පා ඒ අසරණ අක්කා…… මේක දැක්කොත් පොලව පලන් යන්න හිතෙයි…..
2013 ජනවාරි 6 දින ප.ව. 6:51 ට
වෙලාවට එක පීසී එකකවත් සිංහල නෑ… 😀
2013 ජනවාරි 6 දින පෙ.ව. 9:59 ට
පව් බං.
මේ අහපං. දැන් 128 කිලෝබයිට් තියෙන මවුස්, කී බෝඩ් පවා තියෙන එකේ, ඔය කතාවත් ඇත්ත වෙලා උඹට *ක හපාගෙන හැංගෙන්න වෙන දවසත් ඈත නෑ. 😀
උඹට සුභ අලුත් අවුරුද්දක් වේවා..
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans .
2013 ජනවාරි 6 දින ප.ව. 6:51 ට
හික්ස්… ඒකත් කියන්ට බෑ තමා…
2013 ජනවාරි 6 දින ප.ව. 3:06 ට
අපෝ බන් අවුරුද්ද පටන් ගත්තා විතරයි.
2013 ජනවාරි 6 දින ප.ව. 6:52 ට
ඉතිං බං මෙහෙම එකක් තමා වඩාත් උචිත…. 😀
2013 ජනවාරි 6 දින ප.ව. 9:54 ට
ඒ අක්කට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! 🙂
2013 ජනවාරි 7 දින ප.ව. 12:15 ට
උඹලා අපිට ඔහොම කියන්නෙ නෑ නේද… 😀
2013 ජනවාරි 6 දින ප.ව. 10:19 ට
ඔහොම මල වාත නං කොච්චර සෙට් වෙනවද , වෙලාවකට මලත් පනිනවා
2013 ජනවාරි 8 දින ප.ව. 1:06 ට
ෆීල්ඩ් එක වෙනස් වුනාට ප්‍රශ්න ආකාරය එකයිනේ… 😀
2013 ජනවාරි 8 දින ප.ව. 12:07 ට
ඔය වගේ අක්කිලට කියපන්”කමක් නෑ කමක් නෑ මම ඒක හරියට ඇතුලට දාලා දෙන්නම් එතකොට බැරියෑ සේව් කරගන්න කියලා”
2013 ජනවාරි 8 දින ප.ව. 12:19 ට
හික්ස්… අළුත් අවුරුද්දේ ගුටි කන්න වෙන්නේ… 😀
2013 ජනවාරි 8 දින ප.ව. 6:56 ට
එහෙම වෙන්න බෑනේ.. ලියුම සේව් කරේ නැත්නම් තියෙන්නෙ UPS එකේ 😛
හික්ස්.. සුභ නව වසරක් මාව්වෝ..
2013 ජනවාරි 8 දින ප.ව. 9:31 ට
හික්ස්… බලාගෙන යද්දි තව තැන් තියෙනවනේ… සුභ නව වසඑක් වේවා…
2013 ජනවාරි 8 දින ප.ව. 7:04 ට
අඩෝ උඹ හෙනම සාටර් බං.. සික්… ඈක්කා.. පව් බං.. වැඩන්නෑ..
පට්ට පිදිරියි නේ.. ආ හිනා උනේ නෑ නෑ නෑ මයි කියාං…
2013 ජනවාරි 8 දින ප.ව. 9:32 ට
නැතුව බෑනේ බං… 😀
2013 ජනවාරි 9 දින ප.ව. 12:35 ට
මගේ ලැපා ලෙඩවෙලා. ඌට හිතුනම කිසි කරදරයක් නැතිව ඔන් වෙලා වැඩ.. හිතුනාම හරියට ඇස් ගහනවා වගෙ බ්ලින්ක් කරලා ඔහේ ඉන්නවා ඔන් නොවී. අයියො.. ඌ දැන් ලෙඩේ හොයගන්න අන්ඩර් ඔබ්සර්වෙශන් .. කියන්න පුලුවන්ද වෙදකමක් ?
2013 ජනවාරි 9 දින ප.ව. 1:59 ට
පළපුරුදු කෙනෙකුට දීලා හොඳට පිරිසිදු කරගන්න… වැඩිය බුරුල් වෙන්න දේවල් නැති වුනත් තියෙන එකක් දෙකක් හරි බුරුල් වෙලා ඇති. දූවිලි හෙම තියෙනවනම් හෝ ෆෑන් අවහිර වෙලා උණුසුම් වායුව පිටට යන්න තැනක් නැත්තං හෝ ගොඩක් වෙලාවට මග හිටිනවා. කෝකටත් හොඳ විශ්වාසවන්ත කෙනෙකුට කියලා බලවා ගන්න. පීසී වගේ ගෙදරම ගලවලා හදන්න යනවා කියන්නේ ටිකක් අවධානම් වැඩක්.
2013 ජනවාරි 10 දින ප.ව. 4:12 ට
අයියෝ බන්… ෆට්ටම ආතල් එක… මටත් පෙන්නන්නම බැරි වැඩක් තමයි කෑලි ගලවන කොට වෙන්නේ මොකක්ද කියලා අහන එක..
2013 ජනවාරි 15 දින පෙ.ව. 8:50 ට
කරන්න යන වැඩේ අමතක වෙනවා අප්පා