සුභ නත්තලක්…

දෙසැම්බර් හීතලට මං ගොඩක් කැමතියි. සැරෙන් සැරේ වෙලාවක් කලාවක් නැතුව… චුරු චුරු ගගා වහින වැහි පොදට වගේම ඔක්තෝබර් අග, නොවැම්බර් මුල තිබුන ලා නිල් පාට අහස අඳුරු කරගෙන තද නිල් පාටට හැරුන අහසටත් මොකද්දෝ මංදා අමුතු ඇල්මක් හිතේ තියෙනවා.

ඒ හීතලත් එක්ක එන නත්තලටත් මං කැමතියි. අනිත් රට වලට නම් නත්තල් කාලෙට හිමත් වැටෙනවලු. මෙහෙට එහෙම නෑනේ… ඒක ගැන නම් දුකයි. ඉතිං මං බුද්ධාගමේ  වුනාට පුංචි කාලේදී අපේ ගෙදර  නත්තල් ගහක් හැදුවා. තාත්තා තමා නත්තල් ගස් හොයාගෙන ඇවිත් වැඩිපුර මහන්සි වෙන්නේ. අපි කලේ ලයිට් වැල් එල්ලන එක. ඊට පස්සේ ඉතිං අම්මා හදලා දෙන පුළුන් බෝල එල්ලලා නත්තල් සතිය ඉවර වෙලා ගහ වේලෙන කම්ම ඒක වටේ දුවන එක තමා සෙල්ලම.

හ්ම්… ඒ අපි පුංචි කාලේ. ඒ දවස් වල අපිට නත්තල් තිබුනේ අපි ක්‍රිස්තියානි හින්දා නෙමේ… අපි ඒ දවස් වල පුංචි ළමයි හින්දා. සමහර විට ඔය ටෙලිනාට්‍යය වල එහෙම “නත්තල පුංචි ළමයින්ගේ“ කියන්නේ ඒක නිසා වෙන්න ඇති. මට නත්තල සමරන යාළුවෝ ගොඩක් නැති වුනත් ඉන්න ටික දෙනාට හරි සුභ පතන්න එපැයි…!

මං දන්නවා එයාලා අද රෑට පල්ලියට යනවා කියලා… ඒ වගේම යාඥා කරනවා කියලත්… ඒ හිතන්නේ පතන්නේ හොඳ දේවල්ම කියලත් දන්නවා…!!! ඉතිං හැම කෙනෙකුටම සු ත්ක් වේවා...!!!

2K7LIN4101_Z

Advertisements

19 Responses to “සුභ නත්තලක්…”

  1. madissa Says:

    එසේම වේවා මචන් මටත් පල්ලි යන්න තියෙනවා.

  2. arunishapiro Says:

    මෙහෙ සමහර පැති වලට හිම ඩිංගක් වැටෙනවාලු. අපි ඉන්න පැත්තටම නම් සීතල වැස්සක් පාත් වෙන්න යනවා වගෙයි.

    සුබ නත්තලක්!

  3. මධුරංග Says:

    සුබ නත්තලක් වේවා !!!

  4. naleendilruksha Says:

    සුබ නත්තලක් පතනවා ඔබටත්

  5. DDT Says:

    යාළු මාළුටත් සුබ නත්තලක් !

    මමත් පොඩි කාලෙ නත්තල් දවසට නත්තල් සීයා තෑගි ගේනකම් බලන් ඉඳල තියෙනව, ඔය කාටුන්වල එහෙම නත්තල් සීයා එන්නෙ දුම් කවුළුවෙන් නිසා මම අපේ අම්මගෙනුත් ඇහුවා ඇයි අපිට එහෙම එකක් නැත්තෙ කියල. තව ඒ දවස්වලට ටීවී එකේ කතාවල වගේ අපිට හිම වැටෙන්නෙ නැත්තෙ ඇයි කියන එකත් ලොකු ප්‍රශ්නයක් වෙල තිබුණ. පස්සෙ පස්සෙ නම් කැමැත්තෙන් හිටියෙ නත්තල් දවස්වලට ටීවී එකේ යන නත්තල් කතා තියෙන ඉංග්‍රීසි ෆිල්ම් බලන්න.

  6. රූ Says:

    යාළු මාළුටත් සුභ නත්තලක්..
    මම හිතුවෙ පින්තූරෙත් එක්ක වැඩ කෑල්ලක් තියේවි කියලා..

  7. praveena Says:

    මම තාම චූටි නත්තල් ගහක් ගෙදර හදලා සරසනවා…
    මාලුවාටත් සුබ නත්තලක්. ඔන්න අපි ආවා හොඳේ… 🙂

  8. සමනළී Says:

    මාත් පොඩි කාලේ නත්තල් ගස් හැදුවා……. 🙂
    ගෝල්ඩ් ෆිෂ්ටත් සුභ නත්තලක් වේවා….!!

  9. ~Víðõõ~ Says:

    සුභ නත්තලක් මාළුවො !!!

  10. Dilan Thivanka Says:

    HAPPY නත්තලක්


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: